Skip to main content

Posts

Showing posts from February, 2013

Facebook photo ඇල්බම් ගෙඩිය පිටින් බා ගන්න

ෆේස් බුක් එකේ දවසකට ශෙයා වෙන ෆොටෝ තොගේ කියා ගන්න බැරි තරම්නේ.. අපි සමහරු මේ ෆොටෝ බාගෙන අපේ වගේ ආපහු අප්ලෝඩ් කරනවනේ. කොහොම උනත් මේ කියන්න යන්නෙ අපේ යාළුවෙක්ගෙ පින්තූර ඇල්බම් එක පිටින්ම එක පාරට බා ගන්න ක්‍රමයක්. සාමාන්‍යයෙන් ෆේස්බුක් එකේ ෆොටෝ ගොඩක් එක පාරින්ම ඩවුන්ලෝඩ් කරගන්න පහසුකම් දීලා නෑ. වරකට එක පින්තූරයක් බැඟින් තමයි බාගන්න ඕන.. ඒත් මං මේ කියන 3rd party සයිට් එක හරහා අපිට ඇල්බම් එක එහෙම්පිටින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.. මෙන්න ක්‍රමය:- මුලින්ම තමන්ගේ facebook ගිණුමට ලොග් වෙන්න. දැන් මෙන්න මේ සයිට් එකට යන්න. http://facebook2zip.com/ ඊට පස්සෙ ආපු කොටුවෙ ඔයාට ඩවුන්ලෝඩ් කරන්න ඕන ෆොටෝ ඇල්බම් එක තියෙන යාලුවගෙ නම දීලා NEXT බොත්තම ඔබන්න. දැන් එයාගෙ ඇල්බම් ඔක්කොම පෙනේවි. එතනින් ඔයාට බා ගන්න ඕන ඇල්බම් එක තෝරල Download ක්ලික් කරන්න. ඊට පස්සෙ තත්පර කීපයක් ඉන්න කියනවා. අන්තිමට කොළ පාට Download බොත්තම ක්ලික් කරල ඇල්බම් එක save වෙන්න ඕන තැන දුන්නම වැඩේ ඉවරයි.. මේ මාසෙ ඩේටා ටික කලින්ම ඉවර උනා. සමහර යාළුවන්ගෙ බ්ලොග් කියවන්නත් බැරි උනා. පහු වෙලා හරි කියවනව හොඳේ. ලබන ම

මගේ Hunny Bunny මට ලියපු කවි

මගේ හනී බනියා නිකං ඉන්න වෙලාවක කුරුටු ගාපු කොළේක මේ කවි පද ටික ලියවිලා තිබිල මං උස්සං ආවා.. හමුවුණා ඔබ මට එකමත් එක දවසක හැඳිනගත්තෙමි මා ඔබ හොඳ මිතුරෙක් බව කාලයේ ඇවෑමෙන් හමුවෙලා කතා නොකල අපි, තවත් දිනෙක හමුවුණෙමු ඔබ මා... ආදරයෙන් පිරි හදවතක් සමඟ කලක මිතුරන් වූ අප පෙම්වතුන් වීමු අද... ඒක නෙවෙයි, ලස්සන ගෑණූ ළමයින්ගෙ අතේ දිගට නියපොතු වැව්වම වස කැතයි නේද ? ලස්සන ස්වාභාවික රෝස පාටට උඩින් කියුටෙක්ස්වල කෘතිම රෝස පාට ගෑවම අප්පිරියයිනේ...

මංඟල හමුව [මගේ සුරඟන #1]

ගාලු බස් ස්ටෑන්ඩ් එකේ උඩ තට්ටුවට වෙලා ගිනි ගහන අවුව දිහා ඇස් පුංචි කරන් මං බලන් හිටියා. ගිණි ගහන අව්වට රත් උන මූදු හුළඟ තාර පාරේ මිරිඟුවක් මවනවා. ඒත් එක දිගටම පෝළිමට වගේ එන වාහන ඒ මිරිඟුව කපාගෙන ඉස්සරහට යනවා.. මට කවදාවත් මෙහෙම කෙනෙක් එනකම් බලං ඉඳල පුරුද්දක් නෑ.. ඒත් නිකං බලාගෙන පැය 3ක් 4ක් රස්තියාදු උනා කියල කිසිම හැඟීමක් දැනුනෙත් නෑ. ඒ හැම දේටම වඩා මට ඕන උනේ ඉක්මනටම එයාව දැක ගන්න... ඔව් අද එයා එනවා.. අඳුරගෙන මාසයකට ලං උනත් , පිංතූර වලින් දැකල තිබුණත් පැය ගණන් කතා කරල තිබුණත් ඇස් දෙකට දැක ගන්නකම් කියා ගන්න බැරි මොකක්දෝ අඩුවක් හිතට දැණුනා. ආදරේ කරන්න දකින්නම ඕනද ? ඒ ගැන අනිත් අයත් එක්ක තර්ක කරපු මම දැං මං එක්කම ඒ ගැන තර්ක කරා.. ඒත් වැඩි වෙලා එහෙම කරන්න කලින් මගේ ෆෝන් කට්ට දෙදරුම් කෑවා.. 'minihoo, me bus 1n bahina tena kiyano. mm danna gallek na. natnam mehemama matara yanawa' ඒක දැක්කම මට තනියම හිනා ගියා. එහා පැත්තෙ අයිස් ක්‍රීම් එකක් දෙකට කඩං කකා හිටපු කපල් එකේ කොල්ල මට එරෙව්වා, පුහ්.. හරි වැඩේ.. මට තොගෙ අයිස්ක්‍රීම් එපා මගේ අයිස්ක්‍රීම් එක තාම මඟ එනවා.. ආදරේ ගැන ක