Skip to main content

මරණයට හේතුව Hillock

සුද්දො ලංකාව පාලනය කරන කාලෙ ගම්සභා ක්‍රමය අහෝසි කරල උසාවි පිහිටෙව්වනේ.  ඕවයි නඩු ඇහුවෙත් සුද්දොමයි. ඒත් ඉතිං ගම්වල මිනිස්සු කොයින්ද ඉංග්‍රීසි දන්නෙ, සුද්දො කොයින්ද සිංහල දන්නෙ. ඔන්න ඕකට පිළියමක් විදියට සුද්දන්ට කඩේ යන්න කලු සුද්දෙක් තියා ගත්තලු භාෂා පරිවර්තකයෙක් විදියට.

ඔන්න මේ වගේ උසාවියක මිනී මැරීම් නඩුවක් යනව. ඒකෙ ඇසින් දුටු සාක්ෂිකාරය කරෝලිස් කියල දර කපන මනුස්සයෙක්. ඔන්න දැං මිනිහව සාක්කි කූඩුවට කැදෙව්වා. නඩුකාර තෙමේ ප්‍රෂ්ණ අහනව, තෝලකය ඒක සිංහලෙන් කරෝලිස්ගෙන් අහනව.

නඩුකාර - "When did you see the crime scene ? "

තෝලක - "නඩුකාර උන්නාන්සෙ අහනව උඹ මේ මිනීමැරුම දැක්කෙ කොයි වෙලාවෙද කියල? "

කරෝලිස් - "මං දර කපන්න ගිය වෙලාවෙ දැක්කෙ හාමුදුරුවනේ "

ඒක ආපහු කඩ්ඩට පෙරලල තෝලකය නඩුකාරයට කියනව. ආපහු නඩුකාරය අහන ඒව සිංහලෙන් කරෝලිස්ට කියනව. වැඩේ ඔහොම යද්දි නඩුකාරයට තේරෙනව ඔය සීන් එක උන තැන පොඩි කදුගැටයක් වගේ එකක් තියෙනව කියල.

නඩුකාරයා - "Was there a hillock on the back ? "

ඒත් තෝලකයට මේ hillock කියව වචනෙ අවුට් ඔෆ් සිලබස්ලු.. ඒත් ඉතිං ගමේ උන් ඉස්සරහ චාටර් වෙන්නත් බෑනේ. කොච්චර කල්පනා කරත් එන්නෙම නෑලු. අන්තිමට පොර තැනට සුදුසු නුවණ පාවිච්චි කරාලු.

තෝලකයා - "නඩුකාර උන්නාන්සෙ අහනව ඒ වෙලාවෙ උඹේ පස්ස පැත්තෙ හිලක් තිබුණද කියල? "

ඒක අහපු කරෝලිසා මංද ගහනව. ඒත් ඉතිං නඩුකාර උන්නාන්සෙ අහද්දි නොකිව්වොත් උන්නාන්සෙ උදහස් වෙයිනෙ. ඒ නිසා මිනිහ බොහොම යටහත් පහත්ව කියනව,

"අ.... අනේ... ඉතිං... තිබු...තිබුණ හාමුදුරුවනේ "

තෝලකයට හෙන හැපි, තමන්ගෙ ජාමෙ බේරුණාට. මිනිහ ඒක ට්‍රාන්ස්ලේට් කරල නඩුකාරයට කියනව.
"Yes sir, he says that there was a  hillock on his back"

නඩුකාර සුද්ද හිතනව පිටිපස්සෙ කන්දකුත් තිබුණ නම් මූට මේක පෙනුනෙ කොහොමද මූ අමු බොරු කියන්නෙ කියල.මල පැනල,
"If there was a hillock on the back, there is no way that you can see the crime scene. You are lying"

තෝලක - "නඩුකාර උන්නාන්සෙ කියනව ඒ වෙලාවෙ උඹේ පස්සෙ හිලක් තිබුණ නම් උඹ මේක දකින්න විදියක් නෑ උඹ කියන්නෙ බොරු කියල.... උන්නාන්සෙ හොඳටම උදහස් වෙලා "

ඔන්න මේ වෙලාවට තමයි කරෝලිසා කොච්චර අහිංසකය උනත් මල පනින්නෙ..

