Skip to main content

සුරඟනකට පෙම් කළෙමි

'ඔයා නිදිද ?

'-කවුද බං මේ මහ රෑ නිදාගන්නවත් නෑ'

මම හිතින් බැන බැන ඇස් ඇරල බැළුව.. අම්මට සිරි කෙල්ලෙක් මගේ ඇඳ ගාව.මේ මහ රෑ , මගේ කාමරේට කෙල්ලෙක් කොයින්ද ? මෝහිනීද ? බුදු අම්මෝ එහෙම උනොත්..

'බය වෙන්න එපා'

'-ක..ක.. කවුද ඔයා ? '

ඇය සිහින්ව හිනා උනා.. මට එක දෙයක් ශුවර්..මම නිදා ගත්තෙ තනියම.. මේ කවුද ? කවදාවත් දැකලවත් නෑ.. මිනිස් දුවක් නම් වෙන්න බෑ.. මොකද මම ගැන දන්න මනුස්ස කෙල්ලෙක් මගේ කාමරේට තියා ගේ ලඟින්වත් යන්නෙ නෑ.. මෝහිනීම තමයි.. මෝහිනී උනත් පට්ට කෑල්ල.

'බය වෙන්න එපා..මම සුරංගනාවියක්'

අම්ම ගහයි බැට් එකෙන්..දවල් කොල්ලොත් එක්ක කාපු කොත්තුව අප්සට් ගිහින් තමයි..අඩුවට කියල කාපු තැන,මම හිතුව මේක..

'මට තේරෙනව ඔයා හිතන දේ.බලන්න මගේ ඇස් දිහා.. මම ආවෙ ඔයා හොයා ගෙනමයි'

නියමයි.මාව හොයන් සුරංගනාවියක් ඇවිත්.කොහොමද ම්ං මේක හෙට යාළුවන්ට කිව්වම.මට මැවිල පේනව..මේ මොන විකාරයක්ද..හීන කියල මෙහෙමත් හීන දකිනවද.. බයෝ පංතියෙ කෙල්ලෙක්ව පෙනියන්කො පේනවත් වෙලා.. ඉතිපිසෝ ගාථාව කියල නිදාගන්න ඕන..

මම ඇස් දෙක තදින් පියා ගත්තා. එතකොටම උණුසුම් හුස්මක් මගේ මුහුණට වැදෙනව මට දැණුනා..මම පණ බයේ හිමින් ඇස් ඇරියා. එයා මගේ මුහුණට ගොඩක් ලං වෙලා..දැන් නම් මට හරි.. කවද හරි මම ගෙයක් හදනකොට හැම කාමරයකටම බාත්රූම් එක ගානේ හදන්න ඕන.මේ වගේ වෙලාවට තමයි වැදගත්කම තේරෙන්නේ..

'යසිත් , බය වෙන්න එපා.මාත් එක්ක කථා කරන්න'

අප්පා,මගේ නමත් දන්නව. එහෙනම් මම ගැන දිවිය ලෝකෙත් ප්‍රසිද්ධයි.ඕන මගුලක් දැන් නම්.මම පිරිමියෙක්නේ,ඔහොම බය වෙලා පුළුවන්ද.. අවතාරයක් උනත් ගෑණු පරාණයක්නෙ.

'-ඔයාට මොනවද ඕන.ඇයි මට කරදර කරන්නෙ ? '

දැන්නම් මට සිරාවටම පිස්සු තමයි.

'-එතකොට ඔයා කවුද ? '

'මම ඔයාගෙම ආධ්‍යාත්මය..ඔයාගෙ සිතුවිලි'

මොකක් එතකොට මට තියෙන්නෙ ගෑණු අධ්‍යාත්මයක්ද.. මල සමයං.

