අපේ යාළුවෙක් ඉන්නව ඇඩ්ඩිං කියල. ඇත්ත නම නෙවෙයි ඈ. පොරගෙ කාඩ් එක. ඒ උනාට ඒ නම උප්පැන්නෙ නමටත් වඩා ප්‍රසිද්ධයි. මූ ගැන කියනව නම් ඉතිං කියල ඉවර කරන්න බෑ. නසරානි පොරක්. ඒ උනාට හැම වැඩේම අනා ගන්නවා. හිත හොඳයි. ඕන දේකට ඉන්නවා. කේස් එක කාගෙ මොකක් උනත් මූ ඒක ෆයිල් කරනවා.
ඔන්න ඉතිං ඊයෙ (2012-12-12) සමහරු කිව්වනෙ ලෝක විනාසෙ කියල මූත් ආපු වෙලාවෙ ඉඳන් නාහෙන් අඬනව මැරෙන්න කළින් ගොඩක් දේවල් කරන්න තියේ කියල. පොර කෙල්ලො කීයකට ලව් කරාද කියල අපි කවුරුවත් තාම හරියට දන්නෙ නෑ. හැබැයි දන්න තරමින් කරපුව ඔක්කොම ඉවරයි. වෙන කොල්ලෙක් ඇවිත් කෙල්ලව කසාද බඳිනකම්ම මූ බකංනිලං ඉන්නව.
ඔන්න ඉතිං ඊයෙ හවස ලෙක්චර්ස් ඉවරවෙලා ආපහු යද්දි පොර පාරෙ කෙල්ලෙක් දකින හැම පාරම හඩා වැළපෙනව. අදවත් ලෝක විනාසෙට කලින් කෙල්ලෙක් සෙට් කර ගන්න ඕන කියල. කොහොම හරි ස්ටෑන්ඩ් එකටත් ඇවිත් රබර් ඇහැ දදා හිටියෙ, කපල් පෙන්න පෙන්න අර කෙල්ල අර කොල්ලට ගැළපෙන්නෑ ඒව මේව කිය කිය. දැං බස් එකත් ඇවිත් නැවැත්තුව. තාම කවුරුවත් නැගල නෑ. ඒත් එකම එක කෙල්ලෙක් බස් එකටම ඉඳල. අපි දැක්කෙත් නෑ. මූ දැකපු වෙලාවෙ ඉඳන් නාහෙන් අඬනව ඒකට යමු කියල. හැබැයි මොකක් උනත් ඇඩ්ඩිංට මාර මොරාල් එකක් තියෙනව ඕන තැනක නෝන්ඩි කාගෙන ඉඳිරිපත් වෙන.
මුගෙ කරදරෙන් බේරෙන්න බැරිම තැන අපිත් මුගෙ පස්සෙන් බස් එකට නැග්ගා. බස් එකේ බලු බල්ලෙක් නෑ. අර කෙල්ල මැද හරියෙ සීට් එකක ජනේලෙ පැත්තෙ අයිනෙ හිටියෙ, ඊට මෙහා පැත්තෙ බෑග් එකත් තියන්. ඇඩ්ඩිය ගියපු ගමන් අර බෑග් එක උකුලට අරං අර කෙල්ල ගාවින් වාඩි උනා. සීට් 52ක් තියෙන බස් එකේ සීට් 51ක්ම හිස් තිබිල අරූ අතනම වාඩි උනා. කෙල්ලට විතරක් නෙවෙයි අපිටත් මඤ්ඤං. අර කෙල්ල මූ දිහ කටත් ඇරං බලං ඉන්නව. මූත තවත් කික්. මූත් පැණි හිනාවක් දාගෙන පණුව වගේ ඇඹරි ඇඹරි ඉන්නව.
ඇඩ්ඩිං- "න...නංඟී... ඈ... හිහි"
කෙල්ල ඔරවල බැළුව බැල්ලිල්ලක් අපි නම් විසික් උනා. ඒත් ඌට ඒවා ගානක් නෑ.
