Skip to main content

මොණර පෙම #2

<< මොණර පෙම #1

'මං ඔයාගෙ අතින් අල්ලන්නද ? '

මුහුද ගාව බංකුවෙ මට වඩා අඩි බාගයක් විතර ඈතින් වාඩි වෙලා ඉඳපු මයුරිගෙන් ඇහුව.ඒ අපි පාසලෙන් පිටදි හමුවුන පළමු වතාව.

'- එපා...........'

එයා ඒක කියපු විදියට නම් මට හිතුනෙ 'අනේ අල්ලන්න බැරි නම් කන්නකෝ' කියන්න වගේ.. ගෑණු ලමයි කවදාවත් හිතේ තියෙන දේ පිට පෙන්නන්නෙ නෑ කියල මම පොතක කියවල තිබුනෙ හොඳ වෙලාවට.බොරුවට අකමැත්ත පෙන්නන්නෙ.මම හෙමින් මයුරිගෙ ඇගිල්ලකින් ඇල්ලුව.

'- කිව්වනෙ එපා කියල.....මැට්ට'

යකෝ මාර වැඩක්නෙ.කෙල්ලෙක් එක්ක යාලූ වෙලා අතින්වත් අල්ලන්න නැද්ද ? ඒවට තව කෙල්ලෙක් හොයා ගන්න ඕනද ? මමත් බොරුවට මූණ උල් කර ගත්ත.

'- අනේ...... ඕකනෙ, මගේ නපුරු කොල්ලට විහිලුවක්වත් තේරෙන්නෙ නෑනෙ'

මයුරි බලෙන්ම මගේ අත ඇදල අරන් මගේ ඇඟිලි අතරින් එයාගෙ ඇගිලි දාගත්තා..අම්ම්මට සිරි පට්ට සිනිදුයිනෙ,මල් පෙත්තක් වගේ .

'- අනේ බලන්නකෝ '

ඕකනෙ මං කිව්වෙ කෙල්ලොන්ගෙ අමු බොරුව තියෙන්නෙ කියල.ඒත් බෑ..මමත් දැන් බොරුවට ගණන් උස්සන්න ඕන..මට හරි ආසයි මෙයා මං ඉස්සරහ නාහෙන් අඬල හුරතල් වෙනව බලන්න.

'ඕන නෑ...යන්න'

'- ආව්.... මගේ නපුරු කොලු පැටියට තරහ ගිහින්,කෝ බලන්න මූණ ? '

එයා මගේ නිකටෙන් අල්ලල මූණ එයාගෙ පැත්තට හරව ගත්ත..ඒ පාර නම් මට බකස් ගාල හිනා ගියා..

'-අම්මෝ ඇති යන්තම්'

එහෙම කියල එයා මගේ අත එයාගෙ උකුලට අරන් මගේ උරහිසට වාරු වෙලා ඔළුව තියා ගත්ත. ඒ වෙලාවෙ නම් මට දැනුණු හැඟීම වචනයෙන් විස්තර කරන්න අමාරුයි.මාව හිරි වැටිල ගියා වගේ..මට ඒ වෙලාවෙ පුදුම ආදරයක් මයුරි ගැන ඇති උනේ..

'මයුරි........'

'-හ්ම්ම්ම්ම්ම්..'

'ඇයි මට ආදරේ කරේ ?

මං සාම්ප්‍රදායික හැම පෙම්වතෙක්ම අහන ප්‍රශ්නෙ ඇහුව..

'- මං දන්නෑ '

මයුරිත් හැම පෙම්වතියක්ම දෙන සාම්ප්‍රදායික උත්තරයම දුන්නා. එතකොට හැමෝම ආදරේ කරන්නෙ නොදන්න හේතුවකටද ?

'ඇයි මං වගේ හෝතම්බුවෙකුට කැමති උනේ ? '

'-එන්නකො කියන්න'

මයුරි රහසක් කියන්න හදන්නෙ කියල මට තේරුණා.ම ටිකක ඔලුව පහත් කරා..මයුරිගේ හුස්මවල උණුසුම මගේ මූනට වැදෙනව මට දැනෙනව..

