
දස දහසක් නෙතු අතරේ
ඔය නෙත් දෙකම පැතුවේ
ඒකෙ විශේෂත්වයක් මට දැනුණු නිසා
හරි ඉක්මනටම හමුවුණ අපි
ඒ ඉක්මනින්ම වෙන් වෙයි කියල මං හිතුවෙ නෑ
වෙනද මගේ හඬ පැයකට වතාවක්වත් නොඇහුනොත්
ඇස් දෙක බොඳ කර ගන්න නුඹ අද ඉන්නෙ කොහොමද ?
මට හැමදාම ඕන උනේ මගෙන් තොර ජීවිතයක් නැති
මගේම කියන්න පුළුවන් මගේම කෙනෙක්
මට ඕන උනේ මගේ ආදරේ ගැන ලෝකෙටම කෑ ගහල කියන්න
මට ඕන උනේ මගේ ළඟ ඳඟ කරන,හුරතල් වෙන විහිලු කරාම කම්මුල් රතු කර ගන්න ආඩම්බර කෙල්ලෙක්
මගේම පුංචි ගෙයක්,පුංචි වාහනයක් , ආඩම්බරෙන් ඔයා එක්ක ඇවිඳින්න...........
මේ මගේ වයිෆ්.................
මං යළුවන්ට ඔයාගෙ පින්තූරෙ පෙන්නල උජාරුවෙන් කිව්වෙ එහෙමයි...
මං අඬන්නෙ නෑ...........
ඒ මං පිරිමියෙක් නිසාවත්,තද හිතක් තියෙන නිසාවත් නෙවෙයි
අඬන්න තවත් කඳුලු නැති හින්දා....
හේතුවක් නෑ..... මෙහෙම දුරස් වෙන්න....
ඒත් එහෙම වෙනවා...........
දවසක් දෙකක් කියන්නෙ මහ ලොකු කාලයක් නෙවෙයි
ඒත් ඒක කල්පයක්............. ආදරේ කරන හිතකට.......
හ්ම්ම්ම්ම්ම්ම්ම්... උඹත් ගියාද එහෙනම් ??????????
හ්ම්............ජිවිතයට ආදරය තිබුණොත් හොඳයි නැතත් මොකද වෙන්නේ?
ReplyDeleteකෙනෙක් ආදරය කරන්න හිත හදා ගද්දිම දුක් විඳින්නත් හිත ලැහැස්ති කරගන්න ඕනෙලු. මම එහෙම අහලා තියෙනවා..ආදරයේ වේදනාව මනින්නේ ආදරය කල කාලය අනුව නෙමේ.. ආදරය කල විදිය අනුවයි...
ReplyDeleteආදරයේ වේදනාව මනින්නේ ආදරය කල කාලය අනුව නෙමේ.. ආදරය කල විදිය අනුවයි...
Delete++++++++++++ එකගයි 100ට 200 ක් ළිහිණි..
//මට හැමදාම ඕන උනේ මගෙන් තොර ජීවිතයක් නැති// මෙතැන තමයි වැරැද්ද සිද්ධ වුනේ ... ඔයා නෙමෙයිනෙ එයාට ජීවිතය දුන්නෙ, ඒ නිසා ඔයාට එහෙම පතන්නත් බැහැනේ. :(
ReplyDeleteහ්ම්ම්ම්.... අනේ මන්ද මල්ලෝ මොනා කියන්නද කියල. ආදරය කියන්නේ මහා පුදුම දෙයක්. වෙලාවකට සතුට වගේම තවත් වෙලාවකට හිතා ගන්න බැරි තරම් දුකත් උරුම වෙනවා. එක එක්කෙනා ආදරය දෙන විදියත්, ආදරය විදින විදියත් වෙනස්නේ. කෙනෙක්ට තමන් ආදරය කරන කෙනා මුළු ලෝකයම වුනාට, තවත් කෙනෙක්ට එහෙම නොවෙන්න පුළුවන්. අනේ මන්දා..... හිත හදා ගන්නවා ඇර වෙන මොනා කරන්නද.....
ReplyDelete"ප්‍රේමති ජායති සෝකෝ ප්‍රේමති ජායති භයං"
ගණන් ගන්න එපා බං..අපි කැමති අය අපිට නොකියාම ඉක්මනට අපේ ජිවිතෙන් ඈත් වෙනවා...මොනවා කරන්නද.....
ReplyDeleteමේ වෙලාවේ මේක ගැන මම මුකුත් කියන්නෙ නෑ. සමහරවිට හෙට අනිද්දා හනී බනී ආයේ මගෙ ලග කියල පෝස්ට් එකක් වැටෙයි කියල මගේ හිතේ බලාපොරොත්තුවක් තියන නිසා වෙන්න ඇති. ඒ වගේම ගොඩාක් හදිස්සි වෙන්න එපා මලේ සමහර විට සිද්ද වෙච්ච දේ හොදක් වෙන්න ඇති කියල හිතාගමු.
