Skip to main content

Posts

Showing posts from November, 2012

මොණර පෙමක අවසානය

මොණර පෙම #1 මොණර පෙම #2 “මට කියන්න යසිත් , මාව කවදාවත් තනි කරන්නෙ නෑ නේද ? “ මයුරි සිය දහස්වෙනි වරටත් මේ ප්‍රශ්ණෙම මගෙන් ඇහුව. මේකට මං කී පාරක් නම් උත්තර දීල ඇත්ද, ඒත් ඒ උත්තරේ නැවත නැවත අහන්න එයා ආස කරනව. -”නෑ වස්තු, කවදාවත් නෑ. ඔයා මාව දාල ගියත් මං කවදාවත් එහෙම කරන්නෑ සත්තයි” මගේ පපුවට තුරුල් වෙලා හිටපු ඇගේ මුහුණ දෝතිම අරන් ඒ දිලිසෙන ඇස් දිහා බලන් මම කිව්වෙ හදවතින්මයි. යම් කෙනෙක් මේව බොළඳ ප්‍රාථමික මට්ටමේ ක්‍රියාවන් කියල අර්ථකතනය කරයි. ඔව් මමත් ඒකට එකඟයි. නමුත් මම විස්වාස කරන විධියට ආදරයක් ආදරෙන් පවත්වාගෙන යන්න නම් ඒ බොළඳ බව අනිවාර්යයෙන් තිබිය යුතුයි. “ඒත් මට බයයි යසිත්, කවුරුහරි මගෙ මහත්තයව මගෙන් උදුර ගත්තොත් ? “ -”එහෙම උනොත් ඔයා මොකද කරන්නේ ? ” මං හිනාවෙමින් ඇහුව. “එහෙම උනොත්……. එහෙම උනොත් මං ඒකිව මරාගෙන මැරෙනව” ඒක එයා ආවේගයෙන් කියපු හැටියට නම් ඒක නිකම්ම කියපු දෙයක් නෙවෙයි කියල මට තේරුණා. කොහොමත් ආදරයයි වෛරයයි කියන්නෙ එකම පිහියක දෙපැත්ත කියල කවුද කියපු දෙයක් මට මතක් උනා. අපි කවුරුත් තමන් ආස කරන , ආදරේ කරන දේවල් අයිත් කර ගන්න ආසයි. ඒත් ඒ දේ තමන්ගෙ කරගන්නකම් ත

යසිත්ගේ විස්මලන්තය

හුඟ කාලෙකින් කෙල්ලව හම්බ උනේ.නිදහසේ කතා කරන්න වෙලාවක් ඇත්තෙම නෑ..බීච් ගියොත් පොලිසියෙන් අල්ලන නිසා ලඟ තිබුන රක්ෂිත අභය භූමියට රිංගුව. ආරක්ෂාවටත් හොදයිනෙ.. ඉතින් මෙහෙම ටික වෙලාවක් කෙල්ලගෙ හුරතල් බල බල ඉන්න කොට අපි ඉන්න තැනට පැන පැන ආවනෙ පුළුන් වගේ සුදු හාවෙක්. ඌව දැක්ක විතරයි කෙල්ල මැරෙන්න හදනව ඌ හුරතල් කරන්න අල්ලල දෙන්න කියල. ඇයි අප්ප මෙච්චර හුරතල් මම ඉඳලත් මොකටද කැලෑ සත්තු. අනේ මංද වෙලාවකට මේ ගෑණුන්ටත් ඕන නැති මඟුලක් නෑ. මොනව කරන්නද කුරුමානම අල්ලල පැන්න හාවගෙ ඇඟ උඩටම. මොන, කටේ වැලි පිරුන එක විතරයි. ඒ මදිවට කෙල්ල හිනා වෙනව නෝන්ඩියට. මොන කොල්ලද කැමති බඳින්න කලින් කෙල්ල ඉස්සරහ නෝන්ඩි කන්න. අනික මේ ඇටිකිත්තං හාවෙක්ට. මමත් නැගිට්ට ගමන් 'ඔහෙ හිටු ඔහෙ හිටු' කියල හාවගෙ පස්සෙ පැන්නුව. මොන,හාවත් හුරේ රන් එකක් දෙනව නැට්ට උස්සන්. වැඩි දුරක් යන්න උනේ නෑ. හාව එක පාරටම කොහේ ගියාද මංදා. මං ආපහු එන්න හැරෙනකොටම 'බරාස්' ගාල වලකට ඇදන් වැටුන. වෙලාවට කොන්ද කැඩුනෙ නෑ. නැගිටල වට පිට බලද්දි මෙන්න තියෙනව උමඟක් වගේ මඟුලක්. ඒකෙ කෙලවර එලියත් පේනව. ඒ කියන්නෙ අනිව මේකෙන් එලියට යන්න පුළුවන්.

