Skip to main content

පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?


හනී බනී වෙන් වෙලා දැන් මාස 8ක් විතර ඇති. ගොඩක් දෙනා අහන දෙයක් තමයි එච්චර  ආදරේ කරා නම් කොහොමද දැන් ගානක් නැතුව ඉන්නෙ කියන එක. ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගෙ මිත්‍රයෙක්ගෙ wife ළඟදි Cancer එකකින් නැති උනා. පෞද්ගලිකවම මං දන්න දෙයක් තමයි ඒ දෙන්න අතරෙ පුදුම ආදරයක් තිබුනෙ. එයාලගෙ විවාහ ජීවිතේට අවුරුදු 19කටත් වැඩියි. ඒත් මළ ගෙදරදි, ආදාහන කටයුතු කරද්දිවත් ඒ අංකල් පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ. කිසිම දුකක් පේන්න තිබුනෙත් නෑ. හිස් බැල්මෙන් බලාගෙන හිටිය විතරයි.
කටයුතු ඉවර වෙලා අපි ආපහු යනකොට ඒ මනුස්සය කිව්ව හරි අපූරු කතාවක්,
"නෝන නැති උනාට මට දුකක් නෑ.. ඒත් එයා නැති පාළුව මගේ ජීවිත කාලෙම තියේවි. පහුගිය අවුරුදු 19ටම එයා මටත්, මගෙන් එයාටත් වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරා. අපි දෙන්න දෙන්නටම ණය නෑ.."

එච්චරයි.. මමත් කාටවත් ණය නෑ.. ඒත් අද (ඔක්තෝම්බර් 30) තමන්ගෙ 20 වෙනි උපන් දිනේ සමරන හනී බනීගෙ සියළු කටයුතු, අනාගතේ, බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

ඇත්තටම ඇයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි (සම්මතයට අනුව) යාළු වෙන්නෙ/ ආදරේ කරන්නෙ/සම්බන්ධයක් ඇති කර ගන්නෙ ?? කෙල්ලන්ගෙ පැත්තෙන් මං ඒක දන්නෙ නෑ. මගේ දැක්මට අනුව කියන්නම්...
වර්තමානයේ නම් තරුණ වයසෙ කෙනෙක් තමන්ගෙ පෙම්වතා/ පෙම්වතිය තෝරගන්නෙ කාරණා 3ක් නිසා,

  1. අනිත් අය කරන නිසා / සමාජ සම්මතයක් නිසා
  2. කායික / මානසික ආශාවන් සන්තර්පණයට
  3. අනාගතේ තමන් තනිවේ යැයි බිය නිසා
1. අනිත් අය කරන නිසා / සමාජ සම්මතයක් නිසා

ඇත්තටම වයස 18 හෝ 16න් පහළ , පාසල්වල ශිෂ්‍යයන් මේකට පෙළඹෙන්නෙ මෙන්න මේ නිසා. ඔවුන්ට ඇත්තටම කොහෙත්ම තමන් මේ කරන්නෙ මොකක්ද, ඒකෙ අවසානය මොකක්ද කියලවත් හැඟීමක් නෑ. ඔවුන්ට එදිනෙදා දකින්න ලැබෙන දේවල් නිසා මේකට පෙළඹෙනවා. මීට අවුරුදු 5කට 6කට කළින් හැංඟි හැංඟි පවත්වපු මේ ආදර කතා, අද වෙනකොට ප්‍රසිද්ධියේ පාසල් නිල ඇඳුමින්ම ඉන්න තත්වයකට පත් වෙලා. මං මේ කියන්නෙ ඒක සම්පුර්ණයෙන් වැරදියි කියන එක නෙවෙයි. ඒක ඉතාමත් සාමාන්‍යයි ඒත් දැඩි පාලනයකට යටත් වෙන්න ඕන. නැත්නම් තමන් නවතින්නෙ කොහෙන්ද කියන එක තමන්ටත් හිතා ගන්න බැරි වෙයි. මේක වැඩිපුරම බලපාන්නෙ ගැහැණු ළමයින්ට. අද වෙනකොට අවංකවම අඩුම තරමින් කොල්ලෙක් එක්ක පාර්ක් එකකට රිංගපු නැති කෙල්ලෙක් හොයාගන්න බැරි තරමට මේක පැතිරිලා..

දැන් ඔබ කියාවි, ඇයි කෙල්ලන්ගෙ පැත්තෙන් විතරක්, කොල්ලොත් එහෙමනෙ කියල.. ඔව්.. ඒත් මතක තියා ගන්න කවද හරි විවාහ වෙන දවසට නෑදෑයො හොයන්නෙ කෙල්ලගෙ පැත්ත විතරයි. කොල්ල ගෑණු 10ක් එක්ක නිදාගෙන තිබුනත් ඒක බලන්නෙ නෑ, දැන ගන්නත් බෑ.. ඒත් කෙල්ලෙක්ට චරිතෙ කියන එක බොහොම වටිනවා.. ඒක අසාධාරණයි තමයි... ඒත් ඒක එහමම තමයි 

2. කායික / මානසික ආශාවන් සන්තර්පණයට

මේකත් එහෙමම තමයි. බොහෝ විට මේක වෙන්නෙ blue films නිසා.. කතා කරල තේරුමක් නෑ.. ලංකාවෙ කෙල්ලො කොල්ලො කොච්චර පහත් තත්වෙට මේ වෙනකොට වැටිලද කියල හිතාගන්න පුළුවන්.. කෝරලේ මහත්තයා ලියපු මේ පෝස්ට් එක කියවන්න (බල්ලෙකු සමග ලිංගික ඇසුරක් පැවැත්වූ තරුණිය අමාරුවේ....... 18++)
මං දන්න කියන මාතර ගෙස්ට් හවුස් එකක් කරන කොල්ලෙක් ඉන්නවා. කාමර 6යි. මාසික ආදායම කීයක් කියලද හිතන්නේ ?
රුපියල් එක්ලක්ෂ හැටදාහ පනිනිවා. ඒකෙන් ගෙදර කුළිය  විදියට හතලිස්දාහක් ගෙවනවා. ඉතිරිය ශුද්ධ ලාභය.. වැඩිපුරම එන්නෙ ඉස්කෝලෙ වයසෙ කොල්ලො කෙල්ලොලු. සමහර වෙලාවට එකම කොල්ල දවස් දෙකකදි කෙල්ලො දෙන්නෙක් එක්ක එන අවස්ථායි, එකම කෙල්ල කොල්ලො දෙතුන්දෙනා එක්ක එන අවස්ථායි ඕන තරම්ලු.

