Skip to main content

Posts

Showing posts from December, 2012

අවිනිශ්චිත හෙට දිනක් වෙනුවෙන් සුභ පැතුම් !

කාලෙකට කලින් අඟුළු දාපු කවුළුව දිහා මං ඔහේ බලං හිටියා. මේක අපහු ඇරල බලන්න තදින්ම ඕන උනත් අතීතයේ උන දේවල් මතක නිසා ආපහු බය හිතුනා. මං අපිළිවෙලට බඩු විසිරුණ කාමරේ දිහා ආපහු බැළුවා. හැම තැනම අපිලිවෙලයි.ගිය පාර මේ කවුළුවෙන් ඇතුලට ආපු දරුණු කුණාටුව මේ හැමදේම විනාස කරල අවුල් කරල මේ කවුළුවෙන්ම ආපහු ගියා. ඒ ගැන හිතද්දිත් ඇඟ කිලිපොලා යනවා. ඕන දෙයක් උනාවෙ. මට බෑ තවත් කොටු වෙලා ඉන්න. මට බලන්න ඕන මේ කවුළුවෙන් එපිට ලෝකයේ ලස්සන. අඳුරට හුරු වෙච්ච මගේ ඇස් ආසයි එපිට ආලෝකය දැක ගන්න. ඔව් මං බලනවා.. මං හෙමින් කවුළුවේ අඟුල ඇරියා. කාලෙකින් පාවිච්චි නොවුණු නිසා මලාණික හඬකින් කවුළුව ඇරුණා.. අඳුරේ ඉඳපු මගේ ඇස් ඒ ආලෝකයට හුරු වෙන්න ටික වෙලාවක් ගත උනා.. එතකොටම බාගෙව විවෘත උන කවුළුවෙන් හීන් හුළං පොඳක් කාමරේ ඇතුලට ආවා. මං බය උනා. ආයෙමත් කුණාටුවක්ද ? ඒත් එහෙම උනේ නෑ.. ඒ හීන් සුළං රැල්ල මං වටේ දැවටිලා කාමරේ වටේටම හැමුවා.. අපිලිවෙලට විසිරිලා තිබුණ හැම දේම ආපහු පිළිවෙලට හැදුණා. ඔව් ඒ සුළං රැල්ල ඒ හැමදේම පිළිවෙලකට හැදුවා. ඊට පස්සෙ මාව සීතලෙන් වෙලා ගත්තා.. මං කවුළුව වැහුවා. ඉස්සර වගේම.. ඒත් තවත් කුණාටුවකට බයේ

නත්තල් සීයා

පොඩි එකා බෙල්ල උස්සල වටපිට බැළුවා.. වට පිට හරිම කලබලයි. වාහන වේගෙන් යනවා. ඊට වඩා වේගෙන් මිනිස්සු යනවා. ඊටත් වඩා වේගෙන් කාලය යනවා. පොඩි එකාට මේව වැදගත් නෑ. හරි බරි ගැහිල වාඩි වෙලා හිටපු තැනින් නැඟිටල වටේ පිටේ නත්තලට සරසපු සැරසිලි දිහා ඇස් දෙකත් ලොකු කරන් බැළුවා.. හැමෝම සතුටින්.. පොඩි එකා තමන්ගෙ කෙලින්ම තිබුණ රතුපාට ගාපු පාට පාට සැරසිලි දාපු මාළිගාව දිහා බැළුවා. හරිම ලස්සනයි.. තමන් වගේම පොඩි උන් තමන්ගෙ අම්මල තාත්තල එක්ක හිනා වෙවී ඒක ඇතුලට යනවා. එයාල ආපහු එන්නෙ තෑගි ගොඩාක් පිරුණු පාර්සල් අරං. හරිම ලස්සන පාට පාට ඇඳුම් ඇඳගෙන.. පොඩි එකා ඒ දිහා බලන් හිටියා. වීදුරුවට අව්ව වැටිල පරාවර්තනේ වෙලා පොඩි එකාගෙ ඇස් රිදෙනවා. ඒත් ඒ අතරින් පොඩි එකා තමන් බලපොරොත්තු උන ඒ කෙනාව දැක්කා.. නත්තල් සීයා.. ඔව් ඒ එයා තමයි. ලස්ස්න දිග රැවුලක්. රතුපාට කබාය. හිනාව පිරුණු මුහුණ. මාළිඟාව ඇතුලට යන පොඩි උන්ට තෑගි බෙදනවා. ටොපි, චොකලට්, පුංචි පුංචි සෙල්ලම් බඩු.. "නත්තල් සීයට ඕනම දෙයක් දෙන්න පුළුවන්ලු. හ්ම්ම්ම්ම්.. මං මොනවද ඉල්ලන්නේ.. බයිසිකලයක්.. නෑ නෑ ලස්සන කාර් එකක්...... හ්ම්ම්ම්ම්ම්.. එපා එපා.. මං මගේ නංඟි

