Skip to main content

හරක් කොත්තුව




මං Institute ඉවර වෙලා සතියට දවස් තුනක් කඩ්ඩ පොලිෂ් කරගන්න හිතන් වැඩිහිටියන් සඳහා පමණක් (18+) වෙන් උන නයිට් ක්ලාස් එකකට යනව. කඩ්ඩ කොහොම උනත් මේ මාස දෙකට සිරා වයස 50,60 වයසින් අංකල් ඇන්ටිල උන, මනසින් කොල්ලො කෙල්ලො සෙට් එකක් නම් සෙට් උනා.

ඉතින් දවසම ඉගෙන ගෙන ආපහු රෑටත් ඉගෙන ගනිද්දි මාර සනීපයි. ඒත් මොනව කරන්නද? රටට සමාජයට වැඩදායී පුරවැසියෙක් බිහි කරන්න නම් ඉගෙන ගන්නම ඕනනෙ.

ඉතිං ඔහොම Institute ඉවර වෙලා English class පටන් ගන්න කලින් මොනව හරි කන එක සිරිතක්. නැත්තම් මහ රෑ 9 වෙනකම් කොහොම ඉන්නද.ගොඩක් වෙලාවට කන්නෙ ඉතිං බඩට සැහැල්ලු ආහාරයක් උන කොත්තු තමයි. කොත්තුව කන්නෙ අතීතයේ සිට මාතර ලොකු පොඩි කොල්ලො කුරුට්ටන්ගේ ගෞරවයට පාත්‍ර උන "කිළුටු Cafe" එකෙන්. ගෑණු ළමයි නම් ඕක තියෙන තැනවත් දන්නෙ නැතුව ඇති. ඒත් අවුරුදු 4ක් තිස්සෙ රු:60/- ට කොත්තු පිඟානක්ම දෙන ලංකාවෙ එකම කඩේ ඕක තමයි.

එදත් වෙනද වගේ කොත්තුවක් සප්පායම් වෙන්න ගියා. කියන්න බැරි උනා මේක මුස්ලිම් කඩයක්. තියෙන්නෙ බිත්තර සහ හරක්මස් කොත්තු විතරයි..මං එදා යනකොට ක්ලාස් එකේ තව කොල්ලෙක් බීෆ් කොත්තුවක් දෙසා බානවා. ඌව දැක්ක ගමන් මං හොල්මන් උණා. ඇයි අෆ්ෆා ෆේස් බුක් එකේ හරක් අයිතිවාසිකම් වෙනුවෙන් කෑ ගහන මූ මෙතන මස් ගිලිනවා.. මමත් බිත්තර කොත්තුවක් ඕඩර් කරල උගේ ළඟින් වාඩි උනා.

"හායි.. උඹ දැන්ද ආවෙ ? "
-"හ්ම්ම්.. ඒ බං ඔය බීෆ් නේද ? "

"ඔව් මචං.. දැං උඹ කියන්න හදන එක මං දන්නවා.. මං හරක් මරණවට විරුද්ධයි, ඒත් මචං මූ මැරුවෙ මං උදෙසාම නෙවෙයිනෙ.. ඒ නිසා පවු නෑ"
-"%^%#^&%*&%*&^(*^&(*"

"මචාං.. මොකද උඹත් හරක් විරෝධීද ? "
-"අපෝ නෑ බං.. මට හරකත් එකයි කුකුළත් එකයි. ඒත් හරක් මස් රස නෑ බං"

"අඩෝ මේවට ලේ හැදෙනව බං.. කාපාං"

ඌ පැය ගානක් තිස්සෙ හප හප ඉඳපු රබර් කෑල්ලක් වගේ මස් කෑල්ල මට දික් කරා.. කොච්චර හපලද කියනව නම් ඒකෙන් කෙළ බේරෙනව.මට ඔක්කාරෙට වගේ....

-"අවුලක් නෑ මචං.. එළ.. මේ දවස්වල බඩ පොඩ්ඩක් අවුල්. ඒකයි. උඹ කාපන්"

පොර සද්දයක් නැතුව ආපහු හපන්න පටන් ගත්ත. ටිකකින් මගේ කොත්තුවත් ආව. ඒක කාල ඉවර වෙනකනුත් අරූ අර මස් කෑල්ල හපනවා.. මං වතුර බොන්න නැඟිට්ටම පොර උත්සාහය අතෑරල ඒක පිඟානටම දාල ආවා. කඩේ වැඩට ඉන්න නාකි අංකල් අපේ පිඟන් දෙක අරන් කුස්සියට ගියා..