උඹත් පිරිමියෙක්ද ?

"වයි දිස් කොලවරි කොලවරි ඩී" 'මොන මගුලක්ද' මම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..අද පංතිත් නෑ..මොකටද උදෙන් නැගිටින්නෙ.. "ඔබ එන්න සුළඟේ දැවටිලා...මම ඉන්නෙ ඔබ දැන් එයි කියා......." ඒ පාර කෝල් එකක්..පුදුම වදයක් වෙලාවකට මේ ෆෝන් එකෙන්..මම මිස් කෝල් ගහන එකාගේ දෙමව්පියො ආදරෙන් මතක් කරන ගමන් නොම්මරේ බැළුව... අම්ම ගහයි බැට් එකෙන් එලව එලව.මම මතක් කරල තියෙන්නෙ මගේ ආදරණීය නන්දම්මයි මාමණ්ඩියයිනෙ..මිස් කෝල් ගහල තියෙන්නෙ මගේ වෙන්ඩ වයිෆ්.. හරිනෙ බොලේ දැං මතක් උනේ..අද එයාව මීට් වෙන්න පොරොන්දු උනානෙ.පරක්කු උනොත් වසල හමාරයි..මම දඩි බිඩි ගාල ඇදෙන් පැනල ලෑස්ති වෙන්න දිව්ව.. 'අම්මේ..අම්මේ නැගිටින්න..මට අද පංති' උදේ පාන්දරම අම්මට බොරුවක් කියල නැගිට්ටෙව්ව..මූන කට සෝදන් ලෑස්ති වෙලා අම්ම උයල තිබුන කිරි හොද්දයි බතුයි එක්ක බත් ටිකක් ගිල්ල ටක් ගාල.. 'හවස් වෙනවද පුතේ එනකොට ? ' '- ඔව් අම්මෙ,හවස 5ටනෙ ඉවර වෙන්නෙ' 'එහෙනම් ඉන්න පුතේ.මං ටක් ගාල තව එළවලුවක් රත් කරල දවල්ට කන්න බත් එකක් බඳින්නම්.. ඔය කඩවල ජරාව කන්න හොඳ නෑ මේ දවස්වල' මට මුකුත් කියන්න ඉඩක්

ඔබේ බ්ලොගය හැක් කරොත් ???

තමන් පෙම්වතියට වගේ ආදරේ කරන තමන්ගෙ බ්ලොග් එක කවුරු හරි බුද්ධිමත් , ඒත් ඒ දැනුම යහපතට යොදවන්නෙ නැති #$^&#&$ එකෙක් හැක් කරොත් උගෙ දෙමවුපියන්ට බනින එක නෙවෙයි කරන්න ඕන. තමන්ගෙ තිබුන අඩුපාඩුව සකසල ඊටත් වඩා හොඳට සූදානම් වෙන එක. එහෙනම් බලමු වෙබ් එකක ඇඩ්මින් එකවුන්ට් එක හැක් කරොත් ආපහු අපි ගන්නෙ කොහොමද කියල. හැබැයි මෙහෙම පුළුවන් තමන්ගෙම හොස්ටින් එකක තියෙන බ්ලොග් අඩවියක් වගේ ඕනම ස්ක්‍රිප්ට් එකකින් හදපු වෙබ් එකක් නම් විතරයි. එහෙම හදපු එකකට ඇඩ්මින් එකවුන්ට් එකක් තියෙනවනෙ. ඕක කොහොම හරි හැක් උනොත් හරි ඒකට දාපු පාස්වර්ඩ් එකයි ඊ මේල් එකයි දෙකම අමතක උනොත් හරි මේ ක්‍රමේ අනුගමනය කරන්න. මං උදාහරණෙට ගන්නම් වර්ඩ්ප්‍රෙස් වලින් හදපු එකක්. අනිත් ඒවත් මීට සමානයි. මුලින්ම තමන්ගෙ හොස්ටින් cpanal එකට ලොග් වෙන්න. ඒකෙ ‘Databases’ යටතේ තියෙන ‘phpMyAdmin’ වෙත යන්න.. දැන් වම් පැත්තෙ සයිඩ් බාර් එකේ ඔයා හොස්ට් කරන වෙබ්වල ඩේට-බේස් ලිස්ට් එක වැටෙනව. ඒකෙන් ඕන කරන සයිට් එකේ ඩේට-බේස් එක තෝරන්න. එතකොට එතනම database table content ලිස්ට් එක එනව. දැන් ඕකෙ පහලට ගිහින් ‘_users’ තෝරන්න. එතකොට මේ විද