යසිත්ගේ පියාඹන පුඩිම...

මට සතියෙ දවසක හවස ගෙදර ඉන්න ලැබෙන්නෙ කලාතුරකින්. ලෙක්චර්ස් තියෙන දවසට ගෙදර එනකොට 7ත් පහු වෙනව. ඉතිං ඔහොම චාන්ස් එකක් ලැබුණම ඒකෙ උපරිම ඵල නෙලා ගන්න එපැයි. ඔය දවසට ඉතිං හවස 3 ඉඳන් 7 වෙනකම් TV එක ඉස්සරහ තමයි. ඇයි සිරසෙ කාටුන් බලන්න ඒකට ඉතිං ලොකු පොඩි කියල වෙනසක් නෑනේ.. (කොහොමත් මං පොඩි එකානෙ) ඕවයින් මං බලන්නම ආස සෙට් එක තමයි පින්ක් පැන්තර්, ගාෆීල් , කවුද බෝයි, ගිරිපුර ඇත්තෝ තව අර චණ්ඩී කියල ගොං ආතල් එකක් තියෙනව ඒක නම් බලන්නෙ නෑ. ඔය සෙට් එකෙන් පස්සෙ සජානා නංඟී කරන රට හිනා බලනව (එකට ක්ලාස් ගියපු කෙල්ලොනේ, දැන් උන් කොහෙද අපි කොහෙද) හරි ඔන්න කතාවෙන් පිට පැන්නනේ.. දැං ගිය සිකුරාද හවසත් මං මගේ අකමැතිම සතා ඉන්න කාටූන් එක බැළුවා. (ඔව් ඔව්. බතල පූසො මට පේන්න බෑ) ඒ උනාට ඔය කාටූන් එක නම් හරි ආසාවෙන් බලනව හඬකැවීම් ශිල්පීන්ගෙ දක්ෂකමට පිං සිද්ධ වෙන්න. ඉතිං එදා හවස මගේ මවුතොමෝ තරමක අසනීප තත්වයෙන් පසු උන නිසා 4ට විතර පියතෙමේ එක්ක ආරෝග්‍යශාලාවකට ගියා. යද්දි මට වැඩ කීපයක් පැවරුවද කොහෙද. කාටද අෆ්ෆා ඕව ඇහෙන්නෙ මේව බලද්දි.. හැබැයි පුඩිමක් හදනව ඒක වෙලාවට බාන්න කියනව නම් ඇහුණා. (කෑමක්නේ ) මමත් හොඳ එකා

