ගාලු බස් ස්ටෑන්ඩ් එකේ උඩ තට්ටුවට වෙලා ගිනි ගහන අවුව දිහා ඇස් පුංචි කරන් මං බලන් හිටියා. ගිණි ගහන අව්වට රත් උන මූදු හුළඟ තාර පාරේ මිරිඟුවක් මවනවා. ඒත් එක දිගටම පෝළිමට වගේ එන වාහන ඒ මිරිඟුව කපාගෙන ඉස්සරහට යනවා..
මට කවදාවත් මෙහෙම කෙනෙක් එනකම් බලං ඉඳල පුරුද්දක් නෑ.. ඒත් නිකං බලාගෙන පැය 3ක් 4ක් රස්තියාදු උනා කියල කිසිම හැඟීමක් දැනුනෙත් නෑ. ඒ හැම දේටම වඩා මට ඕන උනේ ඉක්මනටම එයාව දැක ගන්න...
ඔව් අද එයා එනවා.. අඳුරගෙන මාසයකට ලං උනත් , පිංතූර වලින් දැකල තිබුණත් පැය ගණන් කතා කරල තිබුණත් ඇස් දෙකට දැක ගන්නකම් කියා ගන්න බැරි මොකක්දෝ අඩුවක් හිතට දැණුනා. ආදරේ කරන්න දකින්නම ඕනද ? ඒ ගැන අනිත් අයත් එක්ක තර්ක කරපු මම දැං මං එක්කම ඒ ගැන තර්ක කරා..
ඒත් වැඩි වෙලා එහෙම කරන්න කලින් මගේ ෆෝන් කට්ට දෙදරුම් කෑවා..
'minihoo, me bus 1n bahina tena kiyano. mm danna gallek na. natnam mehemama matara yanawa'
ඒක දැක්කම මට තනියම හිනා ගියා. එහා පැත්තෙ අයිස් ක්‍රීම් එකක් දෙකට කඩං කකා හිටපු කපල් එකේ කොල්ල මට එරෙව්වා, පුහ්.. හරි වැඩේ.. මට තොගෙ අයිස්ක්‍රීම් එපා මගේ අයිස්ක්‍රීම් එක තාම මඟ එනවා..
ආදරේ ගැන කියෙව්වට, පිටු ගණන් ලිව්වට වාද කරාට ප්‍රායෝගිකව කරන්න ගියාම තමයි ඇත්තම හැඟීම දැනෙන්නෙ. කවුරු කොහොම මොන විදියට කිව්වත් ආදරේදි හැමෝම මොහොතකට හරි බොළඳයි. ඒක අවුරුදු 18 කෙල්ලටත් එහෙමයි අවුරුදු 80 ආච්චිටත් ,සීයටත් එහෙමයි..
තවත් එහෙම මං කොච්චර වෙලා හිටියද කියල මතක නෑ. කොහොම හරි ඇන්ග්‍රි බර්ඩ් ලෙවල් 45 ම ගහල ඉවර කරල ආපහු මුල ඉඳල ලෙවල් 9ක් ගහනකොට මං මෙච්චර කල් බලං හිටපු ඒ මොහොත උදා උනා.මේ ලෝකෙ එක අවස්ථාවක් උදා වෙන්නෙ ජීවිතේටම එක පාරයි. එකම සිදුවීම කවදාවත් එකම විදියට එකම වෙලාවට දෙපාරක් සිද්ධ වෙන්නෙ නෑ.
බස් එකෙන් බහින සෙනඟ අතරෙ ඒ දිලිසෙන ඇස් දෙකේ අයිතිකාරිව හෙව්වා. ඒත් හිත නොසන්සුන් හින්දමද කොහෙද මට හොයා ගන්න බෑ..
"හපෝ.. එපා උනා.."
කියාගෙන ලස්සන කෙල්ලෙක් මගේ ගාවට ආව.. හ්ම්ම්ම්ම්.. මේ එයාමද. මං තප්පර කීපයක් ඇස් ලොකු කරන් බලං හිටියා..
මට "හීක්" ගෑවුණා.. ෆොටෝ කෑලි වලට වඩා සිය දහස් ගුණයක් ලස්සනයිනේ..
"මොකෝ ඕයි බලං ඉන්නෙ ? යමු. මේ අවුවෙ ඉන්න බෑ"
මට තාමත් කතා කරගන්න බෑ.. ඕනම පම්පෝරි ගහන කොල්ලෙක්ට තමන් ආදරේ කරන කෙල්ලව මුලින්ම දැක්කම මෙහෙම වෙනවද දන්නෙ නෑ..