Site Submit අඩවියක් හදමු

විභාග වැඩත් ඉවරයි. ඒත් ගෙදරට වෙලා ඉන්න ගියාම තමයි ආපහු විභාග තියෙනව නම් හොඳයි කියල හිතෙන්නෙ   ලියන්නත් මාර කම්මැලියි. ඒත් එහෙම කියලත් බෑනෙ. එතකොට තමයි මේ ස්ක්‍රිප්ට් කෑල්ල සෙට් උනේ. Site Submit අඩවියක් කියන්නෙ යම් බ්ලොග් එකක් හරි වෙබ් එකක් හරි සෙවුම් යන්ත්‍ර වලට හදුන්වා දෙන මැදිහත්කරුවෙක් වගේ. ඒ කියන්නෙ මෙහෙමනේ, දැන් මේ සයිට් එක (www.sanhida.com) තිබුනට ගූගල් සෙවුම් යන්ත්‍රය මුලින්ම දන්නෙ නෑනෙ මෙහෙම එකක් තියෙනව කියල. දැන ගන්න ටිකක් කල් යනව. අපි දැන් මේක මැනුවෙල් ගූගල් එකට හදුන්වලා දෙනව නම් මේකට ගිහින් සබ්මිට් කරන එකනෙ කරන්නෙ. නමුත් එක් එක් සෙවුන් යන්ත්‍ර වලට වෙන වෙනම සබ්මිට් කරන එක හරිම කරදරයි.එතනදි තමයි මේ වගේ සයිට් අපිට ඕන වෙන්නෙ. අනිත් එක මේක හදල අපේ ඇඩ් දාල අපේම අඩවියක් විදියට මේක පවත්වාගෙන යන්න පුළුවන්. මෙතනින් බලන්න මං හදපු demo එක. හරි. පටස් ගාල මේක ඔයාගෙ කර ගන්න. පුළුවන් තරම් නොදන්නම අයටත් තේරෙන්නම කියන්නම්කො. මුලින්ම මෙන්න මෙතනින් ෆයිල් ටික බාගන්න. දැන් ඕක Extract කර ගන්න. දැන් ඔතන තියෙනව නේද adcode.html කියල ෆයිල් එකක්, අන්න ඒක Note pad එකෙන් ඕපන් කරන් ඔයා ළඟ