" ඇයි නංඟි ඔච්චර ගෑස් ? ගෙදර බත් උයන්නෙ ගෑස් වලින්ද ? හික්"
කෙල්ලට ඒකට නම් හිනා ගියා. ඒකි නැඟිටින ගමන්,
-"නෑ හාල් වලින් "
අයියෝ ඇඩ්ඩිං.. ඒතකොටම බස් එකට 2-4 දාර පොරක් අයිස්ක්‍රීම් 2ක් අරං නැඟල අන්තිම "පෙම් මුල්ලෙ" වාඩි උනා.ඒ අරකිගෙ කොල්ල. ඒකි ගිහින් ඌ ගාවින් වාඩි උනා. අපි හිතුව කෑමක් තමයි කියල. වෙලාවට කොල්ලත් ආතල් බුවෙක්. උන් දෙන්න මූ දිහා බල බල හිනා වෙනව. අපේ යාළුව උනත් අපිටත් හිනාව නවත්ත ගන්න බෑ.. මූ අපිටත් ඔරව ඔරව බස් එකෙන් බැස්සා.
ඇඩ්ඩිං කිව්ව මේක කාටවත් කියන්න එපා කියල. ඔන්න මං කාටවත්ම මේ කටින් වචනයක් කිව්වෙ නෑ
ඊයෙ මේ පෝස්ටුව ලියන්න හිටියට ඊයෙ රෑ අපෙ පැත්තට කරන්ට් එක අප්සැට්. ඒ නිසයි අද ලියුවෙ. මගේ බ්ලොග් ජීවිතේට ඊයෙට හරියටම අවුරුද්දයි. මේ බ්ලොග් එකට සතියයි දවස් 3යි.
මං මුලින්ම බ්ලොග් එකක් දැක්කෙ අහම්බෙන්. ඒ බුකියෙ ලින්ක් එකකින්. මං ඒ දවස්වල හිතුවෙ මේක පට්ට අමාරු කෝස් එකක් කියල. බ්ලොග් එකක් තියෙන එක මාර නම්බුවක් කියල
(ඉතිං ඇත්තනෙ)
ඊට පස්සෙ නෙට් එකේ ඉංග්‍රීසි බ්ලොග්, ෆෝරම් බල බල අමාරුවෙන් සන්හිඳ හැදුවා. ඒකට මුලින්ම දැම්මෙ නිසදැසක්. ඒකට කවුරුවත් කැමති උනේ නෑ. කොමෙන්ට් තිබුණෙත් නෑ.මට හෙන අප්සැට්
ඒ පාර තමයි දිනේෂ් අයියගෙ වර්ණ බ්ලොග් එකේ තිබුණ ලව් ස්ටෝරියක් දැක්කෙ අහම්බෙන්. ඒ පාර තමයි මටත් මගේ පරණ එකක් ලියන්න හිතුවෙ. අත්හදා බලන්නත් එක්ක ලියපු ඒ මොණර පෙමට ගොඩක් ප්‍රතිචාර ලැබුණ. ඊට පස්සෙ තමයි මමත් ෆෝම් උනේ. ඒ පාර මං මගේ අනිත් යාළුවෙක්ටත් ලියන්න පුළුවන් විදියට බ්ලොග් එක ඕපන් කරා. ඊට පස්සෙ ලියාපදිංචි මුළු කතුවරු ගණන 397 දක්වා වැඩි උනා. මුළු පෝස්ට් ගණන මේ වෙනකොට 187 යි. කොමෙන්ට් 594. ෆේස්බුක් කොමෙන්ට් 718 යි. වඩාත්ම සතුටු ඒකෙ හැම පෝස්ට් එකකින්ම කෙනෙක්ට ජීවිතේට ගන්න දෙයක් තියෙන එක. ඒ වගේම කවදාවත් කුණුහර්ප කොමෙන්ට් වැටුනෙ නෑ. කවදාවත් කොමෙන්ට් අයින් කරන්න උනේ නෑ. ඒකට නම් මං හැමෝටම ස්තූතිවන්ත වෙනව.
