මට සතියෙ දවසක හවස ගෙදර ඉන්න ලැබෙන්නෙ කලාතුරකින්. ලෙක්චර්ස් තියෙන දවසට ගෙදර එනකොට 7ත් පහු වෙනව. ඉතිං ඔහොම චාන්ස් එකක් ලැබුණම ඒකෙ උපරිම ඵල නෙලා ගන්න එපැයි. ඔය දවසට ඉතිං හවස 3 ඉඳන් 7 වෙනකම් TV එක ඉස්සරහ තමයි. ඇයි සිරසෙ කාටුන් බලන්න
ඒකට ඉතිං ලොකු පොඩි කියල වෙනසක් නෑනේ.. (කොහොමත් මං පොඩි එකානෙ) ඕවයින් මං බලන්නම ආස සෙට් එක තමයි පින්ක් පැන්තර්, ගාෆීල් , කවුද බෝයි, ගිරිපුර ඇත්තෝ තව අර චණ්ඩී කියල ගොං ආතල් එකක් තියෙනව ඒක නම් බලන්නෙ නෑ. ඔය සෙට් එකෙන් පස්සෙ සජානා නංඟී කරන රට හිනා බලනව
හරි ඔන්න කතාවෙන් පිට පැන්නනේ.. දැං ගිය සිකුරාද හවසත් මං මගේ අකමැතිම සතා ඉන්න කාටූන් එක බැළුවා. (ඔව් ඔව්. බතල පූසො මට පේන්න බෑ) ඒ උනාට ඔය කාටූන් එක නම් හරි ආසාවෙන් බලනව හඬකැවීම් ශිල්පීන්ගෙ දක්ෂකමට පිං සිද්ධ වෙන්න.
ඉතිං එදා හවස මගේ මවුතොමෝ තරමක අසනීප තත්වයෙන් පසු උන නිසා 4ට විතර පියතෙමේ එක්ක ආරෝග්‍යශාලාවකට ගියා. යද්දි මට වැඩ කීපයක් පැවරුවද කොහෙද. කාටද අෆ්ෆා ඕව ඇහෙන්නෙ මේව බලද්දි.. හැබැයි පුඩිමක් හදනව ඒක වෙලාවට බාන්න කියනව නම් ඇහුණා. (කෑමක්නේ
![]() |
මෙන්න මේ වගේම එකක් |
ඒත් මූ තාම කෑ ගහනව. විනාඩියක් විතර බලං හිටියා... ම්ම්හු.. තාමත් එහෙමයි.
පට ගාල මගේ ටිකිරි මොලේට අදහසක් ආව. මේකා කෑ ගහන්නෙ වාෂ්ප පීඩනේ නිසානෙ. පියන ඇරල නිවෙන්න තිබුණ නම් හරිනේ.. ළඟ තිබුණ රෙදි කෑලි 2ක් අරන් ආරින්න ඇදුව. පට්ට අමාරුයි. හිර වෙලා වගේ.. (ඕකෙ කට්ටයක් වැටෙන්න ඕනනෙ අරින්නයි වහන්නයි. මං බෝතල් මූඩියක් අරිනව වගේ ගලවන්න හැදුවෙ
ගැම්ම දාල ඇල්ලුව ආපහු. එක පාරටම චූ......ස් ගාල පියන ඇත්තකට වීසි උනා. තව පොඩ්ඩෙන් වාෂ්ප වලට මාවත් චූ..ස් වෙනව. වෙලාවට දුරින් තියන් ඇරියෙ. එක පාරටම හිතා ගන්න බෑ මොනව උනාද කියල. තත්පර කීපයක් එහෙමම ඉඳල විසි උන පියනත් ඇහිඳන් ආපහු ආව..
හුටා.... පුඩිම නෑ
යන්තම් පතුලෙ පැණි ටිකක් තියෙනව. වෙන මුකුත්ම නෑ. දැං ඉතිං වසල හමාරයි. මං මේක තනියම කෑව කියලයි මාට්ටු වෙන්නෙ
prestige cooker එකකින් උයද්දි වෙලාවට බෑවෙ නැත්නම් ඇතුලෙ තියෙන සියළු සංඟටක වාෂ්ප බවට පත්වේ.
ඔහොම නිගමනය කරල නැඟිටින්න හදනකොටම අතට උණු පැණි බිංදුවක් වැටුණා. පැණි වගේමයි. ඒත් උඩින්නේ. අපේ ගෙදර හූණොත් මදි නොකියන්න ඉන්නව. ඒත් පැණි වගේමයි, අනික උණුයි. කෝකටත් වටේ පිටේ කවුරුවත් නැති එකේ දිව ගාල බැළුව. බඩුම තමා..පැණිම තමා. එතකොටම තව බිංදුවක්..
