Skip to main content

මොණර පෙමක අවසානය

“මට කියන්න යසිත් , මාව කවදාවත් තනි කරන්නෙ නෑ නේද ? “

මයුරි සිය දහස්වෙනි වරටත් මේ ප්‍රශ්ණෙම මගෙන් ඇහුව. මේකට මං කී පාරක් නම් උත්තර දීල ඇත්ද, ඒත් ඒ උත්තරේ නැවත නැවත අහන්න එයා ආස කරනව.

-”නෑ වස්තු, කවදාවත් නෑ. ඔයා මාව දාල ගියත් මං කවදාවත් එහෙම කරන්නෑ සත්තයි”

මගේ පපුවට තුරුල් වෙලා හිටපු ඇගේ මුහුණ දෝතිම අරන් ඒ දිලිසෙන ඇස් දිහා බලන් මම කිව්වෙ හදවතින්මයි.

යම් කෙනෙක් මේව බොළඳ ප්‍රාථමික මට්ටමේ ක්‍රියාවන් කියල අර්ථකතනය කරයි. ඔව් මමත් ඒකට එකඟයි. නමුත් මම විස්වාස කරන විධියට ආදරයක් ආදරෙන් පවත්වාගෙන යන්න නම් ඒ බොළඳ බව අනිවාර්යයෙන් තිබිය යුතුයි.

“ඒත් මට බයයි යසිත්, කවුරුහරි මගෙ මහත්තයව මගෙන් උදුර ගත්තොත් ? “

-”එහෙම උනොත් ඔයා මොකද කරන්නේ ? ” මං හිනාවෙමින් ඇහුව.

“එහෙම උනොත්……. එහෙම උනොත් මං ඒකිව මරාගෙන මැරෙනව”

ඒක එයා ආවේගයෙන් කියපු හැටියට නම් ඒක නිකම්ම කියපු දෙයක් නෙවෙයි කියල මට තේරුණා. කොහොමත් ආදරයයි වෛරයයි කියන්නෙ එකම පිහියක දෙපැත්ත කියල කවුද කියපු දෙයක් මට මතක් උනා.

අපි කවුරුත් තමන් ආස කරන , ආදරේ කරන දේවල් අයිත් කර ගන්න ආසයි. ඒත් ඒ දේ තමන්ගෙ කරගන්නකම් තියෙන ආසාව අයිති උනාට පස්සෙත් නොවෙනස්වම තියෙනවද කියන එක තාමත් මට ගැටළුවක්.

-”ඊඉඉඉ…. මරාගෙන මැරෙන්න ඔයා කොටි කෙල්ලෙක්ද ? “

මං මයුරිගෙ නහය හයියෙන් මිරිකන ගමන් ඇහුව.

“ආව්… එපා මෝඩයෝ… රිදෙනවා..ඉන්නවකො” කියල පැනපු ගමන් ඒ පිස්සි මගේ ඇඟිල්ලක් හැපුව.

“අම්මෝ… යකෝ… හිටපිය තොට මං…”

මයුරි හිනාවෙවී නැඟිටල දිව්ව.මමත් එයා අල්ලන්න පස්සෙන් පැන්නුව.

එතකොටම අහස කළු කරන් කොහේදෝ ඉඳල ආපු ලොකු කුරුල්ලෙක් එක පාරටම මම හිතන්නත් කලින් මගේ මොණරිව ඩැහැගෙන ගියා. මට කෑ ගැහුන,

-”අනේ මයුරී… අනේ දෙයියනේ… “

* * *

‘චටාස් ගල සද්දෙකුත් එක්ක කම්මුලෙන් ආපු දැඩි වේදනාව නිසා මං ඇස් ඇරල බැළුව. චොරය, කුකුළා,ඉක්කාව කියන මගේ නසරානි යාළුවො සෙට් එක මං දිහා ඔරවං බලන් ඉන්නව.

