Skip to main content

මරණයට හේතුව Hillock

සුද්දො ලංකාව පාලනය කරන කාලෙ ගම්සභා ක්‍රමය අහෝසි කරල උසාවි පිහිටෙව්වනේ.  ඕවයි නඩු ඇහුවෙත් සුද්දොමයි. ඒත් ඉතිං ගම්වල මිනිස්සු කොයින්ද ඉංග්‍රීසි දන්නෙ, සුද්දො කොයින්ද සිංහල දන්නෙ. ඔන්න ඕකට පිළියමක් විදියට සුද්දන්ට කඩේ යන්න කලු සුද්දෙක් තියා ගත්තලු භාෂා පරිවර්තකයෙක් විදියට.

ඔන්න මේ වගේ උසාවියක මිනී මැරීම් නඩුවක් යනව. ඒකෙ ඇසින් දුටු සාක්ෂිකාරය කරෝලිස් කියල දර කපන මනුස්සයෙක්. ඔන්න දැං මිනිහව සාක්කි කූඩුවට කැදෙව්වා. නඩුකාර තෙමේ ප්‍රෂ්ණ අහනව, තෝලකය ඒක සිංහලෙන් කරෝලිස්ගෙන් අහනව.

නඩුකාර - "When did you see the crime scene ? "

තෝලක - "නඩුකාර උන්නාන්සෙ අහනව උඹ මේ මිනීමැරුම දැක්කෙ කොයි වෙලාවෙද කියල? "

කරෝලිස් - "මං දර කපන්න ගිය වෙලාවෙ දැක්කෙ හාමුදුරුවනේ "

ඒක ආපහු කඩ්ඩට පෙරලල තෝලකය නඩුකාරයට කියනව. ආපහු නඩුකාරය අහන ඒව සිංහලෙන් කරෝලිස්ට කියනව. වැඩේ ඔහොම යද්දි නඩුකාරයට තේරෙනව ඔය සීන් එක උන තැන පොඩි කදුගැටයක් වගේ එකක් තියෙනව කියල.

නඩුකාරයා - "Was there a hillock on the back ? "

ඒත් තෝලකයට මේ hillock කියව වචනෙ අවුට් ඔෆ් සිලබස්ලු.. ඒත් ඉතිං ගමේ උන් ඉස්සරහ චාටර් වෙන්නත් බෑනේ. කොච්චර කල්පනා කරත් එන්නෙම නෑලු. අන්තිමට පොර තැනට සුදුසු නුවණ පාවිච්චි කරාලු.

තෝලකයා - "නඩුකාර උන්නාන්සෙ අහනව ඒ වෙලාවෙ උඹේ පස්ස පැත්තෙ හිලක් තිබුණද කියල? "

ඒක අහපු කරෝලිසා මංද ගහනව. ඒත් ඉතිං නඩුකාර උන්නාන්සෙ අහද්දි නොකිව්වොත් උන්නාන්සෙ උදහස් වෙයිනෙ. ඒ නිසා මිනිහ බොහොම යටහත් පහත්ව කියනව,

"අ.... අනේ... ඉතිං... තිබු...තිබුණ හාමුදුරුවනේ "

තෝලකයට හෙන හැපි, තමන්ගෙ ජාමෙ බේරුණාට. මිනිහ ඒක ට්‍රාන්ස්ලේට් කරල නඩුකාරයට කියනව.
"Yes sir, he says that there was a  hillock on his back"

නඩුකාර සුද්ද හිතනව පිටිපස්සෙ කන්දකුත් තිබුණ නම් මූට මේක පෙනුනෙ කොහොමද මූ අමු බොරු කියන්නෙ කියල.මල පැනල,
"If there was a hillock on the back, there is no way that you can see the crime scene. You are lying"

තෝලක - "නඩුකාර උන්නාන්සෙ කියනව ඒ වෙලාවෙ උඹේ පස්සෙ හිලක් තිබුණ නම් උඹ මේක දකින්න විදියක් නෑ උඹ කියන්නෙ බොරු කියල.... උන්නාන්සෙ හොඳටම උදහස් වෙලා "

ඔන්න මේ වෙලාවට තමයි කරෝලිසා කොච්චර අහිංසකය උනත් මල පනින්නෙ..

