Skip to main content

හොල්මන් කාර් එක


ඔන්න දවසක් එක මිනිහෙක් මළ ගෙදරකට සහභාගී වෙලා තනියම රෑ ආපහු ගෙදර එනව. පාරෙ බලු බල්ලෙක් නෑ. ඒ මදිවට අමාවක දවසක්.. මිනිහ චණ්ඩිය වගේ ආවට හිත බයයි. ඒක මඟ ඇරෙන්න විසිල් පාරකුත් ගගහ ආව. යන්න තව ගොඩක් දුරත් තියෙනව..
ඔන්න එතකොටම මිනිහ දැක්ක ඈතින් පරණ කාර් එකක් පාකිං ලයිට් දාගෙන එනව. නිකං පයින් යන ගානට හෙමින් එන්නෙ. පොරටත් හෙන සතුටුයි. ළං වෙනකොට පාරට පැනල අත දැම්ම.. ම්හු. නවත්වන පාටක් නෑ. ඒත් පොඩ්ඩක් ස්ලෝ උනා වගේ. මිනිහ කරපු දේ පටස් ගාල පිටිපස්සෙ දොරත් ඇරන් වාඩි උනා..
වාඩි වෙලා හොඳ හුස්මක් අරං ඩ්‍රයිවර්ට ස්තූති කරන්න හදනකොට තමයි මිනිහට හීන් දාඩිය දැම්මේ.. කාර් එකේ කවුරුවත්ම නෑ.. ඩ්‍රයිවර් කෙනෙක් නැතුව කාර් එක ඉබේම යනවා. මිනිහගෙ තොල කට වේලිලා කෑ ගහන්න හැදුවට සද්දෙ පිට වෙන්නෙ නෑ.
වාහනේ පාක් ලයිට් එළියෙන් මිනිහට පේනව ඉස්සරහ ප්‍රපාතයක් තියෙනව. දැන් තවත් ඉස්සරහට ගියොත් අනිවාර්යයෙන් කාර් එක පෙරලෙනව. මිනිහ හිත හයිය කරන් ඉස්සරහට නැමිල ස්ටීරියං වීල් එක කපන්න හැදුව. එතකොටම ඒ පැත්තෙ බාගෙට ඇරුණු වීදුරුවෙන් ඇතුලට ආපු රෝම පිරුණු අතකින් ස්ටීරියං එක අල්ල ගත්ත.. මිනිහට මතක එච්චරයි. එතනම සිහි නැතුව වැටුන..

ආපහු ඇස් ඇරල බලද්දි පොර හිටියෙ ටිකක් එළිය තියෙන තැනක. පොර ඉස්සිල වීදුරුවෙන් එළිය බැළුව.. ඒ ටවුමෙ පෙට්‍රල් ෂෙඩ් එක. දැන් කාර් එක නැවතිල. ඉස්සෙල්ල වගේ ඉබේ යන්නෙ නෑ. එළියෙ මිනිස්සු කීපදෙනෙකුත් ඉන්නව පේනව.. මිනිහ සියළු ශක්තිය එකතු කරන් දොර ඇරගෙන එළියට පැනල දිව්ව. ඊට ටිකක් එහායින් තිබුන වතුර ටැප් එකට කට තියාගෙන බීගෙන බීගෙන ගියා.. දැන් බයත් ටිකක් අඩු වෙලා. ඇස් පිහිදාල බලද්දි මිනිහ දැක්ක තවත් කෙනෙක් ඒ වාහනේට නගින්න හදනව.. මිනිහෙක් අමාරුවෙ වැටෙනවට අකමැති මෙයා එතනට දුවල ගියා..

"මහත්තය ... මහත්තය... ඔය කාර් එකට නම් නඟින්න එපා.. කිව්වට විස්වාස කරන්නෙ නෑ. ඕක හොල්මන් කාර් එකක්.. මාත් වැරදිල නැඟල බොහොම අමාරුවෙන් ජීවිතේ බේර ගත්තෙ.. "

අර කෙනා මූ දිහා ඔරවල බැළුවා. චටාස් ගාල කණ පිරෙන්න පාරක් දුන්න.