3. අනාගතේ තමන් තනිවේ යැයි බිය නිසා

මේක තමයි මට කතා කරන්න ඕන. ඔයා කොල්ලෙක් නම් මුල්ම දවස්වල තමන්ගෙ පෙම්වතිය බලන්න ගියපු හැටි මතකද ?
දෙතුන්පාරක් දත් මැදල, රැවුල කපලා, තියෙන හොඳම ඇඳුම් ඇඳලා, ඩෙක්/ කැන්වස් සපත්තු දාලා.................... ඒත් අවුරුද්දක් දෙකකට පස්සෙත් ඇත්තටම එහෙමද? රබර් කටු දෙකක් දාගෙන දවස් ගානකින් හෝදපු නැති ඩෙනිම් ගහගෙන යනවා නේද ?
ඇත්තටම එහෙම විය යුතුමයි.. අනිවාර්යයෙන්ම. නැත්නම් ආදරය කරන කාලය පුරාවට ඇයට දකින්න ලැබෙන්නෙ ඔයාගෙ හොඳම ඇඳුම් පැළදුම්/ ආභරණ විතරයි.. එහෙම ඉඳල යම් දවසක විවාහ උනොත් Honeymoon එක දවසට පස්සෙ දවසෙ උදේම එපා වෙයි.. මෙච්චර කල් දිව්‍ය ආභරණ වලින් සැරසිල එක පාරටම කුණු කෙල, කබ, හොටු, දාඩිය පෙරාගත්ත මළ පෙරේතයෙක් දැක්කම  ඇයට ඔබේ දාඩිය සුවඳ දැනෙන්න දෙන්න, කට ගදයි නම් refreshment නොගහ ඇත්ත ගඳ දැනෙන්න දෙන්න. ඇයට යථාර්තය පෙන්වන්න. එයා ඒකට අකමැති උනොත් ඇය කොහෙත්ම ඔබට ගැළපෙන්නෙ නැහැ.. මොකද එහෙනම් එයා හොයන්නෙ හින්දි ෆිල්ම් වල ඉන්න පවුඩර් වීරයෙක්. කවදාවත් සැබෑ ජීවිතේ එහෙම උන් නැහැ..

ඔබේ දේවල් ඇයට අප්‍රිය නම් ඒකත් හරියන්නෙ නෑ..කවද හරි ඔබට යම් අනතුරක් උනොත් (ජීවිතය ගැන විස්වාස කරන්න බෑනෙ) ඔබ එකතැන් උනොත්, අතක් පයක් කැඩිල නැඟිටගන්න බැරි උනොත් කැවීම් පෙවීම් වල ඉඳල මල, මුත්‍ර ඉවත් කරන්නත් වෙන්නෙ ඇයටයි. "ඈක්කා.. මේ මොන කරුමයක්ද කියල" දමල ගහල නොයන ආදරයක් ඇයට තියෙන්න ඕන...
අනිත් වැදගත්ම කාරණය විශ්වාසය..
ආදරයක් පවතින්න නම් මේක අනිවාර්යයයි. නමුත් කාලයත් එක්ක මේක පවත්වා ගන්නත් අමාරුයි. ඒත් ඔබ මුලින් අවංක වෙන්න, ඊට පස්සෙ ඇගේ අවංකකම ගැන පරීක්ෂාකාරී වෙන්න.. විස්වාශය එක පාරක් බිඳුනොත් කවුරු කොහොම කිව්වත් ඒක නැවත තිබුණූ තත්වෙට ගන්න බෑ බෑමයි..

අනිත් කාරණය තමයි ඔබ දෙදෙනා ජීවිත දෙකක්. "අපි දෙන්න දැන් දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් " කියන බයිලා සම්ප්‍රදාය ඇත්තක් නෙවෙයි කියල ප්‍රායෝගිකව ආදරේ කරන අය දන්නවා. දෙන්නට තියෙන්නෙ වෙනස් සිතුම් පැතුම්/ ආශාවල්.. නමුත් ඒක සුළු වශයෙන් හෝ ගැලපෙන්න ඕන, එහෙමත් නැත්නම් එක්කෙනෙක්ගෙ යහපත වෙනුවෙන් අනිකාගෙ අදහස් පොඩ්ඩක් වෙනස් කරගන්න ඕන. ඔතනදි දෙන්නම එකිනෙකාට සෙකන්ඩ් වෙන්න අකමැති නම් වැඩේ අවුල්. පවුල් අවුල් වෙන්නෙ ඔන්න ඔතනදි..

මතක තියා ගන්න "ඕන රෙද්දකට සනී සබන් " කියලවත්, "නාඩි වැටෙනව නම් පාන් කෑල්ලත් මොකෝ " කියලවත් පෙම්වතිය තෝරගන්න එපා. ජීවිත කාලෙම එකට ඉන්න පුළුවන් කෙල්ලෙක් හොයා ගන්න. මුලින්ම ඇය ගැන සියළු විස්තර හොයන්න. සීයා, ආච්චිගෙ කාලෙ ඉඳන්ම.. ඔබ ඕව හෙව්වෙ නැතත් ඔබේ දෙමව්පියො හොයනවා. ඒව මොකටද කෙල්ල හොඳ නම් කියල ඔබ කියාවි. ඒත් කවදාවත් දෙමව්පියොන්ගෙ හිත් රිදවල තීරණ ගන්නෙපා. ඒකට කවදා හෝ විඳවන්න වෙනවා වෙනවාමයි..

