Skip to main content

මගේ Hunny Bunny මට ලියපු කවි

මගේ හනී බනියා නිකං ඉන්න වෙලාවක කුරුටු ගාපු කොළේක මේ කවි පද ටික ලියවිලා තිබිල මං උස්සං ආවා..

හමුවුණා ඔබ මට

එකමත් එක දවසක

හැඳිනගත්තෙමි මා

ඔබ හොඳ මිතුරෙක් බව


කාලයේ ඇවෑමෙන්

හමුවෙලා කතා නොකල

අපි,

තවත් දිනෙක හමුවුණෙමු

ඔබ මා...


ආදරයෙන් පිරි

හදවතක් සමඟ

කලක මිතුරන් වූ අප

පෙම්වතුන් වීමු අද...



ඒක නෙවෙයි, ලස්සන ගෑණූ ළමයින්ගෙ අතේ දිගට නියපොතු වැව්වම වස කැතයි නේද ? ලස්සන ස්වාභාවික රෝස පාටට උඩින් කියුටෙක්ස්වල කෘතිම රෝස පාට ගෑවම අප්පිරියයිනේ...

Comments

  1. ආව්ව්ව්ව්ව්,, ලස්සන පද පේළි ටිකනේ.. :)

    ReplyDelete
    Replies
    1. :D ඒත් මට නම් කොච්චර උත්සාහ කරත් කවි ලියන්න බෑ :(

      Delete
  2. Anee ube hunny bunny. . . .:-D
    Kathaawa aththa machanz

    ReplyDelete
  3. අනේ.... මේකටත් තියෙන ප්‍රශ්න....
    ඔය ආදර කතාවේ මුල මැද ලිව්ව නම් බලන්න....
    පද ටික ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. මුලකුත් නෑ මැදකුත් නෑ අවසානයකුත් නෑ..
      මමත් මේ කල්පනා කරේ මුල මොකක්ද කියලා :x

      Delete
  4. පද ටික ලස්සනයි..
    අනේ හැබෑට මෙයාටත් හිතෙන දේවල් :P

    ReplyDelete
    Replies
    1. ඕක ලිව්වෙ මං නෙවෙයි.. හනී බනියා :))

      Delete
  5. ඔය අන්තිමට කියපු ටික ඇත්ත කතම කැතයි.

    ReplyDelete
    Replies
    1. :-bd :-bd ජය වේවා.. මං මේ කොමෙන්ට් ටික එයාට පෙන්නනවා. ඔන්න ඔහොමයි ගෑණු ළමයගෙ හිත නොරිද්දා තමන්ට ඕන විදියට හදා ගන්නේ :P

      Delete
  6. ඒක නෙවෙයි, ලස්සන ගෑණූ ළමයින්ගෙ අතේ දිගට නියපොතු වැව්වම වස කැතයි නේද ? ලස්සන ස්වාභාවික රෝස පාටට උඩින් කියුටෙක්ස්වල කෘතිම රෝස පාට ගෑවම අප්පිරියයිනේ... // හරියට හරි..

    ReplyDelete
    Replies
    1. එළ.. එළ.. අන්න ඒකටයි සැබෑ ලස්සන කියන්නේ.. ඇහුණද කෙල්ලනේ, කොල්ලො ඔය බොරු ආටෝප වලට කැමති නෑ :P

      Delete
  7. තව පද පෙළක් එකතුකළානම් විවාහය....

    ReplyDelete
    Replies
    1. තව කල් තියේ.. පරස්තාවට පෙර රස්සාවක් එපැයි :))

      Delete
  8. මරු මරු.. හනී බනී මේක දැකලා මොකෝ කිවුවේ?

    ReplyDelete
    Replies
    1. එයා තමයි මේක ලියුවේ :)

      Delete
  9. ///ඒක නෙවෙයි, ලස්සන ගෑණූ ළමයින්ගෙ අතේ දිගට නියපොතු වැව්වම වස කැතයි නේද ? ලස්සන ස්වාභාවික රෝස පාටට උඩින් කියුටෙක්ස්වල කෘතිම රෝස පාට ගෑවම අප්පිරියයිනේ... ///


    මෙන්න මේ කතාවට උබේ කටේ මසුරන් ඔබන්න ඕන.... මමත් මගේ එකීට කියල කියල.... ඔය අතේ උලන එක නවත්ත ගත්ත..... අම්මේ අත අල්ලන්නත් අප්පිරියයි....

    ReplyDelete
    Replies
    1. හී හී.. මටත් ඒක තමයි කරගන්න ඕන.. මේ කොමෙන්ට් ටික දැක්කම නවතීවි :D :D

      Delete
  10. ‍මෙයාටත් රිප්ලයි පොයම් එකක් ලියන්ට වෙයිනේ:P

    ReplyDelete
    Replies
    1. ආ කියන්න අමතක වුණා මට පේන්නෙ හනී බනීට නියපොතු අලුත්වැඩියා කරගන්න වෙයි.පව් අහිංසක කෙල්ල..!