ඔබේ බ්ලොග් අඩවියේ ලිපි රැකගමු

බ්ලොග් ලියන ගොඩක් අය තවත් දැවෙන ප්‍රශ්ණයක් තමයි කොහොමද තමන්ගෙ blog post කොපි කරන එක වලක්වන්නෙ කියල. මමත් ඒකට තදින්ම විරුද්ධයි. සාමාන්‍යයෙන් තාක්ෂණික බ්ලොග් ලියන අය කරන්නෙ ඉංග්‍රීසි බ්ලොග් එකක තියෙන දේ සිංහලට පරිවර්තනය කරන එක. (මේකත් එහෙම පෝස්ට් එකක් ) ඒකත් ගොඩක් වටිනවනේ.. ඒව තමයි ගොඩක්ම උස්සන්නේ. මහන්සියෙන් ලියපු එකක් උස්සල තමන්ගෙ වගේ දාගෙන තියෙනව දැක්කම දැනෙන දුක කියන්න ඕන නෑනේ. ඒත් ඊටත් වඩා දුකයි තමන් මහන්සියෙන් ලියපු කතාවක්, කවියක් උස්සල තියෙනව දැක්කම. ඒක නම් මහ කැත වැඩක් ඇත්තටම තවත් කෙනෙක්ගෙ සිතුවිල්ලක් හොරකම් කරන්න තරම් පහත් තත්වෙට වැටෙන්න හොඳ නෑ කියලයි මං නම් කියන්නෙ. ඒත් එහෙම අනන්තවත් වෙනවා. අපිට සමාජය වෙනස් කරන්න අමාරුයිනේ. අපි ආරක්ෂා වෙලා ඉමු.  සරල ක්‍රම දෙකක් කියන්නම්. කැමති එකක් දා ගන්න. ඕන නම් දෙකම පාවිච්චි කරන්න පුළුවන් 1. Right Click Disable කිරීම. මේකෙන් අපේ බ්ලොග් එකේ මවුස් එකේ දකුණු බොත්තම ක්ලික් කරන එක වලක්වනව. මේක ගොඩක් වැදගත් වෙන්නෙ පින්තූර උස්සන එක සීමා කරන්න. පින්තූර save කරන්නෙ සාමාන්‍යයෙන් පින්තූරෙ උඩ Right Click කරල Save Image කරන එකනේ. මේකෙ Right C

Blog එකට Scroll To Top Button එකක් දාමු

අපේ බ්ලොග් වලට කොමෙන් වැටුනමයි ඒ කොමෙන්ට් වලට රිප්ලයි කරාමයි Page එක මාර විදියට දිග වැඩි වෙනවනෙ. පහලටම හිගින් ආපහු උඩට එනකම් මවුස් එකේ රෝදෙ කරකවලම පණ යනව. මෙහෙම පොඩි button එකක් දැම්මම ඒ කරදරේ නෑ. අනික මේ button එක පේන්න ගන්නෙ පිටුව 1000px වලට වඩා දිග වැඩි නම් විතරයි. උදාහරණයක් විදියට පෝස්ට් එකේ 1000px වලට වඩා පහලට යද්දි මගේ බ්ලොග් එකේ දකුණු පැත්තෙ යට කොනේම පේන්න පටන් ගන්න Scroll To Top Button එක දැක්කනෙ.. හරි ලේසියි. මෙහෙමයි දාන්නෙ. බ්ලොග් එකේ dashboard එකට ගිහින් Layout එකට ගිහින් Add a Gadget ක්ලික් කරන්න. දැන් HTML/JavaScript  Gadget එකක් ඇඩ් කර ගන්න.  දැන් ඒකට මේ පහත කෝඩ් එක Copy - Paste කර ගන්න. <script type="text/javascript" src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.3.2/jquery.min.js"></script><br /> <br /> <script type="text/javascript" > /*********************************************** * Scroll To Top Control script- © www.yasith.net * This notice MUST stay intact for legal use ***********

