හැමදාම ලියන්න දේවල් ගොඩක් හිතන් ආවට කම්මැලි කමටද මංද ලියවෙන්නෙ නෑ. ඔන්න ඔහෙ ඉස්කෝලෙ ගියපු කාලෙ සිද්ධියක් ලියල දාන්න හිතුව.
මම ගියේ මිශ්‍ර පාසලකට. ඒ නිසාම කොල්ලො හරි ලස්සනට ෆැෂන් කරන් ඉස්කෝලෙ එන්නෙ. ඒකට අපේ විනය භාර ගුරුවරුත් සූදානමින් හිටියෙ. හැමදාම උදේට ලස්සන ෆැෂන් ෂෝ එකක් ගේට්ටුව ගාව පෝලිමට තියනව. කොහොම උනත් හදන්න බැරි උන් අර මොකේද එකේ දාලවත් මකල හදන්න බෑ. මං නම් ඉතිං අහිංසකය නිසා ඕවට අහුවෙලා තියෙන්නෙ ගොඩක් අඩුවෙන්නැත්තම කතාව මං යන වෙලාවට එක ගුරුවරයෙක් වත් ඇවිත් නෑ]
දවසක් ඔහොම පෝලිමට හිටගෙන ඉන්න උන්ට පොඩි කොචොක් පාරකුත් දාගෙන එතනින් යනකොට අපේ විනය භාර ගුරුතුමී මට කතා කරා.. එයාම තමයි කෘෂිකර්මය උගන්නන්නෙ.
“ලහිරු, ගිහිඋන් අර කෘෂිකර්ම කාමරේ තියෙන කතුර ගේන්න ඉක්මනට”
බඩු හරි, අරුන්ට නෝන්ඩි දානව දැකල මට කියල තණකොල ටික කප්පවන්න තමයි.ඔය ටික කපන්න ගිය සතියෙත් මට කිව්ව. අදත් මේ බටර් පාර දෙන්නෙ මේකට තමයි. මාත් එක්ක ආපු එකත් අතුරුදහන්. ඔන්න අපේ යාලුවො. තණකොල කපල ආපහු පංතියට යද්දි කොල්ලො කොහොම වෙතත් කෙල්ලො දාන නෝන්ඩි තමයි ඉවසන්න බැරි. අනික හරියට ඉස්කෝලෙ මැද්දෙ තමයි තණකොල වවල තියෙන්නෙ.මං නෝන්ඩි දාපු උන් දැන් මට නෝන්ඩි දානව. මොනව කරන්නද මාරු වෙන්නත් බෑනෙ මාව දන්න නිසා. ගිහින් කාමරේ තිබුන කතුර ගෙනාවා.
මලකඩ බෝට්ටුවක්. මේක හොඳ පරණ යකඩ බඩු කාරයෙක්ට. මාවම මේකට අහු උනානෙ.. මං ගිහින් ටීචර් ට ඔරවන් කතුරත් උස්සන් බලං හිටිය.
“ආ ගෙනාවද ? කෝ දෙන්න”
මං කතුර දික් කරා. ඒක දිහා මල පැනල වගේ බලං හිටපු ටීචර් ඊට පස්සෙ හිනා වෙන්න පටන්ගත්ත. ඇයි යකෝ මං පලිද මේක දිරල මලකඩ කෑවට.
“-මේක ලාම්පුතෙල් ටිකක් දාල සෝදල ගත්තම කැපෙනව ටීච”
මං කිව්ව. ආපහු හිනා වෙනව පිස්සුද මංදාං
“හා එහෙනම් වර්ක්ෂොප් එකෙන් ලාම්පුතෙල් ඉල්ලන් ඕක මුවහත තියල ගෙනත් මුන්ගෙ පෙඳ ටික කපන්න. ඇයි බූරුවෝ මම කිව්වෙ මුන්ගෙ කොන්ඩ කපන්න කතුරක් ගෙනෙං කියල. හිතන්න මොළයක් නැද්ද ? ”
කවුද දන්නෙ.එකම නම තියෙන ඒව කොච්චර තියෙද. එදා තමයි විද්‍යාත්මක නාමයක ප්‍රායෝගික වැදගත්කම හරියටම මට තේරුනේ…

Comments
Post a Comment
◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net