ReplyDeleteජීවිතේ හැටි එහෙම තමයි මල්ලියෝ. අපි කැමති විදිහට හැම දෙයක්ම වෙනවනම් හොඳයි. ඒත් ඒක එහෙම වෙන්නෙ නෑනෙ. සතුට වගේම දුකත් දරාගන්න සිද්ධ වෙනව අපිට....
ReplyDeleteහමුවීම් වෙන්වීම් ජීවිතේට උරුම දේවල්.
ReplyDeleteආදරේ හැටි ඔහොම තමයි. කාලෙකදී හිනස්සවලා කාලෙකදී අඬවනවා. හැමදේම හරියයි යසිත්!
ReplyDeleteලස්සන පද ටිකක් කියන්න බෑ යසිත් සිදූවිම නිසා,ඒත් නොකියා බෑ,, මොකද මගේ හිතෙත් තියන බලාපොරෝත්තු ටිකක් නිසා,, ඒත් යන කෙනාට යන්න දෙන්න වෙනවා අකමැත්තෙන් හරි,එයා යන්නෙ එයාගේ සතුට හෙයාගෙන නම් හරි,අපිත් එක්ක ඉන්න එක සතුටක් නෙයෙිනම් හරිනේ,, ඒක එයාට හොදක් ිවයි කියලා හිතේ ආදරේ තද කරන්න ඉන්නවා ඇර කරන්න දෙයක් නෑ,,
ReplyDeleteඅනේ පල කොල්ලෝ යන්න.... මම දන්නැද්ද උඹයි උඹේ හනී බනියගෙයි හැටි.... තව සතියකින් විතර මේකෙම පෝස්ට් එකක් වැටෙන බව මට ෂුවර්.... අඩේ මං එදා ඇඬුවේ අපරාදෙනේ කියලා....
ReplyDeleteමම නම් කියන්නේ මචන් යන අයට යන්න දියන් කියලා. මොකද ඒ යන්න හදන කෙනා අද වැලක්වුවත් එයා හෙට අපෙන් මිදිලා යනවා. :-q
ReplyDeleteමම කියන්න අපු එකම පැතුම් කියලා..
ReplyDeleteඅනේ.. :(
ReplyDeleteඕවා ගැන එච්චරම හිතන්න එපා මලයා..
ReplyDeleteහ්ම්ම්ම්ම්... ප්‍රශ්නෙ ඉවරයි වගේ... එයා තේරුම් අරං මට වගේම එයාටත් ඉන්න බෑ කියලා..
ReplyDeleteමං දන්නවා මට බෑ තව කෙනෙක්ව පාලනය කරන්න. ඒ උනාට මං ඉන්නෙ [hi="yellow"]මගේ ගෑනි ඉන්න ඕන මට ඕන විදියට..[/hi] කියන ඒකාධිපති මතයේ... ඒක සම්පූර්ණ වැරදියි. ඒත් මං අපි ආදරේ කරන්න පටන් ගන්න කලින්ම ඒක එයාට පහදලා දුන්නා..
ආදරේට සීමා නීති නැති බව ඇත.. රැඩිකල් විදියට මමත් ඒ අදහස අනුමත කරා.. ඒ උනාට ප්‍රායෝගිකව ආදරේ යම් නීති රාමුවකට යටත් විය යුතුයි කියන මතයේ මම ඉන්නෙ :-q ආදරේ කියන්නෙ අතිත් කෙනාව බැඳලා දාල නීති දාලා තමන් ගාවම තියා ගන්නවා කියන එක නෙවෙයි.. නමුත් කිසියම් පාලනයක් තියෙන්නත් ඕන..
උදාහරණයක් විදියට මම කැමති නෑ එයා මට "ඕයි,තමුසෙ,උඹ" කියනවට.. ඇත්තටම ඒව සැළකිය යුතු දේවල් නෙවෙයි.. නමුත් මට අදාලව මං ඒව බලනවා..
මං එයාට හැම තිස්සෙම කියන දෙයක් තමයි ආදරේ වගේම අපි දෙන්න අතරෙ ගෞරවේත් දෙන්නට දෙන්න අතරෙ තිබිය යුතුයි. අපි ලව් කරන්නෙ ලෝකෙට පේන්නවත්, කාමර වලට ගිහින් සැප ගන්නවත් නෙවෙයි.. තව අවුරුදු 50ක් 60ක් අපි එකට ඉන්න ඕන.. එතකොට මීට වඩා ගොඩක් වෙනස්, මොකද අපි දෙන්න එතකොට වෙනම සමාජ ඒකකයක් නිසා...
හැමෝම මගේ අදහස් වලට විරුද්ධ වේවි.. නමුත් එයා මාව තේරුම් අරං ඉන්නෙ කියල මට දැං හිතෙනවා.. සාමාන්‍ය කෙල්ලෙක්ට එහෙම ඉන්න අමාරුයි.. අමාරුයි නෙවෙයි ඒකට කැමති නෑ..ඒකයි මං එයාට ආදරෙයි ගෞරවෙයි දෙකම මේ තරම් කරන්නෙ..