'අම්මෝ.... ආව්'

මේකි හැපුවනෙ. දෙයියනේ මගේ කණ..ලේත් එනවද මංදා..ඔය හිනා වෙන්නෙ හැක...හැක ගාල..ඒ මදිවට අනිත් බංකුවල ඉඳපු කපල් සේරම මගේ සද්දෙට මේ පැත්ත බලාගෙන..ලැජ්ජාව මුහුදෙන් එකයි..

'- ආපහු මගේ යසිත් පැටියට හෝතම්බුව කිව්වොත් කන ගලවනව'

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..එහෙනම් මේ ආදරේ පෙන්නන්න.. ඒත් මෙහෙම ආදරේ පෙන්නුවොත් අවුරුද්දක් විතර යනකොට මට හොස්පිටල් එකේ නවතින්න වෙයි ජලභීතිකාව හැදිල.. ඒක මට කියන්න කට ආවත් කිව්වෙ නෑ..මුල්ම දවසෙ වලි දා ගන්නෙ මොකටද..මයුරි ආපහු මට වාරු උනා..මං මයුරිගෙ නිකටෙන් අල්ලල මගේ පැත්තට හරව ගත්ත..හෙමින් එයාගෙ රෝස පාට කම්මුල සිප ගත්ත. එතකොට රෝස පාට කම්මුල් රතු පාට උනා..මට තවත් ආසයි..ම තව එකක් දුන්න වෙන පාටක් වෛද බලන්න..තවත් එකක්..තවත් එකක්..නෑනෙ..සත්තයි ඒ හැඟීමේ වෙන කිසිම නරක අදහසක් තිබුනෙ නෑ..ආදරය විතරමයි..ඉතින් මම ඒ හැඟීමට අවසර දුන්න..මයුරි ඇස් පියාගෙන හිටියෙ...

විසිල් හඩක් ඇහිල අපි දෙන්න උඩ විසික් උනා..

"ඕයි මේතනට දෙමවුපියො එක්ක පොඩි උන් එනව පේන්නෙ නැද්ද ? ඕව කර ගන්න පලයව් හෝටල් කාමරේකට..පලයං දැං මෙත්නින්..නැත්තම් ගිහින් දානව කූඩුවට"

අපේ ප්‍රථම ආදර හමුවීම නපුරු මායාකාර පොලිස්කාරයෙක්ගෙන් අවසන් උනා.. TV එකේ යන කතාවල  තියෙන ඒව දැකල පොඩි උන් අම්මලගෙන් අහන්නෙ නැද්ද එතකොට ඒ මොනවද කියල.අනේ මංදා..කොහොම උනත් අපි නැගිටල එන්න ආව.. මේ විකෘති සාමාජයේ හැමෝම ආදරයයි ලිංගිකත්වයයි පටලවන්.. ඔතන  දරුවෙක් අම්ම කෙනෙක්ට උම්ම දුන්න නම් ඒක හරි.. මේක වැරදි.. ආදරේ එකම පාටයි.. කවුරු ඒක මොන විදියට අර්ථකතනය කරත් ආදරේ ආදරේමයි...

Comments

You May Like Also,

පන්සිය පණස් ජාතක පොත

මේක දෙන්නෙ හිටියෙ මීට ගොඩ දවසකට කලින් උනත් විවිධ හේතු නිසා අතපසු උනා.. අද පෝය දවසෙ කොහොම හරි දානව කියල හිතා ගත්තා... පන්සිය පණස් ජාතකය, ඔව් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම 550 ක , උන්වහන්සේ විසින් දේශණා කරපු ජාතක කතා මේකෙ ඇතුලත්.. අපි සාමාන්‍යයෙන් දන්න විදියට පන්සිය පණස් ජාතකය කිව්වට දැනට නිකුත් වී තියෙන ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නෙ ජාතක කථාංග 447 හෝ 446.. අනිත් 3 හෝ 4 ගැන සඳහනක් නෑ.. නමුත් මේ විද්‍යූත් ලේඛන පිටපතේ ජාතක කථාංග 550 ම ඇතුළත්.. අවසන් කථාංග 4 බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් කටවහරෙන් පැවතෙන ජාතක කථාංග ඇතුලත් කරල තියෙනවා.. මට මේක හම්බ උනේ වෙන වෙනම කොටස් විදියට. මං සියල්ල එකතු කරල තනි PDF file එකකට merge කරා... අවශ්‍ය තැන් bookmark කරන් කියවන්න පුළුවන්නෙ... 19.9 MB  ඔබගේ පරිගණකයේ මෙහෙයුම් මෘදුකාංගය Windows XP හෝ Windows 7 නම්, PDF file reader එකක් නැතිනම් මෙතනින් adobe reader එක අරගන්න..