දැන් කෙනෙක් කියාවි අපේ පැත්තෙ ජෝඩුවක් ගෙදරින් අකමැති වෙලා බැන්ඳා. දැන් ඔය යස අගේට ඉන්නෙ කියලා. ඇත්ත වෙන්න පුළුවන්. ඒත් බලන්න කවද හරි ඕක අනිත් පැත්ත ගැහෙනවා. එහෙමත් නැත්නම් උන්ගෙ දරුවොත් කවද හරි හිතුවක්කාරෙට විවාහ වේවි. අන්න එදාට උන් දෙන්නට තමන්ගෙ දෙමව්පියොන්ට දැනුණු දුක ඒ විදියටම දැනේවි.. හැබැයි මං කොයිම වෙලාවකවත් කියන්නෙත් නෑ ලෝකෙ හැම දෙමව්පියෙක්ම, හැම වෙලාවකම ගන්න තීරණත් නිවැරදියි කියලා...

අන්තිමට කොළඹ විශ්ව විද්‍යාලයේ (පුවත්පත් වලට තීරු ලිපි ලියන) මහාචාර්යය වරයෙක් මට Facebook එකෙන් කියපු කතාවක් කියන්නම්. එතුමාගෙ නම දාන්න බැරි බොහොම ප්‍රසිද්ධ කෙනෙක් නිසාත් පහත වාක්‍යයේ භාෂා හැසිරවීම නිසාත්. (නමුත් හිතාගන්න පුළුවන්නෙ කවුද කියලා)

"පුතා, ගෑණියෙක් ගන්නව නම් තමන්ට අවංක වෙයි කියල හිතෙන, උඹටත් ඒකි වෙනුවෙන් ඕනම දෙයක් දෙපාරක් හිතන්නෙ නැතුව කරන්න පුළුවන් කියන හැඟීම දැනෙන එකියෙක් ගනින්. ඒකි doctor කෙනෙක්ද professor කෙනෙක්ද 5 වසරට ගියපු ගමේ ගෑණියෙක්ද කියල වැඩක් නෑ.. කොච්චර උගත් උනත් පවුල් කන්න, අවබෝධයක් නැත්නම් මොකටද.. අනිත් එක ජීවිතේට, ත# 2යි පු#යි බලල ගෑණු තෝරගන්නත් මෝඩ වෙන්න එපා."

Comments

  1. බොහොම වටිනා ලිපියක්. අර අනික් අය හන්දා ආදරේ කරන කාලයක් තියෙනවා කියන එක ඇත්ත. අත් දැකීමෙන් කියන්නේ. :)

    මම නම් අහලා තියෙන්නේ මෙහෙමයි. තමන් වඩාත් ආදරේ කරන කෙනා නෙමේ, කවදාවත් නැතුව ඉන්ට බැරි කෙනාව තමා අපි බඳින්ට ඕනි.

    මේ ඉස්සලාම කෙල්ලෙක් බලන්ට යනකොට ඔය කියන විදියට නම් යන්ට එපා. පිරිසිදුවට යන්ට. ඔය සුවඳ දේවල් පස්සේ හිමින් සැරේ දැනගනීනේ ආශ්‍රය කරන්ට පටන් ගත්තාම. :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින්... ඕනම දෙයක 1st impression එකනෙ වැදගත්.. නාන්නෙ නැතුව මල පෙරේතය වගේ ගියොත් ලව් ව්කක් තියා යන පාරකවත් කෙල්ලෙක් ඉන්නෙ නෑ :D

      ඉතින් කොහොමත් නැතුව ඉන්න බැරි තමන් වැඩියෙන්ම ආදරේ කරන කෙනාවමනෙ :)

      Delete
  2. මේක කියවලා ලියන්න පඬිටෝක් ගණනාවක් මතක් වුනත්, දෙපාරක් හිතලා තීරණය කරා යසිත්ට ගැලපෙන සහකාරියක් ලැබේවා කියලා පතන්න විතරක්.

    ReplyDelete
    Replies
    1. අපරාදේ මම නම් පඬි ටෝක් එකක් දුන්නද කොහෙද? :(

      Delete
    2. නෑ පොඩ්ඩි. ඔයා දීලා තියෙන පඬිටෝක් එකේ වැ‍රැද්දක් නෑ. ඒක හරි.

      Delete
    3. ලැබුනොත් හොඳයි... නැතොත් වැඩිය හොඳයි... :P

      Delete
    4. Dude...ඒ වුනාට මොනා හරි ලියන්න...

      Delete
  3. ඔන්න ඉතින් මමත් සුබ පැතුවා!

    ReplyDelete
    Replies
    1. හා...... හා... දැන් මොකටද සුභ පතන්නේ... හනී බනී ගියපු එකටද ? :-w

      Delete
  4. Replies
    1. //දැන් ඔබ කියාවි, ඇයි කෙල්ලන්ගෙ පැත්තෙන් විතරක්, කොල්ලොත් එහෙමනෙ කියල.. ඔව්.. ඒත් මතක තියා ගන්න කවද හරි විවාහ වෙන දවසට නෑදෑයො හොයන්නෙ කෙල්ලගෙ පැත්ත විතරයි. කොල්ල ගෑණු 10ක් එක්ක නිදාගෙන තිබුනත් ඒක බලන්නෙ නෑ, දැන ගන්නත් බෑ.. ඒත් කෙල්ලෙක්ට චරිතෙ කියන එක බොහොම වටිනවා.. ඒක අසාධාරණයි තමයි... ඒත් ඒක එහමම තමයි //

      මං වැඩියේම කැමති මෙන්න මේ ටිකට.ඇත්ත මේකයි යසිත්....පිරිමි (ලංකාවේ)උනත් කැමති මැස්සෙක්වත් වහලා නැති කෙල්ලෙක් ගන්න.නැන්දම්මලා කෙල්ල ගැන දැනගත්තු දා ඉඳලා හොයනවා හොයනවා ඉවරයක් නෑ. (ඒගොල්ලො කෙල්ලො කාලේ කරපු කියපුවා එතකොට අමතකයි )හැබැයි මේ කෙල්ලත් නැන්දම්මෙක් උන දාට එයත් ලේලි ගැන හොයන්නේ ඒ විදියටමයි.