"ඈ... යකෝ ඒක හරි කෙලියක්නෙ. පස්සෙ හිලක් තියෙන එකෙක්ට ඉන්නෙ මං විතරද බොල. තොපේ හිල් වැහිලද ? ඇබ ගහලද ? මගේ හිලක් තිබුණයි කියල මං කිව්වෙ බොරු වෙන්නෙ කොහොමද? එහෙනං නඩුකාරයගෙ පස්සෙත් හිලක් තියෙන්නෙ බොල. උන්නාන්සෙ කියන්නෙත් බොරු වෙන්න එපැයි. මිනිහෙක් මරපු එකට වඩා මේ පර සුද්දට මගේ පු# හිල තමයි ලොකු උනේ...."

(මූණු පොතේ යාලුවෙක් කියපු කතාවක්. කැම්පස් එකේ හරි ජනප්‍රියයිලු. මීට කලින් අහපු අය සොරි වෙන්න ඕන)


Comments

  1. හෙහ් හෙහ්.. මල පනිනැද්ද ඉතින්...

    ඔයිට ලගින් යන එකක් මාත් ලියලා තියනවා.. පස්සෙ ඒක රහස් පරික්ශක කතාවක් වුනා...

    ReplyDelete
    Replies
    1. රහස් පරීක්ෂකය හොයා හන්නෙත් hillock එකක්ද ? :D

      Delete
  2. හි හි හි හී...මරු වැඩේ...යසිත් මේක නම් සිරා කතාව...:D :D :D

    ReplyDelete
    Replies
    1. ළිහිණි අක්කල ලියන ඒවයි හැටියට මං තාම ප්‍රාථමිකයිනේ :P

      Delete
  3. හිහ් හිහ්...තෝල්කයා රට පටලවලා නේ

    ReplyDelete
    Replies
    1. ලෝකල් සුද්දෝනේ... සමහර ගෑණු ළමයිනුත් ඉන්නව ඔහොම ~X(

      Delete
  4. මම මේක දවසක් පත්තරේක කියෙව්වා... එවෙලෙ නම් මටත් හරි හිනා..hillock වචනෙ දැක්ක ගමන් මීටර් කතාව... :))

    ReplyDelete
    Replies
    1. හි හි.. පොඩි කාලෙද :D

      Delete
  5. මම නම් අදයි මේ කතාව ඇහුවෙ. හි හී... නියම කතාව :)):))

    ReplyDelete
  6. ඔන්න ඕකයි ඒ කාලෙ රටේ තත්වෙ :D

    ReplyDelete
    Replies
    1. අද කියලත් වෙනසක් නෑනේ :P

      Delete
  7. මේකනම් මරු මචන්

    ReplyDelete
  8. මං හිතුවේ ඔන්න බලාපන් කියල නඩු කාරයට පෙන්නුවා වත්ද කියල :D

    නියම කතාව!!!!

    ReplyDelete
    Replies
    1. :D නඩුකාරයත් සුද්දෙක්නේ.. හික් හික්

      Delete
  9. හත් ඉලව්වේ කිව්වලු

    ReplyDelete
    Replies
    1. ඒක ඉංග්‍රීසියෙන් කියන්නෙ කොහොමද මංදා :D

      Delete

  10. ඇති ඔයින් ගියා. නඩු කාරයත් hillock ද කියල බැලුවනම් එහෙම අනාතයි

    ReplyDelete
  11. මගේ බඩත් කොර උනා යකෝ

    ReplyDelete
  12. හිනා වෙලා මට ඇඬුන මලේ... මරේ මරැ....

    ReplyDelete

Post a Comment

◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net

You May Like Also,

පන්සිය පණස් ජාතක පොත

මේක දෙන්නෙ හිටියෙ මීට ගොඩ දවසකට කලින් උනත් විවිධ හේතු නිසා අතපසු උනා.. අද පෝය දවසෙ කොහොම හරි දානව කියල හිතා ගත්තා... පන්සිය පණස් ජාතකය, ඔව් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම 550 ක , උන්වහන්සේ විසින් දේශණා කරපු ජාතක කතා මේකෙ ඇතුලත්.. අපි සාමාන්‍යයෙන් දන්න විදියට පන්සිය පණස් ජාතකය කිව්වට දැනට නිකුත් වී තියෙන ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නෙ ජාතක කථාංග 447 හෝ 446.. අනිත් 3 හෝ 4 ගැන සඳහනක් නෑ.. නමුත් මේ විද්‍යූත් ලේඛන පිටපතේ ජාතක කථාංග 550 ම ඇතුළත්.. අවසන් කථාංග 4 බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් කටවහරෙන් පැවතෙන ජාතක කථාංග ඇතුලත් කරල තියෙනවා.. මට මේක හම්බ උනේ වෙන වෙනම කොටස් විදියට. මං සියල්ල එකතු කරල තනි PDF file එකකට merge කරා... අවශ්‍ය තැන් bookmark කරන් කියවන්න පුළුවන්නෙ... 19.9 MB  ඔබගේ පරිගණකයේ මෙහෙයුම් මෘදුකාංගය Windows XP හෝ Windows 7 නම්, PDF file reader එකක් නැතිනම් මෙතනින් adobe reader එක අරගන්න..

