Skip to main content

Posts

Showing posts from March, 2014

ගැහැණු ගැන, කොල්ලෝ අපි හිතන හැටි.....

ඉඳල හිටලවත් මොකක් හරි කුරුටු ගානවා කියල හිතුවට එකත් එහෙමම අමතක වෙනවනේ.. අද නම් කොහොම හරි විනාඩි 5ක් හොයා ගත්තා.. මේක මමයි යාළුවෙකුයි අතරේ උන කතාවක්. එකෙත් පොඩි මෙව්වා එකක් හිතන්න තියෙන නිසා දානවා. කම්මැලි කමට ගෙදරට වෙලා ඉන්න බැරි දවස්වලටත් අපි NIBM යනවා සෙට් වෙලා පාඩම් කරන්න කියල හිතාගෙන. එත් ගොඩක් දවස් වලට වෙන්නේ සෙට් වෙලා Game ගහන එක තමයි. එකත් එක්තරා විදියක ඉගෙනීමක් නිසා කමක් නෑ කියමුකෝ.. හරි පහුගිය දවසකත් ඔහොම ගියා කියමුකෝ. අපි අපේ පාඩුවේ මුල්ලකට වෙලා Despicable Me: Minion Rush පැන්චෝ Game එක ගහනවා. (පොඩි උනාට මරු. Microsoft App Store එකෙන් Download කරගෙන බලන්න) කොහොම හරි ඔන්න අපේ ජුන්නෝ බැජ් එකකටත් Tea-Break එක ලැබිල. එයාලත් කැෆේ එකේ පිරුණා. පැන්චෝ Game ගහන අතරේ පැන්චියෝ දිහා බලන එකත් සාමාන්‍ය ස්වාභාවික සංසිද්ධියක්නේ. කන විදිය, ඇවිදින විදිය, කතා කරන විදිය එකිනෙකාට සපුරාම වෙනස්. සමහර කෙල්ලෝ අනිත් අය බලන් ඉන්නව කියල හිතන් අමුතු posh ගතියක් ආරෝපණය කර ගන්නවනේ. උන් රෝල්ස් එකෙන් කන්නේ බාගයයි, බිම එකෙන් බාගයයි බොන්නේ, එකත් පැය බාගයක් විතර හූනෙක් වතුර බොනවා වගේ, එත් අපරාදේ කියන