සික්කගෙන් 10 ටිකට් කෑලි දෙකක් අරං අපිත් පාක් එකට රිංඟුවා. හප්පේ... පාක් එකේ තණකොළ ගස් වලට වඩා යුගල පද. ඒ මදිවට ඉන්න හැටි දැක්කම අපි වගේ කුළුඳුල් ප්‍රේමවන්තයොන්ගෙ හිරි ඔතප් බිඳෙනවා. චී... මුංව අල්ලල ගස් බඳින්න ඕන..
පැය බාගයක් විතර වාඩි වෙන්න තැනක් හොයල හොයල අවසානයයේ ගලාගෙන යන දිය පාරක් ආසන්නනේ ප්‍රේමණිය මාළු ටැංකියක් ළඟ අඩි 3ක් විතර ඈතින් අපි වාඩි උනා..
-"ඉතිං " මං කතාව පටං ගත්තා..
"ඉතිං බඩගිනියි මනුස්සයෝ. මං තාම උදේට කෑවෙ නෑ "
මං අපේ අම්ම බැඳල දීපු බත් ගෙඩිය ගත්තා. කෙල්ල කඩේ කෑම කන්නෙ නැතිලූ. ඒකත් හොඳයි. අනේ වාසනාවන්.
අපි දෙන්න බත් එකේ දෙපැත්තෙන් කන්න පටන් ගත්තා. අනිත් කපල් කටවල් ඇරං බලං ඉන්නවා. මමත් හෙමින් කෙල්ල දිහා බැලූවා.. ම්හු.. පාඩුවෙ කාගෙන කාගෙන යනවා.
දැං බත් එකත් ඉවරයි. මේකි අන්තිම බත් ඇට ටිකත් හූරණවා..
-"මේ මටත් කටක් කවනවකො"
මගේ ඉවසීමේ සීමාව පැනල මං කිව්වා.
"අනේ පැටියො අමතක උනා"
අන්තිමට එකතු වෙච්ච බත් ඇට ටික මගේ කටේ ඔබන ගමන් එයා කියනවා.. හ්ම්ම්ම්ම්.. කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ. ඒත් කමක් නෑ. ලද දෙයින් සතුටු වෙනවා.
"ආ.. උදේ ඇන්ටි දීපු පාං තියෙනවා" ඒකත් කෑව..
"මේ.. මං ස්ට්‍රෝබෙරි ගත්තා" ඒවත් කෑව..
"කෝ.. මං කියපු බිස්කට් එක ගෙනාවද? චිට් බිට්ස් දෙන්නකෝ " ඒකත් කෑවා..
"මෙන්න මං.. දොඩම් ගත්තා."
-"අනේ ගෙදර ගිහින් කන්න නංඟි" මං ඉක්මනට එහෙම කිව්වෙ තවත් කන්නෙ කොහාටද කියල හිතා ගන්න බැරුව.
ඊට පස්සෙ අපි නැඟිටලා ගිහින් පඩිපෙලක් ගාව වාඩි උනා.. අනිත් පැත්තෙ බංකුවෙ කුඩේකින් වහං ඉඳපු කපල් එකේ කොල්ල හෙමිහිට කුඩේ උස්සල බලනවා.. තව ටිකකින් ආපහු බැළුවා.. ආපහු..
ඒක නැවතුනේ උගේ කෙල්ල ඌට ගොරවපු නිසා. අනේ ඇත්තට මුංට තමන්ගෙ කෑල්ල තියං පාඩුවෙ ඉන්න බැරි හැටි.
මං ආපු වෙලවෙ ඉඳන් කීචී බීචි ගගා ඉන්න මගේ කිරිල්ලි දිහා මං බැළුවා. එයා ඩයරියක් අරං මට මොනවාදෝ කියනව. මං ඒක අහං ඉන්නව වගේ එයාගෙ රෝස පාට කම්මුල දිහා බැලූවා. කතා කරද්දි පුංචි වෙන ඇස් දෙක. නිතරම මූණට වැටිල දඟ කරන කොණ්ඩ කෑල්ල..
මං මගේ අත උඩ තිබුණ එයාගෙ අත දිහා බැළුවා..හ්ම්ම්ම්... රන් තැඹිලි ගෙඩියෙ වහපු කපුටත් මේ වගේ ඇති.
මං තව ටිකක් එයාට ලං උනා..
