
" ඒයි , මට මේ ගාන කියල දෙනවද ?
ගෑණු වොයිස් එකක්...මට නෙමෙයි වෙන්න ඈති.මම ගැන දන්න කියන ගෑණු පරාණයක් නම් මගෙන් ඕව අහන්නෙ නෑ..
"මේ නිදිකුම්බයෝ,මම මේ ඔයාටයි කිව්වෙ"
කවුද යකෝ නිදි කුම්බය,දෙනව දත් සෙට් එක බඩට යන්න..මම කුණු කෙල පිහිද පිහිද ඔලුව උස්සල බැළුව..
නයි කයිද රෝස් පාන් කිව්වලු.මේ මෙයානෙ...මයුරි...මයුරි..මයුරි..ඔවු , එයා තමයි අපේ ඉස්කෝලෙ හිටපු අපේ වයසෙ ලස්සනම,හැඩකාරම,අඩම්බරම කෙල්ල.
"හපෝ උදේ ආපු වෙලාවෙ ඉඳන් නිදි..මෙන්න මේක කියල දෙනෝකෝ"
මම නිදාගන්නෙ හිතේ අමාරුවට..මොකද කියනව නම් ම්ගේ කලින් ලව් එක කාගෙන තිබුනෙ..කාගෙන කිව්වට නාගෙන තිබුනෙ.ඒ නිසාම ඒ කාලෙ වෙනකොට මට කෙල්ලො ඇලජික්.කොටින්ම චීත්ත කෑල්ලක් දැක්කත් මල පනින තත්වයක් තිබුනේ.ඒ නිසාම මං ගැන දන්න කෙල්ලෙක් මං ඉන්න පැත්ත බලං බත් කන්නෙ වත් නෑ.ඒත් මෙයා....හරියට මගේ ගෑන දන්නෑ වගේ ආපු හෑටි.
"මෙන්න මේ තුන් වෙනි ගාන බලන්නකෝ..කොච්චර කරත් සුලු වෙන්නෑ හලෝ"
මම පොත අරං බැළුව.පොඩි ගානක්. පවුනෙ කියල මට තේරුණ විදියට කියල දුන්න.
"අනේ මට මුකුත් තේරුණෙ නෑ"
මොකක්,යකෝ දැන් මෙච්චර වෙලා කටත් ඇරන් බලං හිටියෙ අහවල් එකද ? මට එහෙම අහන්න හිතුනත් මං කට පියන් හිටියා.
"මොන වදයක්ද ඕයි,මේකවත් තමුසෙට බැරිද,යනවකො පව් නොදී "
"දන්නැති නිසානෙ දන්න කෙනෙක්ගෙන් ඇහුවෙ,ඔච්චර නපුරු වෙන්න එපා යසිත් , ඔයා ඉස්සර කොච්චර හොඳ කෙනෙක්ද?"
ඇය මගේ මූණ දිහා කෙලින් බැළුව.ජීවිතේ ප්රථම වතාවට කෙල්ලෙක්ගෙ ඇස් දෙකක් ඉස්සරහ මම අසරණ උනා.මයුරිගෙ ඇස් දිගටියි,හීනියි,දීප්තිමත්.. ඒ හැම දේටම වඩා ඒ ඈස් මාත් එක්ක කථා කරනව කියල මට දැනුනා.ඒ ඇස් මඟ අරින්න ඕන උනත් මට ඒක කරන්න බැරි උනා..මටත් නොදැනිම මයුරිගෙ පොත මගේ අතින් ගිලිහිලා බිමට වැටුණ.
"නපුරා...නපුරා...මෝඩයා "
ඇය පොතත් ඇහිඳන් ගියා..ඒත් මම ගල් පිලිමයක් වගේ එහෙමම බලන් හිටිය..මට මේ මොකද උනේ..පංතියෙ අනිත් උන් ටිකත් කටවල් ඇරන් බලං ඉන්නව..මයුරි ගස්සගෙන යන ගමන් ආපහු හැරිල මං දිහා බැළුව..මගේ හැටි දැකලද කොහෙද එයාට හිනා හියා..මමත් ඒ පාර නම් හිනා උනා..
