Skip to main content

Posts

Showing posts from August, 2013

Google Translate widget එක ඔබේ වෙබ් අඩවියට

සමහර වෙලාවට අපි බ්ලොග් කියවන්නෙ නිවසේ හෝ තමන්ගෙ පරිගණකයෙන් නොවෙන්න පුළුවන්, එතකොට කොමෙන්ට් කිරීම් වැනි කටයුතු වලදී ඒ පරිගණකයේ සිංහල යුනිකේත නොතිබුණොත් සිංග්ලිෂ් වලින්, එහෙමත් නැති නම් Online tool එකක පිහිට පතන්න අපිට සිදු වෙනවා. එහෙමත් නැත්නම් බ්ලොග් නොලියන ඇනෝ කෙනෙක් වගේ බොහෝ විට කොමෙන්ට් කරන්නෙ සිංග්ලිෂ් වලින්.. ඔවුන්ට උදව්වක් වෙන්නයි, වෙබ් අඩවියේ බහුතර කොමෙන්ට් යුනිකෝඩ් කරගන්නයි පුළුවන් වෙන්න Google Translate IME එක වගේම පොඩි Widget එකක් බ්ලොග් එකට/වෙබ් එකට දාගමුද ? මේ මගේ බ්ලොග් එකේ වම් පැත්තෙ පහල තියෙන " සිංහල " කියන පොඩි Button එක Click කරල බලන්නකෝ, ඔක්කොම පැහැදිලි වේවි.. ඕක කිසිම කරදරයක් නැති අහිංසක, ඒත් ප්‍රයෝජනවත් widget එකක්..   ඕක ලේසියෙන්ම වෙබ් අඩවියට එකතු කරගන්න හැටි දැන් කියන්නම්.. ◘ ඔයාට තියෙන්නෙ blogger blog එකක් නම් Dashboard එකට log වෙලා Template >> Edit HTML වෙත යන්න. වෙනත් වෙබ් අඩවියක නම් කෙලින්ම Code View එකට Edit කරගන්න. ◘ දැන් Ctrl + F ගහල </head> ටැග් එක හොයා ගන්න. ◘ දැන් </head> ටැග් එකට ඉහලින් මේ පහත කේතය Copy - Paste

මොකටද අපි සිංහල බ්ලොග් ලියන්නේ ?

බ්ලොග් ලියන්නේ ආසාවටය, විනෝදාංශයකටය, ඒකාකාරී බවින් මිදෙන්නටය, ස්වයං ආත්ම තෘප්තියක් ලබා ගන්නටය.. නමුත් කෙටි කළකින්ම බොහෝ දෙනෙකු ඊට ඇබ්බැහි වේ. ඒ එහි ඇති විවිධත්වයත්, රසයත් නිසාය.. කවුරුන් කෙසේ කීවත් බ්ලොගිය තුළින් පිළිබිඹු වන්නේ එහි රචකයාගේ චින්තයට අදාල කරුණු වේ.. නමුත් 100% ම එය එසේමැයි කිව නොහැක්කේය..නමුත් බොහෝ විට එමඟින් රචකයා පිළිබඳ දළ අදහසක් ලබා ගැනීම සිදු කල හැකිය. ඇතැමුන් බ්ලොග් ලියන්නේ දැනුම බෙදා හරින්නටය, තවත් සමහරු කතිකාවත් ගොඩ නඟති, තවත් ඇතැමුන් තමන්ගේ දර්ශණයක් ව්‍යාප්ත කිරීමට මෙන්ම අන්‍යයන් හෙලා දැකීමට බ්ලොග් කරණය භාවිතා කරති. එය එසේ සිදුවිය යුතුය, වැළැක්වීමද කළ නොහැක්කේය, මන්ද යත් බ්ලොග් කරණය යනු සැබෑ රියැලටි සමාජයේ ජීවත්වන්නා වූ පුද්ගලයින්ම භාවිතා කරනා අතත්‍ය (Virtual) අවකාශයකි. එහෙයින් විවිධ වූ පුද්ගලයින්ගේ විවිධ වූ අදහස් එළිදැක්වීම වාරණය කළ නොහැක්කේය.. ඇතැමෙකුගේ නිර්වචනයට අනුව පෞද්ගලික බ්ලොග් මගින් සිදු කෙරෙන්නේ අදාල රචකයා පුම්බා දැමීමකි.. සොක්කෙක් ලොක්කෙක් කිරීමකි. හිපාටුවෙකු පොරක් කිරීමකි... ලෝකයේ ජීවත්වෙන සෑම කෙලෙස් ප්‍රහීන නොකළ පුද්ගලයෙකුම කැපී පෙනීමට කැමත

