Skip to main content

Posts

Showing posts from March, 2013

යසිත්ගේ සිතුවිලි තනිවෙයි...............

දස දහසක් නෙතු අතරේ ඔය නෙත් දෙකම පැතුවේ ඒකෙ විශේෂත්වයක් මට දැනුණු නිසා හරි ඉක්මනටම හමුවුණ අපි ඒ ඉක්මනින්ම වෙන් වෙයි කියල මං හිතුවෙ නෑ වෙනද මගේ හඬ පැයකට වතාවක්වත් නොඇහුනොත් ඇස් දෙක බොඳ කර ගන්න නුඹ අද ඉන්නෙ කොහොමද ? මට හැමදාම ඕන උනේ මගෙන් තොර ජීවිතයක් නැති මගේම කියන්න පුළුවන් මගේම කෙනෙක් මට ඕන උනේ මගේ ආදරේ ගැන ලෝකෙටම කෑ ගහල කියන්න මට ඕන උනේ මගේ ළඟ ඳඟ කරන,හුරතල් වෙන විහිලු කරාම කම්මුල් රතු කර ගන්න ආඩම්බර කෙල්ලෙක් මගේම පුංචි ගෙයක්,පුංචි වාහනයක් , ආඩම්බරෙන් ඔයා එක්ක ඇවිඳින්න........... මේ මගේ වයිෆ්................. මං යළුවන්ට ඔයාගෙ පින්තූරෙ පෙන්නල උජාරුවෙන් කිව්වෙ එහෙමයි... මං අඬන්නෙ නෑ........... ඒ මං පිරිමියෙක් නිසාවත්,තද හිතක් තියෙන නිසාවත් නෙවෙයි අඬන්න තවත් කඳුලු නැති හින්දා.... හේතුවක් නෑ..... මෙහෙම දුරස් වෙන්න.... ඒත් එහෙම වෙනවා........... දවසක් දෙකක් කියන්නෙ මහ ලොකු කාලයක් නෙවෙයි ඒත් ඒක කල්පයක්............. ආදරේ කරන හිතකට....... හ්ම්ම්ම්ම්ම්ම්ම්... උඹත් ගියාද එහෙනම් ??????????

Google Search Results වලට අපේ පින්තූරෙ ගනිමුද ?

කවුරු හරි අපේ බ්ලොග් එකට අදාල keyword එකක් Google එකේ සර්ච් කරලා එන සෙවුම් ප්‍රථිඵල වලට අපේ පින්තුරෙත් වැටෙන්න දා ගනිමුද ? දැකල ඇතිනෙ සමහර වෙලාවට අපි මොකක් හරි Google එකේ හොයන කොට සමහර අයගෙ පින්තූරත් පොඩියට වැටෙනවා.. ඒ කිව්වෙ මෙන්න මේ වගේ.. හික්ස්... ඔන්න ඔය වගේ... මෙන්න මෙහෙමයි හරිම ලේසියි... blogger Dashboard එකට ගිහින් Template >> Edit HTML වෙත යන්න. දැන් Expand Widget Templates කියන තැන කොටුවට හරි ලකුණක් (tic) දාන්න. ඊළඟට ඔය කෝඩ් එකෙන් </head> කියන එක හොයා ගන්න. (Ctrl + F ගහල) ඊට උඩ පේලියට මේ පහත තියෙන කෝඩ් එක දාගන්න... <link href=' YOUR G+ ID ' rel='author'/> ඔය YOUR G+ ID කියන තැනට ඔයාගෙ Google Plus ගිණුමෙ URL එක දෙන්න ඕන.. [මෙන්න මේ වගේ https://plus.google.com/109927184723185783653 ] දැන් template එක Save කරන්න... දවසකින් දෙකකින් ඔයාගෙ බ්ලොග් එකේ නම ගහල Google එකේ හොයල බලන්නකෝ වැඩේ හරිද කියලා.. සැයු: ඔයාගෙ G+ ගිණුමෙ ප්‍රෝෆයිල් පික් එක තනිකර කාටූන් පින්තූරයක් හෝ ප්‍රසිද්ධ චරිතයක පින්තූරයක් වෙන්න බෑ.. තමන්ගෙම එකක්

මේ.. අහන්නකෝ.... මං අළුත් ෆෝන් එකක් ගත්තා...

මේ... අහන්නකෝ.... - ඇයි මගෙ මහත්තයෝ.... මං අළුත් ෆෝන් එකක් ගත්තා.. දැං ඉස්සෙල්ලා වගේ බැටරි බහින්නෙ නෑ.. - ෂා... නියමයි.. මොකක්ද ඇන්ඩ්‍රොයිඩ් එකක්ද ? නෑ......... - එහෙනම් ඇපල් එකක්ද ? ඔයා ආසම බ්‍රෑන්ඩ් එකනේ.. ම්හු... නෑ අනේ... සැම්සුන්ග් එකක්.. - ආ.. අර ගැලැක්සිය නේද ? ඒක මාරයි.. අපේ අයියටත් තියෙනවා.. නෑ... නෑ බබී.. - හා... හා... මං දන්නවා... අර නොකියා ටච් එක නේද? ඒකෙ 3G තියෙනවා.. දැං අපිට මූණ බලන් කතා කරන්නත් පුළුවන්... අනේ මොන 3G ද පැටියෝ... ඒව ගන්න කොයිද මට සල්ලි.. - ආ.... එහෙනම් අර නොකියා ආශා ද මොකක්ද ඔයා කිව්වෙ... අන්න ඒක නේද ? ෆුල් ටච් එක... නෑ.. අනේ.. ටච් නෑ.. - හා... හා කමක් නෑ.. කැමරා තියෙනව නම් ඇතිනේ... ඔයාට මගේ ෆොටෝ එකක් ඕන කිව්වනේ... නෑ.. හනී..  කැමරා නෑ ළමයෝ... නෝමල් එකක්.. - ආ... කමක් නෑ.. ඒක හොඳයිනේ... ඒවයි බැටරි ගොඩාක් දවස් තියෙනවා.. අපිට එළි වෙනකම් මල් කඩන්න පුළුවන්.. හි..හී.. නේද මහත්තයෝ... ඒක ඩුවල් සිම්... mp3 තියේ... චිප් ගහන්නත් පුළුවන්..රුපියල් 5000/- යි.. - අනේ... මොකටද ඩුවල් සිම්.. ආ... තව කෙල්ලෙක් ඇති එහෙනම්... ඉහි ඉහි... ඒ මදිවට mp3 ද