ලොකුකම කියන්න නෙවෙයි මේක ලිව්වෙ. සතුටට. ඇත්තටම මේකට මං බැස්සෙ මේ මොකක්ද කියලවත් නොදැන. වතුරට බැහැලම පීනනව කියල හිතාගෙන. ඒත් දැන් නොහිතපු විදියට සන්හිඳ වැඩ කරනව අඩුයි. හරියටම ගැටළුව හොයාගන්නත් බැරි උනා. අනික සර්වර් වියදම් එහෙම තනියම දරන්න අමාරුයි. මමත් තාම අම්මලගෙ කන-බොන එකානෙ. අනික බ්ලොගර් බ්ලොග් ලියන අය වර්ඩ්ප්‍රෙස් වලට ආව අඩුයි. හිරු හිමාවි, දූපත් වැසියා,මඩිස්සලේ නිෂාන් නම් නිතර ඇවිත් ගියා. ඒත් මට ඒ අයගෙ බ්ලොග් වලට යන්න තිබුණ ඉඩකඩ අඩුයි. අමාරුම දේ URL එක මතක තියාගන්න එක
. කොහොම හරි ඔන්න මමත් දැං බ්ලොගර් බ්ලොග් ලියනවා
දැනට මේක පටන් අරං සති 2ක් උනේ නෑ. ඒත් දැනටමත් මට හොඳ බ්ලොගර් යාළුවො සෙට් එකක් ඉන්නවා. ඉස්සරහටත් එහෙමම මාත් එක්ක ඉඳීවි කියල විස්වාස කරනවා. මේකෙ මගේ මුලින්ම කොමෙන් එකක් දැම්මෙ නලින් අයියා. මුල අමතක කරන්න හොඳ නෑනේ... ඔන්න මං දිගටම ලියනවෝ.. ජොබක් කරන දවසක ආපහු සන්හිඳත් පටන් ගන්නවෝ...
මගේ වසරක බ්ලොග් ජීවිතේට මටම සුභ උපන්දිනයක්!
ඔන්න ඉතිං ඊයෙ (2012-12-12) සමහරු කිව්වනෙ ලෝක විනාසෙ කියල මූත් ආපු වෙලාවෙ ඉඳන් නාහෙන් අඬනව මැරෙන්න කළින් ගොඩක් දේවල් කරන්න තියේ කියල. පොර කෙල්ලො කීයකට ලව් කරාද කියල අපි කවුරුවත් තාම හරියට දන්නෙ නෑ. හැබැයි දන්න තරමින් කරපුව ඔක්කොම ඉවරයි. වෙන කොල්ලෙක් ඇවිත් කෙල්ලව කසාද බඳිනකම්ම මූ බකංනිලං ඉන්නව.
ඔන්න ඉතිං ඊයෙ හවස ලෙක්චර්ස් ඉවරවෙලා ආපහු යද්දි පොර පාරෙ කෙල්ලෙක් දකින හැම පාරම හඩා වැළපෙනව. අදවත් ලෝක විනාසෙට කලින් කෙල්ලෙක් සෙට් කර ගන්න ඕන කියල. කොහොම හරි ස්ටෑන්ඩ් එකටත් ඇවිත් රබර් ඇහැ දදා හිටියෙ, කපල් පෙන්න පෙන්න අර කෙල්ල අර කොල්ලට ගැළපෙන්නෑ ඒව මේව කිය කිය. දැං බස් එකත් ඇවිත් නැවැත්තුව. තාම කවුරුවත් නැගල නෑ. ඒත් එකම එක කෙල්ලෙක් බස් එකටම ඉඳල. අපි දැක්කෙත් නෑ. මූ දැකපු වෙලාවෙ ඉඳන් නාහෙන් අඬනව ඒකට යමු කියල. හැබැයි මොකක් උනත් ඇඩ්ඩිංට මාර මොරාල් එකක් තියෙනව ඕන තැනක නෝන්ඩි කාගෙන ඉඳිරිපත් වෙන.