එතකොටම අයියගෙන් කෝල් එකක්... කෙල්ලට පරක්කුයි කියල බනිනවද කොහෙද. අනේ සුදු මස්සිනේ ඇයි උඹට තේරෙන්නෙ නැද්ද අපිට තාම වචන 10ක් නිදහසේ කතා කරගන්න බැරි උනා කියලා.. කමක් නෑ..මොකක් උනත් එළ අයියෙක්.
මං මෙච්චර වෙලා හංඟන් ඉඳපු පුංචි බුදු පිළිමෙ එළියට ගත්තා. කඩේ මුදලාලිට මේක සුළු ගාණක් දීල ගත්තට මට මේකෙන් මහ මෙරක් තරම් දෙයක් කියා ගන්න ඕනකම තිබුණා..
-"ඔයා කවද හරි මගේ වෙලා මගේ ළඟට එනකම් මේක පරිස්සම් කරල තියා ගන්න"
මං බ්‍රවුන් පේපර් එකේ ඔතපු පුංචි බුදු පිළිමෙ එයා අතේ තියන ගමන් කිව්වා. එයා මගේ දිහා ටිකක් වෙලා ඇස් ලොකු කරන් හිටිය මිසක් මුකුත් කිව්වෙ නෑ..
පාර්ක් එකෙන් එළියට එද්දි එතන ඉඳපු කොල්ලොත් කට ඇරං බලං ඉන්නව.. මමත් ඉස්සර උඹල වගේ තමයි මචංලා. හොඳ අඹ කන්නෙම පණුවො කියල අපිත් ඉස්සර කිව්වනේ.. මමත් දැං පණුවෙක්..
කෙල්ලේ, ඇත්තටම මං කියන්න හිතාගෙන ආපු කිසිම දෙයක් ඔයාට කියා ගන්න බැරි උනා. මංද. මට වචන ගලප ගන්න බෑ ඔයා ළඟදි. ඒත් මං එක දෙයක් දන්නවා. මං ඔයාට ඇත්තටම ආදරෙයි!.
මට කවදාවත් කියන්න බෑ ඔයාට ඉර හඳ ගෙනත් දෙන්නම්, ලෝකෙ හැම සතුටක්ම දෙන්නම් කියලා. ඒත් ඔයාගෙ හිනාව බලල සතුටු වෙන්නත්, අඬද්දි ළඟින් ඉඳන් කඳුළු පිහිදාන්නත් මට පුළුවන්..
ජීවිතේ අරමුණක් නැතුව ඔහේ ගලාගෙන යද්දි, කොහෙත්ම නොහිතපු වෙලාවක ඔයා මගේ ජීවිතේට ඇවිත් අරමුණක් දුන්නා.. අපිළිවෙලට තිබුණ මගේ ජීවිතේ පිළිවෙලක් කරේ ඔයා..
කළු සුදු ලෝකෙක තනි වෙලා අකුරු ඉලක්කම් අතරෙ තනි වෙලා හැම දෙයක්ම තනියම දරා ගනිපු මට, ඒ ලෝකෙ ලස්සන පාටවලින් පුරවලා මටත් මගේම කියල තවත් කෙනෙක් මේ ලෝකෙ ඉන්නව නේද කියන හැඟීම ගෙනාවෙත් ඔයාමයි...
මට ඔයාව ගොඩාක් වටිනව. වටිනාකමට වටිනාකමක් දෙනකම් එය නොවටිනා දෙයක් නිසා ඔයාට මගේ ජීවිතේ වටිනාකම දෙන්නම්... මට කවදාවත් ඔයාව නැති කර ගන්න බෑ. මගේ අම්ම තාත්ත ඇරුණම වෙන ඕනම දෙයක් මට නැති උනාට කමක් නෑ ඔයා වෙනුවෙන්..
කවුරු හරි මගේ මතයට විරුද්ධ වෙන්න පුළුවන්. ඒත් ඒ කෙනාගෙන් මං මුලින්ම අහන ප්‍රශ්නෙ තමයි,
ජීවිතේ කවද හරි, කාටම හරි ආදරේ කරල තියේද කියල ?

ලස්සන ආදර කතාවක් !