      කෙල්ලො තේරුම්ගන්න ඕනේ තමන්ගේ චරිතය,ආත්ම ගෞරවය රැකගෙන ජීවත් උනේ නැත්තං ලංකාවේ කොල්ලෙක් එක්ක පව්ල් කන්න ලේසි නෑ කියන දේ. අද කාලේ ටිකක් විසේ ඇති කෙල්ලෙක්ව කොච්චර හොඳ කෙල්ලෙක් ආශ්‍රය කරත් අර කෙල්ලගෙ හොඳේ නැති වෙන්න විසේකාරිව ආශ්‍රය කරනවා කියන හේතුවම ඇති.ඒ වගේ සමාජයක ජීවත් වෙනකොට සම්පූර්ණයෙන්ම නැතත් යම් තාක් දුරකට අපිට සමාජයට ඕනි විදිහටත් ජීවත්වෙන්න සිද්දවෙනවා.නැත්තං වෙන්නේ සමාජයෙන් කොන් වෙන එක.

      Delete
    2. අනිවා... අනුන් හදන්න කලින් තමන් නිවැරදි වෙලා හිටියොත් කිසි ප්‍රශ්ණයක් ඇති වෙන්නෙ නෑ :-B

      Delete
  5. මාරු මාරු .... :-q

    ReplyDelete
    Replies
    1. අය්යෝ මාරු නෙමේ මරු මරු :-bd

      Delete
    2. මරු මරු කියලා හෙමිහිට මාරු වෙන්න නේද හැදුවේ :P

      Delete
  6. ගොඩක් අයට වරදින තැනක් ජීවිතේ ඔය තීරනය. මටත් එහෙමයි. අර අන්තිමට කියල තියෙන ටික නිවැරදියි. ජීවිතය ලං කරගන්න ඔන තමන්ගේ ජීවිතේ ඇතුලේ වෙන ජීවිතයක් නොපතන කෙනෙක්ව.
    සතුටින් ජීවත් වෙන්න උඹට සුභ පතනවා යසියෝ...

    ReplyDelete
    Replies
    1. ජීවිතේ වරදින්නෙ නැති මිනිස්සු නෑනේ... එහෙම උන් ඉන්නව නම් මේලෝ වැඩක් නොකර නිකං බලං ඉන්න එකෙක් :( වැරදුනාම තමයි හරි ට්‍රැක් එකට වැටෙන්නේ..
      ස්තූතියි !

      Delete
  7. "කවද හරි ඔබට යම් අනතුරක් උනොත් (ජීවිතය ගැන විස්වාස කරන්න බෑනෙ) ඔබ එකතැන් උනොත්, අතක් පයක් කැඩිල නැඟිටගන්න බැරි උනොත් කැවීම් පෙවීම් වල ඉඳල මල, මුත්‍ර ඉවත් කරන්නත් වෙන්නෙ ඇයටයි. "ඈක්කා.. මේ මොන කරුමයක්ද කියල" දමල ගහල නොයන ආදරයක් ඇයට තියෙන්න ඕන"

    මෙන්න මේක තමයි මම කෙල්ලෙක් හොයන දවස් වල සුදුසුකම් ලයිස්තුවේ ඉහලින්ම තිබ්බේ මම හෙව්වා කෙල්ල මට හම්බවෙලා තියෙනවා. නමුත් ලිපිය අවසාන කරලා තියෙන්නේ ලොකු බරක් මගේ හිත උඩ තියලා.........

    " ඒත් බලන්න කවද හරි ඕක අනිත් පැත්ත ගැහෙනවා. එහෙමත් නැත්නම් උන්ගෙ දරුවොත් කවද හරි හිතුවක්කාරෙට විවාහ වේවි. අන්න එදාට උන් දෙන්නට තමන්ගෙ දෙමව්පියොන්ට දැනුණු දුක ඒ විදියටම දැනේවි"

    ReplyDelete
    Replies
    1. ඒ කතන්දරේ තනිකර තියෙන්නෙ ඒ දෙන්න මත. දරුව ඉපදුණු දවසෙ ඉඳන් තේරෙන වයස වෙනකම් ඕවයි ආදීනව කියල දුන්න නම් වැඩේ හරි..
      මට මතක ඇති කාලෙ ඉඳන් අපේ ගෙදර ගල්, පොල්, මල් ආදී සියළුම බ්‍රෑන්ඩ්ස් සඳහා විරුද්ධයි.(දේශීය රා නිශ්පාදනයත් විරුද්ධයි) ඒ නිසාම මටත් ඒව ගන්න හිතෙන්නෙ නෑ..
      පැලේ පොඩි කාලෙදිම තමන්ට ඕන පැත්තට නවා ගත්තම, ඒක ලොකු ගහක් වෙන්නෙත් ඒ නැම්ම එක්කමයි :)

      Delete
  8. හොද දැක්මක් ඇති කෙනෙකි ඔයා... මයේ දෙයියෝ. බොට ඉතිං අවුලක් නොවේවා කියල පතනවා.