සුරඟනකට පෙම් කළෙමි

'ඔයා නිදිද ? '-කවුද බං මේ මහ රෑ නිදාගන්නවත් නෑ' මම හිතින් බැන බැන ඇස් ඇරල බැළුව.. අම්මට සිරි කෙල්ලෙක් මගේ ඇඳ ගාව.මේ මහ රෑ , මගේ කාමරේට කෙල්ලෙක් කොයින්ද ? මෝහිනීද ? බුදු අම්මෝ එහෙම උනොත්.. 'බය වෙන්න එපා' '-ක..ක.. කවුද ඔයා ? ' ඇය සිහින්ව හිනා උනා.. මට එක දෙයක් ශුවර්..මම නිදා ගත්තෙ තනියම.. මේ කවුද ? කවදාවත් දැකලවත් නෑ.. මිනිස් දුවක් නම් වෙන්න බෑ.. මොකද මම ගැන දන්න මනුස්ස කෙල්ලෙක් මගේ කාමරේට තියා ගේ ලඟින්වත් යන්නෙ නෑ.. මෝහිනීම තමයි.. මෝහිනී උනත් පට්ට කෑල්ල. 'බය වෙන්න එපා..මම සුරංගනාවියක්' අම්ම ගහයි බැට් එකෙන්..දවල් කොල්ලොත් එක්ක කාපු කොත්තුව අප්සට් ගිහින් තමයි..අඩුවට කියල කාපු තැන,මම හිතුව මේක.. 'මට තේරෙනව ඔයා හිතන දේ.බලන්න මගේ ඇස් දිහා.. මම ආවෙ ඔයා හොයා ගෙනමයි' නියමයි.මාව හොයන් සුරංගනාවියක් ඇවිත්.කොහොමද ම්ං මේක හෙට යාළුවන්ට කිව්වම.මට මැවිල පේනව..මේ මොන විකාරයක්ද..හීන කියල මෙහෙමත් හීන දකිනවද.. බයෝ පංතියෙ කෙල්ලෙක්ව පෙනියන්කො පේනවත් වෙලා.. ඉතිපිසෝ ගාථාව කියල නිදාගන්න ඕන.. මම ඇස් දෙක තදින් පියා ගත්තා. එතකොටම උණුසුම් හුස්මක් මගේ

විවාහයට පෙර-නොමිලේ පොරොන්දම් බලමු

මේ දවස්වල මාර වැස්සක්නේ තියෙන්නෙ.උදේට නැගිටින එක තමයි එපාම කරපු වැඩේ   ඒ මදිවට මගේ දුප්පත් කොම්පීටරේටත් සීතල අල්ලද කොහෙද හිටපු ගමන් වෙවුලල වෙවුලල රී ස්ටාර්ට් වෙනව. හාඩ් එකේ කුණුගොඩ අවුස්සද්දි තමයි මේ සොෆ්ටෙයා කෑල්ල මට හම්බ උනේ.මේක මට හම්බ උනේ කොහොමද කියල නම් මතක නෑ. ඒත් මේකෙන් බලන පොරොන්දම් හරියටම හරි කියල අපේ ලොකු තාත්ත කිව්ව. එයාත් ගෙදරට වෙලා නිකන් ඉන්න බැරිකමට ඔයින් කෝස් එකක් කරල. තව බ්ලොග් අවකාශෙ මේ සබ්ජෙක්ට් එකට සම්බන්ධ කට්ටියත් කියන්නකෝ මේක හරිද වැරදිද කියල. මේක ලංකාවෙ කෙනෙක් හදපු MS DOS ප්‍රෝග්‍රෑම් එකක්. එහෙනම් බලන විදියත් කියන්නම්කො. මුලින්ම මෙතනින් සොෆ්ටෙයා කෑල්ල බාගන්න . දැන් Unzip කරන් Check Now බොත්තම ක්ලික් කරන්න. දැන් මුලින්ම ගැහැණු ළමයගෙ තොරතුරු තමයි ඇතුලත් කරන්න ඕන. මුලින්ම උපන් දිනය මේ විදියට ඇතුළත් කරන්න. ( වසර <හිස්තැනක්> මාසය <හිස්තැනක්> දිනය ) දැන් Enter key එක ඔබන්න. දැන් මෙතන ගැහැණු ළමය උපන් වේලාව සටහන් කරන්න. (වැදගත් සම්මත වේලාවෙන් ඇතුළත් කළ යුතුය) උදා: සවස 5.30 යන්න 17<හිස්තැනක්>30 ලෙස ඇතුළත් කල යුතුය. දැන් ආපහු E