වතුර බොන ටැප් එක තියෙන්නෙ ඔය කුස්සිය දොරකඩමයි. මං වතුර ටිකක් බීල කොන්ඩෙ බම්ප් එක හදන ගමන් කුස්සිය දිහා බැළුවා. අංකල් කාරය මුලින්ම පිඟන්වල තිබුන Lunch sheet ගුලි කරල වීසි කරා. ලිපේ තඩි වළඳක ගොඳ ගොඳ ගගා තිබුන හොද්දක්.
වටපිට බලපු පොර අරූ චුයින්ගම් එක වගේ හපපු මස් කෑල්ල චස් ගාල අරකට දැම්මා.. ආපහු හැරුණම තමයි පොර මාව දැක්කෙ. හරියට මහසෝන දැක්ක වගේ අංකල්ගෙ කට ඇරුනා..
හරියට රීරි යකා දැක්ක වගේ මගේ කටත් ඇරුණා.. ඉස්සෙල්ල අරූ මස් කෑල්ල මට දික් කරද්දි දැනුන ඔක්කාරය ඩබල්, ත්‍රිබල් වෙලා..... කට අතින් වහන් එළියට දුවල ළඟ කඩේකින් හැක්ස් ටොපි 5ක්ම එක පාර කටේ හලා ගත්තා..

එතකොට තමයි මතක් උනේ මං කාපු කොත්තුවට සල්ලි දුන්නෙ නෑ කියල.. සල්ලි නෙවෙයි දෙන්න වටින්නෙ. ඒ රුපියල් 60/-න් කෝකටත් කියල අසමෝදගම් බෝතලයක් ගත්තා..

ආපහු ක්ලාස් එකට ගියාම අර මස් කෑල්ල විකපු එකා ඉන්නවා. මං ආපු වෙලාවෙ ඉඳන් "තුක්,තුක්" ගගා හිටියෙ..

"මොකෝ බං ගොළුබෙල්ලෙක් වගේ කෙළ වපුරන්නේ ? "
-"වමනෙට වගේ බං"

"ඇයි බඩදරු වෙන්නද ? හි හි.. කන්න ආස දෙයක් තියේ නම් කියපං, අම්මට ගියල හදල ගේන්නම්"
-"$@$%$%&*^^(*&^%%&"

මං පොරට දැකපු දේ කිව්වා.. ඌ දීපු උත්තරෙන් ආපහු මං කටත් අල්ලන් washroom එකට දිව්වා.

"අඩේ ඕක මොකක්ද බං.. ඒක අඩු ගානෙ ආපහු තැම්බෙනව. මං ඔය හොද්ද ගනිද්දි ප්ලාස්ටර් කෑල්ලකුත් හැපුනා. අයින් කරල කන එකනෙ බං.. ඒකනෙ ඕකට හැමෝම 'කිළුටු කැෆේ' කියන්නෙත්"



කතාව නම් සම්පූර්ණ ඇත්ත. මං නම් ආපහු ඕක දිහා බලං බත් කන්නෙවත් නෑ.. ඒත් 60/- කොත්තු දාන වෙන කඩයක් හොයාගන්න වෙනවා.

මෙන්න බ්ලොග් ලෝකෙට අළුත්, ඒත් හැකියාවෙන් පරිණත නංඟියෙක් / අක්කියෙක් / ඇන්ටියෙක්/ ආච්චියෙක්.. ඒකටත් යමින් ගමන් ගොඩ වැදිල යන්න..

>> කවුළුව <<

Comments

  1. කියෙව්වත් අප්පිරිය යි...:-)) කොත්තු කඩයක් ඉක්මනින් සොයා ගත හැකි වේවා'යි පතමි!

    ReplyDelete
    Replies
    1. :-O 60/- ට කන්න වෙන කඩවල් නෑ අෆ්ෆා :'((

      Delete
  2. මැදැ වෙච්ච දෙයක්.

    ReplyDelete
  3. යකෝ 60 ට කනවා කියලා මෙහෙමත් කන්න පුලුවන්ද!!!!! බොකු බඩවැල් ඔක්කොම ඔක්කාරෙට එයිනේ!