මුගෙ කරදරෙන් බේරෙන්න බැරිම තැන අපිත් මුගෙ පස්සෙන් බස් එකට නැග්ගා. බස් එකේ බලු බල්ලෙක් නෑ. අර කෙල්ල මැද හරියෙ සීට් එකක ජනේලෙ පැත්තෙ අයිනෙ හිටියෙ, ඊට මෙහා පැත්තෙ බෑග් එකත් තියන්. ඇඩ්ඩිය ගියපු ගමන් අර බෑග් එක උකුලට අරං අර කෙල්ල ගාවින් වාඩි උනා. සීට් 52ක් තියෙන බස් එකේ සීට් 51ක්ම හිස් තිබිල අරූ අතනම වාඩි උනා. කෙල්ලට විතරක් නෙවෙයි අපිටත් මඤ්ඤං. අර කෙල්ල මූ දිහ කටත් ඇරං බලං ඉන්නව. මූත තවත් කික්. මූත් පැණි හිනාවක් දාගෙන පණුව වගේ ඇඹරි ඇඹරි ඉන්නව.
ඇඩ්ඩිං- "න...නංඟී... ඈ... හිහි"
කෙල්ල ඔරවල බැළුව බැල්ලිල්ලක් අපි නම් විසික් උනා. ඒත් ඌට ඒවා ගානක් නෑ.
" ඇයි නංඟි ඔච්චර ගෑස් ? ගෙදර බත් උයන්නෙ ගෑස් වලින්ද ? හික්"
කෙල්ලට ඒකට නම් හිනා ගියා. ඒකි නැඟිටින ගමන්,
-"නෑ හාල් වලින් "
අයියෝ ඇඩ්ඩිං.. ඒතකොටම බස් එකට 2-4 දාර පොරක් අයිස්ක්‍රීම් 2ක් අරං නැඟල අන්තිම "පෙම් මුල්ලෙ" වාඩි උනා.ඒ අරකිගෙ කොල්ල. ඒකි ගිහින් ඌ ගාවින් වාඩි උනා. අපි හිතුව කෑමක් තමයි කියල. වෙලාවට කොල්ලත් ආතල් බුවෙක්. උන් දෙන්න මූ දිහා බල බල හිනා වෙනව. අපේ යාළුව උනත් අපිටත් හිනාව නවත්ත ගන්න බෑ.. මූ අපිටත් ඔරව ඔරව බස් එකෙන් බැස්සා.
ඇඩ්ඩිං කිව්ව මේක කාටවත් කියන්න එපා කියල. ඔන්න මං කාටවත්ම මේ කටින් වචනයක් කිව්වෙ නෑ
********************************************************************
ඊයෙ මේ පෝස්ටුව ලියන්න හිටියට ඊයෙ රෑ අපෙ පැත්තට කරන්ට් එක අප්සැට්. ඒ නිසයි අද ලියුවෙ. මගේ බ්ලොග් ජීවිතේට ඊයෙට හරියටම අවුරුද්දයි. මේ බ්ලොග් එකට සතියයි දවස් 3යි.
