Skip to main content

Online FM Radio Player වෙබ් අඩවියක් හදමු

මේ කියන්නෙ FM රේඩියෝ චැනල් Online අහන්න පුළුවන් සයිට් හදන්න කැමති අයට උදව්වක්. උත්සාහ කරල බලන්න හරි ලේසියි. මේකෙන් ඔයාට කැමති විදියට කැමති චැනල් එකක් ඔයාගෙ සයිට් එකට දාගන්න පුළුවන්. මේ පහත ෆෝම් එක පුරවල Generate Code ක්ලික් කරාම ලැබෙන කෝඩ් එක ප්ලේයර් එක දාන්න ඕන තැනට Copy-Paste කරන්න විතරයි ඕන.
  • Stream URL: මෙතනට රේඩියෝ චැනල් එකේ Online Stream URL එක දෙන්න ඕන. මං චැනල් කීපයක Stream URL ටිකක් පහතින් දීල තියෙනව.
  • Stream Name: මෙතනට චැනල් එකේ නම දෙන්න. එතකොට ඒක Player එකේ වැටෙනව.
  • Skin: මෙතනින් තමන් කැමති රේඩියෝ ප්ලේයර් Skin එකක් තෝරගන්න.
  • Language: English කියලම දෙන්න.
  • Auto-Play: වෙබ් පේජ් එක ලෝඩ් උන ගමන් ඉබේම රේඩියෝ එක Play කරන්න ඕන නම් මෙතනට හරි ලකුණ දාන්න. නැත්නම් Play button එක එබුවමයි වැඩ කරන්නෙ.
  • Enable Tracking: මේක වැඩක් නෑ. තියෙන විදියටම තියන්න.
  • Buffering Time: වඩාත්ම හොඳ 5-8 අතර අගයක්.
  • Audio Codec: ගොඩක්ම හොඳ mp3 තෝරන්න.
  • Welcome Message: රේඩියෝ එක ලෝඩ් වෙනකම් මොකක් හරි පණිවුඩයක් පෙන්නන්න ඕන නම් මෙතනට දෙන්න.
  • Initial Volume: රේඩියෝ එක ලෝඩ් වෙනකොටම ආරම්භයේදීම තියෙන්න ඕන ශබ්ධ ප්‍රමාණය
  • Flash WMode: Transparent(*) තියන්න
  • Enable JS Events: ජාව ඔන් කරාම සමහර වෙලාවට වැඩ නෑ. ඒ නිසා ටික් එක නොදා ඉන්න.



ඔයාලට තේරුණා කියල හිතනව. තියෙන පාඩම් වැඩත් එක්ක පෝස්ට් එක ලියන්න වෙලාව හොයා ගත්තෙත් අමාරුවෙන්. ඒත් පුරුදු උනාම නොලිය බෑ වගේ.. අවුලක් තියේ නම් කොමෙන්ට් එකකින් අහන්න.
මෙන්න මං හොයා ගනිපු  Stream URL ටිකක්...
Hiru FM - http://85.25.108.20:8010/;

Lak FM - http://66.55.144.67:8054/;

Max Radio - http://62.193.228.109:8010/;

Neth FM - http://66.55.144.67:8104/;

Rangiri - http://66.55.144.67:8110/;

Rhythem FM - http://rhythm.tnlradio.com

Sirasa FM - http://184.22.232.251/sirasafm

Siyatha FM - http://188.165.58.191:40282/;

Sun FM - http://85.25.108.20:8090/;

Y FM - http://184.22.232.251/yfm

Yes FM - http://184.22.232.251/yesfm

Comments

You May Like Also,

පන්සිය පණස් ජාතක පොත

මේක දෙන්නෙ හිටියෙ මීට ගොඩ දවසකට කලින් උනත් විවිධ හේතු නිසා අතපසු උනා.. අද පෝය දවසෙ කොහොම හරි දානව කියල හිතා ගත්තා... පන්සිය පණස් ජාතකය, ඔව් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම 550 ක , උන්වහන්සේ විසින් දේශණා කරපු ජාතක කතා මේකෙ ඇතුලත්.. අපි සාමාන්‍යයෙන් දන්න විදියට පන්සිය පණස් ජාතකය කිව්වට දැනට නිකුත් වී තියෙන ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නෙ ජාතක කථාංග 447 හෝ 446.. අනිත් 3 හෝ 4 ගැන සඳහනක් නෑ.. නමුත් මේ විද්‍යූත් ලේඛන පිටපතේ ජාතක කථාංග 550 ම ඇතුළත්.. අවසන් කථාංග 4 බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් කටවහරෙන් පැවතෙන ජාතක කථාංග ඇතුලත් කරල තියෙනවා.. මට මේක හම්බ උනේ වෙන වෙනම කොටස් විදියට. මං සියල්ල එකතු කරල තනි PDF file එකකට merge කරා... අවශ්‍ය තැන් bookmark කරන් කියවන්න පුළුවන්නෙ... 19.9 MB  ඔබගේ පරිගණකයේ මෙහෙයුම් මෘදුකාංගය Windows XP හෝ Windows 7 නම්, PDF file reader එකක් නැතිනම් මෙතනින් adobe reader එක අරගන්න..

