Skip to main content

ඔබේ බ්ලොගය හැක් කරොත් ???

තමන් පෙම්වතියට වගේ ආදරේ කරන තමන්ගෙ බ්ලොග් එක කවුරු හරි බුද්ධිමත් , ඒත් ඒ දැනුම යහපතට යොදවන්නෙ නැති #$^&#&$ එකෙක් හැක් කරොත් උගෙ දෙමවුපියන්ට බනින එක නෙවෙයි කරන්න ඕන. තමන්ගෙ තිබුන අඩුපාඩුව සකසල ඊටත් වඩා හොඳට සූදානම් වෙන එක. එහෙනම් බලමු වෙබ් එකක ඇඩ්මින් එකවුන්ට් එක හැක් කරොත් ආපහු අපි ගන්නෙ කොහොමද කියල. හැබැයි මෙහෙම පුළුවන් තමන්ගෙම හොස්ටින් එකක තියෙන බ්ලොග් අඩවියක් වගේ ඕනම ස්ක්‍රිප්ට් එකකින් හදපු වෙබ් එකක් නම් විතරයි.

එහෙම හදපු එකකට ඇඩ්මින් එකවුන්ට් එකක් තියෙනවනෙ. ඕක කොහොම හරි හැක් උනොත් හරි ඒකට දාපු පාස්වර්ඩ් එකයි ඊ මේල් එකයි දෙකම අමතක උනොත් හරි මේ ක්‍රමේ අනුගමනය කරන්න.

මං උදාහරණෙට ගන්නම් වර්ඩ්ප්‍රෙස් වලින් හදපු එකක්. අනිත් ඒවත් මීට සමානයි.

මුලින්ම තමන්ගෙ හොස්ටින් cpanal එකට ලොග් වෙන්න. ඒකෙ ‘Databases’ යටතේ තියෙන ‘phpMyAdmin’ වෙත යන්න..


දැන් වම් පැත්තෙ සයිඩ් බාර් එකේ ඔයා හොස්ට් කරන වෙබ්වල ඩේට-බේස් ලිස්ට් එක වැටෙනව. ඒකෙන් ඕන කරන සයිට් එකේ ඩේට-බේස් එක තෝරන්න.

එතකොට එතනම database table content ලිස්ට් එක එනව. දැන් ඕකෙ පහලට ගිහින් ‘_users’ තෝරන්න.

එතකොට මේ විදියට සයිට් එකේ ලියාපදිංචි අයගෙ ගිණුම් ටික එනව. බොහෝ විට මේකෙ මුල්ම එක තමයි admin account එක. ඒකෙ ‘Edit’ තෝරන්න.

දැන් මේ ඉන්නෙ admin account එකේ.. මේකෙ ‘user_login’ කියන තැනට ඉදිරියෙන් ගිණුමේ user name එක තියෙනව. ‘user_email’ කියන තැන ඔයාව හැක් කරපු බූරු වහන්සෙගෙ ඊ-මේල් එක ඇති. දැන් ඒ Email එක මකල ඔයාගෙ email එක ආපහු දීල ‘Go’ කරන්න.

හරි… දැන් cpanal එකෙන් logout වෙලා ආපහු ඔයාගෙ සයිට් එකට ගිහින් “Lost Your Password ? ” ගිහින් ඔයා අතන වෙනස් කරපු email එක දෙන්න. දැන් ඒකට පාස්වර්ඩ් එක ලැබුනම ඒකෙන් ලොග් වෙලා කැමති පාස්වර්ඩ් එකක් දාගන්න.. තිබුන Theme එක delete කරල ආපහු අළුතෙන් දාන්න. කෝකටත් හොඳයි.

අවදානමට පෙර සුදානම කියල මෙහෙම කරන්න,

  • ඔබේ අඩවියේ Full backup එකක් නිතරම තියා ගන්න.
  • හැකි නම් දිනපතා Database backup කරන්න.
  • ඔයාට කෙලින්ම සම්බන්ඳ වචන තියෙන පාස්වර්ඩ් යොදා ගන්න එපා.
  • පාස්වර්ඩ් එක අවමය අකුරු 10 ක් තියාගන්න.
  • අකුරු,ඉලක්කම්, සංකේත කවලමේ පාස්වර්ඩ් එකට යොදා ගන්න.
  • ඔයාගෙ පරිගණකයෙන් ඇඩ්මින් ගිණුම හැම වෙලාවෙම sign in එකේ තියන්න එපා.
  • කෙනෙක් ගොඩක් සැරයක් පාස්වර්ඩ් වරද්දනව නම් එයා බ්ලොක් වෙන විදියට සකසන්න. (plugin තියෙනව ඒවට)