    මගේ පුරස්නෙට උත්තර ලැබුනා අද.. “ඇයි යසිත්ගේ ඒවා මගේ රෝලේ අප්ඩේට් නොවෙන්නේ???“

    පිළිතුර- මම මේ තාක් ඒක ෆලෝ කර නොසිටි නිසාය... හැක්

    ReplyDelete
    Replies
    1. දේසකයා නම් ඉතින් මේක කියවන්න පරක්කු වැඩිනේ... :P දරු මුණුපුරන්ටවත් කියල දෙන්න ඉතින් :D

      Delete
  9. ලව් කරනවානම් බොක්කෙන්ම කරන්න ඕනි නැත්තම් නිකන් ඉන්න ඕනි. හැබැයි.. කෙල්ල දාලා ගිය දවසට මැරෙන්න දඟලන්නේ නැතුව. ("ලව් කරන තාක් කල්" කියලා මෙව්වා එකක් හිතට ගන්න ඕනි) සිරාවට මට නම් තවම හිතා ගන්න බෑ දාලා ගියාම මරන්නයි, මැරෙන්නයි හදන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. අන්න රත්තරං කතාව...
      "කෙල්ල ඉන්න කල් බොක්කෙන් අවංකව ලව් කරපල්ලා"
      ගියාට පස්සෙ නාහෙන් අඬල මොකටද නේ..... 7:P

      Delete
  10. පට්ටම පට්ට ලිපියක් මචං....මම අද උදේ ස්ටේටස් එකක් දැම්මා ආදරේ ගැන. මං ඒකත් මෙතන දාන්නම්....
    "~ ආදරයට වහල් නොවන්න ~
    අපි ආදරය කරන්න පටන්ගන්නකොට(මේ කියන්නේ පෙම්වතුන්ගේ ආදරය ගැන) යම්තාක් දුරකට මනසින් අන්ධ වෙනවා. කාටහරි ආදරය කරන්න ගත්තම සමහරවිට අපිට එයාගේ එක එක වැරදි නිකන්ම දැනගන්න පුළුවන්. ඒ කිව්වේ එයාගේ ගතිගුණ වල වැරදි. සමහරවිට එයත් එක්ක ජීවත් වෙන්න බැරි තරම් ඒ නොගැලපීම අපිට බලපාන්න පුළුවන්.

    ඒත් අපි ගොඩක් දෙනෙක් කරන දුර්වල වැඩක් තමයි "පස්සේ මේ වැරදි හදාගන්න පුළුවන්" කියලා හිතලා සම්බන්ධය සාධාරණීකරණය කරන එක. ඒත් යම් දවසක(ආපහු හැරෙන්න බැරි දවසක) මේ නොගැලපීම නිසාම දෙන්නට වෙන් වෙන්න වුණොත් ඒක දෙන්නගෙම ජීවිත වලට කරගන්න ලොකු අපරාධයක්. ඒ නිසා ආදරය කරන්න ගන්නකොට අන්ධ විදියට හදවතට ඉඩ නොදී බුද්ධියටත් ඉඩ දෙන්න.
    ~ රන්දු ~"

    ReplyDelete
    Replies
    1. 100% ක් ඇත්ත.. ආදරේදි හදවතට වඩා බුද්ධියටයි ඉඩ දෙන්න ඕන \m/

      Delete
  11. අර අන්තිම කතාව නම් මල් හතයි බං! එකනේ අපි තවමත් single life සුවය විඳින්නේ...

    ReplyDelete
    Replies
    1. මං සිංගල්... මං සිංගල් කිය කිය ගෑල්ලමයි රවට්ටන එකත් මහ පව්කාර වැඩක් බං :P

      Delete
  12. උඹ සෑහෙන දුර හිතලා බලන කොල්ලෙක්.. ඒ ගැන සතුටුයි..

    අර අන්තිම කතාවටනම් කියන්න දෙයක් නෑ.. අමූලික ඇත්ත.. හොද එකියක් හොයගනින්.. පස්සේ එවුවා හැදිලා ඒවි..

    ReplyDelete
    Replies
    1. එව්වා නම් හදල ගන්න එක කොල්ලගෙ වැඩක් :D

      Delete
  13. maru machn.............

    ReplyDelete
  14. හොද ලිපියක්..

    තමන් ආදරේ කරන කෙනෙක්ට වඩා තමන්ට ආදරේ කරන කෙනෙක් තෝරාගෙන ආදරේ කරන්න ඕන.

    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. නැද්ද එහෙම කෙනෙක් හොයා ගන්න ? :x

      Delete
  15. මචන් මේක අපිට නෙමේ.... පුළුවන්නම් කෙල්ලෝ ඉන්න ගෘප් වලට විතරක් දාපන්.. ඕකුන්ට කියවලවත් හැදෙන්න!! :3

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ආ... කෙල්ලො විතරක් ඉන්න ගෲප් තියෙනවද ? :D මාවත් ඇඩ් කරපන්කො බලන්න.

      Delete
  16. උබ කියපු දේවල් සහතික ඇත්ත.... මම කියන්නෙ කාළකන්නි පිරිමි පිරිසක් ඉන්නව...උන් කරන්නෙ ඌට උගේ වරදක් නිසා ලවු එක බ්‍රේක් උනාම.... තව කෙල්ලො දාගෙන උන් විනාස කරනව... ඉතින් අර කෙල්ලො ගැන කවර කතාද?? අනික කෙල්ලො දැන ගන්න ඕන කොල්ලෙක් කැමතිද කියල ඇහුවහම "හා" කියල පැනල උත්තර දෙන්නෙ නැතුව කොල්ලගෙ "ජාතකේ" හොයල බලල කැමති වෙන්න...

    උබල විශ්වාස කරන එකක් නෑ....

    මගේ හනී බනී මාව තෝර ගත්තෙ හෙනට හොයල... මම ඒක දැනගත්තෙ යාලුවෙලා මාසෙකට පස්සෙ...

    මම කවුද? කොහේද? මම ඉගෙන ගෙන තියෙනවද?? අපේ පවුලෙ විස්තර.. ඔක්කොම හොයල... එයා මට කැමතිද නැද්ද කියලම් කියන්න මාස 02 ක් ඉල්ලුවා.... එයා කිවුව එහෙම ඉන්න බැරිනම් වෙන අතක් බලා ගන්න කියල.... මමත් ඒ කාලෙ ඇතෑරියෙ නෑ... මමත් හෙවුව එයා ගැන..

    දැන් ඔය හොදට ඉන්නෙ.....