“ඒ බොල, #$%@## තෝ දවල් දවසෙම කම්බුලේ අත තියන් හූල්ල හූල්ල ඉඳල රෑ එළි වෙනකම් උලම වගේ බෙරිහන් දෙනව. තෝ ඔය පිස්සුව නවත්තන්නෙ කවදද ? ” චොරය කියවගෙන යනව.

මං වහලෙ හෙමින් කැරකෙන ෆෑන් එක දිහා බලාගෙන හුස්මක් හෙළුව..

” ඒ බං.. සිරාවටම මොකෝ උඹ ‘අනේ මයුරි, අනේ’ කියල කෙඳිරි ගෑවෙ ? උඹ හීනෙන් ඒකි එක්ක ටිලිං ටිලිංද ? හී හිහිහි”

අම්මප මූට කුකුළ කියල නම දපු එකේ වැරැද්දක් නෑ.වල් කුකුළ කියල දැම්ම නම් ඊට හොඳයි. මං කොට්ටෙ බිත්තියට තියල හේත්තු උනා.

“මොකද්ද බං මේකෙ තේරුම.ඒකිට උඹ පණ ඇරල ලව් කරලත් ඒකි අරූ එක්ක ගියේ උඹව එපා නිසානෙ. උන් ආතල් එකේ පවුල් කනව ඇති.උඹ මෙතන උදේ හවස වැලහින්න වගේ හූල්ලනව.” චොරයගෙ බ්‍රේක් නැති කට වැඩ කරනව.

-”සිරාවටම කරපු හින්ද තමයි බන් අමතක කරන්න බැරි”

“ඒ උඹටනෙ.. එහෙනම් ඒකි ඔය ලස්සනට ඉන්නෙ. යකෝ… ජීවිතේ කියන්නෙ බිස්නස් එකක් නම් ඒකෙ සල්ලි කියන්නෙ ඔය ආදරේ කියන කෙහෙල්මලට. ඒක හොඳ තැනක ආයෝජනේ කරොත් විතරයි බිස්නස් එකෙන් ලාභ ලැබෙන්නෙ. උඹ ඒක ආයෝජනේ කරේ සක්විති වගේ කෙල්ලෙක් ගාව.ඒකි එවත් අරන් පැනල ගියා.උඹ ඉක්මනට ලෝන් එකක් ගහල හරි බිස්නස් එක නග්ගල ගනිං.. නැත්නම් පුතෝ පාඩු පිට පාඩු වෙලා උඹ විනාසයි.

වචාලය උනාට උගේ ව්‍යාපාරික දැනුමත් ගොඩක් වටිනව වගේ..

-”බලමු මචං, ඒත් එක පාරට හිත හදා ගන්න අමාරුයි”

“හික්… දැන් උඹට ඔය දුක තියෙන්නෙ ඒකිත් එක්ක එක පාරක් හරි නිදියෙන්න නොලැබුන එකටනෙ…හික්”

-”පිස්සුද යකෝ,උඹ දන්නවනෙ මං ඒකිව පරිස්සම් කරපු විදිය එහෙම බලුකම් කරනව නම් කරල හුඟක් කල්” මං ඉක්කාවට ඔරවල කිව්ව.

“අනේ පලයං බං යන්න.. උඹ දැන් එහෙම කියනව. උබ ඕක කරල තිබ්බ නම් කියයි ‘ඒකි ගියාට අවුලක් නෑ,මං ඕන ටික කරගත්ත’ කියල. අනික උඹේ මහලොකු පරිස්සම හින්දනෙ ඒකි වෙන එකෙක් එක්ක ගියේ” ඉක්කාවටත් මල පැනල කියවනව.

