Skip to main content

Posts

Showing posts from September, 2014

මගේ මුල්ම ජොබ් එක...

මාස 6 කින් විතර කිසිම අලුත් පොස්ට් එකක් ලියන්නවත්, යාළුවොන්ගේ බ්ලොග් කියවන්නවත් එන්න බැරි උනා. ඒ ජිවිතේ කාර්යබහුලම මාස 6 ඒ කාලය නිසා.. Higher Education Stages 2 ක් අවසන් කරලා Professional life එකේ මුල්ම අඩිතාලම විදියට Software & Web Developer කෙනෙක් වෙන්න මට අවස්තාව ලැබුනා. මේක මගේ මුල්ම රැකියාව. තාමත් ඉගෙන ගන්න අයටයි, මේ ෆීල්ඩ් එකට අලුතෙන් එන අයටයි වැදගත් වේවි කියල හිතෙන නිසා පහුගිය ගතවුණ මාස 6 ගැන විස්තර ටිකක් කියන්නම්.  NIBM Higher Diploma ඒක අවසන් වෙලා මාසයක් ඇතුලත හැම කෙනෙක්ම ට්‍රේනින් තැනක් සෙට් කරගන්න ඕන, නැත්නම් අවුරුද්දක් ෆේල් විදියටයි සැලකෙන්නේ. ඉතින් කවදා කාපු ටකරන්ද, දැන් හොයාපන්කෝ ජොබ්...  ගොඩක් අය ගොඩක් දේවල් කියනවා, මම මගේ පුද්ගලික අත්දැකීම කියන්නම්.. මුල්ම දේ උනේ හොඳ CV එකක් හදාගන්න ඒක. ඇත්තටම Standard CV එකක් හදනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. එකේදී අඩුපාඩු පෙන්නලා දීලා වැරදි හැදුවේ තෙපුල් සර් සහ ශාකුන්තල අයියා .. CV ගැන හොඳ ලිපියක් ශාකුන්තලගේ බ්ලොග් එකේ තියෙනවා..   http://blog.shaakunthala.com/2014/01/improving-your-cv.html වෙබ් එකේ තිබුන හැම ජොබ් සයිට්