
- ඇයි මගෙ මහත්තයෝ....
මං අළුත් ෆෝන් එකක් ගත්තා.. දැං ඉස්සෙල්ලා වගේ බැටරි බහින්නෙ නෑ..
- ෂා... නියමයි.. මොකක්ද ඇන්ඩ්‍රොයිඩ් එකක්ද ?
නෑ.........
- එහෙනම් ඇපල් එකක්ද ? ඔයා ආසම බ්‍රෑන්ඩ් එකනේ..
ම්හු... නෑ අනේ... සැම්සුන්ග් එකක්..
- ආ.. අර ගැලැක්සිය නේද ? ඒක මාරයි.. අපේ අයියටත් තියෙනවා..
නෑ... නෑ බබී..
- හා... හා... මං දන්නවා... අර නොකියා ටච් එක නේද? ඒකෙ 3G තියෙනවා.. දැං අපිට මූණ බලන් කතා කරන්නත් පුළුවන්...
අනේ මොන 3G ද පැටියෝ... ඒව ගන්න කොයිද මට සල්ලි..
- ආ.... එහෙනම් අර නොකියා ආශා ද මොකක්ද ඔයා කිව්වෙ... අන්න ඒක නේද ? ෆුල් ටච් එක...
නෑ.. අනේ.. ටච් නෑ..
- හා... හා කමක් නෑ.. කැමරා තියෙනව නම් ඇතිනේ... ඔයාට මගේ ෆොටෝ එකක් ඕන කිව්වනේ...
නෑ.. හනී.. කැමරා නෑ ළමයෝ... නෝමල් එකක්..
- ආ... කමක් නෑ.. ඒක හොඳයිනේ... ඒවයි බැටරි ගොඩාක් දවස් තියෙනවා.. අපිට එළි වෙනකම් මල් කඩන්න පුළුවන්.. හි..හී.. නේද මහත්තයෝ...
ඒක ඩුවල් සිම්... mp3 තියේ... චිප් ගහන්නත් පුළුවන්..රුපියල් 5000/- යි..
- අනේ... මොකටද ඩුවල් සිම්.. ආ... තව කෙල්ලෙක් ඇති එහෙනම්... ඉහි ඉහි... ඒ මදිවට mp3 දැං දවසම ඕක කනේ ගහන් ඉඳීවි.. මාවත් අමතකයි...ඈ..... ඉහි ඉහි..
අනේ නෑ පැටියෝ... අහන්නකෝ... බ්ලා...බ්ලා....බ්ලා...බ්ලා.....
මචං මේ බලපංකෝ මං අළුත් ෆෝන් එකක් ගත්තා...
- මොකක්ද ගැලැක්සියක්ද ?
නෑ... බං.. සැම්සුන්ග් නෝමල් කට්ටක්...
- ඈක්කා.. මොන ජරාවක්ද බං.. ගන්නවත් වෙලා ගනිංකො හොඳ කොලිටි එකක්...උඹ ඕක බස් එකකදි එළියට ගන්නෙපා.. කෙල්ලො හූ තියයි.. බලහං දැං අර O/L ක්ලාස් යන කෙල්ලොන්ටත් ඇපල් i5 තියෙනවා..
සල්ලි කොයින්ද බං ඕව ගන්න.. අනික මට කෝල් එකක් අරං මැසේජ් එකක් ගහන්න තිබ්බම ඇති..
- අනේ පාලයං ඩෝ.. යන්නෙ ඉන්ස්ටියුට්, තියෙන්නෙ රුපියල් 5000/- ෆෝන් කටු.. හුහ් හුහ් හූ..
මං මේ දෙබස් ගැන මගේ අදහස කියන්න යන්නේ නෑ.. මුලින්ම තියෙන්නෙ මමයි - හනී බනීයි අතරයි උන කතාවක්... දෙවනියට තියෙන්නෙ මමයි-යාළුවෙකුයි උන කතාවක්... මොකද ඔබට හිතෙන්නේ ??