ෂේප් එකේ උඩ බැලූවා..
යකෝ පුඩිම සිවිලිමේ... 
ලස්සනට සුදුපාට සිවිලිමේ ගොම බෙට්ටක් ගහල වගේ තියෙනවා.. මොනව කරන්නද ෆොටෝ එකක් ගන්න විදියකුත් නෑ. මගේ ෆෝන් එක කොම්පැණියෙන් එවද්දිම camera එක Delete කරලනෙ එවල තියෙන්න
යන්තම් මේස උඩින් තව පුටුවක් තියල සිවිලිමේ තිබුණ පුඩිම හැංදකට හූරල අර ගත්තා..
ඒක මං කෑවෙ නැද්ද කොහෙද.. මං කනවද ඔය ජරාව
නේද ?
මේකයි වැඩේ.. බ්ලොග් ලියන අයට එකට එකතු වෙන්න. එකිනෙකාට පණිවිඩ දෙන්න. ප්‍රසිද්ධ නිවේදන දෙන්න ෆෝරම් එකක්. වගකීමෙන් කියනව මේක හැදුවෙ කාට හරි ප්‍රයෝජනයක් ගන්න විතරයි. වෙන කිසිම අරමුණක් නෑ. ඔයාල කැමති නම් ඒකෙන් වැඩක් ගන්න, අඩුපාඩු කියන්න. එක්කෙනෙක් හරි ප්‍රයෝජනයක් ගන්නව නම් එච්චරයි.
මේ වැනිල ෆෝරම් එක. මං Local Language File එක සිංහලෙන් ලියපු එක විතරයි කරේ.. ඔයාලට ප්‍රයෝජනයක් වෙනව කියල හිතෙනව නම් පාවිච්චි කරන්න..
ආහ්... අනිත් එක කතෝලික හා කතෝලික නොවන ඔයාලා හැමෝටම සාමය සතුට පිරි නිරෝගී මනුස්සකම රජයන සුභ නත්තලක් වේවා!
අප්පට සිරි! මාරු සීන් නේ උඹටත් වෙන්නේ! අපේ මව් තොමෝත් ඔය උයන පිහන ඒවා මට බාන්ඩ කරන්න දුන්නොත් අනිවා අලුත් කෑමක් හැදෙනවා! එක දවසක් හැදුවා පොලොස් බයිට් එකක්!
ReplyDeleteකොහොමද බං පොළොස් බයිට් හදන්නේ :D පොළොස් ටික කර කුට්ටං කරාද ?
Deleteගෙදර ඉන්නැතුව පණබේරගෙන දුවපාං... නැත්තං හවසට මවුතොමෝ උඹේ පණටික උදුරගනීයි.. වටින පුඩිමට තනියම වගකියුවට.. :)
ReplyDeleteඅඩේ මං කනවද බං සිවිලිමේ ඇලිච්ච පුඩිං :P (ඩිංගක් කාල බැළුව පදම හරිද කියල නම්)
Deleteදෙයියනේ.. මට මැරෙන්න හිනා.. ඒත් බයත් හිතුනා... ඔයිට වඩා දෙයක් වෙන්නත් තිබ්බා. ඕකේ වාශ්ප සැර කෙලින්ම මූණට වැදුනනං කෙලින්ම ඉස්පිරිතාලේ යන්න වෙන්නේ...
ReplyDeleteඑහෙම හදිස්සියට ඕක අරින්න ඕනේ නම් අර චූස් චූස් ගගා උඩ පනින කැප් එක රෙදි කෑල්ලකින් අල්ලලා, උස්සලා වාශ්ප ටික යවන්න කලින්.. ඒක නම් ගලවන්නත් පුළුවන්.. හැබැයි හෙනම රස්නෙයි.. පරිස්සමෙන් අල්ලන්න ඕනේ....
මං මේ කල්පනා කළේ මෙයා කොච්චර දඟලන්න ඇද්ද කියලා ඕක ඔහොම ඇරගන්න කියලා.. සාමාන්‍යයෙන් ඕක සීල් වෙලා තියන්නේ වාශ්ප නිසා... හි හි
කවද කාපු පුඩිංද B-) අර ප්ලාස්ටික් බාර් 2ත් ගිනියම් වෙලා. පණ දාගෙන දෙපැත්තට ඇඳල තමයි ගලව ගත්තේ :D තාමත් සිවිලිමේ පැල්ලම ගිහින් නෑ
Deleteඅනේ ඔව් ඔය කැප් එක පරිස්සමින් තමා අල්ලන්න ඕන. හිරු කියන්නේ ඇත්ත.
