Skip to main content

Posts

Showing posts from June, 2013

Blog එකට ලස්සන Search bar එකක් දාමු

  පහුගිය දවසක මට අපේ හිරුව කලින් ලියපු හුඹස් මැටි ලිප ගැන පෝස්ට් එක හොයාගන්න ඕන උනා. ඒත් බ්ලොග් එකට ගිහින් බැළුවම කොහෙ හොයන්නද.. අනේ ඉතිං මුළ ඉඳල පෝස්ට් එක හම්බ වෙනකම් බල බල ආවා.. ම්හු... එපා උනා .. ඒ පාර වැඩේ අතෑරල දාන්න හදන කොට ගූගල් අයියව මතක් උනා. තරහටත් එක්ක search keyword එක දුන්නෙ මෙහෙමයි. මෙන්න බොලේ පට ගාලා ආවා.. මොකක් උනත් ඒකත් හැම තිස්සෙම හරියන්නෙ නෑ. seo index කරන්න බැරි template තියෙන බ්ලොග් Google එකට මෙහෙම අහු වෙන්නෙ නෑ.. සමහර template වලට නම් Search bar එකක් එනවා. ඒත් බොහෝ ඒවට නෑ. blogger එකෙන් දීල තියෙන Custom search widget එකත් මාර අසාර්ථකයි. ඒකෙන් පෝස්ට් එකක් හොයන්න පෝස්ට් එක දාල මාසයක් විතර බලං ඉන්න වෙනවා. ඉතිං අද මේ ගෙනාවෙ ඒකට පුංචි විසඳුමක්. කැමති පාටකින් එකක් තෝරගෙන ඒකෙ code එක copy කරගන්න. Layout >> Add a Gadget >> HTML/Java widget එකක් අරන් ඔය කෝඩ් එක දාල save කරන්න. වැඩේ එච්චරයි. <style type="text/css"> #abt-searchbox{ border-radius:5px; background:URL(http://2.bp.blogspot.com/-vGjST2sX6Ts/T88uy-eRYUI/A

වෙසක් මුහුණු....

අයිරාංගනී ඉටි බෑග් එකත් අතේ ගුලි කරන් බිම බලාගෙනම මාටින් මුදලාලිගෙ කඩේ පැත්තට ගියා. පහුගිය වෙසක් එකට මුදලාලිගෙ වියදමින් දීපු බත් දන්සල ගැන ගමේ එකාල තාම කතා වෙනවා. "හම්බ කරන හැටියට වියදමක් කරන්නත් ඕනනෙ. වෙනදට නම් මහ කුණා" අයිරාංගනී තනියම හිතුවා. "හම්මේ... උඹලව දකින්න තියෙන අමාරුව. හරියනකොට ඔහොම තමයි" මාටින් මුදලාලි අයිරාංගනී දැක්ක හැටියෙම කිව්වා. "අනේ නෑ මුදලාලි, අපේ මනුස්සයට තාම ගුණයක් නෑ නොවැ. තාම ඇඳෙන් නැඟිටගන්නවත් බෑ" -"ඕක හරියන කෙරුවාවක් නෙවෙයි බොල. දැං දෑ අවුරුද්දකටත් වැඩි නොවැ. බලපං දැං උඹ වැහැරිලා තියෙන හැටි. හැමදාමත් උඹට ඔය සුමේ කොරන්ට ඇහැක ? " "ලබා උපන් හැටි තමයි මුදලාලි.. මොකක් උනත් ඒ මගේ මනුස්සයනෙ. පුළුවන් කාලෙ අපිට අඩුවක් කරේ නෑ නොවැ..................... පොඩි එකාගෙ කිරි පිටි ඉවර වෙලා. ඌ ඊයෙ ඉඳන් බඩගින්නෙ.." -"හෝව්... හෝව්.. ණයට නම් බඩූ නෑ අයිරාංගනියො. දැනටමත් උඹලෑ 3000 කට වඩා පියවන්න තියෙනවා. අමාරුකං අපිටත් තියෙනව බොල. අනික දන්සලට වියදං කොරල මං හිඳිල ඉන්නෙ" අයිරාංගනී බිම බලා ගත්තා. ඇස් දෙකට පිරුණ