මොණර පෙම #1

" ඒයි , මට මේ ගාන කියල දෙනවද ? ගෑණු වොයිස් එකක්...මට නෙමෙයි වෙන්න ඈති.මම ගැන දන්න කියන ගෑණු පරාණයක් නම් මගෙන් ඕව අහන්නෙ නෑ.. "මේ නිදිකුම්බයෝ,මම මේ ඔයාටයි කිව්වෙ" කවුද යකෝ නිදි කුම්බය,දෙනව දත් සෙට් එක බඩට යන්න..මම කුණු කෙල පිහිද පිහිද ඔලුව උස්සල බැළුව.. නයි කයිද රෝස් පාන් කිව්වලු.මේ මෙයානෙ...මයුරි...මයුරි..මයුරි..ඔවු , එයා තමයි අපේ ඉස්කෝලෙ හිටපු අපේ වයසෙ ලස්සනම,හැඩකාරම,අඩම්බරම කෙල්ල. "හපෝ උදේ ආපු වෙලාවෙ ඉඳන් නිදි..මෙන්න මේක කියල දෙනෝකෝ" මම නිදාගන්නෙ හිතේ අමාරුවට..මොකද කියනව නම් ම්ගේ කලින් ලව් එක කාගෙන තිබුනෙ..කාගෙන කිව්වට නාගෙන තිබුනෙ.ඒ නිසාම ඒ කාලෙ වෙනකොට මට කෙල්ලො ඇලජික්.කොටින්ම චීත්ත කෑල්ලක් දැක්කත් මල පනින තත්වයක් තිබුනේ.ඒ නිසාම මං ගැන දන්න කෙල්ලෙක් මං ඉන්න පැත්ත බලං බත් කන්නෙ වත් නෑ.ඒත් මෙයා....හරියට මගේ ගෑන දන්නෑ වගේ ආපු හෑටි. "මෙන්න මේ තුන් වෙනි ගාන බලන්නකෝ..කොච්චර කරත් සුලු වෙන්නෑ හලෝ" මම පොත අරං බැළුව.පොඩි ගානක්. පවුනෙ කියල මට තේරුණ විදියට කියල දුන්න. "අනේ මට මුකුත් තේරුණෙ නෑ" මොකක්,යකෝ දැන් මෙච්චර වෙලා කටත් ඇරන් බලං

මොණර පෙම #2

<< මොණර පෙම #1 'මං ඔයාගෙ අතින් අල්ලන්නද ? ' මුහුද ගාව බංකුවෙ මට වඩා අඩි බාගයක් විතර ඈතින් වාඩි වෙලා ඉඳපු මයුරිගෙන් ඇහුව.ඒ අපි පාසලෙන් පිටදි හමුවුන පළමු වතාව. '- එපා...........' එයා ඒක කියපු විදියට නම් මට හිතුනෙ 'අනේ අල්ලන්න බැරි නම් කන්නකෝ' කියන්න වගේ.. ගෑණු ලමයි කවදාවත් හිතේ තියෙන දේ පිට පෙන්නන්නෙ නෑ කියල මම පොතක කියවල තිබුනෙ හොඳ වෙලාවට.බොරුවට අකමැත්ත පෙන්නන්නෙ.මම හෙමින් මයුරිගෙ ඇගිල්ලකින් ඇල්ලුව. '- කිව්වනෙ එපා කියල.....මැට්ට' යකෝ මාර වැඩක්නෙ.කෙල්ලෙක් එක්ක යාලූ වෙලා අතින්වත් අල්ලන්න නැද්ද ? ඒවට තව කෙල්ලෙක් හොයා ගන්න ඕනද ? මමත් බොරුවට මූණ උල් කර ගත්ත. '- අනේ...... ඕකනෙ, මගේ නපුරු කොල්ලට විහිලුවක්වත් තේරෙන්නෙ නෑනෙ' මයුරි බලෙන්ම මගේ අත ඇදල අරන් මගේ ඇඟිලි අතරින් එයාගෙ ඇගිලි දාගත්තා..අම්ම්මට සිරි පට්ට සිනිදුයිනෙ,මල් පෙත්තක් වගේ . '- අනේ බලන්නකෝ ' ඕකනෙ මං කිව්වෙ කෙල්ලොන්ගෙ අමු බොරුව තියෙන්නෙ කියල.ඒත් බෑ..මමත් දැන් බොරුවට ගණන් උස්සන්න ඕන..මට හරි ආසයි මෙයා මං ඉස්සරහ නාහෙන් අඬල හුරතල් වෙනව බලන්න. 'ඕන නෑ...යන්න&#