      Delete
    2. මට ඕව ලියන්න බෑ අනේ.. නියපොතු ටික මුලින්ම කපල දාන්න ඕන :D

      ආ.. ආපහු පින්තූරෙ මාරු කරානේ X(

      Delete
  11. ඔතනින් එහාටත් තව දිග,ගොඩාක් දිග කතාවක් ලියන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. හි හී.. තැංකූ.. තැංකූ...

      Delete
  12. මෙව ලියනකොට මෙයට අදාළ පසුබිමත් ලිව්වනං තමා රසය වැඩි වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. පසුබිමක් නෑ.. හෙහෙ.. හී.. :D

      Delete
  13. හ්ම්ම්...එහෙම දෙයක්....අනේ මන්දා....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. අනේ මංදා.. :D

      Delete
  14. අනේ බන් මම පණ දාන් comment එක්ක ලීවා... හුටස්‌ ගලා light ගියා.. pc එක off.. ~X( ~X( දැන් ආයි ගහන්න කම්මැලි... :(

    ReplyDelete
    Replies
    1. හයියූ... :(( UPS එකක් ගනින්කෝ... පෝස්ට් එකක් ලියද්දි හුටස් ගෑවොත් තමයි වැඩේ :D

      Delete
  15. ආව් ආව්...............^_^

    කියුටෙක්ස් නම් මං බබීත් අනුමට කලන්නෑ... ඒත් සුට්ටක් වැව්වට කමකක් නෑ අප්ප... ආරක්සාවටට් එක්ක හොඬයිනේ.....හා නැඩ්ඩ......;) පී

    ReplyDelete
    Replies
    1. ආරස්සාවට කියල මාව කොනිත්තනකොට සනීප මටනෙ :((

      Delete
  16. අදයි අවෙ යසිත්. ලස්සනයි කවි ටික. අර පාට ගාන එකට නම් මාත් අකමැතියි. ස්වභාවික ලස්සන යනවා. මම මංගල දිනයේ වත් කිසිම පාටක් හෝ විච්චූරනයක් නොකරපු කෙනෙක් කියල කියන්නෙ බොහොම ආඩම්බරෙන්. ඔබේ ප්‍රියම්බිකාව ස්වභාවයෙන්ම ලස්සන ඇති නෙ. ඒක තමයි ගැහැණු ළමයෙක් ලබන ලොකුම ලස්සන. වාසනාවේවා!

    ReplyDelete
    Replies
    1. අන්න. එළ.. මං එයාව අක්කට යොමු කරන්නම්, දේශණයක් දෙන්න..:D

      Delete
  17. හි හි හනි බනි පවි නේ බං!.....
    අන්තිම 2ට නමි ඔබතුමාට එකගයි

    ReplyDelete
    Replies
    1. හනී බනී කොහොම වෙතත් මං බනී නම් පව් :))

      Delete
  18. පද පේළි ටිකනම් ලස්සනයි මචං! මං හිතන්නේ උඹත් මගේ බෝට්ටුවේ ;)

    ReplyDelete
    Replies
    1. යා.. යා.. ලව් කරන හැම කොල්ලම එකම බෝට්ටුවේ :-bd

      Delete
  19. අද විතරක් නෙමෙයි...හෙට අනිද්දා හැමදාම පෙම්වතුන් වෙලා ඉන්න ලැබේවා....පස්ටයි ආ...

    ReplyDelete
    Replies
    1. හී.. හී... තැංකූ ඈ.. අන්තිමට බිරිඳ කරගන්න ලැබුනොත් ඇති :D

      Delete
  20. අන්තිම කතාව ඇත්ත බං... යකින්නියෝ වගේ රතු පාටට පාට ගාගෙන මදිවට අඩි ගණන් නියපොතුත් වවාගෙන...

    කවිය නම් නොතේරීම කණගාටුවට කරුණකි.. :(

    ReplyDelete
    Replies
    1. කවිය තේරුම් ගන්න කලින් උඹ ආදරේ තේරුම් ගනින් :D

      Delete
  21. Replies
    1. හී.. උත්සාහවන්තයා ජයගනී කියන්නෙ ඔන්න ඕකයිනේ.. :)

      Delete
  22. menna hore ... :) pemwathunta magenuth suba pathum

    ReplyDelete
  23. බනීට කියන්න... හරිම ලස්සන කවියක් :)

    ReplyDelete
    Replies
    1. හා...හා.. මං කියන්නම්කෝ.. මේ පැත්තට සාදරයෙන් පිලි ගන්නවා :)