-"ඈ.. යකෝ... මං මේ කාර් එකේ පෙට්‍රල් ඉවර වෙලා පණ දාගෙන තල්ලු කරා. උඹ ඒක ඇතුලෙ ආතල් ගත්තද ? "

Comments

  1. මාර කතාවනේ මලයා. එතකොට අරු තල්ලු කරද්දි මේකා පන බලේ ඇතුළේ ඉදල තියෙන්නේ.සුපිරිම තමා.මේක අද දවසේ කතාව මලයා.

    ReplyDelete
    Replies
    1. :D ටැංකූ වේවා... අපිටත් ඔහොම දේවල් වෙනවනේ...

      Delete
  2. කතාව එල යසිත් :)

    ReplyDelete
  3. හෙහ් හෙහ්... ඒත් කාරෙකක් කොහොමද තනියෙන් තල්ලු කරන් එන්නෙ... ?ස්ටීයරින් එකේ කවුරු හරි ඉන්නම එපෑයැ... ඔය කිව්වට ඕක හොල්මන් කාර් එකක්ම වෙන්ඩැති...

    ReplyDelete
    Replies
    1. ඒව මං දන්නෙ නෑ අෆ්ෆා.. බුකියෙ කෙල්ලෙක්ට කිව්ව ගොඩාක් බය හිතෙන කතාවක් කියන්න කියලා.. ඔන්න කියපු එක :P

      Delete
  4. මරු කතාව යසිත්...

    ReplyDelete
  5. හිහි...මේක මම පත්තරේක කියවලා තියනවා. ඒත් මම ගොඩක් පොඩි කාලේ :)

    ReplyDelete
    Replies
    1. ඉතිං ඒ කාලෙත් හොල්මන් කාර් තියෙන්න ඇති :D

      Delete
  6. හැක්.. හැක්... අරූගෙ කන් පලත් මදි..

    හොල්මනක් උනා නම් හොඳයි කියලා හිතෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. :D සාදරයෙන් පිලි ගන්නව හරී අයියව!

      Delete
  7. හික්ස්.... මරු කතාවක්නේ..... :)

    ReplyDelete
  8. ලොල් විසිවෙනවා... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අඩේ රජාත් මේ පැත්තෙ ඇවිත්නේ... සාදරයෙන් පිළි ගන්නවා

      Delete
  9. Replies
    1. තැන්කූ වේවා.. සාදරයෙන් පිළි ගන්නවා!

      Delete
  10. Replies
    1. :D අඬනවද හිනාවෙනවද ? හික්ස්

      Delete
  11. හිකිස්, ඒත් මම බැලුව හොල්මන වාහනේ ඇතුලෙ ඉන්නෙ නැතුව ජනේලෙන් අත දැම්මෙ අහවල් එකටද කියල. පස්සෙනෙ තේරුනෙ, වාහනේ තල්ලු කරපු බුවානෙ වාහනේ හැරවෙන එක නවත්තන්න සුක්කානම හරවල තියෙන්නේ. හි හි තව මේ වගේ එව්ව තිය නම් ලියන්ඩ.

    ReplyDelete
    Replies
    1. හි හී :D සාදරයෙන් පිලි ගන්නව බුවාරිස්

      Delete

Post a Comment

◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net

You May Like Also,

පන්සිය පණස් ජාතක පොත

මේක දෙන්නෙ හිටියෙ මීට ගොඩ දවසකට කලින් උනත් විවිධ හේතු නිසා අතපසු උනා.. අද පෝය දවසෙ කොහොම හරි දානව කියල හිතා ගත්තා... පන්සිය පණස් ජාතකය, ඔව් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම 550 ක , උන්වහන්සේ විසින් දේශණා කරපු ජාතක කතා මේකෙ ඇතුලත්.. අපි සාමාන්‍යයෙන් දන්න විදියට පන්සිය පණස් ජාතකය කිව්වට දැනට නිකුත් වී තියෙන ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නෙ ජාතක කථාංග 447 හෝ 446.. අනිත් 3 හෝ 4 ගැන සඳහනක් නෑ.. නමුත් මේ විද්‍යූත් ලේඛන පිටපතේ ජාතක කථාංග 550 ම ඇතුළත්.. අවසන් කථාංග 4 බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් කටවහරෙන් පැවතෙන ජාතක කථාංග ඇතුලත් කරල තියෙනවා.. මට මේක හම්බ උනේ වෙන වෙනම කොටස් විදියට. මං සියල්ල එකතු කරල තනි PDF file එකකට merge කරා... අවශ්‍ය තැන් bookmark කරන් කියවන්න පුළුවන්නෙ... 19.9 MB  ඔබගේ පරිගණකයේ මෙහෙයුම් මෘදුකාංගය Windows XP හෝ Windows 7 නම්, PDF file reader එකක් නැතිනම් මෙතනින් adobe reader එක අරගන්න..