Online FM Radio Player වෙබ් අඩවියක් හදමු

මේ කියන්නෙ FM රේඩියෝ චැනල් Online අහන්න පුළුවන් සයිට් හදන්න කැමති අයට උදව්වක්. උත්සාහ කරල බලන්න හරි ලේසියි. මේකෙන් ඔයාට කැමති විදියට කැමති චැනල් එකක් ඔයාගෙ සයිට් එකට දාගන්න පුළුවන්. මේ පහත ෆෝම් එක පුරවල Generate Code ක්ලික් කරාම ලැබෙන කෝඩ් එක ප්ලේයර් එක දාන්න ඕන තැනට Copy-Paste කරන්න විතරයි ඕන. Stream URL: මෙතනට රේඩියෝ චැනල් එකේ Online Stream URL එක දෙන්න ඕන. මං චැනල් කීපයක Stream URL ටිකක් පහතින් දීල තියෙනව. Stream Name: මෙතනට චැනල් එකේ නම දෙන්න. එතකොට ඒක Player එකේ වැටෙනව. Skin: මෙතනින් තමන් කැමති රේඩියෝ ප්ලේයර් Skin එකක් තෝරගන්න. Language: English කියලම දෙන්න. Auto-Play: වෙබ් පේජ් එක ලෝඩ් උන ගමන් ඉබේම රේඩියෝ එක Play කරන්න ඕන නම් මෙතනට හරි ලකුණ දාන්න. නැත්නම් Play button එක එබුවමයි වැඩ කරන්නෙ. Enable Tracking: මේක වැඩක් නෑ. තියෙන විදියටම තියන්න. Buffering Time: වඩාත්ම හොඳ 5-8 අතර අගයක්. Audio Codec: ගොඩක්ම හොඳ mp3 තෝරන්න. Welcome Message: රේඩියෝ එක ලෝඩ් වෙනකම් මොකක් හරි පණිවුඩයක් පෙන්නන්න ඕන නම් මෙතනට දෙන්න. Initial Volume: රේඩියෝ එක ලෝඩ් වෙනකොටම ආරම්භයේදීම තිය

මලකඩ කතුර

හැමදාම ලියන්න දේවල් ගොඩක් හිතන් ආවට කම්මැලි කමටද මංද ලියවෙන්නෙ නෑ. ඔන්න ඔහෙ ඉස්කෝලෙ ගියපු කාලෙ සිද්ධියක් ලියල දාන්න හිතුව. මම ගියේ මිශ්‍ර පාසලකට. ඒ නිසාම කොල්ලො හරි ලස්සනට ෆැෂන් කරන් ඉස්කෝලෙ එන්නෙ. ඒකට අපේ විනය භාර ගුරුවරුත් සූදානමින් හිටියෙ. හැමදාම උදේට ලස්සන ෆැෂන් ෂෝ එකක් ගේට්ටුව ගාව පෝලිමට තියනව. කොහොම උනත් හදන්න බැරි උන් අර මොකේද එකේ දාලවත් මකල හදන්න බෑ. මං නම් ඉතිං අහිංසකය නිසා ඕවට අහුවෙලා තියෙන්නෙ ගොඩක් අඩුවෙන්නැත්තම කතාව මං යන වෙලාවට එක ගුරුවරයෙක් වත් ඇවිත් නෑ] දවසක් ඔහොම පෝලිමට හිටගෙන ඉන්න උන්ට පොඩි කොචොක් පාරකුත් දාගෙන එතනින් යනකොට අපේ විනය භාර ගුරුතුමී මට කතා කරා.. එයාම තමයි කෘෂිකර්මය උගන්නන්නෙ. “ලහිරු, ගිහිඋන් අර කෘෂිකර්ම කාමරේ තියෙන කතුර ගේන්න ඉක්මනට” බඩු හරි, අරුන්ට නෝන්ඩි දානව දැකල මට කියල තණකොල ටික කප්පවන්න තමයි.ඔය ටික කපන්න ගිය සතියෙත් මට කිව්ව. අදත් මේ බටර් පාර දෙන්නෙ මේකට තමයි. මාත් එක්ක ආපු එකත් අතුරුදහන්. ඔන්න අපේ යාලුවො. තණකොල කපල ආපහු පංතියට යද්දි කොල්ලො කොහොම වෙතත් කෙල්ලො දාන නෝන්ඩි තමයි ඉවසන්න බැරි. අනික හරියට ඉස්කෝලෙ මැද්දෙ තමයි තණකොල වවල තියෙන්නෙ.ම

බ්ලොග් එකේ Navigation Bar එක අයින් කරමුද ?