      Delete
  24. හි හි ..ඔයාල දෙන්නට ජය !!!කියුටෙක්ස් ගෑම කෙසේ වෙතත් නියපොතු ගොඩක් දික්කරගෙන ඉන්න එකනම් හිරිකිතයි.යක්කු වගේනේ :D

    ReplyDelete
    Replies
    1. තැංකූ :D යකින්නියො වගේ.. මං ඊළඟ පාර හම්බ උනාම කන්න ඕන නියපොතු ටික :P

      Delete
  25. නියාපොතු කැතයි නේ බං...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ.. මේ මෝඩ කෙල්ලොන්ට තේරෙන්නෙ නෑනේ :))

      Delete
  26. හදවත් දෙකක් ආලෙන් වේලිලා හැඩය.
    හදවත් දෙකේ පැතුමන් පිරිලා වගෙය.
    හදවත් දෙකම එක්වන්නට දැන් ළඟය.
    හදවත් එකතු වනදා මට කිව යුතුය.

    ReplyDelete
    Replies
    1. හදවත් එකතු උනෙ නම් අපිටත් හොරෙනී..
      පැතුමන් පිරුනෙ ඒ හදවත් වලිනී..
      දෝරෙ ගලා යන ආදරෙ දැනුනී..
      එක් වනදා ඔබ හැමටම කියමී.. :D

      Delete
  27. කවියත් ලස්සනයි... පින්තුරෙත් ලස්සනයි... නියපොතු චුට්ටක් වැව්වම තවත් චුට්ටක් ලස්සනයි... ;)

    ReplyDelete
    Replies
    1. කවියත් ලස්සනයි... පින්තුරෙත් ලස්සනයි... නියපොතු චුට්ටක් වැව්වම කැතම කැතයි.. ඈ..ක්කා..~X(

      Delete
  28. බොලාට කයි ලියන්ඩ බැරි වුනාට බනීයාට පුළුවන්නේ. ඒ මදැයි...

    බොලා මගේ බොගේ දාපු සත්තමට බයේ ආවේ.. දැන් ඉතින් දුම් ගහලවත් මෙහෙ එන එක නවත්තන්ට බැරිවෙයි අපි දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. අඩේ.. තොවිලයක් හරි නටනවා බොල.. :D :D සාදරයෙන් පිලිගනිමු :P

      Delete
  29. කොහොමද දැන්... බලාපොරොත්තු වෙච්චි වැඩේ කෙරුනද...? :D

    ReplyDelete
    Replies
    1. නෑනේ.. එකම බලාපොරොත්තුව එයාව මගේම කරගන්න එක. :))

      Delete
  30. "පෙම්වතුන් වුනා අද.." එහෙනම් ලස්සන ලස්සන කවි ලියවෙයි තව ඉස්සරහට..!

    ReplyDelete
    Replies
    1. :D බලමුකෝ.. ආදර ගීත ලියවෙයිද විරහ ගීත ලියවෙයිද කියලා....

      Delete
  31. ආව් ආව් ..සුභ මංගලම් ඉක්මනටම...

    ReplyDelete
    Replies
    1. අපෝ තව ඕන තරම් කල් තියෙනවා :D

      Delete
  32. හැ.. බනියට ලස්සනට පද ගලපන්න පුලුවන්නේ.... ෂෝයී..

    ReplyDelete
    Replies
    1. ආදරෙත් ගලපන්න පුළුවන් :x

      Delete
  33. "ඒක නෙවෙයි, ලස්සන ගෑණූ ළමයින්ගෙ අතේ දිගට නියපොතු වැව්වම වස කැතයි නේද ? ලස්සන ස්වාභාවික රෝස පාටට උඩින් කියුටෙක්ස්වල කෘතිම රෝස පාට ගෑවම අප්පිරියයිනේ... "

    meka nan aththa ...............