මං මුලින්ම බ්ලොග් එකක් දැක්කෙ අහම්බෙන්. ඒ බුකියෙ ලින්ක් එකකින්. මං ඒ දවස්වල හිතුවෙ මේක පට්ට අමාරු කෝස් එකක් කියල. බ්ලොග් එකක් තියෙන එක මාර නම්බුවක් කියල
ඊට පස්සෙ නෙට් එකේ ඉංග්‍රීසි බ්ලොග්, ෆෝරම් බල බල අමාරුවෙන් සන්හිඳ හැදුවා. ඒකට මුලින්ම දැම්මෙ නිසදැසක්. ඒකට කවුරුවත් කැමති උනේ නෑ. කොමෙන්ට් තිබුණෙත් නෑ.මට හෙන අප්සැට්
ලොකුකම කියන්න නෙවෙයි මේක ලිව්වෙ. සතුටට. ඇත්තටම මේකට මං බැස්සෙ මේ මොකක්ද කියලවත් නොදැන. වතුරට බැහැලම පීනනව කියල හිතාගෙන. ඒත් දැන් නොහිතපු විදියට සන්හිඳ වැඩ කරනව අඩුයි. හරියටම ගැටළුව හොයාගන්නත් බැරි උනා. අනික සර්වර් වියදම් එහෙම තනියම දරන්න අමාරුයි. මමත් තාම අම්මලගෙ කන-බොන එකානෙ. අනික බ්ලොගර් බ්ලොග් ලියන අය වර්ඩ්ප්‍රෙස් වලට ආව අඩුයි. හිරු හිමාවි, දූපත් වැසියා,මඩිස්සලේ නිෂාන් නම් නිතර ඇවිත් ගියා. ඒත් මට ඒ අයගෙ බ්ලොග් වලට යන්න තිබුණ ඉඩකඩ අඩුයි. අමාරුම දේ URL එක මතක තියාගන්න එක
දැනට මේක පටන් අරං සති 2ක් උනේ නෑ. ඒත් දැනටමත් මට හොඳ බ්ලොගර් යාළුවො සෙට් එකක් ඉන්නවා. ඉස්සරහටත් එහෙමම මාත් එක්ක ඉඳීවි කියල විස්වාස කරනවා. මේකෙ මගේ මුලින්ම කොමෙන් එකක් දැම්මෙ නලින් අයියා. මුල අමතක කරන්න හොඳ නෑනේ... ඔන්න මං දිගටම ලියනවෝ.. ජොබක් කරන දවසක ආපහු සන්හිඳත් පටන් ගන්නවෝ...
මගේ වසරක බ්ලොග් ජීවිතේට මටම සුභ උපන්දිනයක්!
ඔයාගේ යාලුවනම් මරු :-bd එත් ටිකක් පව් අෆ්ෆා.... අහන්නත් සතුටුයි සුබ උපන් දිනයක් =D7 ඒ වගේම බ්ලොග් එකේ ඉදිරි ගමනටත් සුබ පතනවා :)
ReplyDeleteස්තූතියි යාළුවේ ! ඔයාටත් එසේම ප්‍රාර්ථනා කරනව =D7
Deleteඇඩ්ඩිංට අර ගෑණු ළමයගෙ කොල්ලාව දැක්කම නිකං ලෝක විනාසෙ උනා වගෙ දැනෙන්න ඇති ;)
ReplyDeleteමගෙන් ඔයාගෙ බ්ලොග් එකේ අවුරුද්දෙ සංවත්සරයට සුභ පැතුම් මල්ලී :) සතියකුත් දවස් තුනක් වෙන මේ බ්ලොග් එකත් තව තවත් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව!
ජය!
ලෝක විනාසෙට කලින් කෙල්ලෙක් සෙට් කර ගන්න පොරට ඕනකම තිබ්බෙ :D
Deleteස්තූතියි අක්කි!
අර කෙල්ලගේ කොල්ල නම් සිරා බුවෙක්. ඉතින් ඔය ඇඩ්ඩින් පස්සේ වැඩේ කර ගත්තද :) ඇඩ්ඩින් ට කියමු බ්ලොග් එකක් ලියන්න කියල. එතකොට තව කතා අහන්න බැරියැ..
ReplyDeleteසංහිද පැත්තේ මං මුලදී ගියා වගේ මතකයි. කමෙන්ට් නම් කරලා නැතුව ඇති. ඒත් මට ඒ නම හොඳට මතකයේ තියනවා.
වසරක බ්ලොග් ජීවිතේට සුබ පතනවා!!
ස්තූතියි චන්දන අයියේ!