බ්ලොග් එකේ Navigation Bar එක අයින් කරමුද ?

අපි බ්ලොගර් වලින් බ්ලොග් එකක් හැදුවම මෙන්න මෙහෙම බ්ලොග් එකට උඩින් Navigation Bar එකක් වැටෙනවනෙ. කැතයි වගේ නේද ? එහෙනම් ඉතින් අයින් කරමු. මේක අයින් කරාම බ්ලොග් එකේ SEO වඩා හොඳින් වෙනව කියල  digitalpoint forum එකේ තිබුන. නමුත් ඒ ගැන නම් මං හරියට කියන්න දන්නෑ. මෙන්න මෙහෙමයි වැඩේ , ඔයා පැරණි blogger interface එක නම් පාවිච්චි කරන්නෙ, Dashboard  >> Design >> Edit HTML වෙත යන්න. අළුත් blogger interface එකේ නම් කෙලින්ම Template කියල තියෙනව. දැන් මේක කරන්න කලින් full template එකම download කරන් ඉන්න. නැත්නම් වරද්දගෙන මට බනින්න එප. (වරදින්න දේකුත් නෑ හැබැයි ) දැන් අළුත් blogger interface එකේ අයත් තමන්ගෙ දැනට active template එකේ Edti HTML වෙත යන්න. දැන් මෙහෙම පණිවිඩයක් ආවනෙ. එතන Proceed ක්ලික් කරන්න.  දැන් ඔයාගෙ template එකේ HTML කෝඩ් තියෙනව පෙනෙයි. දැන් මේ පහත රූපෙ විදියට variable definitions කියන තැන හොයා ගන්න. අමාරු නම් Ctrl + F ගහල හොයා ගන්නකො.  දැන් ඔන්න ඔය කෝඩ් එකෙන් උඩට, ඒ කියන්නෙ *variable definitions තැනයි උඩ කඩ ඉරි පේලියයි අතරට මෙන්න මේ පුංචි කෝඩ් එ

පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?

හනී බනී වෙන් වෙලා දැන් මාස 8ක් විතර ඇති. ගොඩක් දෙනා අහන දෙයක් තමයි එච්චර  ආදරේ කරා නම් කොහොමද දැන් ගානක් නැතුව ඉන්නෙ කියන එක. ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගෙ මිත්‍රයෙක්ගෙ wife ළඟදි Cancer එකකින් නැති උනා. පෞද්ගලිකවම මං දන්න දෙයක් තමයි ඒ දෙන්න අතරෙ පුදුම ආදරයක් තිබුනෙ. එයාලගෙ විවාහ ජීවිතේට අවුරුදු 19කටත් වැඩියි. ඒත් මළ ගෙදරදි, ආදාහන කටයුතු කරද්දිවත් ඒ අංකල් පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ. කිසිම දුකක් පේන්න තිබුනෙත් නෑ. හිස් බැල්මෙන් බලාගෙන හිටිය විතරයි. කටයුතු ඉවර වෙලා අපි ආපහු යනකොට ඒ මනුස්සය කිව්ව හරි අපූරු කතාවක්, "නෝන නැති උනාට මට දුකක් නෑ.. ඒත් එයා නැති පාළුව මගේ ජීවිත කාලෙම තියේවි. පහුගිය අවුරුදු 19ටම එයා මටත්, මගෙන් එයාටත් වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරා. අපි දෙන්න දෙන්නටම ණය නෑ.." එච්චරයි.. මමත් කාටවත් ණය නෑ.. ඒත් අද (ඔක්තෝම්බර් 30) තමන්ගෙ 20 වෙනි උපන් දිනේ සමරන හනී බනීගෙ සියළු කටයුතු, අනාගතේ, බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම ඇයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි (සම්මතයට අනුව) යාළු වෙන්නෙ/ ආදරේ කරන්නෙ/සම්බන්ධයක් ඇති කර ගන්නෙ ?? කෙල්ලන්ගෙ පැත්ත