Skip to main content

Posts

Showing posts from July, 2013

ප්‍රේමය නම්....................................... ,

ආදරය නම් වූ උත්තරීතර නිරාමිස හැඟීමෙන් තේ හැන්දක ප්‍රමාණයක්ද , රාගය නම් වූ ස්වාභාවික හැඟීමෙන් බාල්දි තුන හතරක් එක්කොට, මිනිසා විසින් තම පෞද්ගලික/ ආත්මාර්ථයන් උදෙසා, සමාජමය අවශ්‍යතාවය මත, මානසික අවශ්‍යතාවය මත හා කායික අවශ්‍යතාවය මත ක්‍රියාකාරීව පවත්වාගෙන යනු ලබන, ඇතැම් විට අන් සියළු චිත්ත සන්තානයන් පරයා යන, නමුත් සත්‍ය වශයෙන්ම නොසැළකිය හැකි තරම් වූ, අවසානය සෑම විටම දූක්ඛදායක වූද, සෑම විටම අන් අය සමඟ සාපේක්ෂව සසඳා බලන, අතිශය තාවකාලික, ඇතැම් විට අධිමානයක් ඇති කරන, තවත් විටෙක හීනමානයක් ඇති කරනා, බදාම මිශ්‍රණයකට එක් කරන ලද මැලේ අච්චාරුවකි....... ** ** ** ** ** ** ** ** ** ** ** ** ** මේක තමයි මං ලියපු පුංචිම පෝස්ට් එක.. මේකෙ ඉතිරි ටික ඔයාල සම්පූර්ණ කරන්න තමන්ගෙ අදහස් එකතු කරලා.. අමතක කරන්නෙපා මං මේ කියන්නෙ විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙක් අතර ඇති වන සාමාන්‍ය ස්වාභාවික බැදීම මට හිතෙන හැටි.....

හරක් කොත්තුව

මං Institute ඉවර වෙලා සතියට දවස් තුනක් කඩ්ඩ පොලිෂ් කරගන්න හිතන් වැඩිහිටියන් සඳහා පමණක් (18+) වෙන් උන නයිට් ක්ලාස් එකකට යනව. කඩ්ඩ කොහොම උනත් මේ මාස දෙකට සිරා වයස 50,60 වයසින් අංකල් ඇන්ටිල උන, මනසින් කොල්ලො කෙල්ලො සෙට් එකක් නම් සෙට් උනා. ඉතින් දවසම ඉගෙන ගෙන ආපහු රෑටත් ඉගෙන ගනිද්දි මාර සනීපයි. ඒත් මොනව කරන්නද? රටට සමාජයට වැඩදායී පුරවැසියෙක් බිහි කරන්න නම් ඉගෙන ගන්නම ඕනනෙ. ඉතිං ඔහොම Institute ඉවර වෙලා English class පටන් ගන්න කලින් මොනව හරි කන එක සිරිතක්. නැත්තම් මහ රෑ 9 වෙනකම් කොහොම ඉන්නද.ගොඩක් වෙලාවට කන්නෙ ඉතිං බඩට සැහැල්ලු ආහාරයක් උන කොත්තු තමයි. කොත්තුව කන්නෙ අතීතයේ සිට මාතර ලොකු පොඩි කොල්ලො කුරුට්ටන්ගේ ගෞරවයට පාත්‍ර උන " කිළුටු Cafe " එකෙන්. ගෑණු ළමයි නම් ඕක තියෙන තැනවත් දන්නෙ නැතුව ඇති. ඒත් අවුරුදු 4ක් තිස්සෙ රු:60/- ට කොත්තු පිඟානක්ම දෙන ලංකාවෙ එකම කඩේ ඕක තමයි. එදත් වෙනද වගේ කොත්තුවක් සප්පායම් වෙන්න ගියා. කියන්න බැරි උනා මේක මුස්ලිම් කඩයක්. තියෙන්නෙ බිත්තර සහ හරක්මස් කොත්තු විතරයි..මං එදා යනකොට ක්ලාස් එකේ තව කොල්ලෙක් බීෆ් කොත්තුවක් දෙසා බානවා. ඌව දැක්ක ගමන් මං