එහෙම කරලත් හැක් කරා නම්, අර විදියට ආපහු සයිට් එක ඔයාගෙ යටතට අරන්, ඔයා කාටවත් වැරැද්දක් කරලත් නැත්නම්,

  • යන්න සීනිගම දේවාලෙට, ගහන්න පොල් , අඹරන්න මිරිස්
  • එන්න මාතර , හොඳ ගුරුන්නාන්සෙ කෙනෙක් සෙට් කරන් අරින්න පිල්ලියක් දින 7න් හැක් කරපු එකා කී බෝඩ් එක ඔළුවෙ තියන් නට නට එන්න.
  • සේරටම වඩා හොඳයි ඌට මෛත්‍රී කරන්න තමන්ගෙ සයිට් එකේ ආරක්ෂක දුර්වලතා පෙන්නුවට..

Comments

  1. ගොඩාක් ස්තුතියි කොල්ලො

    ReplyDelete
    Replies
    1. [im]http://pahantharuwa.info/simili/@%23%23%23%23excersise.gif[/im] ස්තූතියි මේ පැත්තෙ ආවට..
      මං හෙන ගේමක් දුන්න ඔයාගෙ සිංඩියට ඔළුව දාගන්න ඒත් ඒකෙ සම්බන්ඳ කරගන්න විදියක් දාල නෑනේ :((

      Delete
  2. මම හදපු බිලොග් සියල්ලටම උඩින් දැන්වීමක් ඇවිත් .කොහොමද අයින් කරගන්නේ.ඉක්මනින් කියලා දෙන්න .පින්සිද්ධ වෙනවා
    http://obaloysiusratnapura.blogspot.com
    මගේ ලිපිනය
    nishanthamarapana@gmail.com

    ReplyDelete
  3. නෑ... මං ඔබතුමාගෙ බ්ලොග් සියල්ල පරීක්ෂා කරල බැලුවා.. නමුත් මට එහෙම දැන්වීමක් පේන්නෙ නෑ...
    සමහරවිට ඒක ඔබ නොදැනුවත්ව ඔබේ පරිඟණක බ්‍රවුසරේට ඇතුළුකරගත් ඇඩෝනයක් වෙන්න ඇති.. මං පරිගණක 2කින් පරීක්ෂා කළත් එහෙම කිසි දැන්වීමක් දකින්න නෑ....
    කරුණාකර භාවිතා කරන බ්‍රවුසරය පරීක්ෂා කරන්න...
    උදව් කිරීමට ලැබීම සතුටක් ! :)

    ReplyDelete
  4. හොඳ ලිපියක්. :)

    වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එක ආරක්ෂා කරගන්න මගෙනුත් අදහස් ටිකක්. (ඔයා මගෙ බ්ලොග් එකේ දාපු ලින්ක් එකෙන් ඔයාගෙ ලිපියට ආවෙ.)
    http://madhawaweblog.blogspot.com/2013/04/tips-to-protect-your-wordpress.html

    ReplyDelete

Post a Comment

◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net

You May Like Also,

පන්සිය පණස් ජාතක පොත

මේක දෙන්නෙ හිටියෙ මීට ගොඩ දවසකට කලින් උනත් විවිධ හේතු නිසා අතපසු උනා.. අද පෝය දවසෙ කොහොම හරි දානව කියල හිතා ගත්තා... පන්සිය පණස් ජාතකය, ඔව් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම 550 ක , උන්වහන්සේ විසින් දේශණා කරපු ජාතක කතා මේකෙ ඇතුලත්.. අපි සාමාන්‍යයෙන් දන්න විදියට පන්සිය පණස් ජාතකය කිව්වට දැනට නිකුත් වී තියෙන ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නෙ ජාතක කථාංග 447 හෝ 446.. අනිත් 3 හෝ 4 ගැන සඳහනක් නෑ.. නමුත් මේ විද්‍යූත් ලේඛන පිටපතේ ජාතක කථාංග 550 ම ඇතුළත්.. අවසන් කථාංග 4 බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් කටවහරෙන් පැවතෙන ජාතක කථාංග ඇතුලත් කරල තියෙනවා.. මට මේක හම්බ උනේ වෙන වෙනම කොටස් විදියට. මං සියල්ල එකතු කරල තනි PDF file එකකට merge කරා... අවශ්‍ය තැන් bookmark කරන් කියවන්න පුළුවන්නෙ... 19.9 MB  ඔබගේ පරිගණකයේ මෙහෙයුම් මෘදුකාංගය Windows XP හෝ Windows 7 නම්, PDF file reader එකක් නැතිනම් මෙතනින් adobe reader එක අරගන්න..