ඇඩ්ඩිං සහ මගේ වසරක බ්ලොග් ජීවිතය

අපේ යාළුවෙක් ඉන්නව ඇඩ්ඩිං කියල. ඇත්ත නම නෙවෙයි ඈ. පොරගෙ කාඩ් එක. ඒ උනාට ඒ නම උප්පැන්නෙ නමටත් වඩා ප්‍රසිද්ධයි. මූ ගැන කියනව නම් ඉතිං කියල ඉවර කරන්න බෑ. නසරානි පොරක්. ඒ උනාට හැම වැඩේම අනා ගන්නවා. හිත හොඳයි. ඕන දේකට ඉන්නවා. කේස් එක කාගෙ මොකක් උනත් මූ ඒක ෆයිල් කරනවා. ඔන්න ඉතිං ඊයෙ (2012-12-12) සමහරු කිව්වනෙ ලෝක විනාසෙ කියල මූත් ආපු වෙලාවෙ ඉඳන් නාහෙන් අඬනව මැරෙන්න කළින් ගොඩක් දේවල් කරන්න තියේ කියල. පොර කෙල්ලො කීයකට ලව් කරාද කියල අපි කවුරුවත් තාම හරියට දන්නෙ නෑ. හැබැයි දන්න තරමින් කරපුව ඔක්කොම ඉවරයි. වෙන කොල්ලෙක් ඇවිත් කෙල්ලව කසාද බඳිනකම්ම මූ බකංනිලං ඉන්නව. ඔන්න ඉතිං ඊයෙ හවස ලෙක්චර්ස් ඉවරවෙලා ආපහු යද්දි පොර පාරෙ කෙල්ලෙක් දකින හැම පාරම හඩා වැළපෙනව. අදවත් ලෝක විනාසෙට කලින් කෙල්ලෙක් සෙට් කර ගන්න ඕන කියල. කොහොම හරි ස්ටෑන්ඩ් එකටත් ඇවිත් රබර් ඇහැ දදා හිටියෙ, කපල් පෙන්න පෙන්න අර කෙල්ල අර කොල්ලට ගැළපෙන්නෑ ඒව මේව කිය කිය. දැං  බස් එකත් ඇවිත් නැවැත්තුව. තාම කවුරුවත් නැගල නෑ. ඒත් එකම එක කෙල්ලෙක් බස් එකටම ඉඳල. අපි දැක්කෙත් නෑ. මූ දැකපු වෙලාවෙ ඉඳන් නාහෙන් අඬනව ඒකට යමු කියල. හැබැයි මොකක් උනත් ඇඩ්ඩි

මරණයට හේතුව Hillock

සුද්දො ලංකාව පාලනය කරන කාලෙ ගම්සභා ක්‍රමය අහෝසි කරල උසාවි පිහිටෙව්වනේ.  ඕවයි නඩු ඇහුවෙත් සුද්දොමයි. ඒත් ඉතිං ගම්වල මිනිස්සු කොයින්ද ඉංග්‍රීසි දන්නෙ, සුද්දො කොයින්ද සිංහල දන්නෙ. ඔන්න ඕකට පිළියමක් විදියට සුද්දන්ට කඩේ යන්න කලු සුද්දෙක් තියා ගත්තලු භාෂා පරිවර්තකයෙක් විදියට. ඔන්න මේ වගේ උසාවියක මිනී මැරීම් නඩුවක් යනව. ඒකෙ ඇසින් දුටු සාක්ෂිකාරය කරෝලිස් කියල දර කපන මනුස්සයෙක්. ඔන්න දැං මිනිහව සාක්කි කූඩුවට කැදෙව්වා. නඩුකාර තෙමේ ප්‍රෂ්ණ අහනව, තෝලකය ඒක සිංහලෙන් කරෝලිස්ගෙන් අහනව. නඩුකාර - "When did you see the crime scene ? " තෝලක - "නඩුකාර උන්නාන්සෙ අහනව උඹ මේ මිනීමැරුම දැක්කෙ කොයි වෙලාවෙද කියල? " කරෝලිස් - "මං දර කපන්න ගිය වෙලාවෙ දැක්කෙ හාමුදුරුවනේ " ඒක ආපහු කඩ්ඩට පෙරලල තෝලකය නඩුකාරයට කියනව. ආපහු නඩුකාරය අහන ඒව සිංහලෙන් කරෝලිස්ට කියනව. වැඩේ ඔහොම යද්දි නඩුකාරයට තේරෙනව ඔය සීන් එක උන තැන පොඩි කදුගැටයක් වගේ එකක් තියෙනව කියල. නඩුකාරයා - "Was there a hillock on the back ? " ඒත් තෝලකයට මේ hillock කියව වචනෙ අවුට් ඔෆ් සිලබස්ලු.. ඒත් ඉතිං ගමේ උන