“හරි හරි… දැන් අපි නිදියෙනව. උඹ හීන බල බල නිදා ගත්ත ඇති දැන් පාඩම් කරපන්”

-”මට බෑ බං හිතට ෆිට් නෑ. නිකං බොරුවට පොත දිහා බලං ඉඳල වැඩක් නෑනෙ”

“එහෙනම් ඉතිං ඕන මඟුලක් කර ගනිං. ගෑණුන්ට ඕනවට වඩා නිදහස දුන්නම ඔහොම වෙනව. අනික උන්ගෙ හිත ඉක්මනටම වෙනස් වෙනව. උන්ට හිතුනොත් මූට වඩා අරූ මට ආදරෙයි කියල හුලං තමයි. ඒ නිසා එහෙම දැනෙන්න දෙන්න එපා. අවුරුදු 7ක් ආදරේ වෙනුවෙන් දර දිය ඇදපු කාලගෝලයට වඩා, දිත්තලාට ලොකු උනේ මඟදි ක්ෂණිකව හම්බඋන දික්පිටියව. තමන් වෙනුවෙන් මැරෙන්න උනත් සූදානම් උන මනමේ කුමාරයට වඩා කුමාරිය ලොකු උනේ කැලේ වැද්දෙක්ව. ඔන්න ඔහොමයි බං ගෑණුන්ගෙ හැටි. සේරටම වඩා අද කාලෙ කෙල්ලොන්ට ලව් කියන්නෙ ෆැෂන් එකක්. ටික කාලෙකින් ඒ කොල්ල අවුට් ඔෆ් ෆැෂන් උනාම තව එකෙක් හොයා ගන්නව. කතාකරල වැඩක් නෑ බං”

චොරයටත් මාර සමාජ දැනුමක් තමයි අෆ්ෆ තියෙන්නෙ.

“අනික ඔය සේරටම වඩා වැදගත් දේ තමයි…………” කුකුළත් හොට දැම්ම.

-”මොකක්ද ? “

“ආපහු නිදා ගන්න කලිං උඹ ගිහින් මූණ හෝද ගනිං. නින්දෙන් උඹ කෑල්ල කියල ලව් කරේ අපේ ෂීබත් එක්ක. උගේ කෙල ගෑවිල උඹට ජලභීතිකාව හැදුනොත් අපිටත් බෝ වෙයි. උඹට කනේ ෂොට් එක නොදුන්න නම් උඹේ ලව් සික් එකට ඒ අහිංසක සතාට තව මොනව කරයිද දන්නෑ”

හිවල්ලු 3 දෙනා හැක හැක ගාල හිනාවෙනව. ෂීබත් නැට්ට වනවන උන්ට සපෝට් එක දෙනව.

“තොපි වගේම තමයි තොපේ මේ පර බල්ලත් තොපිට #*^&%#&#$#^ “

උන්ගෙ ගුණ කිය කිය මං මූණ සෝදන්න ආව…..

Comments

  1. ටැංකියට ආපු අඩිපාර දිගේ ඔන්න මමත් ආවා. දිගටම එන්නම්.
    කතාවේ මුල කොටස කියවලා නැති නිසා පෝස්ට් එක එච්චර තේරුනේ නම් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා! මම බ්ලොගර් වලට අළුත්.. කතාවෙ මුල් කොටස් 2 ලින්ක් උඩින් තියෙනවා :D

      Delete
  2. මලයා ඔන්න මමත් ආවා මේ පළමු දවස හොඳ අඩවියක්නේ. දැන් දිගටම එනවා.
    එන්න සමකය වටේ (samakaya wate)යමු රවුමක්

    ReplyDelete
    Replies
    1. මමත් ඇවිත් තාම සතියක්වත් උනේ නෑ. ස්තූතියි!

      Delete
  3. හ්ම් ....හොඳ අඩවියක් ! එන්නම්කෝ දිගටම
    :)

    ReplyDelete
    Replies
    1. :-c ස්තූතියි අක්කි!

      Delete
  4. මාත් ඔන්න අවා.... කතාවේ ඉතුරු ටික නිවී සැනසිල්ලේ කියවන්නම්කො...... :)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නව සමනලී අක්කි :-h

      Delete
  5. මමත් අදයි මේ පැත්තෙ ආවෙ...මේ කතාවෙ කොටස් තුනම කියෙවුව. කතාව ලස්සනට ලියල තියෙනව මල්ලි...දිගටම ලියන්න මගෙන් සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! අක්කි..දිගටම මේ පැත්තෙ එන්න.