    ReplyDelete
    Replies
    1. 20/- ට විතර කොහොම කොත්තුවක් දාවිද නේහ් ? ;)

      Delete
  4. ඈය්යා....අපි නං ඉතින් වෙජිටේරියන්නේ.ඒ හින්දා ඔච්චර අප්සට් අත්දැකීම් සෙට් වෙන්නේ අඩුවෙන්!!!

    ReplyDelete
    Replies
    1. කොහොමද ඔයා කන වෙජිටබල් රයිස් එකක තඩි කම්බි පණුවෙක් හිටියොත් :P

      Delete
    2. ඒව‍යෙ ඔය වගේ ජරාව නෑ :D

      Delete
    3. ඒව හදන්නෙ නරක් වෙච්ච එළවලු දාල.. ඒවයි ගැඩවිල්ලොත් ඉන්නවා :))

      Delete
    4. අනේ පලයං අය්යේ යන්න...)))))

      Delete
    5. බදුල්ලේ මහ මාකට් එකට ගිහින් දවසක් බලන් හිටියොත් ආපහු ජිවිතේට එළවලු කන්නේ නැ ... =))

      Delete
  5. කොත්තු ඔ‌ෙහාමමයි නේද.....

    ReplyDelete
    Replies
    1. "ලාබ කොත්තුවේ ප්ලාස්ටර් ඇත" කියල අහල නැද්ද ? :))

      Delete
  6. යකෝ ප්ලාස්ටර් එකකුත් දැන් රුපියල්5ක්. අරූගෙන් 65/= ක්ම ගන්ඩ එපෑයැ

    ReplyDelete
    Replies
    1. එතකොට අර හපල හපල සොෆ්ට් කරපු මස් කෑල්ල කන එකාගෙන් 70/- ක්වත් ගන්න වෙයි.. :))

      Delete
  7. Ado policiyata gihin naduwak dapan. Loweth uta badu. Oya naki inna kadawal ohommai ban

    ReplyDelete
    Replies
    1. දැන දැනත් කොල්ලො කන්නෙත් ඒකෙන්මයි බං ^#(^

      Delete
  8. kilutu cafe eka math dannawa.. e kale kottuwa 40/- y

    ReplyDelete
    Replies
    1. උන් අතේ ඇති මුදලට දානවනේහ් :) 60/- සිට ඉහලට ඕනෑම ගණනකට

      Delete
    2. එතකොට කොත්තුවෙ තිබිල අතිරේක මුකුත් හම්බ උනේ නැද්ද ;)

      Delete
  9. මටත් ඔක්කාරෙට එනවෝ .. ඊයා .... හොද වැඩේ බොගේ කුණුකමට :D එහෙනන් 60 එකාක් හමුවේවා !

    ReplyDelete
    Replies
    1. නැත්නම් 150/- ගානෙ දවස් 3ක් කොත්තු කෑවොත් මං විකිණෙයි... නොමිලේ හපලම අර්ධව ජීරණය උන මස් දෙන්නෙ මේ කඩේ විතරනේ =))

      Delete
  10. යකෝ නිකන් දුන්නත් ඔය ජරාව කන්න එපා බොල.. මටත් ඔක්කාරෙට ආවා ඒක කියවලා.. උඹේ යාලුවනම් අරුන්ටම හරි යන ඌරෙක්..

    ReplyDelete
    Replies
    1. ආපහු නම් කොත්තු කන්නෙ නැතෝ........ #:-S

      Delete
  11. හපොයි කොල්ලෝ... මේක කියෙව්වම මට කොත්තුත් එපා වුනා.....

    ReplyDelete
    Replies
    1. අනිත් ඒවත් මෙහෙමම තමා :(

      Delete
  12. අපොයි දෙයියනේ මාත් කොත්තු රැජිනක්...... ආයෙ නම් එපෝ!!!!!!!!!!!! x(

    ReplyDelete
    Replies
    1. නොදැන කාපු කොත්තුත් මෙහෙම උනොත් :P

      Delete
  13. තියෙන බඩජාරිකමට බොට ඔහොම වෙලා මදි #:-S රු. 60/- වුණත් සල්ලි දීලා ජරාව කන සිරිතක් තියෙනව ද මැන්ටලේ. ගෙදර කෑම එකක් අරගෙන ඇවිත් කෑව නං ඉවරයිනේ. රු. 60/- ‍නෙමෙයි රු.600/- ට ගත්තත් කොතනත් කෑම ඔහොම තමයි!

