Skip to main content

Posts

Showing posts from April, 2014

මම නොවන මම........

අසීමාන්තික අවකාශයේ....... පියඹිය නොහැකිව..... සමාජ බැමින් කොටු වී........ නිදහසට ලොබ බැඳ .......... සුසුම් හෙලන.... මම නොවන මම........ යාන්ත්‍රික ‌‍‌‍‌දෛවයකට.... උරුමකම් පෑ පවකට.... අනිච්ඡානුග සොම්බියකු මෙන්... හඹා යමි  ජීවිතය පසුපස... අමාවක ගණඳුරු දිනෙක... හිස් අහසේ තරුකැට අතර... නොදුටු පුන්  සඳ සොයන... මම නොවන මම........