හොල්මන් කාර් එක

ඔන්න දවසක් එක මිනිහෙක් මළ ගෙදරකට සහභාගී වෙලා තනියම රෑ ආපහු ගෙදර එනව. පාරෙ බලු බල්ලෙක් නෑ. ඒ මදිවට අමාවක දවසක්.. මිනිහ චණ්ඩිය වගේ ආවට හිත බයයි. ඒක මඟ ඇරෙන්න විසිල් පාරකුත් ගගහ ආව. යන්න තව ගොඩක් දුරත් තියෙනව.. ඔන්න එතකොටම මිනිහ දැක්ක ඈතින් පරණ කාර් එකක් පාකිං ලයිට් දාගෙන එනව. නිකං පයින් යන ගානට හෙමින් එන්නෙ. පොරටත් හෙන සතුටුයි. ළං වෙනකොට පාරට පැනල අත දැම්ම.. ම්හු. නවත්වන පාටක් නෑ. ඒත් පොඩ්ඩක් ස්ලෝ උනා වගේ. මිනිහ කරපු දේ පටස් ගාල පිටිපස්සෙ දොරත් ඇරන් වාඩි උනා.. වාඩි වෙලා හොඳ හුස්මක් අරං ඩ්‍රයිවර්ට ස්තූති කරන්න හදනකොට තමයි මිනිහට හීන් දාඩිය දැම්මේ.. කාර් එකේ කවුරුවත්ම නෑ.. ඩ්‍රයිවර් කෙනෙක් නැතුව කාර් එක ඉබේම යනවා. මිනිහගෙ තොල කට වේලිලා කෑ ගහන්න හැදුවට සද්දෙ පිට වෙන්නෙ නෑ. වාහනේ පාක් ලයිට් එළියෙන් මිනිහට පේනව ඉස්සරහ ප්‍රපාතයක් තියෙනව. දැන් තවත් ඉස්සරහට ගියොත් අනිවාර්යයෙන් කාර් එක පෙරලෙනව. මිනිහ හිත හයිය කරන් ඉස්සරහට නැමිල ස්ටීරියං වීල් එක කපන්න හැදුව. එතකොටම ඒ පැත්තෙ බාගෙට ඇරුණු වීදුරුවෙන් ඇතුලට ආපු රෝම පිරුණු අතකින් ස්ටීරියං එක අල්ල ගත්ත.. මිනිහට මතක එච්චරයි. එතනම සිහි නැතුව වැටුන..