Deleteඇඩ්ඩිං බ්ලොග් ලියන්න තියා කියවන්නෙවත් නෑ :P මේක දැක්කොත් වසල හමාරයි
බ්ලොග් ජීවිතයට ඔන්න මගෙන් සුබ පැතුම් ! මේ ලියාගෙන ආවා වගේම ඉස්සරහටත් යමු. මම නම් යසිත්ගෙ පැත්තෙ ආවේ යසිත් ඒ පැත්තට ඇවිත් ගියාට පස්සෙද කොහෙද..ඒත් ඉතින් අපේ දැන් එනවනේ.. ඔහොම යන් ...ඔහොම යන්.. :)
ReplyDeleteස්තූතියි ළිහිණි. ඔයාල වගේ දැවැන්තයො එක්ක මං තාම අතදරුවෙක් වගේ :D
Deleteඊට වඩා රස සීන් එක තමයි මේක...
ReplyDeleteමූ ඊට පහුවදා ඔය කතාව දන්න කොල්ලට ටෝක් කරල උබ හැම එකාටම ඕක කිව්වද කියල...
ආයෙ කිව්වොත් බලාගමු කියලත් කියල...
:D අනේ අසරණ කොල්ල...
මූ ඉතිං ඌත් පාඩුවේ ඉදල.. කාටවත් කියල නෑ..
ට්කක් හවස් වෙනකොට ක්ලාස් එකේ කොල්ලො ඇවිත් අර කොල්ලගෙන් අහනවලු....
ඒ ඇත්තද බන් සීන් එක ඇඩ්ඩියට මෙහෙම සීන් එකක් උනා කියන්නෙ...
බලද්දි ඇඩ්ඩියම සීන් එක මුලු පංතියටම කියල.... :D :D
අඩෝ මේ උඹ නේද ? පව් බං ඇඩ්ඩියා :P
Deleteබ්ලොග් වසරට සුබ පැතුම් !!!
ReplyDeleteකොල්ලා ආතල් පොරක් වෙච්ච එක හොඳයි.. නැත්නම් ලෝක විනාසේ කෙසේ වුනත් ඇඩ්ඩියගේ නම් විනාසේ! :-)
ReplyDeleteඇඩ්ඩියා දිරිගන්වන්න මේක කියවන්න කියන්න. http://asidisimaanaya.blogspot.com/2012/12/12-12-12.html
මේ ඔක්කොම ජාත්‍යන්තර කුමන්ත්‍රණ නොවැ. :-P සුද්දන්ගේ බොරුවලට අහු නොවී හොඳ වෙලාවක් බලලා වැඩේට බහින්න කියන්න... ඊට කලින් පොඩ්ඩක් හොයලා බලලා කොල්ලෙක් නැති කෙල්ලෙක්ද කියලා සැක හැර දැනගත්තොත් නම් හොඳ වෙයි... නැත්නම් කනකොට කන්න වෙන්නේ ඔයාලටත් එක්ක... :-P
ඔව් ඔව්.. ඇඩ්ඩියාගෙ දෑත් ශක්තිමත් කරමු :P
Deleteබ්ලොග් එක නම් පට්ට... ඔහොම යමු. අපිත් දිගටම එනවා..
ReplyDeleteස්තූතියි! :-h
Deleteඋණුසුම් සුබපැතුම් මලයා. ආ මග වගේම යමු ඉදිරියටම.
ReplyDeleteස්තූතියි නලින් අයියේ.. මගේ මුල්ම පාඨකය ඔයානෙ :-h
Deleteඋණුසුම් සුභ පැතුම් යසිත්...!! තව තවත් වටිනා හරවත් ලස්සන පොස්ට් ලියන්න ශක්තිය ධෛරය ලැබේවා...!
ReplyDeleteඔයාගේ යාළුවා නම් මාර පොරක්නේ...හික්....
ස්තූතියි සමනළී ! අපෝ පොර ගැන වෙනම බ්ලොග් එකක් උනත් ලියන්න පුළුවන්..