අපි බ්ලොගර් වලින් බ්ලොග් එකක් හැදුවම මෙන්න මෙහෙම බ්ලොග් එකට උඩින් Navigation Bar එකක් වැටෙනවනෙ. කැතයි වගේ නේද ? එහෙනම් ඉතින් අයින් කරමු. මේක අයින් කරාම බ්ලොග් එකේ SEO වඩා හොඳින් වෙනව කියල  digitalpoint forum එකේ තිබුන. නමුත් ඒ ගැන නම් මං හරියට කියන්න දන්නෑ. මෙන්න මෙහෙමයි වැඩේ , ඔයා පැරණි blogger interface එක නම් පාවිච්චි කරන්නෙ, Dashboard  >> Design >> Edit HTML වෙත යන්න. අළුත් blogger interface එකේ නම් කෙලින්ම Template කියල තියෙනව. දැන් මේක කරන්න කලින් full template එකම download කරන් ඉන්න. නැත්නම් වරද්දගෙන මට බනින්න එප. (වරදින්න දේකුත් නෑ හැබැයි ) දැන් අළුත් blogger interface එකේ අයත් තමන්ගෙ දැනට active template එකේ Edti HTML වෙත යන්න. දැන් මෙහෙම පණිවිඩයක් ආවනෙ. එතන Proceed ක්ලික් කරන්න.  දැන් ඔයාගෙ template එකේ HTML කෝඩ් තියෙනව පෙනෙයි. දැන් මේ පහත රූපෙ විදියට variable definitions කියන තැන හොයා ගන්න. අමාරු නම් Ctrl + F ගහල හොයා ගන්නකො.  දැන් ඔන්න ඔය කෝඩ් එකෙන් උඩට, ඒ කියන්නෙ *variable definitions තැනයි උඩ කඩ ඉරි පේලියයි අතරට මෙන්න මේ පුංචි කෝඩ් එ

බ්ලොග් එකට අපේම favicon එකක් දාමු

favicon එකක් කියන්නෙ අපි වෙබ් අඩවියකට ගියාම අපේ Browser එකේ web address (URL) එක ගහන තැන වැටිල තියෙන icon එකට. මුලින්ම මොකක් හරි තමන් කැමති පොඩි පින්තූර කෑල්ලක් හොයා ගන්න. මේ තරම් පොඩි කරාමත් පැහැදිලිව පේන එකක් වෙන්න ඕන. 100 x 100 px ප්‍රාමාණය හෝ ඊට වඩා අඩු නම් ගොඩක් හොඳයි. දැන් මේ වෙබ් අඩවියට යන්න. www.iconj.com මේකෙ දකුණු පැත්තෙ සයිඩ් බාර් එකේ උඩම මෙහෙම තියෙනවනෙ. 1.ඔයාගෙ පොඩි image ෆයිල් එක තෝරන්න. 2.අප්ලෝඩ් කරන්න. ඔය sharpen level කියන එක වැඩක් නෑ. ඕන නම් පින්තූරෙ තියුණු බව (පැහැදිලි බව) පොඩ්ඩක් අඩු වැඩි කරන්න පුළුවන්. දැන් මෙයාල අපේ icon එක හදල ලින්ක් දෙකක් දෙයි. මේකෙන් මේ මං රවුම් කරපු ලින්ක් එක කොපි කරන් ඔයාගෙ බ්ලොග් එකේ, DASHBOARD >> DESIGN >> EDIT HTML වෙත ගිහින් template එකේ HTML කෝඩ් එක හොයා ගන්න. දැන් අපි කලින් copy කර ගනිපු අපේ icon එකේ කෝඩ් එක දාන්න ඕන template , HTML එකේ හා කියන ටැග් දෙක අතරට. ලේසිම දේ කියන්නද ? Ctrl + F ගහල මෙන්න මේ <![CDATA[/* කියන කෝඩ් එක තියෙන පේලියට උඩ පේලියට දාන්න මේ වගේ. දැන් template එක