Skip to main content

(Windows 7) පරිගණකය Speed කරගනිමු

මේක පොඩි ට්‍රික් එකක්.. මේකෙන් වෙන්නෙ පරිගණකයේ virtual RAM එකක් හැදෙන එක. 4GB RAM තියෙන අයට නම් මේක එච්චර වැදගත් නෑ. නමුත් ඊට වඩා අඩු ප්‍රාථමික මතකයන් තියෙන පරිගණක වලට මේ ක්‍රමයෙන් සැළකිය යුතු වෙනසක් වෙනව. මගෙත් 1GB RAM එක. මේක කරාම සැළකිය යුතු වේගවත් බවක් ආව.
මේකෙ වෙන්නෙ ඔයාගෙ හාර්ඩ් එකේ මතකයෙන් කොටසක් අරන් ඒක virtual RAM එකක් විදියට භාවිතා වෙන එක. කරලම බලන්නකෝ.
  • Desktop එකේ My Computer අයිකන් එක මත Right Click කරල Properties තෝරන්න.
  • ඒකෙ වම් පැත්තෙ සයිඩ්බාර් එකේ System Protection ක්ලික් කරන්න.
  • ඒ යටතේ තියෙන Advanced Tab එක තෝරන්න.

  •  මේකෙ Performance යටතේ තියෙන Settings බොත්තම ක්ලික් කරන්න.
  • මේකෙත් Advanced ටැබ් එකට යන්න.
  • දැන් මේකෙ පහල virtual memory යටතේ තියෙන Change බොත්තම ක්ලික් කරන්න.
  • දැන් මේ ආපු වින්ඩෝ එකේ Automatically manage paging file size for all drivers කියන එකට වැටිල තියෙන හරි ලකුණ (Tik) අයින් කරන්න.
  • දැන් ඊට පහලින් ඔයාගෙ හාර්ඩ් එකේ පාටිෂන් ටික පෙන්නාවි. ඒකෙන් වින්ඩෝස් දාල තියෙන පාටිෂන් එක නැතුව වෙන 4GB වලට වඩා Free Space එක තියෙන පාටිෂන් එකක් තෝරන්න.
  • ඊට පහලින් තියෙන Custom size තෝරල Initial Size හා Maximum Size යන දෙකටම 4000 ඇතුලත් කරන්න. (සාමාන්‍යයෙන් අපේ motherboard support කරන්නෙ උපරිමය 4096 MB. ඒ නිසා 4000 කියල දෙන්න. ඊට වඩා ඇතුලත් කරත් කමක් නෑ. ඒත් ට්‍රයි කරල බලන්න ඇතුලත් කරන්න බෑ)



  • දැන් Set ක්ලික් කරල OK කරන්න. එතකොට පරිගණකය Restart කරන්න අහවි. ඒකත් OK කරන්න. එච්චරයි.

    මගේ නම් සැළකිය යුතු වෙනසක් උනා. ඔයාලත් උත්සාහ කරල බලල කියන්න. මේක Digital Point ෆෝරම් එකේ තිබුනෙ. මං සිංහලට හරවල දැම්ම.


Comments

  1. මේක මරු ට්‍රික් එකක් නෙ

    ReplyDelete
    Replies
    1. :-B මං නම් නෙවෙයි හොයා ගත්තෙ

      Delete
  2. Replies
    1. අයියෝ X( ලෝකෙත් එක්ක අළුත් වෙන්න අදහසක් නැද්ද ?
      සාදරයෙන් පිළිගන්නවා!

      Delete
  3. වැදගත් පොස්ට් එකක්නේ යසිත්...තැන්කු හොදේ....

    ReplyDelete
    Replies
    1. ^#(^ ස්තූතියි සමනළී

      Delete
  4. යසියා මේවනම් මටත් වටින ඉගි තමා. මම ඔය තැනින් තැන තමා මේ විජ්ජා ඉගන ගන්නේ.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  5. වැඩේ කලා, හරි වගේ උඹට ගොඩක් ස්තූතියි බන්.........