    ReplyDelete
    Replies
    1. එහෙම කාලකන්නි කෙල්ලොත් ඉන්නව බං :( කොල්ලො බයිට් කරන..
      අන්න ඔහොම හෙව්වම කාගෙන්වත් බර බරේ නෑනේ.. පස්සෙ වලි වැටෙන්නෙත් නෑ

      Delete
  17. සහතික ඇත්ත.ඇත්ත ජීවිතේ කියන්නේ HD qaulity එකෙන් පුළුල් තිරයේ දකින චිත්‍රපටියක් නෙවේනේ.අනික දෙමව්පියන්ගේ හිත් රිදවීමෙන් ඇතිකරගන්නා සම්බන්ධතාවලට නම් ඇත්තටම වැඩි ආයුෂක් නෑ කියලා මට නම් අත්දැකීමෙන්ම කියතහැකි.ගෑණු මිනිස්සු ඉතින් කාලා බලලා තෝරගන්නයැ දොදොල් වගේ.තමන්ගේ සහ අනුන්ගේ අත්දැකීම්වලින්ම තමයි ඉගෙන ගන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ජීවිතේ කියන්නේ අපි රඟපාන චිත්‍රපටියක්නේ.. හැබැයි කිසිම සීන් එකක් වැරදුනා කියලා අපහු ගන්න බෑ :(

      Delete
  18. අර අන්තිම වැකිය නම් මරු.

    ආදරේ කරන්න ඕන, අනික් අයට ඕන නිසා නම් නෙවි. තමන්ටම දැනෙන නිසා...

    ReplyDelete
    Replies
    1. තමනුත් ඒ ආදරේ අනිත් කෙනාට දැනෙන විදියට කරන්න ඕන :)

      Delete
  19. ආදර්ශමත් ලිපියකින් කාලෙකට පස්සෙ ඇවිත් තියෙන්නේ. මේකේ සාකච්ඡා කෙරෙන කරුණු තුනෙන් තුන්වෙනි කරුණයි වැදගත්. කොල්ලෙක් හෝ කෙල්ලෙක් තම හදවතට අවංක ආදරයක උණුසුම සොයනවනම් පතනවනම් ලබාදෙන්නට සූදානම් නම් ඔවුන් මුල් කරුණු දෙකෙන්ම බැහැර වෙනව කිලයි මම හිතන්නේ.

    //"පුතා, ගෑණියෙක් ගන්නව නම් තමන්ට අවංක වෙයි කියල හිතෙන, උඹටත් ඒකි වෙනුවෙන් ඕනම දෙයක් දෙපාරක් හිතන්නෙ නැතුව කරන්න පුළුවන් කියන හැඟීම දැනෙන එකියෙක් ගනින්. ඒකි doctor කෙනෙක්ද professor කෙනෙක්ද 5 වසරට ගියපු ගමේ ගෑණියෙක්ද කියල වැඩක් නෑ.. කොච්චර උගත් උනත් පවුල් කන්න, අවබෝධයක් නැත්නම් මොකටද.. අනිත් එක ජීවිතේට, ත# 2යි පු#යි බලල ගෑණු තෝරගන්නත් මෝඩ වෙන්න එපා."//

    සීයට දෙසීයක් සත්ය කතාවක්. මහාචාර්ය සරත් විජේසූරියත් මෙවැනිම අදහස් දරන කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ඔව්... ඇත්ත... ඒත් කොල්ලගෙ හා කෙල්ලගෙ සමාජ මට්ටම් යම් තරමක් හෝ ගැලපෙන්න ඕන. නැත්නම් පසුවට ප්‍රශ්ණ එනවා

      Delete
  20. හ්ම්ම්.. කියලා තියන දේවල් නම් ඇත්ත. ඒත් තේරුම් ගන්නේ කවුද ඉතින්??

    ReplyDelete
    Replies
    1. තියෙන්නෙ ඇත්ත නම් ඇයි තේරුම් ගන්න බැරි ??

      Delete
  21. ane manda.owwa gena monawath kiyanna api tama podi wedi.eeth yana ayata yanna arinna kiyala kathawak tiyenawane.. kohoma hari hadawatha lassana honda geellamayek muna gehenta kiyala hadawatinma prarthana karanawa...)))

    ReplyDelete
    Replies
    1. හැමදාම පොඩියි පොඩියි කියල හරියන්නෙ නෑ හරිද නංඟා ?
      දැන් ඉතින් කාගෙ හරි බෙල්ලෙ එල්ලෙන්න කාලෙ ඇවිල්ලා :D

      Delete
  22. ඔය මොලේ ඒ කාලෙ මට තිබුනෙ නෑනෙ. හරි බුද්දිමත් කොල්ලෙක් නෙ අප්ප මෙයා.

    ReplyDelete
    Replies
    1. දකුණෙ මිනිස්සු කොහොමත් බුද්ධිමත්නේ :D

      Delete
  23. Dot..සැහෙන්න දවසකින් බ්ලොග් පැත්තේ ආවම ඉස්සෙල්ලම ඇහැට ගැටුනේ මේ බ්ලොග් එක..ඔය කියන බහුතරයකට මමත් එකඟයි..එකඟ නැති ඒවා..ලියන්න ඕන නැහැ..මොකද අපි එක එක්කෙනාගේ පුද්ගලික මතවාදත් තියනව නේ..මොනවා වුනත්..ඔයා ඇත්තටම හරි අගේ කල යුතු අදහස් ගොඩක් මේකේ ලියලා තියනවා....ජය ...

    ReplyDelete
    Replies
    1. තැන්කූ :) බ්ලොග් පැත්තෙ ආවෙ නැත්තෙ කම්මැලිකමටනේ.. නැත්නම් ෆේස්බුක් එකේ දවසම ඉන්නේ :D

      Delete
  24. මේ පෝස්ට් එක මට මග හැරිලා ... ඉතාම වැදගත් දේවල් ටිකක් යසිත් ... වැරදි කෙනෙකුට ලං උනොත් ජීවිතේම ඇපයක් වෙනවා කියලා නම් දන්නවා හොඳට.... වැදගත්ම පෝස්ට් එකක් ........