    ReplyDelete
    Replies
    1. ගෙදරින් උදේ 6ට උයන කෑම එකව හවස 6 වෙනකම් තියෙනවද ගොං අලියො :P

      Delete
  14. හයියෝ ඔයා කාලා තියෙන්නේ කොත්තුව නෙමෙයි රුපියල් 60 :/

    (කිව්වට මොකද කොත්තු කෑවේ නැතත් අර මාසෙට 2500 යේ බජට් එකට තමයි අපිත් කන්නේ )

    ReplyDelete
    Replies
    1. බුදු හම්මෝ 2500/- ක් තනි ඔයාට... හතර දෙනෙක් ඉන්න පවුලකටම ඇති.. ඔයා තනියෙන් කනවද ? :))

      Delete
    2. හිකිස් නෑ නෑ බෝඩිම් ගාස්තු ,වතුර , විදුලිය ඒ ඔක්කොමත් එක්ක තමයි 2500 ක් වෙන්නේ තනියෙන් කන්න තිබුනානම් ඉතින් බැරියැ :D

      Delete
  15. යසිත්, සමාජ සේවයක් හැටියට ඔය කඩේ තියෙන ගැන විස්තරයක් දාලා අනිත් අය දැනුවත් කරපං. චිහ්. මොන මල ජරා යක්කුද බං!

    ReplyDelete
    Replies
    1. "කිළුටු කැෆේ" කිව්වම හැමෝම දන්නවා :)

      Delete
  16. අනේ හොද වෙලාවට බොලව් මම අද රෑට කන්නෑ කියලා හිත හදන් වාඩි වුනේ, මගේ බඩත් රිදෙනවා, වමනෙටත් වගේ, එහ්හ්හ්,, :/

    ReplyDelete
    Replies
    1. ඇයි ඩයට් කරනවද ? :))

      Delete
  17. ඔන්න බලහන් මම මේක ෆලෝ කරලා නැහැනේ මෙච්චර කාලයක් ගියත්..

    ReplyDelete
  18. මේක කියෙව්වට පස්සෙ අප්පිරියාවෙ බෑ. ඒකට කිලුටු කැෆේ කිය කියා ඒකටම යන එකනෙ වැඩේ.

    ReplyDelete
    Replies
    1. 60/- ට කොත්තු දාන වෙන තැනක් නෑනේ අනේ :(

      Delete
  19. ආ ... උඹත් මාතර නේ. දාපං පහක්.

    කොත්තු දැකල ආවෙ බං දුවගෙන. කොත්තු කිව්වොත් ආයෙ මොනවද, මගෙත් ප්‍රියතම. හැබැයි මම නම් කිසිම කඩයකින් බිත්තර කොත්තු ඇරෙන්න මස් නම් කන්නෙ නෑ. මස් කිව්වට මම කන්නෙත් චිකන් විතරයි, ඒකත් ගෙදර හැදුවොත් විතරයි, කඩයක් තියා පිට ගෙදරකින් වත් කන්නෙ නෑ.

    කිළුටු කැෆේ නම් මල ජරාව බං. අඩුවට නෙවි, නිකන් දුන්නත් ඕකෙන් කන්න එපා බං. මම නම් කන්නෙ 140 ට නැත්නම් සමහර තැන්වල 150 ට. මාසෙට උපරිම දෙකක් විතර තමා, අනිත් දවස්වලට ඉතිං ගෙදර බත්. :(

    ReplyDelete
    Replies
    1. 140/- දාන චිකන් කොත්තුවල චිකන් කෑල්ලක් හොයා ගන්න කොත්තුව ගහන්න ගියපු වෙලාවට වඩා වෙලාවක් යනව බං :))

      Delete
    2. හෑ .... ඔන්න මම නම් ඒව කන්නෙ නෑ.

      //හැබැයි මම නම් කිසිම කඩයකින් බිත්තර කොත්තු ඇරෙන්න මස් නම් කන්නෙ නෑ.//

      විකන් කොත්තු ඊට ගනන් ඇති බං. බිත්තර නම් අපිට පේන්න කඩල දානව. මස් කෑල්ලක් අපිට පේන්න දැම්මට ඕක කොත්තුවෙදි අංශු බවට පත්වෙන නිසා මොන මස්ද කියල කව්ද දන්නෙ. සමහර පැතිවල කුරුළු මස් එහෙමත් චිකන් කියල කොත්තුවලට ගන්නවලු.