Delete[si="2"]කවදාවත් දැකල නැති උනත් හිතේ අමාරුවට ලියපු පෝස්ටුවට එකතු වෙලා දුක බෙදා ගනිපු යාළුවො හැමෝටම ස්තූතියි!...[/si]
හි හි.. මොකද මං කිව්‌ෙව්..... මං දන්නැද්ද ඔය ඩබලගේ හැටි...
Deleteඕයි තමුසේ කතාව ගැන මාත් කිව්වා මතකනේ මලයෝ... ඔය නීති දැමිල්ල කියන්නේ මාත් අකමැති දෙයක්... විශේෂයෙන් අයියා මට නීති දානකොට මං එයා එක්ක මරා ගන්නවා... ඒකට හේතුව එයා පිරිමියෙක්, මම ගෑණියෙක් කියලා හිතලා මට දාන නීති වලට මම අකමැති නිසා.. ඒත් මට තියෙන ආදරේට දාන නීතියක් නම් අනේ මං උඩින්ම හා කියනවා... නීතිය දාන්න හේතුව සාධාරණද කියලා ඔයා හිතලා බලන්න මුලින්ම.. ඊට පස්සේ ඒ ගැන එයා එක්ක කතා කරන්න.. එයා එකඟ නම් ඔයාට නීතියක් දාන්න වෙන්නේ නෑ... එයා ඒකේ වෙනස් කමක් කරන්න ඕනේ කියලා කියනවා නම් ආයිත් පාරක් කල්පනා කරලා බලන්න එයා කියන දේයි ඔයා කියන දේයි කොතනද වෙනස් උනේ කියලා.. එතනක් නීතියක් නැතුව බේරගන්න පුළුවන්... එයා අකමැති නම් එයාගේ පැත්තෙන් හිතලා බලන්න... සමහර විට ඔයාට හිතෙයි එයා සාධාරණයි කියලා... එහෙමත් කරලා ඔයාට හිතෙනවා නම් ඔයා හරි කියලා, චාටු වචනයක් දාන්න..“ සුදූ, ඔයාට තියෙන ආදරේටයි මං මෙහෙම කියන්නේ.. ඒක නිසා මං කියනවට මේ විදියට කරන්න..” කියලා... නිකම් චණ්ඩි පාට් දාන එකට වඩා ලේසියෙන්, පහසුවෙන්, හිත් රීදීම් නැතුව සම්බන්ධය තියාගන්න පුලුවන් ක්‍රමයක් ඒක...
එක දෙයක්... කොයිම වෙලාවක වත් ඔයාගේ මතය හරියට හරි කියන තීරණයේ ඉඳගෙන “එයා ගැන” තීරණ ගන්න යන්න එපා.. ගොඩක් පිරිමි අය වයිෆ්ලගේ, ගර්ල් ෆ්‍රෙන්ඩ්ලගේ හිත් රිද්දන්නේ ඔන්න ඔය වැරැද්දෙන්...
හ්ම්ම්ම් ...
ReplyDeleteහ්ම්මම්ම්......මොකුත් නොකියා ඉන්නම්...
ReplyDeleteඅඩේ මේ මම ආපු පලවෙනි සැරේද ඈ...
මං දන්නෑ ඈ.. :P
Deleteහෆ්ෆේ ඔව්වා ඔහොම තමයි.අනිත් එක ඔයා හිතෙන් මවන් ඉන්න කෙනාට නෙමෙයි ඇත්ත හනී බනීට(සොරි..අක්කගෙ නම දන්නෑනේ)ආදරේ කරන්න පුරුදු වෙන්න.හැබැයි ජීවිතේ විදවන තීරණයක් නම් ගන්න එපා.හැම අදහසක්ම නූනත් සියට පනහක්වත් ඔය දෙන්නගේ අදහස් සමාන වෙන්න ඕනනේ.
ReplyDeleteගිය කෙනෙක් ගැන දුක් වෙලා වැඩක් නැහැ සැබෑවට ආදරය කරන කෙනෙක් කවදාවත් දාලා යන්නේ නැහැ.
ReplyDeleteමටත් කියන්න දේවල් නෑ මල්ලියේ... :(
ReplyDeleteයසිත්ට බනින්නත් හිතෙනවා. එත් කමන්නෑ. වේදනාව යසිත්ට මිසක් අපිට නොවේනේ.
ReplyDeleteමේ වේදනාවට කාලය හොඳම විසදුම් ලබා දේවි. ඉවසන්න, ජීවිතය විදවන්න නොව විදින්න....
හේතුවක් නෑ..... මෙහෙම දුරස් වෙන්න....
ReplyDeleteඒත් එහෙම වෙනවා...........
දවසක් දෙකක් කියන්නෙ මහ ලොකු කාලයක් නෙවෙයි
ඒත් ඒක කල්පයක්............. ආදරේ කරන හිතකට.......
ඇත්ත
Mama eka mage wall eke post kala... E mage jivithe man e akuru tika assen dakka hinda...
ReplyDelete