'ඇයි ඔයා අනිත් පිරිමි ලමයි වගේ ආදරේ කරන්නෙ නැත්තෙ ? '

'-මම ආදරේ කරා කාලයක්.. ඒත් මම රැවටුණා.එයා මාව රැවැට්ටුවා'

'ඉතිං ආපහු ආදරේ නොකරන්නේ ඇයි ? '

'-මට ආපහු ආදරයක් ඇති වෙන්නෙ නෑ'

'ඔයා කාටද ඔය බොරු කියන්නෙ ? ඔයාට ඕන එයාටයි සමාජයටයි පෙන්නන්න ඔයා අවංක ආදරවන්තයෙක් කියල.. ඔයා කරන්නෙ රඟපෑමක්.බොරුවක්..තමන්ටම වංචාවක් කරගන්නෙ..මේ ලෝකෙ කිසිම මනුස්සයෙක්ට එක හැඟීමක් වෙනුවෙන් ජීවිත කාලෙ කැප කරන්න බෑ.. හැඟීම් කියන්නෙ සිතුවිලි..ඒව මොහොතින් මොහොත වෙනස් වෙනව..ඔයා ලෝකයට හොරා,තමන්ටත් හොරා ආදරය රසවින්දෙ නැද්ද ඊට පස්සෙ කවදාවත් ? ඇත්තටම ඔයා බොරුකාරයෙක්'

අනේ මේ මොකක්ද වෙන්නෙ..මගේ ගැන මෙච්චර දන්නෙ කොහොමද මෙයා..

'ඔයා ආදරේ කරන්නෙ මොන වගේ කෙනෙකුටද ? මට ඔයා ඉල්ලන ඕනම කෙනෙක් ඔයාගෙ කරල දෙන්න පුළුවන්'

'-මට ඕන මේ ලෝකෙ ඉන්න පට්ටම කෑල්ල'

'හ්ම්ම්ම්... ඒ කියන්නෙ ලස්සනම කෙල්ල..ඔයා එයාගෙන් එතකොට බලාපොරොත්තුවෙන්නෙ ලිංගිකත්වය විතරද ? '

අම්මට සිරි..කාල වරෙන්කො..දෙන්නම් කියපු නිසා සුපිරිම එක ඉල්ලුව, කවුද හිතුවෙ මේවට උත්තර දෙන්න වෙයි කියල..

'- නෑ..එයා අහිංසක,ලස්සන හොඳ ගතිගුන තියෙන කෙනෙක් වෙන්න ඕන'

'ඔයා සම්ප්‍රදායෙ ජිවත් වෙන්න පටන් ගත්තෙ කවද ඉඳලද ? මිනිස්සු හැම දේකින්ම බලාපොරොත්තු වෙන්නෙ තාවකාලික සතුටක්... කවුරු කොහොම ආදරේ කරත් ඒකෙන් ස්වභාවධර්මයේ නියම පිලිපැදීම විතරයි වෙන්නෙ.. ආදරයේ අවසානය තම වර්ගයා බෝ කිරීම පමණමයි..වෙනස මානවයා ඕක උසස් හැඟීමක් කියල තමන් විසින්ම අර්ථකථනය කර ගැනිමයි'

මේ බයිල  මට මොකටද ? මට දෙනව කියල කියපු දේ දීල යන්නෙ නැතුව කියව කියව ඉන්නව..සුරංගනාවියක් උනත් ගෑණු ගති යවන්න බෑනෙ.

'මට ඔයාට ඉල්ලපු දේ දෙන්න පුළුවනනේත් ඔයා ඒකෙන් විනාස වෙනව.. ඔයාම ඔයාට ගැලපෙන කෙනා හොයා ගන්න..නිකන් බලං හිටියට කිසි දෙයක් ලැබෙන්නෙ නෑ..මතක තියා ගන්න, ඔයා ආදරේ කරන්න ඕන ඔයාට ආදරේ කරන්න පූළුවන් කෙනෙකුට..ආදරේ හිඟා කන්න එපා..ඒක අනුකම්පාවෙන් ලබා ගන්න ඕන දෙයක් නෙවෙයි..ඔයාගෙ සහකාරිය ඔයාගෙම කොටසක් වෙන්න ඕන..ඔයාගෙ ඇස් දෙකෙන් ලෝකය දකින,ඔයාගෙ හදවතින් හිතන ,ඔයාගෙ හුස්ම පොදින් ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕන..ඔයාල දෙන්න දෙවිදියකට හුස්ම ගත්තොත් ඔයාල ජීවිත දෙකක් වෙනව..'