ReplyDeleteආදරේ බේරෙනවා. මටත් මතක් උනා ඒ දවස්වල කට්ට අවුවේ පාරවල් දිගේ කොලෝමීටර් ගනන් පයින් ගියපු කාලේ. :)
ආදරේ වෙනුවෙන් මිනිස්සු ඕන තරම් කැපකිරීම් කරනවා :x
Deleteඔය විදිහට හැමදාම හිටියොත් කෙල්ලට ඒ ඇති මල්ලි.... ඉර හද දීලවත් එච්චර සතුටු කරන්න බෑ කෙල්ලෙක්ව ආදරේ දීල මිසක්... හැබැයි පුතෝ, ආදරේ තියන්නෙ විදින්න ඒක එයාට උපරිමයෙන්ම විදින්න දෙන්න... ආදරේ හිතේ තියාගෙන හිටිය කියල එයා දැනගන්නෙ නෑ ඔයා ආදරෙයි කියල...මම ඔයාට ඒක කලිනුත් කිව්ව... පොඩ්ඩක් ආදරේ දීල බලන්න එයා කොයිරත්ම් ඔයාට බැදෙනවද කියල...
ReplyDeleteහ්ම්ම්.. ස්තූතියි අක්කි උපදෙස් වලට..
Deleteකොහොමත් ගෑල්ලමයි බලාපොරොත්තු වෙන්නෙ හිත පිරෙන්න ආදරේකට වඩා හිතට දැනෙන ආදරයක්...
මම ඔය ලව් කතා නොකියවමි :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
උඹ කියවන්නෙ වල් කතා විතරනෙ :))
Deleteඅපිත් ඉතිං ආදරේ කොරන කාලේ මෙහෙමම තමා.
ReplyDeleteනලීන් අයියා ආදරේ කරලද බැන්දේ.. ෂා මාරයිනේ. අපිටත් බලන්න දාන්නකෝ ස්ටෝරිය..
Delete[im]http://pahantharuwa.info/simili/00020111.gif[/im]
ගෑණු ළමයෙක් ආදරය කරන කෙනාගෙන් ඉරවත් හඳවත් ඉල්ලන්නෙ නෑ මල්ලි..
ReplyDelete//ඒත් ඔයාගෙ හිනාව බලල සතුටු වෙන්නත්, අඬද්දි ළඟින් ඉඳන් කඳුළු පිහිදාන්නත් මට පුළුවන්..// ඔයාට මේ දේ හැමදාම කරන්න පුලුවන් නම් ඒ හොඳටම ඇති :)
වාසනාවන්ත අනාගතයක් වේවා!!!!!
ඔව්... මේ කෙල්ල බලන්න මං චොකලට් එකක් ගේන්න හදද්දි ඒකට ඉඩ දුන්නෙත් නෑ.. ඉල්ලිවෙ අර රුපියල් 60 බිස්කට් එකක්.. මට ඇඬුනා ඒ වෙලාවෙ නම් :((
Deleteහ්ම්ම්....හරිම අපූරුයි..ආදරේ කරන්න හිතෙනවා ආයෙත්..හ්ම්ම්ම්
ReplyDeleteමේක ඇත්ත එකක්ද බං...
Deleteනැතුව.. ඊයෙ (2013-02-02) ඉතිහාසගත දවසක් :-*
Delete///හරිම අපූරුයි..ආදරේ කරන්න හිතෙනවා ආයෙත්../// ඇයි දැං තනිකඩද ? :D
/ (2013-02-02) ඉතිහාසගත දවසක්/ ඇත්තමයි. මගෙත් පලවෙනි (එකම) කතාව ආරම්බ උනේ මෙදා තමයි :-/ :-/ :-/
Deleteඅඩෝ පිස්සු හැදෙනවා..මට මුලදී හිතුනේ උඹ විහිළුවක් කරගෙන එනවා කියලා..සිරා සින් එකක් කියලා දැනුනේ අන්තිමට එද්දී..ආදරේ කරන කාලේ ඔහොම වුනේ නැත්නම් ගතියකුත් නෑ බන්..
ReplyDeleteඔව්නෙ :D ආදරේ රසය දන්නෙ ආදරේ කරපු එකෙක්මයි... තැංකූ :)
Deleteමේක කියවගෙන යද්දි...................., ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. හුඟාක් දේවල් ඔළුවට ආවා. හරිම ශෝක්... ආදරේ පදමට..., ලියලා තියෙන විදිය ඊටත් වඩා රහයි....!!!
ReplyDeleteඑක දෙයක් කියන්නම්..., ඇස්වහක් කටවහක් වදින්න එපා...!! හැමදාම සතුටින් ඉන්න!!