බ්ලොග් එකේ Navigation Bar එක අයින් කරමුද ?

අපි බ්ලොගර් වලින් බ්ලොග් එකක් හැදුවම මෙන්න මෙහෙම බ්ලොග් එකට උඩින් Navigation Bar එකක් වැටෙනවනෙ. කැතයි වගේ නේද ? එහෙනම් ඉතින් අයින් කරමු. මේක අයින් කරාම බ්ලොග් එකේ SEO වඩා හොඳින් වෙනව කියල  digitalpoint forum එකේ තිබුන. නමුත් ඒ ගැන නම් මං හරියට කියන්න දන්නෑ. මෙන්න මෙහෙමයි වැඩේ , ඔයා පැරණි blogger interface එක නම් පාවිච්චි කරන්නෙ, Dashboard  >> Design >> Edit HTML වෙත යන්න. අළුත් blogger interface එකේ නම් කෙලින්ම Template කියල තියෙනව. දැන් මේක කරන්න කලින් full template එකම download කරන් ඉන්න. නැත්නම් වරද්දගෙන මට බනින්න එප. (වරදින්න දේකුත් නෑ හැබැයි ) දැන් අළුත් blogger interface එකේ අයත් තමන්ගෙ දැනට active template එකේ Edti HTML වෙත යන්න. දැන් මෙහෙම පණිවිඩයක් ආවනෙ. එතන Proceed ක්ලික් කරන්න.  දැන් ඔයාගෙ template එකේ HTML කෝඩ් තියෙනව පෙනෙයි. දැන් මේ පහත රූපෙ විදියට variable definitions කියන තැන හොයා ගන්න. අමාරු නම් Ctrl + F ගහල හොයා ගන්නකො.  දැන් ඔන්න ඔය කෝඩ් එකෙන් උඩට, ඒ කියන්නෙ *variable definitions තැනයි උඩ කඩ ඉරි පේලියයි අතරට මෙන්න මේ පුංචි කෝඩ් එ

පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?

හනී බනී වෙන් වෙලා දැන් මාස 8ක් විතර ඇති. ගොඩක් දෙනා අහන දෙයක් තමයි එච්චර  ආදරේ කරා නම් කොහොමද දැන් ගානක් නැතුව ඉන්නෙ කියන එක. ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගෙ මිත්‍රයෙක්ගෙ wife ළඟදි Cancer එකකින් නැති උනා. පෞද්ගලිකවම මං දන්න දෙයක් තමයි ඒ දෙන්න අතරෙ පුදුම ආදරයක් තිබුනෙ. එයාලගෙ විවාහ ජීවිතේට අවුරුදු 19කටත් වැඩියි. ඒත් මළ ගෙදරදි, ආදාහන කටයුතු කරද්දිවත් ඒ අංකල් පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ. කිසිම දුකක් පේන්න තිබුනෙත් නෑ. හිස් බැල්මෙන් බලාගෙන හිටිය විතරයි. කටයුතු ඉවර වෙලා අපි ආපහු යනකොට ඒ මනුස්සය කිව්ව හරි අපූරු කතාවක්, "නෝන නැති උනාට මට දුකක් නෑ.. ඒත් එයා නැති පාළුව මගේ ජීවිත කාලෙම තියේවි. පහුගිය අවුරුදු 19ටම එයා මටත්, මගෙන් එයාටත් වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරා. අපි දෙන්න දෙන්නටම ණය නෑ.." එච්චරයි.. මමත් කාටවත් ණය නෑ.. ඒත් අද (ඔක්තෝම්බර් 30) තමන්ගෙ 20 වෙනි උපන් දිනේ සමරන හනී බනීගෙ සියළු කටයුතු, අනාගතේ, බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම ඇයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි (සම්මතයට අනුව) යාළු වෙන්නෙ/ ආදරේ කරන්නෙ/සම්බන්ධයක් ඇති කර ගන්නෙ ?? කෙල්ලන්ගෙ පැත්ත