මං ගත්තෙ මෙන්න මේ ජාතියෙ එකක්... :D
ReplyDeleteහනී බනී නම් ඇණ බුලට් එකක් වගේ නේ... හි හි... මං එහෙම උනා නම් හෙන සන්තෝස වෙනවා... හි හි... කොල්ලා සෝබනකාරයෙක් නොවිච්ච එක ගැන.. හි හි
ReplyDelete:( අනී... ඔයාට තේරිලා නෑ.. එයා මට නෝන්ඩි කරේ නෑ අලෝ... එයා හැමතිස්සෙම ට්‍රයි කරේ මාව සතුටු කරන්න :x :x
Deleteමේකා දාන්නෙම ඔය වගේ එකක් තමයි... කමක් නෑ ඉතින් සෝබන නැති මල්ලියෙක් ඉන්න එක ගැනවත් සන්තෝස වෙමුකො ඉතින්... දෙබස ගැන මුකුත් කියන්නෙ නෑ, හැබැයි මම නම් කැමති මගේ මනුස්පයට නම් ඔය වගේ ෆෝන් එකක් තියනවට මොකද වැඩි වැඩ නෑනේ මන් එක්ක ඉන්න වෙලාව වැඩි වෙනවා...
ReplyDeleteඩුවල් සිම් උනත්... :D
Deleteහනී බනී ගේ හොරේ පනී. ;)
ReplyDeleteමට හිතෙන්නේ යසිත් මෙච්චර දවස් පෙන්න නැතිව හිටියේ ෆෝන් එකක් ගන්න සල්ලි හොයාගන්න තව රස්සාවක් කලාද දන්නේ නෑ. ඇයි ඉතින් බ්ලොග් ලිව්වට සල්ලි ලැබෙන එකක්යැ? :(
නැතුව... මං හොරෙන් පොල් ගස් බඩගෑවා... මෙන්න මහන්සියෙ ප්‍රථිඵලය :P
Deleteමං නම් තනි සිම්.. චිප් එක පැත්තක. ගලේ ගැහුවත් වැඩ.
ReplyDeleteමොකක්ද ෆෝන් එක ?
Deleteසරලයි සුගමයි සෞම්‍යයි.. Nokia 7610s දැන් නම් ඇන්ටික්. :)
Deleteහී හී... කෝල් එකක් අරන් මෑසේජ් එකක් කොටන්න තිබුනාම මදෑ නෙහ්... ;)
ReplyDeleteනැතුව.. :D අපිට කොයිද ටච් එව්වා ගන්න කාසි... :((
Deleteකව්ද බන්z babee?:-):-)
ReplyDeleteබබී කියන්නෙ මගේ හනී බනීටම තමයි... :D
Deleteකතා කරන්නයි මැසේජ් දාන්නයි පුළුවන්නම් ඒ මදෑ අප්පා......
ReplyDeleteෆොටෝ ගහන්නත් ඕනනේ.. :(
Deleteහික්ස්! අප්පේ ඔව් බං..අපිට වඩා අපි පාවිච්චි කරන ෆෝන් කට්ට ගැන උනන්දු වටේ ඉන්න උන්! මම නම් තාම නොකියා 2600 එකක්!
ReplyDeleteඒකනේ.. :D දැන් ෆෝන් පාවිච්චි කරන්නෙ ෆැෂන් එකට :P
Deleteෆෝන් එක මොකක් උනාම මොකෝ..කෝල් ගන්න පුළුවන්නම් එච්චරයි...
ReplyDeleteයේ... යේ.... මෙන්න ළිහිණි අක්කා ආපහු මාත් එක්ක යාළු වෙලා... යේ.. යේ... :)
Deleteයාලුවො නම් කොයි තරම් අලුත් ෆෝන් එකක් ගත්තත් කියන්නෙ "ඈක්කා.. මොන ජරාවක්ද බං.. ගන්නවත් වෙලා ගනිංකො හොඳ කොලිටි එකක්" කියල තමයි :(
ReplyDeleteඒ උනත් කෝල් ගන්නයි මෙසේජ් යවන්නයි පුලුවන්නම්, තව ෆෝන් බැට්රි එකත් හොඳයි නම් එච්චරයිනෙ ;)
ඇත්දැකීම් තියෙනව වගේ අක්කටත් :D
Deleteඇත්තම තමයි යසිත්.. දැන් තියෙන ෆෝන් වලින් කරන්න බැරිත් කතා කරන එක විතරයි... කම වෙලේම එක්කෝ බිසී, නැත්නම් චාරයක් නෑ කියනවා.