    ReplyDelete
    Replies
    1. ගෑණියෙක්ට මිනිහෙක්ගෙ ජීවිතේ ගොඩ දාන්නත් පුළුවන්, නැත්තටම නැති කරන්නත් පුළුවන් :-/

      Delete
  25. ජීවිතේ තව කාලයක් විදිනවද නැත්නම් විඳවනවද කියල තිරණේ කරන තැන නේ ඔය. මම නම් හිතන්නේ සම්පූර්ණ බුද්ධියෙන්ම ගන්න ඕනි තීන්දුවක් ඔය. ඒත් හදවතට එකඟව.

    ReplyDelete
    Replies
    1. :D අන්න හරි // හඳවතට එකඟව බුද්ධියෙන් ගන්න ඕන තීරණයක් //

      Delete
  26. punchi req ekak thiyanawa bn meke g+ wala share karannath btn ekak dnna.kathawa nam sahathika aththa

    ReplyDelete
  27. සමස්තයක් විදියට යසිත් අයියගේ කතාවට මම එකඟ යි. ඒත් ආදරයක් හිතට එන්නේ අපි නොදැනුවත් ව. එහෙම වෙලාවක හොයලා බලලා කුල පරම්පරා ගැළපෙන්නේ නෑ කියලා ඒ ආදරේ අත් අරින්න කියන එක වැරදි යි. මම නං හිතන්නේ කුල පරම්පරාව කොහොම වුණත් තමන්ට අවංක ව ආදරේ කරන හැමදාම තමන් ළඟ ඉන්න කෙනෙක් ඉන්නවා නං ඒක යි වඩාත් වැදගත් වෙන්නේ. එහෙම යි කියලා හොයලා බලන්න එපා කියලා නෙමෙයි මම කියන්නේ. කුල පරම්පරා හොයන්න කලින් හොයන්න ඕනේ වඩාත් වැදගත් දේ තමයි ඒ කෙනාගේ ගතිගුණ සහ චරිතය. ඊට පස්සේ තමයි අනිත් ඒවා :)

    හනී බනී දාල ගිය එක ගැන මට දුක යි. හ්ම්ම්, හොඳ කෙනෙක් ලැබෙයි කියලා හිතනවා ඉක්මනින් ම!

    ReplyDelete
  28. වටිනා ලිපියක් සහො ජයෙන් ජය....

    ReplyDelete
  29. උබට හොද කෙල්ලෙක් ලැබේවා කියල ප්‍රර්ථනා කරන්නම් . . . හැබැයි අපි ගොඩක් දේවල් හොයල ආදරේ කරන්න ගියොත් එක . . . . අනේ මන්ද . . .

    ReplyDelete
    Replies
    1. ඒ වගේම අපි mඔකුත් හොයන්නේ නැතුව ආදරේ කරන්න ගියොත් :(

      Delete
  30. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ....
    සුබ නව වසරක් වේවා!
    බැරි වුන අයට එන වසරේදීවත් පෙම්වතියක් ලැබේවා.!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා !

      හෙමින් සැරේ හින්ට් එකකුත් ගැහුවා නේද :P

      Delete
  31. අපිත් මොනා හරි කියල යන්නං හරි නෑනෙ නැත්තං.
    යසිත් කියන එක ඇත්ත. ඔයා කියල තියෙන ජාති 3න්ම 1වෙනි කාණ්‍ෙඩ අය තමා වැඩි. අනිත් අය කරනව දැක්ක ගමන් කරනවග අන්තිමට ලොවෙත් නැති වෙන්න නාගෙන ගෙදර ඉන්නව. ළමයෙකුත් නලවන වෙලා අනන්තයි. බොහෝ දුරට ඒ ළමයගෙ තාත්ත කවුද කියල ඒ කෙනාවග් දනනෙ නෑ. ඕං සනි සිරි ලංකාවෙ අද තත්තෙ

    ReplyDelete
    Replies
    1. එකනේ.. කවුද මේවට වග කියන්නේ ?

      Delete
  32. හොද පෝස්ට් එකක්.මම පලවෙනියට ආදරය කරන්න පටන් ගත්තෙ මට හැගුන නිසා.ඊට පස්සෙ ඒක සාර්ථක වුනේ නැහැ.වන් සයිඩ් ලව් එකක් වුනා.ඕන් මට හිතුනා වෙන අතක් බලාගත්තන්ම් හොදයි කියලා.ඊට පස්සෙ අවුරුදු දෙකක් විතර යනකන් හිටියෙ මේක ඉස්සරහම තමා.කෙල්ලො ගැන හෙව්වෙ නැහැ.ඔන්න ආයි ආදරයක් දැනුනා.ඒකත් අසාර්ථක වෙලා වන්සයිඩ් ලව් උනා.අන්න එතකොට තමා උඹ ඔය කතා කරපු පලවෙනි තත්වය මට ඇතිවුනේ.යන්තන් ඒකෙන් ගොඩ ගිහින් ආයි මඩේ වැටුනා.ඔන්න එතකොට මට තේරුම් ගියා මොකක්ද මේ ආදරය??මේක ආදරයද නැත්තම් අද කාලේ පාසල් වයසේ අය අතර ගොඩක් දුරට තියෙනවා වගේ ආකර්ශනයද කියලා.කොහොම හරි මන් තේරුම් ගත්තා මම ආදරය කරලා කියල.දැන්නම් සිහින මාලිගා තනනවා.මොකද ඊලඟ කෑල්ල තවත් රසවත් වෙයි කියලා හිතලා.ආදරය හා ආකර්ශණය තේරුම් ගන්න බැරි ලොකු ප්‍රශ්නයක් දැන් තියෙන්වා.ඒක මෙච්චර අපිට ප්‍රේමය බිඳ වැටීම් ගැන අහන්න ලැබෙන්නෙ.මේ දේ තේරුම් අරන් නැති නිසා උඹ කතා කරපු දෙවනි කාරනයට පුද්ගලයා පත්වෙනවා.ඒත් මම මෙතන තව කාරනයක් දකින්වා."හොඳ සැමියෙක්/බිරිඳක්/පෙම්වතෙක්/පෙම්වතියක් වෙන්න කාටවත් ආසාවක් තියෙන්න බැරිද?සැබෑ ප්‍රේම වන්තයෙකුට/ප්‍රේම වන්තියෙකුට????" මේකත් එකතරා ආකාරයකට උඹ කිව්වා වගේ "මානසික ආශාවන් සන්තර්පණය"ක් වෙන්න පුලුවන් තමා.එහෙම බැලුවොත් අන්තිමට විවිධ මානසිකත්ව වල ඉන්න අපි ආදරය කරලා බලාපොරොත්තු වෙන්නෙ "මානසික ආශාවන් සන්තර්පණය"ක් ම නොවේද??? මමනම් හිතන්නෙ මේ සියල්ල මනස සනසන්න ගන්න උත්සහයන්.ජීවිත් වෙන්න මේ දේ අවශ්‍ය නැහැ කියලා මම කියන්නෙ නැහැ.මටනම් ඇත්‍යවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. ඇයි මචෝ.... අව්ල්ද?? :P ~X( #:-S

