Skip to main content

Posts

Showing posts from May, 2013

අපේ කැරකෙන වෙසක් කූඩුව...

පහුගිය දවස් ටිකේම පෝස්ට් එකක් දාන්න තියා බ්ලොගර් එකවුන්ට් එකට ලොග් වෙන්නවත් බැරි උනෙත් මං හරීම බිසී නිසා මොකද දන්නවද ? අපි හැදුවනෙ කූඩුවක්  මේක වෙසක් කූඩුවක්.. නිකංම නෙවෙයි අඩි 25ක් උස කැරකෙන කූඩුවක් ඒත් පොඩි තාක්ෂණික මෙව්ව එකක් නිසා අඩි 25ක් උස උනෙත් නෑ කැරකුනෙත් නෑ ඒත් අවුලක් නෑ කොහොම හරි හැදුවනෙ.. දැං මෙතැන් සිට දිග හැරෙන්නේ ඒ මහා කූඩූ රාජයාගේ උත්පත්ති කතාවයි.. ලංකාව පුරාම හැම ආයතනයකම වගේ වෙසක් උත්සවයට සරසනවනේ. ඉතිං මං ඉගෙන ගන්න එකෙත් ඒක බොහොම ඉහලින් සමරනවා. ඒකට සමඟාමීව වෙසක් කූඩු තරඟෙකුත් පවත්වනව කියපු දවසෙ ඉඳන් ඔන්න අපේ කට්ටිය ෆෝම් උනා.. කොහොම හරි එක වෙන්න.. අපිත් ඉතිං හැදුව කියමුකෝ.. මුල ඉඳලම ප්ලෑන් කරපු විදියට තනිකර කූඩුව හැදෙන්නෙ ස්වාභාවික ද්‍රව්‍ය වලින්. (ඒත් ඒව එක්ක වැඩ කරන්න මෙච්චර අමාරුයි කියල දන්නව නම් පුරුදු සව් කොලෙන්ම අලවනව) මේක තමයි කූඩුවෙ සැකිල්ල වටේට ගොක් කොළ වලින් පැදුරක් වගේ වියුවා අපි නම් දළදා මාළිඟාවෙ අනුරුවක් කියල හිතාගෙන හැදුවෙ. අනිත් අයට මොකක් වගේ පෙනුනද කියල නම් මං දන්නෙ නෑ.. පැටව් කූඩුවක් රෑ කාලයේ මේ වගේ පරිවාර කූඩු 6ක් තිය