      Delete
  6. කට්ට කාලා දා ගත්ත කෙල්ල යාළු....
    ආයේ මාව හම්බ වෙන්න එන්නේ නෑලු.....//

    මේක සිරා කරපු මගේ ප්‍රථම ලවු එක...
    මම බොක්ක වුනත් දෙන්න හිටියේ ඈ හට....
    දැනුයි මට හැඟෙන්නේ ඇය ගැලෙවුවේ මගේ දත...
    අද කනේරු ඇට කන්න හිතෙනවා මට.....
    කියලා වැඩක් නෑ...නින්ද යන්නේ නෑ...
    මේවා හිතලා හිතලා මගේ නාඩි වැටෙන් නෑ...

    මචං ඔවුවා ඔහොම තමයි කෙල්ලෝ හිටියට...
    එයාලා අපිව දාලා යන්නේ අනේ නොකියම....
    උඹට සෙට් වෙනකල් හොඳ කෙල්ලෙක් ළඟදීම...
    බ්ලොග් එකක් ලියලා ඉමු ආතල් එකේ අද....


    හිතලා වැඩක් නෑ...ආයේ එන්නේ නෑ...
    මේක ගැනම හිතලා හිතලා වැඩක් වෙන්නේ නෑ....

    එයා ගියා කියලා අපි හඬන්නේ නෑ...
    වෙන කෙල්ලක් සෙට් වුනාම තනිය නෑ...


    ReplyDelete
    Replies
    1. උමා දසුන් මේ අහපන් බූට් කාපු තොට...
      පේන්නෙ හැම කෙල්ලම දැන් වැරදියටම බොට..
      ලව් කරන්න ඉගෙන ගනින් හංඟාගෙන දත..
      නැත්නම් පුත උඹ ඉවරයි ඒකි ගියොත් හෙට...

      Delete
  7. මාත් පළවෙනියටමයි මෙහෙට ගොඩ උනේ.මොණර පෙම මුල ඉදන්ම එක උස්මට කියවන් ගියා.මරුවට ලියලා තියනවා.සුභ පැතුම් සහෝ

    ReplyDelete

Post a Comment

◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net

You May Like Also,

පන්සිය පණස් ජාතක පොත

මේක දෙන්නෙ හිටියෙ මීට ගොඩ දවසකට කලින් උනත් විවිධ හේතු නිසා අතපසු උනා.. අද පෝය දවසෙ කොහොම හරි දානව කියල හිතා ගත්තා... පන්සිය පණස් ජාතකය, ඔව් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම 550 ක , උන්වහන්සේ විසින් දේශණා කරපු ජාතක කතා මේකෙ ඇතුලත්.. අපි සාමාන්‍යයෙන් දන්න විදියට පන්සිය පණස් ජාතකය කිව්වට දැනට නිකුත් වී තියෙන ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නෙ ජාතක කථාංග 447 හෝ 446.. අනිත් 3 හෝ 4 ගැන සඳහනක් නෑ.. නමුත් මේ විද්‍යූත් ලේඛන පිටපතේ ජාතක කථාංග 550 ම ඇතුළත්.. අවසන් කථාංග 4 බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් කටවහරෙන් පැවතෙන ජාතක කථාංග ඇතුලත් කරල තියෙනවා.. මට මේක හම්බ උනේ වෙන වෙනම කොටස් විදියට. මං සියල්ල එකතු කරල තනි PDF file එකකට merge කරා... අවශ්‍ය තැන් bookmark කරන් කියවන්න පුළුවන්නෙ... 19.9 MB  ඔබගේ පරිගණකයේ මෙහෙයුම් මෘදුකාංගය Windows XP හෝ Windows 7 නම්, PDF file reader එකක් නැතිනම් මෙතනින් adobe reader එක අරගන්න..