බ්ලොග් එකේ Navigation Bar එක අයින් කරමුද ?

අපි බ්ලොගර් වලින් බ්ලොග් එකක් හැදුවම මෙන්න මෙහෙම බ්ලොග් එකට උඩින් Navigation Bar එකක් වැටෙනවනෙ. කැතයි වගේ නේද ? එහෙනම් ඉතින් අයින් කරමු. මේක අයින් කරාම බ්ලොග් එකේ SEO වඩා හොඳින් වෙනව කියල  digitalpoint forum එකේ තිබුන. නමුත් ඒ ගැන නම් මං හරියට කියන්න දන්නෑ. මෙන්න මෙහෙමයි වැඩේ , ඔයා පැරණි blogger interface එක නම් පාවිච්චි කරන්නෙ, Dashboard  >> Design >> Edit HTML වෙත යන්න. අළුත් blogger interface එකේ නම් කෙලින්ම Template කියල තියෙනව. දැන් මේක කරන්න කලින් full template එකම download කරන් ඉන්න. නැත්නම් වරද්දගෙන මට බනින්න එප. (වරදින්න දේකුත් නෑ හැබැයි ) දැන් අළුත් blogger interface එකේ අයත් තමන්ගෙ දැනට active template එකේ Edti HTML වෙත යන්න. දැන් මෙහෙම පණිවිඩයක් ආවනෙ. එතන Proceed ක්ලික් කරන්න.  දැන් ඔයාගෙ template එකේ HTML කෝඩ් තියෙනව පෙනෙයි. දැන් මේ පහත රූපෙ විදියට variable definitions කියන තැන හොයා ගන්න. අමාරු නම් Ctrl + F ගහල හොයා ගන්නකො.  දැන් ඔන්න ඔය කෝඩ් එකෙන් උඩට, ඒ කියන්නෙ *variable definitions තැනයි උඩ කඩ ඉරි පේලියයි අතරට මෙන්න මේ පුංචි කෝඩ් එ

පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?

හනී බනී වෙන් වෙලා දැන් මාස 8ක් විතර ඇති. ගොඩක් දෙනා අහන දෙයක් තමයි එච්චර  ආදරේ කරා නම් කොහොමද දැන් ගානක් නැතුව ඉන්නෙ කියන එක. ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගෙ මිත්‍රයෙක්ගෙ wife ළඟදි Cancer එකකින් නැති උනා. පෞද්ගලිකවම මං දන්න දෙයක් තමයි ඒ දෙන්න අතරෙ පුදුම ආදරයක් තිබුනෙ. එයාලගෙ විවාහ ජීවිතේට අවුරුදු 19කටත් වැඩියි. ඒත් මළ ගෙදරදි, ආදාහන කටයුතු කරද්දිවත් ඒ අංකල් පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ. කිසිම දුකක් පේන්න තිබුනෙත් නෑ. හිස් බැල්මෙන් බලාගෙන හිටිය විතරයි. කටයුතු ඉවර වෙලා අපි ආපහු යනකොට ඒ මනුස්සය කිව්ව හරි අපූරු කතාවක්, "නෝන නැති උනාට මට දුකක් නෑ.. ඒත් එයා නැති පාළුව මගේ ජීවිත කාලෙම තියේවි. පහුගිය අවුරුදු 19ටම එයා මටත්, මගෙන් එයාටත් වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරා. අපි දෙන්න දෙන්නටම ණය නෑ.." එච්චරයි.. මමත් කාටවත් ණය නෑ.. ඒත් අද (ඔක්තෝම්බර් 30) තමන්ගෙ 20 වෙනි උපන් දිනේ සමරන හනී බනීගෙ සියළු කටයුතු, අනාගතේ, බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම ඇයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි (සම්මතයට අනුව) යාළු වෙන්නෙ/ ආදරේ කරන්නෙ/සම්බන්ධයක් ඇති කර ගන්නෙ ?? කෙල්ලන්ගෙ පැත්ත