"ඈ... යකෝ ඒක හරි කෙලියක්නෙ. පස්සෙ හිලක් තියෙන එකෙක්ට ඉන්නෙ මං විතරද බොල. තොපේ හිල් වැහිලද ? ඇබ ගහලද ? මගේ හිලක් තිබුණයි කියල මං කිව්වෙ බොරු වෙන්නෙ කොහොමද? එහෙනං නඩුකාරයගෙ පස්සෙත් හිලක් තියෙන්නෙ බොල. උන්නාන්සෙ කියන්නෙත් බොරු වෙන්න එපැයි. මිනිහෙක් මරපු එකට වඩා මේ පර සුද්දට මගේ පු# හිල තමයි ලොකු උනේ...."

(මූණු පොතේ යාලුවෙක් කියපු කතාවක්. කැම්පස් එකේ හරි ජනප්‍රියයිලු. මීට කලින් අහපු අය සොරි වෙන්න ඕන)


Comments

  1. හෙහ් හෙහ්.. මල පනිනැද්ද ඉතින්...

    ඔයිට ලගින් යන එකක් මාත් ලියලා තියනවා.. පස්සෙ ඒක රහස් පරික්ශක කතාවක් වුනා...

    ReplyDelete
    Replies
    1. රහස් පරීක්ෂකය හොයා හන්නෙත් hillock එකක්ද ? :D

      Delete
  2. හි හි හි හී...මරු වැඩේ...යසිත් මේක නම් සිරා කතාව...:D :D :D

    ReplyDelete
    Replies
    1. ළිහිණි අක්කල ලියන ඒවයි හැටියට මං තාම ප්‍රාථමිකයිනේ :P

      Delete
  3. හිහ් හිහ්...තෝල්කයා රට පටලවලා නේ

    ReplyDelete
    Replies
    1. ලෝකල් සුද්දෝනේ... සමහර ගෑණු ළමයිනුත් ඉන්නව ඔහොම ~X(

      Delete
  4. මම මේක දවසක් පත්තරේක කියෙව්වා... එවෙලෙ නම් මටත් හරි හිනා..hillock වචනෙ දැක්ක ගමන් මීටර් කතාව... :))

    ReplyDelete
    Replies
    1. හි හි.. පොඩි කාලෙද :D

      Delete
  5. මම නම් අදයි මේ කතාව ඇහුවෙ. හි හී... නියම කතාව :)):))

    ReplyDelete
  6. ඔන්න ඕකයි ඒ කාලෙ රටේ තත්වෙ :D

    ReplyDelete
    Replies
    1. අද කියලත් වෙනසක් නෑනේ :P

      Delete
  7. මේකනම් මරු මචන්

    ReplyDelete
  8. මං හිතුවේ ඔන්න බලාපන් කියල නඩු කාරයට පෙන්නුවා වත්ද කියල :D

    නියම කතාව!!!!

    ReplyDelete
    Replies
    1. :D නඩුකාරයත් සුද්දෙක්නේ.. හික් හික්

      Delete
  9. හත් ඉලව්වේ කිව්වලු

    ReplyDelete
    Replies
    1. ඒක ඉංග්‍රීසියෙන් කියන්නෙ කොහොමද මංදා :D

      Delete

  10. ඇති ඔයින් ගියා. නඩු කාරයත් hillock ද කියල බැලුවනම් එහෙම අනාතයි

    ReplyDelete
  11. මගේ බඩත් කොර උනා යකෝ

    ReplyDelete
  12. හිනා වෙලා මට ඇඬුන මලේ... මරේ මරැ....

    ReplyDelete

Post a Comment

◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net