බ්ලොග් එකේ Navigation Bar එක අයින් කරමුද ?

අපි බ්ලොගර් වලින් බ්ලොග් එකක් හැදුවම මෙන්න මෙහෙම බ්ලොග් එකට උඩින් Navigation Bar එකක් වැටෙනවනෙ. කැතයි වගේ නේද ? එහෙනම් ඉතින් අයින් කරමු. මේක අයින් කරාම බ්ලොග් එකේ SEO වඩා හොඳින් වෙනව කියල  digitalpoint forum එකේ තිබුන. නමුත් ඒ ගැන නම් මං හරියට කියන්න දන්නෑ. මෙන්න මෙහෙමයි වැඩේ , ඔයා පැරණි blogger interface එක නම් පාවිච්චි කරන්නෙ, Dashboard  >> Design >> Edit HTML වෙත යන්න. අළුත් blogger interface එකේ නම් කෙලින්ම Template කියල තියෙනව. දැන් මේක කරන්න කලින් full template එකම download කරන් ඉන්න. නැත්නම් වරද්දගෙන මට බනින්න එප. (වරදින්න දේකුත් නෑ හැබැයි ) දැන් අළුත් blogger interface එකේ අයත් තමන්ගෙ දැනට active template එකේ Edti HTML වෙත යන්න. දැන් මෙහෙම පණිවිඩයක් ආවනෙ. එතන Proceed ක්ලික් කරන්න.  දැන් ඔයාගෙ template එකේ HTML කෝඩ් තියෙනව පෙනෙයි. දැන් මේ පහත රූපෙ විදියට variable definitions කියන තැන හොයා ගන්න. අමාරු නම් Ctrl + F ගහල හොයා ගන්නකො.  දැන් ඔන්න ඔය කෝඩ් එකෙන් උඩට, ඒ කියන්නෙ *variable definitions තැනයි උඩ කඩ ඉරි පේලියයි අතරට මෙන්න මේ පුංචි කෝඩ් එ

පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?

හනී බනී වෙන් වෙලා දැන් මාස 8ක් විතර ඇති. ගොඩක් දෙනා අහන දෙයක් තමයි එච්චර  ආදරේ කරා නම් කොහොමද දැන් ගානක් නැතුව ඉන්නෙ කියන එක. ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගෙ මිත්‍රයෙක්ගෙ wife ළඟදි Cancer එකකින් නැති උනා. පෞද්ගලිකවම මං දන්න දෙයක් තමයි ඒ දෙන්න අතරෙ පුදුම ආදරයක් තිබුනෙ. එයාලගෙ විවාහ ජීවිතේට අවුරුදු 19කටත් වැඩියි. ඒත් මළ ගෙදරදි, ආදාහන කටයුතු කරද්දිවත් ඒ අංකල් පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ. කිසිම දුකක් පේන්න තිබුනෙත් නෑ. හිස් බැල්මෙන් බලාගෙන හිටිය විතරයි. කටයුතු ඉවර වෙලා අපි ආපහු යනකොට ඒ මනුස්සය කිව්ව හරි අපූරු කතාවක්, "නෝන නැති උනාට මට දුකක් නෑ.. ඒත් එයා නැති පාළුව මගේ ජීවිත කාලෙම තියේවි. පහුගිය අවුරුදු 19ටම එයා මටත්, මගෙන් එයාටත් වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරා. අපි දෙන්න දෙන්නටම ණය නෑ.." එච්චරයි.. මමත් කාටවත් ණය නෑ.. ඒත් අද (ඔක්තෝම්බර් 30) තමන්ගෙ 20 වෙනි උපන් දිනේ සමරන හනී බනීගෙ සියළු කටයුතු, අනාගතේ, බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම ඇයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි (සම්මතයට අනුව) යාළු වෙන්නෙ/ ආදරේ කරන්නෙ/සම්බන්ධයක් ඇති කර ගන්නෙ ?? කෙල්ලන්ගෙ පැත්ත