'- ඔයා කියපු හැමදේම හරි..ඒත් එහෙම අය හොයා ගන්න බෑ..ඉන්නව නම් මට කියන්න..මගේ ජීවිත කාලෙම හෙව්වත් මට ඔය කියන කෙනාව හොයාගන්න ලැබෙන එකක් නෑ'

'එහෙනම් තනිකඩව ඉන්න..ඒක නිදහස්'

යකෝ ඕක කියන්නද දිවිය ලෝකෙ ඉදන් ආවෙ ? වෙන කෙල්ලො එපා..ජීවිතේ ගැන දැක්මක් තියෙන මෙයාව මට ලැබුණොත්..

'මම දන්නව දැන් ඔයා කියන දේ..ඉතිං මගේ අකමැත්තක් නෑ'

'-ඒ කියන්නෙ ඔයා මාත් එක්ක නවතිනවද ? '

'නෑ..ආදරේ කරන්න ලඟින් ඉන්නම ඕන කියල නියනමයක් නෑ.. ඔයාල වීරයො විදියට සලකන රෝමියෝ-ජුලියට් ගැන මං දකින්නෙ මෝඩයො විදියට.. ඇයි එයාලට අයිති කර ගන්නම ඕන උනේ..එයාලට ශාරීරික බැදීමක් විතරයි තිබිල තියෙන්නෙ.නැත්නම් කවදාවත් අකාලයේ ජීවිත නැති කරගන්නෙ නෑ..ඔයාල හැමෝම ආදරේ ලිංගිකත්වය එක්ක පටලවන්.. ඔයා එහෙම වෙන්න එපා.. ඔයාට ලෝකෙ වෙනස් කරන්න බැරි උනාට ලෝකෙ වෙනස්වීම් වලදි ඔයාට නොවෙනස්ව ඉන්න පුළුවන්'

අනේ මංදා මොනව කියනවද කියල..මොකක් උනත් රත්තරං වචන ටික..

'මම දැන් යනව'

'-අනෙ යන්න එපා..මාව දාල යන්න එපා'

'යථාර්තයට මුහුණ දෙන්න..මතක තියා ගන්න මම කියපුව'

'-ඔයා ආපහු එනවද ? '

'ඔව්..සංසාර ගමනේ කවද හරි'

මම ඇස් පිහිදාල බැළුව..හ්ම්ම්..මං දැක්කෙ හීනයක් වෙන්න බෑ..නොවෙන්නත් බෑ..කොහොම උනත් මම යථාර්තයට අකමැතියි.. මගේ ෆැන්ටසි ලෝකෙ තියෙන දේවල් සැබෑ ලෝකෙ නෑ.. ඒත් මං ජීවත් වෙන්න ඕන සැබෑ ලෝකෙ..නැත්නම් මට පැවැත්මක් නෑ....

Comments

Post a Comment

◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net

You May Like Also,

පන්සිය පණස් ජාතක පොත

මේක දෙන්නෙ හිටියෙ මීට ගොඩ දවසකට කලින් උනත් විවිධ හේතු නිසා අතපසු උනා.. අද පෝය දවසෙ කොහොම හරි දානව කියල හිතා ගත්තා... පන්සිය පණස් ජාතකය, ඔව් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම 550 ක , උන්වහන්සේ විසින් දේශණා කරපු ජාතක කතා මේකෙ ඇතුලත්.. අපි සාමාන්‍යයෙන් දන්න විදියට පන්සිය පණස් ජාතකය කිව්වට දැනට නිකුත් වී තියෙන ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නෙ ජාතක කථාංග 447 හෝ 446.. අනිත් 3 හෝ 4 ගැන සඳහනක් නෑ.. නමුත් මේ විද්‍යූත් ලේඛන පිටපතේ ජාතක කථාංග 550 ම ඇතුළත්.. අවසන් කථාංග 4 බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් කටවහරෙන් පැවතෙන ජාතක කථාංග ඇතුලත් කරල තියෙනවා.. මට මේක හම්බ උනේ වෙන වෙනම කොටස් විදියට. මං සියල්ල එකතු කරල තනි PDF file එකකට merge කරා... අවශ්‍ය තැන් bookmark කරන් කියවන්න පුළුවන්නෙ... 19.9 MB  ඔබගේ පරිගණකයේ මෙහෙයුම් මෘදුකාංගය Windows XP හෝ Windows 7 නම්, PDF file reader එකක් නැතිනම් මෙතනින් adobe reader එක අරගන්න..