අපේ යාළුකමේ ආරම්භය එහෙමයි.ඊට පස්සෙ කෙල්ලො පේන්න බැරුව හිටපු මගේ හොඳම යාලූව උනෙත් මයුරි..යාළුවො විදියට අපි ගොඩක් දේවල් කථා කරා..මයුරිට අනිත් කෙල්ලන්ට වඩා වෙනස් දැක්මක් ලෝකය ගැන තිබුනා.ඕනම දෙයක් කෙලින් කියන තමන්ට හරි දේ කවුරු කිව්වත් කරන අපූරු දඟකාර හිතුවක්කාරකමකුත් ඇයට තිබුනා.
ඒ 2010 අගෝස්තු 2 රෑ 12.30 ට විතර.මම ටියුට් එකක් කර කර මදුරුවො තල තල හිටියේ..
කීක්..කීක්....කීක්..කීක්...
sms එකක් මයුරිගෙන්..
'oya padam karanawada ? mm tikakata cl krannada ? '
මම 'ok' කියල රිප්ලයි කරා.
එතකොටම මයුරි කෝල් කරා...අනං මනං ඕප දුප ටිකක් කියව කියව ඉඳල එයා ඇහුව ,
"මං ඔයාගෙන් දෙයක් අහන්න තරහ වෙනවද ? "
-"නෑ මොකක්ද ? "
"මට බනීවිද දන්නෑ"
-"ඇයි ඔයා කුණුහර්පයක්ද අහන්න හදන්නේ ? "
"ඔව්, ඒ වගේ තමයි...මම............. ඔයාට ආදරෙයි"
බීප්...බීප්...බීප්.....
මොකක්... ඒ මොන හෙනයක්ද..මගේ කණට වතුර ගිහින්ද කොහෙද දවල් නාන කොට..
කීක්...කීක්..
ආපහු sms එකක් නේද ?
'mm aththatamai kwwe.mta oyaawa ona mge napuro.mm oyaata adarey'
මේක වෙන්න බෑ.මේ ක්රමය සම්පූර්ණයෙන් වැරදියි.මම මේක හෙලා දකිනව.මොන ලෝකෙද කෙල්ලො ඉස්සෙල්ල කැමැත්ත අහන්නෙ.අනික මේක ලංකාවනෙ.මම මේක හෙලා දකිනව..
කොල්ලො නැතුවටද මම වගේ ඉබ්බෙක්ට කෑමති උනේ.ජෝක් එකක්ද..නෑ මයුරි කවදාවත් මේ වගේ ජෝක් කරන්නෑ..
කීක්..කීක්..
'mta samaa wenna.mm weradi dyak kwwa nam.bt mm kwwe aththa.plz tharaha wenna epaa'
තවත් හිටියොත් මං ගොනා පාට් වෙනව..දෙන දෙයියො අතටම ගෙනත් දීලත් මැණි කැටේ පරිස්සම් කර ගන්න බැරි නම් මම මොකෙක්ද ? දෙන්නම් නියම රිප්ලයි එකක්.
'matath jeewat wenna aasai.oyat mge husma podha wenawada ? '
කීක්...කීක්..
'haa..bt me husma podha helanna epa kaawadawat.mta promis wenna'
එදා අපි අතරෙ හුවමාරු උන sms ගාන මෙච්චරයි කියල ගනන් තිවා ගන්න බැරි තරම්.. ආදරේ කරන දෙන්නෙක්ට හුවමාරු කර ගන්න මොන තරම් හැඟීම් තියෙනවද කියල මට තේරුනේ එදා..
කොහොම හරි මමත් දැන් පෙම්වතෙක්.... තවත් එක සාම්ප්රදායික පෙම්වතෙක්ද ? ... අනේ මංදා..ඒත් ආදරේදි තියෙන්නෙ එක සම්ප්රදායයි.. ඒ දෙන්න අතරෙ තියෙන අවබෝධය...
Comments
Post a Comment
◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net