ReplyDeleteඔව් අෆ්ෆා... කිසිම චාරයක් නෑ....
Deleteකියන්න දෙයක් නෑ.. ඒක තමා එන විදිය. දැං පෝන් එකක් ගත්තයි කිව්වත් විස්තර කියන්න ලැජ්ජයි. ඒවායේ තියෙන ගිනිවිජ්ජුම්බර අපි දන්න එකකයැ...
ReplyDeleteමගේ එකෙන් නම් කෝල් ගන්නත් පුළුවන් :P
Deleteඅපොයි මට නම් දැන් ටච් එපා වෙලා, මගේ ෆෝන් එකේ බැටරි සවුත්තුයි... :(((
ReplyDeleteගමුකො ඉතිං අළුත් එකක් :)
Deleteඑක සිම් එකත් වෙලාවකට මල වදයක් බොල..සිම් දෙකක්..? ලෝක විනාසයක් වගගෙයි
ReplyDeletemobitel & dialog... මොබිටෙල් එක කපල් සිම් එකක් :D
Deleteඅනේ ඇනඩ්‍රොයිඩ් එව්වට වඩා ඕක සම්පතක් බොලව්..මේ විදවනවා.. :/ ඔන්න ඔය ජාතියේ එකක් තිබ්බානම් හොදයි... හලෝ කියන්නයි මැසේජ් ්එකක් යවන්නයි තිබ්බානම් ඇතිනේ..
ReplyDeleteඑහෙනම් ඕක මට දීලා ඔයා මේක ගන්නකෝ :D
Deleteකිව්වත් වගේ ඔය මැසේජ් එකක් යවන්නයි හලෝ කියන්නයි තිබුනාම ඇති නොවැ.. ඉස්සර මට තිබ්බ ෆෝන් කට්ට යාළුවොත් එක්ක ඉන්න වෙලාවක කෑගැහුවොත් කස්ටියම මාව නොදන්න ගානට තමයි ඉන්නේ.. මොකද ඒක එලියට ගන්නකොටම කෑලි හැලෙනවා :D අන්තිමට කලාස් කොරලා එකතු කරලා ගත්තා යන්තම් ෆෝන් කට්ටක් ;)
ReplyDeleteහෑ.... මොනවද කරන ක්ලාස් ??
Deleteඒ.. මටත් ඉස්සරම තිබ්බ නොකියා 1110 එකක්...
♦ ෆෝන් එක ඕෆ් කරන්න බෑ
♦ ඩිස්ප්ලේ ලයිට්, කී පෑඩ් ලයිට් වැඩ නෑ
♦ රිංග්ස් යන්නෙ නෑ
♦ චාර්ජ් වෙන්නෙත් නෑ..
ඒත් කොහොම හරි අවුරුද්දක් විතරම පාවිච්චි කොළා :D
ක්ලාස් ඉතින් :) දැන් නම් ඔක්කොම ක්ලාස් බංකොලොත්
Deleteහිකිස් :D
මට තිබුනේ නම් නොකියා 1210 එකක්
ඒකේ අන්තිමට යන්තම් අටවගත්තාම මැසේජ් එකක් යවාගන්න විතරයි පුළුවන් උනේ.. කෝල් එකක් එනකොටම කට් වෙනවා.. කොහොම හරි ඉතින් හිත හදාගෙන එහෙමත් පාවිච්චි කළා කියමුකෝ
උගත් පාඩම .. මින් පසුව ෆෝන් එකක් ගත් පසු කාටවත් මුකුත් නොකියා හොරෙන්ම ඒක පාවිච්චි කල යුතු වේ .. :D
ReplyDeleteඔව් අෆ්ෆා... මමත් එහෙමයි :D :D
Deleteමං නම් තිබුන ෆෝන් කට්ටත් ගැහුවා ගිය මාසෙ දවසක පොලොවෙ..සන්තෝසෙ දරාගන්නම බැරි තැන :D :D
ReplyDeleteඅනේ ආපහු එහෙම සන්තෝස හිතුනොත් මගේ ඇඩ්‍රස් එකට එවන්නකෝ :P
Deleteහෆ්ෆෙ ගෑල්ලමයි සහ පිරිමි ළමයි උත්තර දෙන විදියෙ තියෙන වෙනස....))))O..OoO
ReplyDeleteමේ හැබැයි බනී අක්කා ඔච්චර නම් චා නැතුවැති හලෝ...ඔහේ අතිනුත් දාලා ලියනවද කොහෙද....))))))!!!!!!!