      Delete
  20. හොදි ඕන්නෑ... :(

    ReplyDelete
    Replies
    1. හොදිත් දෙනව ෆ්‍රී.... චුයින්ගම් මස් හොද්ද :)

      Delete
  21. උදෙන්ම ඔයාගෙ බ්ලොග් එකට ආවෙ. අම්මෝ. පොස්ට් එක කියවල බඩ ඇඹරිලා ගියා.මාත් කොත්තු කන්න ආසයි ඒත් කැවෙන්නෙ බොහොම අඩුවෙන්. ඇත්තටම අද ඉඳන් නම් කන්නෙම නෑ. හිනා වුනාට මොන තරම් භයානකද කෑමවල තත්වෙ. ඇත්තටම ටිකක් මහන්සි වුනාට පොලිසියට පැමිනිලි කලා නම් එහෙම නැති නම් පාරිබෝගික සේවා අදිකාරියට පැමිනිලි කලා නම් ඔය වගේ කඩ වටලනව. දැන දැන නිකං ඉන්න එකත් වැ‍රැද්දට හවුල් වීමක්. මම නම් හැකි හැම අවස්තාවෙම ඒවට විරුද්දව මට පුලුවන් දෙයක් කරනව. පා.සේ. අදි. නොම්මරේකුත් දීල තියෙනවනෙ මහජනයට කතා කරන්න. 1919

    ReplyDelete
    Replies
    1. කොල්ලොන්ට ඕව අවුලක් නෑ.. කොහොමත් ඔය කඩේ අරින්නෙ දවසට පැය 3ක් විතර. හවස 4 විතර ඉඳන් 6.30 වෙනකම් වගේ.... :)

      Delete
  22. ඔයා කියවන බ්ලොග් ගොඩේ මගෙ බ්ලොග් එක නෑනෙ. :((

    ReplyDelete
  23. LOL ඈ. මමනම් ඔව්වා කන්නේ නැති නිසා දුකකුත් නෑ. බයකුත් නෑ (Help World)

    ReplyDelete
  24. අන්න. ඔයාගෙ ලින්ක් එක බ්ලොග් එකේ දැම්ම.

    ReplyDelete
  25. ඕක කොහේද බං තියෙන්නේ. හා වැරදුනා මාතර.. හැක්.. මටත් නිකං වමනේ වගේ. උඹ කොහොම හරි බොබසේ එකටත් ඇරල දැම්ම රු 60 න් නේද??

    ReplyDelete
  26. කොත්තුවට කොත්තුව කියලා නම වැටුනේ නිකන්ද ,,
    :(

    ReplyDelete
  27. දවසක් මැල්ලුමෙන් හුනු නැට්ටක් හැපුන (මට නෙමේ යාලුවට #:-S ) එදායින් පස්සේ මැල්ලුම් කෑවේ නෑ...

    නම දැක්ක ගමන් මටත් ඔය වගේම සිද්දියක් මතක් උනා. වෙලාවක් ආවහම දාන්න ඕනේ ;)

    ReplyDelete
  28. හපෝයි අප්පිරියාවෙ බෑ
    ඇත්තට අපි කඩවල් වලින් රසයි කියල අරන් කන්නෙ මොන තරම් ජරාවද කියල හිතෙනව

    ReplyDelete

Post a Comment

◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net

You May Like Also,

පන්සිය පණස් ජාතක පොත

මේක දෙන්නෙ හිටියෙ මීට ගොඩ දවසකට කලින් උනත් විවිධ හේතු නිසා අතපසු උනා.. අද පෝය දවසෙ කොහොම හරි දානව කියල හිතා ගත්තා... පන්සිය පණස් ජාතකය, ඔව් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම 550 ක , උන්වහන්සේ විසින් දේශණා කරපු ජාතක කතා මේකෙ ඇතුලත්.. අපි සාමාන්‍යයෙන් දන්න විදියට පන්සිය පණස් ජාතකය කිව්වට දැනට නිකුත් වී තියෙන ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නෙ ජාතක කථාංග 447 හෝ 446.. අනිත් 3 හෝ 4 ගැන සඳහනක් නෑ.. නමුත් මේ විද්‍යූත් ලේඛන පිටපතේ ජාතක කථාංග 550 ම ඇතුළත්.. අවසන් කථාංග 4 බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් කටවහරෙන් පැවතෙන ජාතක කථාංග ඇතුලත් කරල තියෙනවා.. මට මේක හම්බ උනේ වෙන වෙනම කොටස් විදියට. මං සියල්ල එකතු කරල තනි PDF file එකකට merge කරා... අවශ්‍ය තැන් bookmark කරන් කියවන්න පුළුවන්නෙ... 19.9 MB  ඔබගේ පරිගණකයේ මෙහෙයුම් මෘදුකාංගය Windows XP හෝ Windows 7 නම්, PDF file reader එකක් නැතිනම් මෙතනින් adobe reader එක අරගන්න..