බ්ලොග් එකේ Navigation Bar එක අයින් කරමුද ?

අපි බ්ලොගර් වලින් බ්ලොග් එකක් හැදුවම මෙන්න මෙහෙම බ්ලොග් එකට උඩින් Navigation Bar එකක් වැටෙනවනෙ. කැතයි වගේ නේද ? එහෙනම් ඉතින් අයින් කරමු. මේක අයින් කරාම බ්ලොග් එකේ SEO වඩා හොඳින් වෙනව කියල  digitalpoint forum එකේ තිබුන. නමුත් ඒ ගැන නම් මං හරියට කියන්න දන්නෑ. මෙන්න මෙහෙමයි වැඩේ , ඔයා පැරණි blogger interface එක නම් පාවිච්චි කරන්නෙ, Dashboard  >> Design >> Edit HTML වෙත යන්න. අළුත් blogger interface එකේ නම් කෙලින්ම Template කියල තියෙනව. දැන් මේක කරන්න කලින් full template එකම download කරන් ඉන්න. නැත්නම් වරද්දගෙන මට බනින්න එප. (වරදින්න දේකුත් නෑ හැබැයි ) දැන් අළුත් blogger interface එකේ අයත් තමන්ගෙ දැනට active template එකේ Edti HTML වෙත යන්න. දැන් මෙහෙම පණිවිඩයක් ආවනෙ. එතන Proceed ක්ලික් කරන්න.  දැන් ඔයාගෙ template එකේ HTML කෝඩ් තියෙනව පෙනෙයි. දැන් මේ පහත රූපෙ විදියට variable definitions කියන තැන හොයා ගන්න. අමාරු නම් Ctrl + F ගහල හොයා ගන්නකො.  දැන් ඔන්න ඔය කෝඩ් එකෙන් උඩට, ඒ කියන්නෙ *variable definitions තැනයි උඩ කඩ ඉරි පේලියයි අතරට මෙන්න මේ පුංචි කෝඩ් එ

පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?

හනී බනී වෙන් වෙලා දැන් මාස 8ක් විතර ඇති. ගොඩක් දෙනා අහන දෙයක් තමයි එච්චර  ආදරේ කරා නම් කොහොමද දැන් ගානක් නැතුව ඉන්නෙ කියන එක. ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගෙ මිත්‍රයෙක්ගෙ wife ළඟදි Cancer එකකින් නැති උනා. පෞද්ගලිකවම මං දන්න දෙයක් තමයි ඒ දෙන්න අතරෙ පුදුම ආදරයක් තිබුනෙ. එයාලගෙ විවාහ ජීවිතේට අවුරුදු 19කටත් වැඩියි. ඒත් මළ ගෙදරදි, ආදාහන කටයුතු කරද්දිවත් ඒ අංකල් පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ. කිසිම දුකක් පේන්න තිබුනෙත් නෑ. හිස් බැල්මෙන් බලාගෙන හිටිය විතරයි. කටයුතු ඉවර වෙලා අපි ආපහු යනකොට ඒ මනුස්සය කිව්ව හරි අපූරු කතාවක්, "නෝන නැති උනාට මට දුකක් නෑ.. ඒත් එයා නැති පාළුව මගේ ජීවිත කාලෙම තියේවි. පහුගිය අවුරුදු 19ටම එයා මටත්, මගෙන් එයාටත් වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරා. අපි දෙන්න දෙන්නටම ණය නෑ.." එච්චරයි.. මමත් කාටවත් ණය නෑ.. ඒත් අද (ඔක්තෝම්බර් 30) තමන්ගෙ 20 වෙනි උපන් දිනේ සමරන හනී බනීගෙ සියළු කටයුතු, අනාගතේ, බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම ඇයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි (සම්මතයට අනුව) යාළු වෙන්නෙ/ ආදරේ කරන්නෙ/සම්බන්ධයක් ඇති කර ගන්නෙ ?? කෙල්ලන්ගෙ පැත්ත