බ්ලොග් එකේ Navigation Bar එක අයින් කරමුද ?

අපි බ්ලොගර් වලින් බ්ලොග් එකක් හැදුවම මෙන්න මෙහෙම බ්ලොග් එකට උඩින් Navigation Bar එකක් වැටෙනවනෙ. කැතයි වගේ නේද ? එහෙනම් ඉතින් අයින් කරමු. මේක අයින් කරාම බ්ලොග් එකේ SEO වඩා හොඳින් වෙනව කියල  digitalpoint forum එකේ තිබුන. නමුත් ඒ ගැන නම් මං හරියට කියන්න දන්නෑ. මෙන්න මෙහෙමයි වැඩේ , ඔයා පැරණි blogger interface එක නම් පාවිච්චි කරන්නෙ, Dashboard  >> Design >> Edit HTML වෙත යන්න. අළුත් blogger interface එකේ නම් කෙලින්ම Template කියල තියෙනව. දැන් මේක කරන්න කලින් full template එකම download කරන් ඉන්න. නැත්නම් වරද්දගෙන මට බනින්න එප. (වරදින්න දේකුත් නෑ හැබැයි ) දැන් අළුත් blogger interface එකේ අයත් තමන්ගෙ දැනට active template එකේ Edti HTML වෙත යන්න. දැන් මෙහෙම පණිවිඩයක් ආවනෙ. එතන Proceed ක්ලික් කරන්න.  දැන් ඔයාගෙ template එකේ HTML කෝඩ් තියෙනව පෙනෙයි. දැන් මේ පහත රූපෙ විදියට variable definitions කියන තැන හොයා ගන්න. අමාරු නම් Ctrl + F ගහල හොයා ගන්නකො.  දැන් ඔන්න ඔය කෝඩ් එකෙන් උඩට, ඒ කියන්නෙ *variable definitions තැනයි උඩ කඩ ඉරි පේලියයි අතරට මෙන්න මේ පුංචි කෝඩ් එ

පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?

හනී බනී වෙන් වෙලා දැන් මාස 8ක් විතර ඇති. ගොඩක් දෙනා අහන දෙයක් තමයි එච්චර  ආදරේ කරා නම් කොහොමද දැන් ගානක් නැතුව ඉන්නෙ කියන එක. ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගෙ මිත්‍රයෙක්ගෙ wife ළඟදි Cancer එකකින් නැති උනා. පෞද්ගලිකවම මං දන්න දෙයක් තමයි ඒ දෙන්න අතරෙ පුදුම ආදරයක් තිබුනෙ. එයාලගෙ විවාහ ජීවිතේට අවුරුදු 19කටත් වැඩියි. ඒත් මළ ගෙදරදි, ආදාහන කටයුතු කරද්දිවත් ඒ අංකල් පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ. කිසිම දුකක් පේන්න තිබුනෙත් නෑ. හිස් බැල්මෙන් බලාගෙන හිටිය විතරයි. කටයුතු ඉවර වෙලා අපි ආපහු යනකොට ඒ මනුස්සය කිව්ව හරි අපූරු කතාවක්, "නෝන නැති උනාට මට දුකක් නෑ.. ඒත් එයා නැති පාළුව මගේ ජීවිත කාලෙම තියේවි. පහුගිය අවුරුදු 19ටම එයා මටත්, මගෙන් එයාටත් වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරා. අපි දෙන්න දෙන්නටම ණය නෑ.." එච්චරයි.. මමත් කාටවත් ණය නෑ.. ඒත් අද (ඔක්තෝම්බර් 30) තමන්ගෙ 20 වෙනි උපන් දිනේ සමරන හනී බනීගෙ සියළු කටයුතු, අනාගතේ, බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම ඇයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි (සම්මතයට අනුව) යාළු වෙන්නෙ/ ආදරේ කරන්නෙ/සම්බන්ධයක් ඇති කර ගන්නෙ ?? කෙල්ලන්ගෙ පැත්ත