    ReplyDelete

Post a Comment

◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net

You May Like Also,

පන්සිය පණස් ජාතක පොත

මේක දෙන්නෙ හිටියෙ මීට ගොඩ දවසකට කලින් උනත් විවිධ හේතු නිසා අතපසු උනා.. අද පෝය දවසෙ කොහොම හරි දානව කියල හිතා ගත්තා... පන්සිය පණස් ජාතකය, ඔව් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම 550 ක , උන්වහන්සේ විසින් දේශණා කරපු ජාතක කතා මේකෙ ඇතුලත්.. අපි සාමාන්‍යයෙන් දන්න විදියට පන්සිය පණස් ජාතකය කිව්වට දැනට නිකුත් වී තියෙන ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නෙ ජාතක කථාංග 447 හෝ 446.. අනිත් 3 හෝ 4 ගැන සඳහනක් නෑ.. නමුත් මේ විද්‍යූත් ලේඛන පිටපතේ ජාතක කථාංග 550 ම ඇතුළත්.. අවසන් කථාංග 4 බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් කටවහරෙන් පැවතෙන ජාතක කථාංග ඇතුලත් කරල තියෙනවා.. මට මේක හම්බ උනේ වෙන වෙනම කොටස් විදියට. මං සියල්ල එකතු කරල තනි PDF file එකකට merge කරා... අවශ්‍ය තැන් bookmark කරන් කියවන්න පුළුවන්නෙ... 19.9 MB  ඔබගේ පරිගණකයේ මෙහෙයුම් මෘදුකාංගය Windows XP හෝ Windows 7 නම්, PDF file reader එකක් නැතිනම් මෙතනින් adobe reader එක අරගන්න..

බ්ලොග් එකේ Navigation Bar එක අයින් කරමුද ?

අපි බ්ලොගර් වලින් බ්ලොග් එකක් හැදුවම මෙන්න මෙහෙම බ්ලොග් එකට උඩින් Navigation Bar එකක් වැටෙනවනෙ. කැතයි වගේ නේද ? එහෙනම් ඉතින් අයින් කරමු. මේක අයින් කරාම බ්ලොග් එකේ SEO වඩා හොඳින් වෙනව කියල  digitalpoint forum එකේ තිබුන. නමුත් ඒ ගැන නම් මං හරියට කියන්න දන්නෑ. මෙන්න මෙහෙමයි වැඩේ , ඔයා පැරණි blogger interface එක නම් පාවිච්චි කරන්නෙ, Dashboard  >> Design >> Edit HTML වෙත යන්න. අළුත් blogger interface එකේ නම් කෙලින්ම Template කියල තියෙනව. දැන් මේක කරන්න කලින් full template එකම download කරන් ඉන්න. නැත්නම් වරද්දගෙන මට බනින්න එප. (වරදින්න දේකුත් නෑ හැබැයි ) දැන් අළුත් blogger interface එකේ අයත් තමන්ගෙ දැනට active template එකේ Edti HTML වෙත යන්න. දැන් මෙහෙම පණිවිඩයක් ආවනෙ. එතන Proceed ක්ලික් කරන්න.  දැන් ඔයාගෙ template එකේ HTML කෝඩ් තියෙනව පෙනෙයි. දැන් මේ පහත රූපෙ විදියට variable definitions කියන තැන හොයා ගන්න. අමාරු නම් Ctrl + F ගහල හොයා ගන්නකො.  දැන් ඔන්න ඔය කෝඩ් එකෙන් උඩට, ඒ කියන්නෙ *variable definitions තැනයි උඩ කඩ ඉරි පේලියයි අතරට මෙන්න මේ පුංචි කෝඩ් එ

පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?

හනී බනී වෙන් වෙලා දැන් මාස 8ක් විතර ඇති. ගොඩක් දෙනා අහන දෙයක් තමයි එච්චර  ආදරේ කරා නම් කොහොමද දැන් ගානක් නැතුව ඉන්නෙ කියන එක. ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගෙ මිත්‍රයෙක්ගෙ wife ළඟදි Cancer එකකින් නැති උනා. පෞද්ගලිකවම මං දන්න දෙයක් තමයි ඒ දෙන්න අතරෙ පුදුම ආදරයක් තිබුනෙ. එයාලගෙ විවාහ ජීවිතේට අවුරුදු 19කටත් වැඩියි. ඒත් මළ ගෙදරදි, ආදාහන කටයුතු කරද්දිවත් ඒ අංකල් පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ. කිසිම දුකක් පේන්න තිබුනෙත් නෑ. හිස් බැල්මෙන් බලාගෙන හිටිය විතරයි. කටයුතු ඉවර වෙලා අපි ආපහු යනකොට ඒ මනුස්සය කිව්ව හරි අපූරු කතාවක්, "නෝන නැති උනාට මට දුකක් නෑ.. ඒත් එයා නැති පාළුව මගේ ජීවිත කාලෙම තියේවි. පහුගිය අවුරුදු 19ටම එයා මටත්, මගෙන් එයාටත් වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරා. අපි දෙන්න දෙන්නටම ණය නෑ.." එච්චරයි.. මමත් කාටවත් ණය නෑ.. ඒත් අද (ඔක්තෝම්බර් 30) තමන්ගෙ 20 වෙනි උපන් දිනේ සමරන හනී බනීගෙ සියළු කටයුතු, අනාගතේ, බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම ඇයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි (සම්මතයට අනුව) යාළු වෙන්නෙ/ ආදරේ කරන්නෙ/සම්බන්ධයක් ඇති කර ගන්නෙ ?? කෙල්ලන්ගෙ පැත්ත