Deleteපව් අප්පා ඇඩ්ඩින් කොලුවා .B-)මේ පොස්ට් එක නිකමට වගේ ඇඩ්ඩින්ට පෙන්නුවොත් මොකෝ ? :-bd දිගටම ලියමු ..අපි එනෝ කියවන්න
ReplyDeleteඌට පෙන්නුවොත් මාසයක් යනකම් කන් කෙඳිරි ගාවි.. අනික පොර බ්ලොග් කියවල නෑ :D
Deleteස්තූතියි රෙහානි අක්කි!
හදවතින්ම සුබපතනව තවත් බොහෝ දිගු ගමනක් යන්න! ජය වේවා!! :)
ReplyDelete=D7 =D7 =D7
තැන්කූ සමී.. ඔබටත් එසේම වේවා ! :D
Deletemaxxa....
ReplyDeleteතෑන්ක්ස් මචං :P
Delete"නෑ හාල් වලින්" හික් හික්..
ReplyDeleteබ්ලොග් ජීවිතේට සුබ පැතුම් යසිත්
ස්තූතියි සයුරි :D
Deleteඅවුරුද්දේ උපන්දිනේටත් මගෙන් සුබ පැතුම් !
ReplyDeleteඇඩ්ඩිං කියන්නේ අදහන්න වටින කොල්ලෙක් නේ. "මේ බස් එක කොහුවලින් ද යන්නේ" කියලා ඇහුවා වගේ :)
හික් හික්.. ඒකත් මරු කතාව :D ස්තූතියි යාලූ..
Deleteබ්ලොග් ජිවිතයට සුභ පැතුම්.මාතර බෝ සමිදු පිහිටයි!
ReplyDeleteමනසින් දිවියට
තෑන්ක්ස් අක්කි :D
Deleteමාතර බෝ සමිදු පිහිටයි!
හැපි ඇනිවසරි මචන් බොලොක්ක එක්ක ජීවිතේට
ReplyDeleteතැන්කූ අවතාර් :D
Deletehari machan den api dannawa ne
ReplyDelete[im]http://www.gifandgif.eu/animated_gif/Pokemon_digimon/Animated%20Gif%20Pokemon%20e%20Digimon%20%2868%29.gif[/im]
Deleteඔන්න මගෙනුත් උණුසුම් සුභපැතුම්
ReplyDeleteස්තූතියි කෝරලේ අයියා ! :D
Deleteඔබගේ ඉදිරි බ්ලොග් ගමනට ආසිරි
ReplyDelete…මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
[ma+]ස්තූතියි යාළුවා! :D[/ma+]
DeleteMy congratulate machan :-)
ReplyDelete:-bd තෑන්ක්ස් මචං
Deleteමමත් ඔයා පටන් ගත්ත වගේ තාම එහේ මෙහේ ඈවිදින කෙනෙක්... ඒ උනාට ඔයා ලියන විදිහට ආස හිතුනා.... සුභ අනාගතයක් පතනවා මල්ලියෝ......
ReplyDeleteස්තූතියි අක්කි.. සාදරයෙන් පිලිගන්නවා!
Deleteඇඩ්ඩිං කිව්වම මට නං වෙන කතාවක් මතක් වුණා.ඉස්මන් කොරල බැලුවෙ මේක 2008 විතර වෙච්ච දෙයක්ද කියල.හිහ්!
ReplyDeleteඅමතක වුණා සුබ පතන්න!
Deleteදිගු බ්ලොග් ගමනකට ආසිරි..
හික්ස්, එහෙනම් ඔයාටත් මෙහෙම වැඩක් වෙලා වගේ :P
DeleteMy congradulations for your success! Actually matat hugak satutui ban uba gena,ube next chair eke hitapu eka widiyata.study atapasu kara ganne netuwa digatama liyapan.when i get a chance, i read your blog alwas machan.
ReplyDeleteතැන්කූ මචං.. ඉස්කෝලෙ කාලෙ මතක් වෙනකොටත් දුකයි :(( ආපහු කවදාවත් එහෙම කාලයක් එන්නෙ නෑනේ.
Deleteසුභ පතනවා....
ReplyDeleteතැංකූ :D
Delete