බ්ලොග් එකේ Navigation Bar එක අයින් කරමුද ?

අපි බ්ලොගර් වලින් බ්ලොග් එකක් හැදුවම මෙන්න මෙහෙම බ්ලොග් එකට උඩින් Navigation Bar එකක් වැටෙනවනෙ. කැතයි වගේ නේද ? එහෙනම් ඉතින් අයින් කරමු. මේක අයින් කරාම බ්ලොග් එකේ SEO වඩා හොඳින් වෙනව කියල  digitalpoint forum එකේ තිබුන. නමුත් ඒ ගැන නම් මං හරියට කියන්න දන්නෑ. මෙන්න මෙහෙමයි වැඩේ , ඔයා පැරණි blogger interface එක නම් පාවිච්චි කරන්නෙ, Dashboard  >> Design >> Edit HTML වෙත යන්න. අළුත් blogger interface එකේ නම් කෙලින්ම Template කියල තියෙනව. දැන් මේක කරන්න කලින් full template එකම download කරන් ඉන්න. නැත්නම් වරද්දගෙන මට බනින්න එප. (වරදින්න දේකුත් නෑ හැබැයි ) දැන් අළුත් blogger interface එකේ අයත් තමන්ගෙ දැනට active template එකේ Edti HTML වෙත යන්න. දැන් මෙහෙම පණිවිඩයක් ආවනෙ. එතන Proceed ක්ලික් කරන්න.  දැන් ඔයාගෙ template එකේ HTML කෝඩ් තියෙනව පෙනෙයි. දැන් මේ පහත රූපෙ විදියට variable definitions කියන තැන හොයා ගන්න. අමාරු නම් Ctrl + F ගහල හොයා ගන්නකො.  දැන් ඔන්න ඔය කෝඩ් එකෙන් උඩට, ඒ කියන්නෙ *variable definitions තැනයි උඩ කඩ ඉරි පේලියයි අතරට මෙන්න මේ පුංචි කෝඩ් එ

පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?

හනී බනී වෙන් වෙලා දැන් මාස 8ක් විතර ඇති. ගොඩක් දෙනා අහන දෙයක් තමයි එච්චර  ආදරේ කරා නම් කොහොමද දැන් ගානක් නැතුව ඉන්නෙ කියන එක. ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගෙ මිත්‍රයෙක්ගෙ wife ළඟදි Cancer එකකින් නැති උනා. පෞද්ගලිකවම මං දන්න දෙයක් තමයි ඒ දෙන්න අතරෙ පුදුම ආදරයක් තිබුනෙ. එයාලගෙ විවාහ ජීවිතේට අවුරුදු 19කටත් වැඩියි. ඒත් මළ ගෙදරදි, ආදාහන කටයුතු කරද්දිවත් ඒ අංකල් පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ. කිසිම දුකක් පේන්න තිබුනෙත් නෑ. හිස් බැල්මෙන් බලාගෙන හිටිය විතරයි. කටයුතු ඉවර වෙලා අපි ආපහු යනකොට ඒ මනුස්සය කිව්ව හරි අපූරු කතාවක්, "නෝන නැති උනාට මට දුකක් නෑ.. ඒත් එයා නැති පාළුව මගේ ජීවිත කාලෙම තියේවි. පහුගිය අවුරුදු 19ටම එයා මටත්, මගෙන් එයාටත් වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරා. අපි දෙන්න දෙන්නටම ණය නෑ.." එච්චරයි.. මමත් කාටවත් ණය නෑ.. ඒත් අද (ඔක්තෝම්බර් 30) තමන්ගෙ 20 වෙනි උපන් දිනේ සමරන හනී බනීගෙ සියළු කටයුතු, අනාගතේ, බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම ඇයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි (සම්මතයට අනුව) යාළු වෙන්නෙ/ ආදරේ කරන්නෙ/සම්බන්ධයක් ඇති කර ගන්නෙ ?? කෙල්ලන්ගෙ පැත්ත