අපිට පරිගණකයේ අතුරු මුහුණත් පිටපතක් ඒ කියන්නෙ ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න වුවමනා අවස්ථා ඕන තරම් එනව.මම දැකල තියෙනව අපේ අය ඕක ගන්න ඕන උනාම කරන්නෙ කී බෝඩ් එකේ "Print/Screen" කී එක ඔබල පේන්ට් වලට paste කරල තමයි කරන්නෙ.ඒත් මෙතනදි සම්පූර්ණ ස්ක්‍රීන් ෂොට් එකක්ම එනව.අපිට අවශ්‍ය ටික වෙන්කර ගන්න Crop කරල දිව හපන් දහ දුක් විඳිනව.අද ඉඳන් ඒ දුක ඉවරයි.මෙන්න පුංචිම පුංචි ඒත් ප්‍රයොජනවත් සොෆ්ටෙයා කෑල්ලක්. මෙකෙම් අපිට ඕන ෆෝමැට් එකක Screen Shot ගන්න පුළුවන්.ඒ විතරක් නෙවෙයි,සම්පූර්ණ ස්ක්‍රීන් ෂොට් වගේම අවශ්‍ය වින්ඩෝ එකේ හරි තමන්ට මැනුවෙල් සිලෙක්ට් කරන කොටසක හරි ස්ක්‍රීන් ෂොට් ගන්න පුළුවන්.
මුලින්ම මේක ඕපන් කරන් අවශ්‍යය ඉමේජ් ෆෝමැට් එක තෝරන්න. දැන් ඒක save කරන්න ඕන තැන තෝරන්න. මීළඟට file name කැමති නමක් ලබා දෙන්න.නැත්නම් Auto-genarate filename on new capture සිලෙක්ට් කරන්න.මේ පියවර සම්පූර්ණ නොකළොත් ස්ක්‍රීන් ෂොට් ඉමේජ් ටික Replace වෙනව.එතකොට අන්තිමට මුකුත් නෑ.. දැන් Hide ක්ලික් කරල පහත විදියට ස්ක්‍රීන් ශොට් ගහන්න.

- Printscreen - සියල්ලම
- ALT+Printscreen - විවෘත වින්ඩෝව පමණක්
- CTRL+Printscreen - ඔබ කැමති කොටසක්
වැදගත් තොරතුරක් යසිත් ...ස්තුතියි෴
ReplyDeleteඅහ් සිරා භාණ්ඩයක්නේ.. එල එල..
ReplyDeleteමේකෙන් මට නම් වැඩක් වෙයි වගේ :)
ReplyDeleteනියමයි
මම මෙච්චර කල් පාවිච්චි කලේ snipping tool එක. හැබැයි ඒකෙදි scroll කරල අපිට ඕන සම්පූර්ණ කොටස capture කරන්න බෑ. ඕපන් කරල තියෙන වින්ඩෝ එකේ එකේ බැලූ බැල්මට පේන ටික විතරයි capture කරන්න පුලුවන්. මේකෙ //printscreen - සියල්ලම// කියන්නෙ මුලු වින්ඩෝ එකම කියන එකද මල්ලී? :-/
ReplyDelete(දැන්ම software එක download කරන්න අමාරුයි.. internet data bundle එක ඉවර වෙන්න ළඟ නිසා. ඒකයි මේ විස්තරේ ඇහුවෙ ;) )
ඔව් ඔව්.. සම්පූර්ණ ස්ක්‍රීන් එකම..
DeleteCTRL+Printscreen - ඔබ කැමති කොටසක්
ඕකෙන් ගන්න ස්ක්‍රීන්ශොට් පට්ට පැහැදිලියි. png විදියට සේව් කරන්න
අයියෝ මේක 150Kb පුංචි සොෆ්ටෙයා එකක්නේ :D
මමත් හොය හොය හිටියේ.... තැංකියු සහෝ.. සොෆ්ට්‍වෙයා දානකොට ඒවගෙ බරත් දාහං.. එතකොට බානවද නැද්ද කියල තීරණය කලෑකි.. :)
ReplyDeleteහී... :D
Delete