ඔබටත් එසේම වේවා අක්කි.. බොහොම පිං ප්‍රාර්ථනාවට :)
DeleteUmbath ehenam hari....mm me sare valentine 1th thaniyama celebrate karanawa bn.....
ReplyDeleteඇයි එක්කෙනෙක් කියල තෝරගන්න බැරිද ? :))
Deleteලස්සන කතාව යසිත්, ඇත්තටම ලස්සනයි.... :)
ReplyDeleteහැමදාම මේ කතාව ලස්සනට තියා ගන්න මං හැම උත්සාහයක්ම ගන්නවා :x
Deleteඅපො මම ඔය ලව් කථා බලන්නෙත් නැ.අහන්නෙත් නැ.මම ඕව දන්නෙත් නැ.මට ඕව වැඩකුත් තැ.අපිට කොයින්ද මාලු.. අපි යන්නැනෙ මූදු..
ReplyDeleteඅනේ මගේ කට මක්කටෙයි :D
Deleteසිරාවට ඔය උබෙ ලොඹු කට මක්කටෙයි හැබෑට.. පරිස්සමෙන් ඉදපං හොදෙ..දන්නවනෙ හැටි..මට මෙතන ඔව්ව කියන්න බැ බොල..
Deleteආදරේ.... ලස්සනයි ලස්සනයි.. තව හොඳ හොඳ සුන්දර පරිච්ඡේද ලියවෙවා..! :)
ReplyDeleteතැංකූ චන්දන අයියේ :D
Deleteඅන්තිම ටික කියවන කොට හිනත් ගියා.හා හා ළමයා දැන් බොළද වීගෙන එනවා.හොදයි හොදයි අෆ්ෆා.කාට කියන්නද මේවා....?හික්!B-) සුභ පැතුම් ඩියර්...!
ReplyDeleteඅපි බලමුකෝ කියන අයත් ඉස්සරහට කොහොම කරාවිද කියලා ;)
Deleteඅපිත් ඉස්සර ඔය වගේ තමයි.
ReplyDeleteඇයි දැං එහෙම නැද්ද ? බැන්දට පස්සෙ ආදරේ අඩු වෙනවද ? :-O
Deleteලස්සනයි ලස්සනයි ඉස්සරහටත් ඔය ආදරේ ලස්සන වේවා! ;)
ReplyDeleteමේක කියවනකොට ටිකක් දුකත් හිතුනා මට
ඇයි ඒ ? කියාගන්න බෑ ටත් ඔය ඉන්නව කිව්වනෙ කවුද එක්කෙනෙක් [im]http://pahantharuwa.info/simili/-.........gif[/im]
Deleteදැන් එහෙම කියන්න වෙන්නේ නෑ දැන් කියන්න වෙන්නේ කියාගන්න බෑ ට ඉස්සර කෙනෙක් හිටියා කියලා ඒකයි දුක හිතුනේ =((
Deleteදුක් වෙන්න එපා කෙල්ලේ.. ඔයාගෙ කුමාරය කැම්පස් එකේදි ලැබේවි. මෙන්න මේ වගේ ඔයාව හොයන් ඒවි [im]http://pahantharuwa.info/simili/ss8%20%282%29.gif[/im]
Deleteඅන්තිම පැණයට පිළිතුර:-
ReplyDeleteනැත... වැඩක්ද නැත....
සිරා සීන් එකක්ද බං?
අලේ මංදා මට මෙවා ජීරණය කොරගන්ට ටිකක් විතර අමාරුයි.. මැදිං මැදිං කියෝන ලදි... :)
උබේ යාන්ත්‍රික මෙව්ව එකට මේ ලස්සන හැඟීම් මෙව්ව කොරගන්න අමාරුයි කොහොමත් [im]http://pahantharuwa.info/simili/14w3peb.gif[/im]
Deleteසෝක් අප්පා කථාව .. ආදරේ බේරෙනවා :)
ReplyDelete*/ ප්‍රේමණීය මාලු ටැංකියක් */ .. ඇයි බොලේ.. එහෙම ඒවත් තියේද ... :-o
නැතුව.. නිකම්ම නිකං මාළු ටැංකියක් ගාවට ගිහින් ආදරේ කරනකොට ඒක ඉබේම ප්‍රේමණීය මාලි ටැංකියක් වෙනවා =))
Deleteඅපි ඉස්සෙල්ල කිව්වේ ඕක තමා මලය එනපොට හොද නෑ කියල. ඔය දැන් එළිවෙන්නේ...හික්... :)
ReplyDeleteසුභ පැතුම් මලයෝ..... කොයි කවුරුත් ආදරේ කරන්න ගියාම බොලද වෙනවා අප්පා. කවුරු හරි නෑ කිව්වත් ඒක තමා ඇත්ත.....