අඩෝව්.... කවුද මගේ හනී බනීට චා කියන්නෙ.... උස්සල දානව බෙන්තර ගඟට X(
Deleteඅනේ නෑ නිකං සිද්ධාර්ථයි යසෝදරයි වගේ යසිත් ඇන්ඩ් බනී...මොකටද මගෙ කට..))))))))
Deleteමාතර කොල්ලෙක්නේ...........
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
යා...යා දකුණේ කොල්ලොනේ.. :P
Deleteඑකම කතාව වුණත් එක එක අය තේරුම් ගන්න එක එක විදිහට. මේක අම්මාට හරි තාත්තාට හරි කිව්වා නම් 5000 ක් ගොඩ දාගත්තු එක ගැණ හොඳ කියාවි :D
ReplyDeleteයා... එහෙනම් කණ පිරෙන්න අහ ගන්න තිබ්බා.. :((
Deleteෆෝන් එකක් කාලීන සන්නිවේදන අවශ්‍යතාවලට ගැලපෙන්න තිබුනාම මදිද. මම පාවිච්චි කරන්නෙත් සමාන්‍ය එකක්. රු 6-8 දහසක් විතර වෙයි. ඇයි ලැජ්ජා වෙන්නේ. කවුරුහරි මොනවා හෝ කියුවොත් එයාට අරගෙන දෙන්න කියනවා.
ReplyDelete:D ජය වේවා... අක්ක විතරයි මගේ මොරාල් අප් වෙන්න දෙයක් කිවේ :)
Deleteමේකයි යසියෝ......... මම කියන්නේ (2007දි) අවුරුද්දක් ඇතුලත ෆෝන් 38ක් මාරු කල එකෙක් ඔක්කොම ඒ දවස් වල හැටියට හොඳම ෆෝන්. ජොබක් කරන්නෙත් නැහැ තාත්තගේ පොකට් එකට විදලා තමයි ගත්තේ. නමුත් මම දැන් අවුරුදු 3ක් වෙනවා ජොබක් කරන්න අරන්. ඒ අවුරුදු 3න අතුලදීම යුස් කරන්නේ ජොබට එද්දී ගත්ත ඇපල් 3GS එක. ෆෝන් එකෙක්න් මිනිහෙක්ගේ තත්වේ ප්‍රදර්ශනය වෙන්නේ නැහැ. මට උවමනාවක් තියෙනවනම් මේ මාසේ පඩියෙන් නෝට් 2 3ක් ලේසියෙන්ම ගන්න පුළුවන්. එකරලත් අතේ ගානක් ඉතිරි වෙනවා. නමුත් මම කියන්නේ ඔය ෆෝන් එකෙන් අපි කරන කාර්යයන් කොච්චර සීමිතද? එයිට වඩා හොඳයිනේ හොඳ ලැපක් ගත්තනම්. මචන් අරයා මෙයා කියන විදියට කරන්න ගියොත් වෙන්නේ හැමදාම ජීවිතේ එකම තැන පල වෙන එක. ඉහල යන්න නම් තත්වයක් හදාගන්න නම් ඕනේ වෙන්නේ මේ ෆෝන් වගේ සෝබන දේවල් නෙවෙයි යතාර්ථය තේරෙන කෙනෙක් කවදාවත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ. ;) ෆෝන් එක කියන්නේ අපේ ජීවිතේ මූලික අවශ්‍යතාවයක් නෙවෙයි. ඊට වැඩ දේවල් කොච්චරක් තියෙනවද?
ReplyDelete:-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd
Delete