      Delete
    2. නෑ නෑ සිරා ඇත්ත කතාව :)
      රිප්ලයි එක ගහ ගන්න වෙලාව තිබුනේ නෑ ඒ වෙලාවේ.

      "ඊලඟ කෑල්ල තවත් රසවත්"
      එතකොට මොකක්ද මේකේ අන්තිම කෑල්ල :p

      Delete
    3. අපි අන්තිම කෑල්ලක් කරන්න හිතුවට,කෙල්ලො කැමති නැහැනෙ අපේ අන්තිම කෑල්ල වෙන්න.ඉතින් හැම තිස්සෙම බූට් එකක් කාපුවම වගේ "ඊලඟ කෑල්ල තවත් රසවත්" කියනවා.. බලමු ඉතින් කවදාහරි "අන්තිම කෑල්ල ගොඩක් රසවත් වෙයි" කියන්න පුලුවන් වෙයිද කියලා...???

      Delete
  33. අර මහත්තයගේ කතාවනං මරු

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් බහුල මහත්මයෙක් :)

      Delete
  34. අපුරුයි ඔබේ හැගීම්....

    ReplyDelete

Post a Comment

◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net

You May Like Also,

පන්සිය පණස් ජාතක පොත

මේක දෙන්නෙ හිටියෙ මීට ගොඩ දවසකට කලින් උනත් විවිධ හේතු නිසා අතපසු උනා.. අද පෝය දවසෙ කොහොම හරි දානව කියල හිතා ගත්තා... පන්සිය පණස් ජාතකය, ඔව් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම 550 ක , උන්වහන්සේ විසින් දේශණා කරපු ජාතක කතා මේකෙ ඇතුලත්.. අපි සාමාන්‍යයෙන් දන්න විදියට පන්සිය පණස් ජාතකය කිව්වට දැනට නිකුත් වී තියෙන ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නෙ ජාතක කථාංග 447 හෝ 446.. අනිත් 3 හෝ 4 ගැන සඳහනක් නෑ.. නමුත් මේ විද්‍යූත් ලේඛන පිටපතේ ජාතක කථාංග 550 ම ඇතුළත්.. අවසන් කථාංග 4 බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් කටවහරෙන් පැවතෙන ජාතක කථාංග ඇතුලත් කරල තියෙනවා.. මට මේක හම්බ උනේ වෙන වෙනම කොටස් විදියට. මං සියල්ල එකතු කරල තනි PDF file එකකට merge කරා... අවශ්‍ය තැන් bookmark කරන් කියවන්න පුළුවන්නෙ... 19.9 MB  ඔබගේ පරිගණකයේ මෙහෙයුම් මෘදුකාංගය Windows XP හෝ Windows 7 නම්, PDF file reader එකක් නැතිනම් මෙතනින් adobe reader එක අරගන්න..

බ්ලොග් එකේ Navigation Bar එක අයින් කරමුද ?

අපි බ්ලොගර් වලින් බ්ලොග් එකක් හැදුවම මෙන්න මෙහෙම බ්ලොග් එකට උඩින් Navigation Bar එකක් වැටෙනවනෙ. කැතයි වගේ නේද ? එහෙනම් ඉතින් අයින් කරමු. මේක අයින් කරාම බ්ලොග් එකේ SEO වඩා හොඳින් වෙනව කියල  digitalpoint forum එකේ තිබුන. නමුත් ඒ ගැන නම් මං හරියට කියන්න දන්නෑ. මෙන්න මෙහෙමයි වැඩේ , ඔයා පැරණි blogger interface එක නම් පාවිච්චි කරන්නෙ, Dashboard  >> Design >> Edit HTML වෙත යන්න. අළුත් blogger interface එකේ නම් කෙලින්ම Template කියල තියෙනව. දැන් මේක කරන්න කලින් full template එකම download කරන් ඉන්න. නැත්නම් වරද්දගෙන මට බනින්න එප. (වරදින්න දේකුත් නෑ හැබැයි ) දැන් අළුත් blogger interface එකේ අයත් තමන්ගෙ දැනට active template එකේ Edti HTML වෙත යන්න. දැන් මෙහෙම පණිවිඩයක් ආවනෙ. එතන Proceed ක්ලික් කරන්න.  දැන් ඔයාගෙ template එකේ HTML කෝඩ් තියෙනව පෙනෙයි. දැන් මේ පහත රූපෙ විදියට variable definitions කියන තැන හොයා ගන්න. අමාරු නම් Ctrl + F ගහල හොයා ගන්නකො.  දැන් ඔන්න ඔය කෝඩ් එකෙන් උඩට, ඒ කියන්නෙ *variable definitions තැනයි උඩ කඩ ඉරි පේලියයි අතරට මෙන්න මේ පුංචි කෝඩ් එ