Skip to main content

Posts

Showing posts from September, 2013

ආදරණීය තෙපුල් සර්........... !

මං මුලින්ම NIBM එකට ගියපු දවසෙ තමයි ඔහුව මුලින්ම දැක්කෙ.. ඒ කවුද, කින්ද මන්ද කියලවත් මං දන්නෙ නෑ.. ඈත ඉඳන් අඩි බරට තිය තියා ආපු ඔහු දිහා කටත් ඇරන් මං බලන් හිටියෙ යෝධයෙක් දිහා බලන් ඉන්නව වගේ... "ඒ තෙපුල් සර්... මේකේ ලොක්කා " එහෙම කිව්වෙ Institute එකේදි මුලින්ම මාත් එක්ක කතා කරපු බලෙන්ම අදුරගනිපු කොල්ලා, ඇඩ්ඩිං . ඇත්තටම තෙපුල් සර් කියන්නෙ යෝධයෙක්. මට විතරක් නෙවෙයි Institute එකේ හැමෝටම ඔහු යෝධයෙක්. ඒත් සාම්ප්‍රදායික ආයතන ප්‍රධානියෙක්ගෙ තියෙන දරුණු ගති, සැරපරුෂ කම් අතින් ඔහු ලිලිපුට්ටෙක්. ඔහු කිසිම වෙලාවක තමන් යටතේ සේවය කරන කිසිම කෙනෙක්ට යන්තමින් හෝ දොස් පවරනව මේ අවුරුද්දක පමණ කාලය තුල මං දැකල නෑ. අඩුම තරමින් ශිෂ්‍යයෙක් උන මට හෝ වෙනත් කිසිම ශිෂ්‍යයෙකුට තෙපුල් සර් ඇස් රතු කරන් යක්ෂයා අරක් අරන් ඉන්න වෙලාවක් දකින්න ලැබිලම නැහැ. වැඩිපුරම ඔහුගෙන් බැනුම් අහල තියෙන්නෙත් අපේ batch එක වෙන්න ඇති. නමුත් අවාසනාවට සර්ට හරියට බනින්න තේරෙන්නෙ නෑ. බැන්නත් බොහොම සුහඳ විදියට හිනා වෙවී, ඉතිං ඒකට "බැනීමක්" කියල අර්ථකථනය කරන්නෙත් තෙපුල් සර්ම තමයි. අපිට නම් ඒක බොහොම සුහදශීලීව දෙන අව