බ්ලොග් එකේ Navigation Bar එක අයින් කරමුද ?

අපි බ්ලොගර් වලින් බ්ලොග් එකක් හැදුවම මෙන්න මෙහෙම බ්ලොග් එකට උඩින් Navigation Bar එකක් වැටෙනවනෙ. කැතයි වගේ නේද ? එහෙනම් ඉතින් අයින් කරමු. මේක අයින් කරාම බ්ලොග් එකේ SEO වඩා හොඳින් වෙනව කියල  digitalpoint forum එකේ තිබුන. නමුත් ඒ ගැන නම් මං හරියට කියන්න දන්නෑ. මෙන්න මෙහෙමයි වැඩේ , ඔයා පැරණි blogger interface එක නම් පාවිච්චි කරන්නෙ, Dashboard  >> Design >> Edit HTML වෙත යන්න. අළුත් blogger interface එකේ නම් කෙලින්ම Template කියල තියෙනව. දැන් මේක කරන්න කලින් full template එකම download කරන් ඉන්න. නැත්නම් වරද්දගෙන මට බනින්න එප. (වරදින්න දේකුත් නෑ හැබැයි ) දැන් අළුත් blogger interface එකේ අයත් තමන්ගෙ දැනට active template එකේ Edti HTML වෙත යන්න. දැන් මෙහෙම පණිවිඩයක් ආවනෙ. එතන Proceed ක්ලික් කරන්න.  දැන් ඔයාගෙ template එකේ HTML කෝඩ් තියෙනව පෙනෙයි. දැන් මේ පහත රූපෙ විදියට variable definitions කියන තැන හොයා ගන්න. අමාරු නම් Ctrl + F ගහල හොයා ගන්නකො.  දැන් ඔන්න ඔය කෝඩ් එකෙන් උඩට, ඒ කියන්නෙ *variable definitions තැනයි උඩ කඩ ඉරි පේලියයි අතරට මෙන්න මේ පුංචි කෝඩ් එ

පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?

හනී බනී වෙන් වෙලා දැන් මාස 8ක් විතර ඇති. ගොඩක් දෙනා අහන දෙයක් තමයි එච්චර  ආදරේ කරා නම් කොහොමද දැන් ගානක් නැතුව ඉන්නෙ කියන එක. ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගෙ මිත්‍රයෙක්ගෙ wife ළඟදි Cancer එකකින් නැති උනා. පෞද්ගලිකවම මං දන්න දෙයක් තමයි ඒ දෙන්න අතරෙ පුදුම ආදරයක් තිබුනෙ. එයාලගෙ විවාහ ජීවිතේට අවුරුදු 19කටත් වැඩියි. ඒත් මළ ගෙදරදි, ආදාහන කටයුතු කරද්දිවත් ඒ අංකල් පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ. කිසිම දුකක් පේන්න තිබුනෙත් නෑ. හිස් බැල්මෙන් බලාගෙන හිටිය විතරයි. කටයුතු ඉවර වෙලා අපි ආපහු යනකොට ඒ මනුස්සය කිව්ව හරි අපූරු කතාවක්, "නෝන නැති උනාට මට දුකක් නෑ.. ඒත් එයා නැති පාළුව මගේ ජීවිත කාලෙම තියේවි. පහුගිය අවුරුදු 19ටම එයා මටත්, මගෙන් එයාටත් වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරා. අපි දෙන්න දෙන්නටම ණය නෑ.." එච්චරයි.. මමත් කාටවත් ණය නෑ.. ඒත් අද (ඔක්තෝම්බර් 30) තමන්ගෙ 20 වෙනි උපන් දිනේ සමරන හනී බනීගෙ සියළු කටයුතු, අනාගතේ, බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම ඇයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි (සම්මතයට අනුව) යාළු වෙන්නෙ/ ආදරේ කරන්නෙ/සම්බන්ධයක් ඇති කර ගන්නෙ ?? කෙල්ලන්ගෙ පැත්ත