Deleteකියන්නෙ නම් කොල්ලෝ වෑඩ කාරයොලු ඒත් හදල තියන පුඩිම ලිපෙන් බාගන්න බෑ... තව කොහෙද ඉතින් ...කොහොමටත් මාරකයකින් බේරිල තියෙන්නෙ....
ReplyDeleteකොල්ලො වැඩ කාරයො තමයි X( හා කියන්න බලන්න වෙන කාටද පුළුවන් පුඩිං පියාඹවන්න
Deleteඅම්මගෙන් ප්‍රෙශර් කුකර් එක කඩන්න හෑදුවටයි.. තාත්තගෙන් සිවිලිමේ පුඩින් අලවපු එකටයි අහගත්ත ප්‍රසන්සා ගරු නන්බු විස්තර කරන්නේ නෑද්ද මලේ?
Delete"පුතාට වගේ බුද්ධියක් මේ අහල ගං 7ක එකම මී හරකෙක්ටවත් නෑ" කිව්වා :D :D
Deleteමටත් හිනා අය්යෝ :D
ReplyDeleteඑලට ලියල තියේ :D
සුභ නත්තලක්! වැඩිවැඩියෙන් පුඩින්ම කන්න ලැබේවා :D
පුඩිං කන්න නම් පුළුවන්. ඒත් ආපහු හදන්න නම් යන්නෙ නැතෝ @-)
Deleteපිස්සු කරන්න එපා...අපරාදෙ.දිගටම පුඩිම් හදන්න.සුද්දා කියල තියෙන්නෙ try n try one day u can හදන්න පුඩිම් කියලා..
Delete;p
:D :D අනිවා.. මං හොඳ නත්තල් පුඩිමක් හදල ඔයාලටත් දෙන්නම්කෝ :P
Deleteතැන්කූ අය්යා....ඒ උනාට කමක් නෑ,ඔයාම කන්න.නිරපරාදෙ බඩ ලෙඩ කරගන්නෙ මොටො'......;)
Deletea unaata aniwa oona.aaye lectures 31.api ehema leesiyen keema beema ath arina aya newei.:D
Deleteපුඩිම කෙසේ වෙතත් උඹ බේරැන එකත් ලොකු දෙයක් මචං. නැත්නම් අපිට මාරි තමයි කන්න වෙන්නේ...
ReplyDeleteනිරෝගි වේවා..දිර්ඝායු වේවා.
හි හී.. :D මාරි මොකටද අපේ ගෙවල්වල සිවිලිමෙත් පුඩිං :P
Deleteඋඹටත් වෙන දේවල්.. මදැයි පුඩිං බලා ගන්න බාර දුන්න..:D :D
ReplyDelete(ෆෝරම් එකට යන්න බැරිය.. එරර් ලු. cannot be resolved. ඔන්න ඔහොම එකක් එනවා.)
පුඩිම කන්න විතරක් බාර දුන්න නම් ඔහොම වෙන්නෙ නෑනේ :P අපේ අම්මගෙ වැරැද්ද
Delete[hi="yellow"]Forum එක වැඩනෙ.සන්හිඳ බ්ලොග් මිතුරෝ [/hi]
අහ්....එහෙනම් ඔයා තමයි අර වැඩේ කරන්නෙ...අන්න,ගුවන් හාමුදාවෙනුත් බය වෙලා,රෑට රෑට හදුනා නොගත් එළි පත්තු වෙනව කියලා....
ReplyDeleteහී හී... හොරේ අල්ල ගත්තනේ :D ඒ මම රෑට ඔම්ලට් හදන දවස්වලට තමයි..
Deleteමං උයන කෑම කන්න පිටසක්වලිනුත් එනවා =D7
අප්පොච්චියො'...........එහෙමද? :-/ කරාපිටිය ඉප්පීතාලෙ ලග නිසා හොදයි.. ;)
Delete
ReplyDeleteඔය කාටුන් එක බලන්න ගියපු නිසානෙ ඔහොම වුණේ.ඕක නොබල හිටිය නං යසට පුඩිම කනව..
..අන්න ඒකයි කියන්නෙ ලොකු ලමයි කාටුන් බලන්නෙපා කියල.ඒව බලන්න ඕන මේ අපි වගේ චූටි බබාල!
හලි චූටි බබා තමයි.. ඒ ඉස්සර කාලෙ තමයි පොඩි අය කාටූන් බලන්නෙ. අද කාලේ ලොකු අය විතරයි කාටුන් බලන්නෙ :D
Deleteඅනේ ඉතින් ගෙදර පොඩි එකානේ. මොනව කරන්නද.අපි තව එකක් හදාගම්මු .