අනික සද තරු ගෙනත් දෙන්න ඕනි නෑ මලේ... දුකේදී සැපේදී ජිවිතේ වැටෙන වෙලාවල් වලදී... තනි නොකර ආදරෙන් ලග හිටියම හොදටෝම ඇති කෙල්ලෙක්ට.... හැමදාම ආදරෙන් ඉන්න. දෙන්නටම ජය..... :)
:x තැංකූ... මට කියන්න දෙයක් හිතා ගන්න බෑ :)
Deleteඅපිත් ඉතින් තාම ආදරේ කරන් උන්නේ බං..
ReplyDeleteහූ හූ.. ඒ උනාට සිහින මදාරගෙ කට සැරයිනේ [im]http://pahantharuwa.info/simili/656th_GoogleEyes.gif[/im]
Deleteම්ම්ම්ම්ම්ම් ....හරි ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න .ජයවේවා !!
ReplyDeleteතැංකූ ප්‍රාර්ථනාවට :D
Deleteඅද තමා මේ පෝස්ට් එක කියවන්න පුළුවන් වුනේ.එහෙ මෙහෙ දුවනවා මේ දවස් වල. :)
ReplyDeleteලස්සනට පටන්ගෙන තියෙනවා.පලවෙනියටම දුන්නේ බුදු පිළිමයක්.ඒකනම් වටින වැඩක්.සාමාන්‍යයෙන් කොල්ලෙක්ට මුලින් මීට් වෙද්දී නොහිතෙන දෙයක්.බොරු කියන්නේ මොකටද, මට නම් තාම එහෙම එකක් දෙන්න ඕනේ කියලා හිතිලවත් නෑ.
මේක පටන්ගත්ත විදියත් ලියහන්කෝ බං. ආදර කතාවට ජයවේවා!
හී.. ලියන්නම් ලියන්නම්.. චොකලට් එපා කිව්ව පිම්පල් එනව කියල. ඒ පාර බිස්කට් එකක් ගෙනිච්චා..
Delete:))
ane deiyane thawath kollek eelai..
ReplyDelete:D සියළු කොල්ලන්ගේ අවසන් ඉරණම මේකයි ඇනෝ...
Deleteයසිත් අයියේ, ඔයාගේ කතාව හුඟක් මගේ හිතට වැදුනේ මේක මගේ කතාවට හුඟක් සමාන නිසා වෙන්න ඇති. අපි මුලින් ම මුණ ගැහුනේ අපේ ආදරේට අවුරුද්දක් වුණ දවසේ. ඊට කලින් එක කතාවට විතරක් සීමා වුණ ආදරයක්. ඒක මගේ ජීවිතේ ලස්සණ ම දවසක්. එදා මට ලැබුණේ එයා කිරි වෙහෙර වදින්න ගිහින් එන ගමන් අරගෙන ආපු පුංචි චෛත්‍යයක අනුරුවක්. ඒක දෙන ගමන් කිව්වා, "ධාරා, කවදා හරි අපි ගෙදර බුදු පහන ළඟින් තියන්න මේක පරිස්සමට ඔයා ළඟ තියා ගන්න" කියලා. අනේ මන්දා, මට නං කඳුළු ආවා ඒ කතාව අහලා. පව්! පැය පහක් නාස්ති කරලා පැයක් වෙනුවෙන් මා ව බලන්න ආවා. ඒ ආදරේට මම හුඟක් ආදරෙයි. ඔයාගේ කතාව සතුටින් ඉවර වෙයි කියලා හිතනවා, යසිත් අයියේ. මගේ සුභ පැතුම!
ReplyDeleteහනී බනිත් පැය 5ක් කට්ට කාල තමයි මාව බලන්න ආවෙ :D මහරගම ඉඳන් මාතරට..
Deleteඑයා කෙල්ලෙක් වෙලත් කොල්ල බලන්න ආවෙ :P
අන්තිම පැණයට පිළිතුර:-
ReplyDeleteඔව්. මන් ජීවිතේටම ආදරේ කරේ එක පාරයි.
ඒත් එයා මට කැමති උනේ නෑ. මගෙන් උන වැරද්දක් නිසා.
But I love ❤ her more than anything in this world. No matter what.......