Blogger Comment හැඩ කරමු

blogger වලට බැස්සට පස්සෙ තමයි මමත් මේකෙ වැඩ කෑලි ගැන හොයන්න පටන් ගත්තෙ. මේ කියන්න යන්නෙ අපේ බ්ලොගර් කමෙන්ට් හැඩ කරන විදියක් ගැන. මං සාමන්‍යයෙන් බ්ලොග් එකට external එකතු කරන widget , designs වලට කැමති නෑ. මං දැකපු දේ තමයි ගොඩක් ගෑණු ළමයි තමන්ගෙ බ්ලොග් එකේ බෝනික්කො, හාවෙ, වලස්සු, මාළු එල්ලන් ඉන්නව. හරියට ඉස්කෝලෙ කාලෙ පැන්සල් පෙට්ටිය වගේ. මට ඒකට මුකුත් කියන්න බෑ. එයාලගෙ බ්ලොග් එක, එයාලගෙ කැමැත්ත. ඒත් ඒවයින් සයිට් එකේ බර වැඩි වෙනව. ඒක කියවන්න එන අයට කරදරයක්.. මං ආවෙ ඒක ගැන කියන්න නෙවෙයි. බ්ලොග් එකේ කොමෙන්ට් CSS වලින් හැඩ කර ගන්න ක්‍රමයක් ගැන. මගේ බ්ලොග් එකෙ කොමෙන්ට් වෙනස් කරල තියෙන්නෙත් CSS වලින්. මේක ඊටත් වඩා ලස්සනයි. මෙතනින් බලන්නකෝ කොමෙන්ට් ස්ටයිල් එක . මේවයින් නම් බ්ලොග් එකේ ස්පීඩ් එකට කිසිම හානියක් වෙන්නෙ නෑ. එහෙම පාඩුවක් වෙන දෙයක් මං දාන්නෙත් නෑ. එහෙනම් කරල බලමුකෝ. හැමෝටම තේරෙන විදියට දාන්නම්. මුලින්ම blogger Dashboard එකේ Template තෝරන්න. ඊට පස්සෙ දැනට Live on blog කියල තියෙන ටෙම්ප්ලේට් එකේ customize තෝරන්න. ඊට පස්සෙ Advanced තෝරන්න. ඒ යටතේ ආපු ඒවයින් අන්තිමට තියෙන Add CSS

අද්දර ජීවිත (#2)

<< අද්දර ජීවිත (#1) -"අකමැති නම් කියන්න එපා" එයාගෙ නිහඬ බව නිසාම මං ආපහු කිව්වා. "නෑ මල්ලි.. සමහරු හිතන්නෙ මේව අපි බිස්නස් එකටම ගොතපු කතා කියල. ඒත් හැම කෙල්ලෙක්ම මේ වගේ ජරා රස්සාවක් කරන්නෙ තමන් ඒ තත්වෙට පත් කරපු නිසා. මේකට ආපු කෙනෙක්ට ලේසියෙන් ගැලවෙන්න බෑ." -"ඉතිං අක්ක ඇයි මේකට ආවෙ ? සල්ලි නිසාද ? " එයා කට කොනකින් යන්තමට හිනාවෙන ගමන් මං දි හා බැළුවා. ඒ හිනාවෙ තිබුනෙ සමච්චල් උපහාසයක්. " අපේ පවුලෙ අම්මයි මමයි අයියයි විතරයි. අපේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු.. අයිය නම් කැම්පස් ගියා. මට යන්න බැරි උනා. අයියගෙ හොඳම යාළුව තමයි තරිඳු. එයා අපේ ගෙදර ආවම තමයි මාව දැකල මට කැමති උනේ. එයා මගෙන් අහන්නත් කලින් අපේ අයියගෙන් අහල. අපේ අයියම තමයි කපුකම කරේ" එයා වැස්සෙ තෙමි තෙමි දුවන පොඩි එකෙක් දිහා බලං හිනා උනා. ඒ හිනා උනේ පොඩි එකාටද නැත්නම් පරණ මතකයන්ටද කියල මට තාමත් හිතා ගන්න බෑ. -"අම්මලත් කැමති උනාද ? " මං එයාගෙ කතාවට උනන්දුයි කියල පෙන්නන්න ඇහුවා. " නැතුව. තරිඳු අයිය ගොඩක් හොඳ කෙනෙක්. අපේ ගෙදරම කෙනෙක්ට වගේ අම්මල එයාට සැළකු