    ReplyDelete

Post a Comment

◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net

You May Like Also,

පන්සිය පණස් ජාතක පොත

මේක දෙන්නෙ හිටියෙ මීට ගොඩ දවසකට කලින් උනත් විවිධ හේතු නිසා අතපසු උනා.. අද පෝය දවසෙ කොහොම හරි දානව කියල හිතා ගත්තා... පන්සිය පණස් ජාතකය, ඔව් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම 550 ක , උන්වහන්සේ විසින් දේශණා කරපු ජාතක කතා මේකෙ ඇතුලත්.. අපි සාමාන්‍යයෙන් දන්න විදියට පන්සිය පණස් ජාතකය කිව්වට දැනට නිකුත් වී තියෙන ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නෙ ජාතක කථාංග 447 හෝ 446.. අනිත් 3 හෝ 4 ගැන සඳහනක් නෑ.. නමුත් මේ විද්‍යූත් ලේඛන පිටපතේ ජාතක කථාංග 550 ම ඇතුළත්.. අවසන් කථාංග 4 බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් කටවහරෙන් පැවතෙන ජාතක කථාංග ඇතුලත් කරල තියෙනවා.. මට මේක හම්බ උනේ වෙන වෙනම කොටස් විදියට. මං සියල්ල එකතු කරල තනි PDF file එකකට merge කරා... අවශ්‍ය තැන් bookmark කරන් කියවන්න පුළුවන්නෙ... 19.9 MB  ඔබගේ පරිගණකයේ මෙහෙයුම් මෘදුකාංගය Windows XP හෝ Windows 7 නම්, PDF file reader එකක් නැතිනම් මෙතනින් adobe reader එක අරගන්න..

බ්ලොග් එකේ Navigation Bar එක අයින් කරමුද ?

අපි බ්ලොගර් වලින් බ්ලොග් එකක් හැදුවම මෙන්න මෙහෙම බ්ලොග් එකට උඩින් Navigation Bar එකක් වැටෙනවනෙ. කැතයි වගේ නේද ? එහෙනම් ඉතින් අයින් කරමු. මේක අයින් කරාම බ්ලොග් එකේ SEO වඩා හොඳින් වෙනව කියල  digitalpoint forum එකේ තිබුන. නමුත් ඒ ගැන නම් මං හරියට කියන්න දන්නෑ. මෙන්න මෙහෙමයි වැඩේ , ඔයා පැරණි blogger interface එක නම් පාවිච්චි කරන්නෙ, Dashboard  >> Design >> Edit HTML වෙත යන්න. අළුත් blogger interface එකේ නම් කෙලින්ම Template කියල තියෙනව. දැන් මේක කරන්න කලින් full template එකම download කරන් ඉන්න. නැත්නම් වරද්දගෙන මට බනින්න එප. (වරදින්න දේකුත් නෑ හැබැයි ) දැන් අළුත් blogger interface එකේ අයත් තමන්ගෙ දැනට active template එකේ Edti HTML වෙත යන්න. දැන් මෙහෙම පණිවිඩයක් ආවනෙ. එතන Proceed ක්ලික් කරන්න.  දැන් ඔයාගෙ template එකේ HTML කෝඩ් තියෙනව පෙනෙයි. දැන් මේ පහත රූපෙ විදියට variable definitions කියන තැන හොයා ගන්න. අමාරු නම් Ctrl + F ගහල හොයා ගන්නකො.  දැන් ඔන්න ඔය කෝඩ් එකෙන් උඩට, ඒ කියන්නෙ *variable definitions තැනයි උඩ කඩ ඉරි පේලියයි අතරට මෙන්න මේ පුංචි කෝඩ් එ

පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?

හනී බනී වෙන් වෙලා දැන් මාස 8ක් විතර ඇති. ගොඩක් දෙනා අහන දෙයක් තමයි එච්චර  ආදරේ කරා නම් කොහොමද දැන් ගානක් නැතුව ඉන්නෙ කියන එක. ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගෙ මිත්‍රයෙක්ගෙ wife ළඟදි Cancer එකකින් නැති උනා. පෞද්ගලිකවම මං දන්න දෙයක් තමයි ඒ දෙන්න අතරෙ පුදුම ආදරයක් තිබුනෙ. එයාලගෙ විවාහ ජීවිතේට අවුරුදු 19කටත් වැඩියි. ඒත් මළ ගෙදරදි, ආදාහන කටයුතු කරද්දිවත් ඒ අංකල් පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ. කිසිම දුකක් පේන්න තිබුනෙත් නෑ. හිස් බැල්මෙන් බලාගෙන හිටිය විතරයි. කටයුතු ඉවර වෙලා අපි ආපහු යනකොට ඒ මනුස්සය කිව්ව හරි අපූරු කතාවක්, "නෝන නැති උනාට මට දුකක් නෑ.. ඒත් එයා නැති පාළුව මගේ ජීවිත කාලෙම තියේවි. පහුගිය අවුරුදු 19ටම එයා මටත්, මගෙන් එයාටත් වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරා. අපි දෙන්න දෙන්නටම ණය නෑ.." එච්චරයි.. මමත් කාටවත් ණය නෑ.. ඒත් අද (ඔක්තෝම්බර් 30) තමන්ගෙ 20 වෙනි උපන් දිනේ සමරන හනී බනීගෙ සියළු කටයුතු, අනාගතේ, බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම ඇයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි (සම්මතයට අනුව) යාළු වෙන්නෙ/ ආදරේ කරන්නෙ/සම්බන්ධයක් ඇති කර ගන්නෙ ?? කෙල්ලන්ගෙ පැත්ත