පන්සිය පණස් ජාතක පොත

මේක දෙන්නෙ හිටියෙ මීට ගොඩ දවසකට කලින් උනත් විවිධ හේතු නිසා අතපසු උනා.. අද පෝය දවසෙ කොහොම හරි දානව කියල හිතා ගත්තා... පන්සිය පණස් ජාතකය, ඔව් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම 550 ක , උන්වහන්සේ විසින් දේශණා කරපු ජාතක කතා මේකෙ ඇතුලත්.. අපි සාමාන්‍යයෙන් දන්න විදියට පන්සිය පණස් ජාතකය කිව්වට දැනට නිකුත් වී තියෙන ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නෙ ජාතක කථාංග 447 හෝ 446.. අනිත් 3 හෝ 4 ගැන සඳහනක් නෑ.. නමුත් මේ විද්‍යූත් ලේඛන පිටපතේ ජාතක කථාංග 550 ම ඇතුළත්.. අවසන් කථාංග 4 බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් කටවහරෙන් පැවතෙන ජාතක කථාංග ඇතුලත් කරල තියෙනවා.. මට මේක හම්බ උනේ වෙන වෙනම කොටස් විදියට. මං සියල්ල එකතු කරල තනි PDF file එකකට merge කරා... අවශ්‍ය තැන් bookmark කරන් කියවන්න පුළුවන්නෙ... 19.9 MB  ඔබගේ පරිගණකයේ මෙහෙයුම් මෘදුකාංගය Windows XP හෝ Windows 7 නම්, PDF file reader එකක් නැතිනම් මෙතනින් adobe reader එක අරගන්න..

"මාව බඳිනවද? " අහන්න තවත් ක්‍රමයක්.....

දන්නවද ගැහැණු ජාතිය මහා පුදුමාකාර සත්ව කොට්ඨාශයක්.. වැරදිලාවත් වර්ගීකරණය කරන්න හැදුවොත් මාර අමාරුවක වැටෙනවා, මොකද එකම විශේෂයට අයත් උනත් එක් එක් කෙනාගෙ ගති පැවතුව එකිනෙකට සපුරාම වෙනස් නිසා.. පිරිමින්ට සාපේක්ෂව හැහැණු අය සාමාන්‍යයෙන් මෝඩ නමුත් කපටි බවින් වැඩියි කියලයි පුරාණ පඬිවරු කියල තියෙන්නෙ. මොකක් උනත් කාන්තාවකගෙ හිතක් ලේසියෙන්ම සතුටු කරන්න පුළුවන් කියල සහෝදරියක්/ පෙම්වතියක් / යෙහෙළියක් / බිරිඳක් ඉන්න ඕනම කෙනෙක් දන්නව ඇති.. හිස් පොල් කට්ටකට හුණු ටිකක් ගාල රතුපාට රිබන් පටියකින් බැඳල ගිහින් දුන්නත් ඒක මාර වටිනවා. ඒත් සැබවින්ම වෙන්නෙ ඔවුන්ට දැනෙන්න ඕන ඔහුට තමන්ව නිතර මතක් වෙනව කියල එච්චරයි.. සතුටු කරන එක ලේසි උනාට පිරිමි ඔබ කවදාවත් කාන්තාවක් පුදුමයට පත් කරල තියෙනවද ? නැත්නම් එහෙම දැකල තියෙනවද ? ඒක අතිශයින්ම දුර්ලභ අමාරු කර්තව්‍යයක්.. මම ඒකට උත්සාහ කරා.. අන්තිමට ඇය මාව පුදුමයට පත් කරල සුළඟක් වගේ යන්න ගියා.. මං තාමත් කටත් ඇරන් පුදුම උන ගමන් එහෙමම ඉන්නවා.. ඇත්තටම ගැහැණු චපලයි කියල අපිට පාසලේදිත් හොඳින් උගන්වනවා. දැන් බලන්න මගේ මතකයේ හැටියට 10 වසරේ සිංහල පොතේ තියෙන "දිත්තල-කා