ReplyDeleteනලීන් අයිය ලෝකෙ වටේ ගියා අපිට මෙලෝ දෙයක් ගෙනාවෙ නෑ :( දැ මගේ පුඩිම කන්න හදනවා
DeleteMarai yasi.ettatama uba 99n berila tiyenne,ettatama science karalat uba danne nedda ah! .
ReplyDeletephysics වලට පුඩිං හදන්න ඉගැන්නුවෙ නෑනෙ බං :D
Deleteමේ බලාගෙනයි ළමයා. ඔය කුකර් වලට පිච්චුනොත් සුනේ සුන්. දන්නවනේ ගුප්ත තාපය ගැන එහෙම :) මොනවා උනත් නියම පෝස්ටුව. හික් හක්.
ReplyDeleteපිච්චුනත් මොකද අනේ පුඩිං කාලා :P
Deleteඅපරාදෙ. මන් හිටියෙ නෑනෙ.
ReplyDeleteඅපි මකුළුදැල් කඩනවනෙ බං :P
Deleteහොඳ වැඩේ පුඩිමටනම්...වහලෙන් ගැලව ගත්ත විදිහ තමා මාරු...හි හි......
ReplyDeleteහොඳ වැඩේ තමයි... නැත්නම් බෙදාගෙනනෙ කන්න වෙන්නෙ :D
Deleteහපොයි....මටත් හොදටම හිනා....ඒත්....ඔයින් ගියා මදැයි....ඕවත් එක්ක සෙල්ලම් නෑ කොල්ලෝ......
ReplyDeleteකවද උයපු ප්රෙස්ටීජ්ද ? හි හි :D :D
Deletemaru kathawa bn,
ReplyDeleteParissamen puthe podda bari una nam ispirithalene...
Postuwa ela..mata mawi mawi penawa wage..
තැංකූ :D පූරුවෙ පිනක් පල දීලා
Deleteහප්පේ මාරු වැඩක්නේ වෙලා තියෙන්නේ! ඕවගේම වැඩක් මගේ යාලුවෙක්ටත් උනා. පොඩි වෙනසකට තියෙන්නේ එයා හදලා තියෙන්නේ කඩල.
ReplyDeleteකඩල ටිකත් සිවිලිමේ ඇලිලද ? :P
Deleteඒක නම් පොඩ්ඩක් බරපතල වැඩක් උනා. අපි නිකම් භාජනෙක කලා තම්බනකොට සැරෙන් සැරේ බලනවනේ. අන්න එහෙම බලන්න ගිහින් තමයි ඕක වෙලා තියෙන්නේ.පියන ඇරපු ගමන් කුස්සියේ සිවිලිමත් කඩාගෙන ගිහින්. කඩල ටික හැමතැනම. මගේ යාළුවයි එයාගේ අම්මවයි පිච්චුනා. දැන් නම් අවුලක් නෑ...
Deleteමදෑ කරගෙන තියෙන දෙයක්. අර කාටූන් වල එහෙම පෙන්නනව වගේ සිවිලිමේ ඇලිල තිබ්බ පුඩිම යසිත් මල්ලිගෙ ඔලුවට වැටෙනව මට නිකං මැවිල පේනව ;p
ReplyDelete//"පුතාට වගේ බුද්ධියක් මේ අහල ගං 7ක එකම මී හරකෙක්ටවත් නෑ" කිව්වා// =)) =)) =))
ඔළුවට නම් වැටුනේ නෑ. ඒත් බඩට නම් වැටුනද මංදා :P
Deleteයසිත් කොල්ල ඉතිං පුඩිම කෑවයි ... B-)ඔයා මාර මැජික් ශිල්පියෙක්නේ බලන් යද්දී ...ඔහොම ඉඳල බෑ කුසලතා වර්ධනය කරගන්න ඕනේ
ReplyDelete\m/
අක්කටත් ඕනද පියාඹන මැජික් පුඩිං :P
Delete//පුතාට වගේ බුද්ධියක් මේ අහල ගං 7ක එකම මී හරකෙක්ටවත් නෑ// :D :D
ReplyDeleteඅපේ තාත්තත් ඔය ටිකමයි කියන්නෙ. හැබැයි පුඩිම් හදන්න ගියෙ නම් නෑ :(( :((
:D ඉතිං කාටද ආඩම්බර ?
Deleteඅනේ අපොයි යසිත් ඔයා වැස්සකටවත් කුස්සියට ගොඩවෙලා නැද්ද මිට කලින්
ReplyDeleteඇයි නැත්තෙ ^#(^ බත් බෙදා ගන්න හැමදාම යනවනේ :P
Delete