(Windows 7) පරිගණකය Speed කරගනිමු

මේක පොඩි ට්‍රික් එකක්.. මේකෙන් වෙන්නෙ පරිගණකයේ virtual RAM එකක් හැදෙන එක. 4GB RAM තියෙන අයට නම් මේක එච්චර වැදගත් නෑ. නමුත් ඊට වඩා අඩු ප්‍රාථමික මතකයන් තියෙන පරිගණක වලට මේ ක්‍රමයෙන් සැළකිය යුතු වෙනසක් වෙනව. මගෙත් 1GB RAM එක. මේක කරාම සැළකිය යුතු වේගවත් බවක් ආව. මේකෙ වෙන්නෙ ඔයාගෙ හාර්ඩ් එකේ මතකයෙන් කොටසක් අරන් ඒක virtual RAM එකක් විදියට භාවිතා වෙන එක. කරලම බලන්නකෝ. Desktop එකේ My Computer අයිකන් එක මත Right Click කරල Properties තෝරන්න. ඒකෙ වම් පැත්තෙ සයිඩ්බාර් එකේ System Protection ක්ලික් කරන්න. ඒ යටතේ තියෙන Advanced Tab එක තෝරන්න.  මේකෙ Performance යටතේ තියෙන Settings බොත්තම ක්ලික් කරන්න. මේකෙත් Advanced ටැබ් එකට යන්න. දැන් මේකෙ පහල virtual memory යටතේ තියෙන Change බොත්තම ක්ලික් කරන්න. දැන් මේ ආපු වින්ඩෝ එකේ Automatically manage paging file size for all drivers කියන එකට වැටිල තියෙන හරි ලකුණ (Tik) අයින් කරන්න. දැන් ඊට පහලින් ඔයාගෙ හාර්ඩ් එකේ පාටිෂන් ටික පෙන්නාවි. ඒකෙන් වින්ඩෝස් දාල තියෙන පාටිෂන් එක නැතුව වෙන 4GB වලට වඩා Free Space එක තියෙන පාටිෂන් එකක් තෝ

ලේසියෙන්ම screen shot ගහන්න

අපිට පරිගණකයේ අතුරු මුහුණත් පිටපතක් ඒ කියන්නෙ ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න වුවමනා අවස්ථා ඕන තරම් එනව.මම දැකල තියෙනව අපේ අය ඕක ගන්න ඕන උනාම කරන්නෙ කී බෝඩ් එකේ "Print/Screen" කී එක ඔබල පේන්ට් වලට paste කරල තමයි කරන්නෙ.ඒත් මෙතනදි සම්පූර්ණ ස්ක්‍රීන් ෂොට් එකක්ම එනව.අපිට අවශ්‍ය ටික වෙන්කර ගන්න Crop කරල දිව හපන් දහ දුක් විඳිනව.අද ඉඳන් ඒ දුක ඉවරයි.මෙන්න පුංචිම පුංචි ඒත් ප්‍රයොජනවත් සොෆ්ටෙයා කෑල්ලක්. මෙකෙම් අපිට ඕන ෆෝමැට් එකක Screen Shot ගන්න පුළුවන්.ඒ විතරක් නෙවෙයි,සම්පූර්ණ ස්ක්‍රීන් ෂොට් වගේම අවශ්‍ය වින්ඩෝ එකේ හරි තමන්ට මැනුවෙල් සිලෙක්ට් කරන කොටසක හරි ස්ක්‍රීන් ෂොට් ගන්න පුළුවන්. මුලින්ම මේක ඕපන් කරන් අවශ්‍යය ඉමේජ් ෆෝමැට් එක තෝරන්න. දැන් ඒක save කරන්න ඕන තැන තෝරන්න. මීළඟට file name කැමති නමක් ලබා දෙන්න.නැත්නම් Auto-genarate filename on new capture සිලෙක්ට් කරන්න.මේ පියවර සම්පූර්ණ නොකළොත් ස්ක්‍රීන් ෂොට් ඉමේජ් ටික Replace වෙනව.එතකොට අන්තිමට මුකුත් නෑ.. දැන් Hide ක්ලික් කරල පහත විදියට ස්ක්‍රීන් ශොට් ගහන්න. Printscreen - සියල්ලම   ALT+Printscreen - විවෘත වින්ඩෝව පමණක්  CTRL+Prints