Skip to main content

Blog එකට Scroll To Top Button එකක් දාමු

අපේ බ්ලොග් වලට කොමෙන් වැටුනමයි ඒ කොමෙන්ට් වලට රිප්ලයි කරාමයි Page එක මාර විදියට දිග වැඩි වෙනවනෙ. පහලටම හිගින් ආපහු උඩට එනකම් මවුස් එකේ රෝදෙ කරකවලම පණ යනව. මෙහෙම පොඩි button එකක් දැම්මම ඒ කරදරේ නෑ. අනික මේ button එක පේන්න ගන්නෙ පිටුව 1000px වලට වඩා දිග වැඩි නම් විතරයි.
උදාහරණයක් විදියට පෝස්ට් එකේ 1000px වලට වඩා පහලට යද්දි මගේ බ්ලොග් එකේ දකුණු පැත්තෙ යට කොනේම පේන්න පටන් ගන්න Scroll To Top Button එක දැක්කනෙ..

හරි ලේසියි. මෙහෙමයි දාන්නෙ.

  • බ්ලොග් එකේ dashboard එකට ගිහින් Layout එකට ගිහින් Add a Gadget ක්ලික් කරන්න.
  • දැන් HTML/JavaScript  Gadget එකක් ඇඩ් කර ගන්න.
  •  දැන් ඒකට මේ පහත කෝඩ් එක Copy - Paste කර ගන්න.



  • දැන් මේකෙ IMAGE LINK HERE කියන තැනට ඔයා කැමති Button එකක් ගූගල් එකෙන් හොයල ඒකෙ ලින්ක් එක දෙන්න..
  • වෙනසකටත් එක්ක ටිකක් අමුතු Scroll To Top Button එකක Link එක දාන්න.
  • දැන් Save කරල බ්ලොග් එකට ගිහින් බලන්න.



මේ ඒක නෙවෙයි කවුරු හරි දන්නවද ඇයි කෙල්ලෙක්ගෙ ආදරේ දිනා ගන්න කොල්ලෙක්ම කෙල්ලගෙ පස්සෙන් යන්න ඕන කියල.. කවද හරි කෙල්ලට කන්න බොන්න අඳින්න දෙන්නත් ඕන කොල්ල නම්, කෙල්ලව මලක් වගේ බලා ගන්නත් ඕන කොල්ල නම් කෙල්ලොනෙ අපේ පස්සෙන් එන්න ඕන...

අනික ආදරේ කියන්නෙ දෙන්නගෙම හිතේ ඇතිවෙන හැඟීමක් නම් මොකටද අපි ඉස්සෙල්ල පස්සෙන් ගිහින් ආදරේ ඉල්ලන්නෙ.. ප්‍රවීණයො උත්තර දෙන්නකො බලන්න..

Comments

  1. ඒකනෙ බං. අපිටයි වැරදුනේ :-/

    ReplyDelete
  2. Aniwa....owa gana katha karanawanam nikan ba bn,...

    ReplyDelete
  3. සෝයි
    :-bd

    දුක හිතෙන ප්‍රශ්න අහන්නෙපා බන් :(

    ReplyDelete
  4. පෝස්ට් එක කියවන් ආවම මේකා උත්තර නැති ප්‍රශ්ණම අහලනේ.. මේවට උත්තර දෙන්න බෑ බං.. :)

    ReplyDelete
    Replies
    1. :P කට වහං ඉන්න එක අයියගෙ නම් ඇඟට ගුණයි.. ලබන අවුරුද්දෙ මේකට උත්තර දෙන්නෙකො එහෙනම් :P

      Delete
  5. අන්තීම ප්‍රශ්ණය නම් හරිම විහිළුවක්..යසිත්ට එහෙම හිතුනා නම් ඒක හිතේ දුර්වලකමක්.

    මට නම් ඔය පස්සෙන් ඇවිත් ආදරය හිඟාකන එවුන් පේන්න බෑ.අනිත් කෙල්ලො කොහොමද මන්දා මම නම් එහෙම එකෙකුට මලාට ලව් කරන්නෙත් නෑ. එහෙම කලා නම් මගෙ ලව් ලිස්ට් එක මේ වෙද්දි බර ගාණක් වෙන්න ඕනෙ. විකාර. ආදර ඇතිවෙන්නෙ කොතනින්ද එතනින් පටන් ගන්න පුළුවන්. මට කා ගැන හරි ආදරයක් ඇති උනොත්...සම්ප්‍රදායික රාමු වල තෙපර බබා ඉන්නෙ නැතුම මගෙ ආදරය කියනවා. මොකද කොල්ලෙක් ඉස්සරවෙන්න් ඕනෙ කිය්ලා කවුරුම හරි හිතනවා නම්...ඒක මන්ද බුද්ධිකයෙක්...

    ReplyDelete
    Replies
    1. එතකොට කොහොමද ආදරයක් මුලින්ම ඇතිවෙන්නෙ.. ඔයා හිතන විදිය හොඳයි. ඒත් මතක තියාගන්න කෙල්ලෙක් සම්මත රාමුවෙන් එහාට ගියොත් ලොකු ප්‍රෂ්ණවලට මූණ දෙන්න වෙනවා.. ඒ මේ සමාජ ක්‍රමයේ හැටි @-)

      Delete
    2. කොහෙත්ම නෑ. තමගෙ ආදරය ප්‍රකාශ කලාම ප්‍රශ්ණ ඇති වෙන්නෙ කොහොමද ...ඇයි ඒ අනිත් කෙනාත් තමන්ට කැමැත්තක් තියෙනවා කියලා දැනගත්තට පස්සෙ මිසක්..ඉස්සරවෙලා නෙමේ...

      Delete
    3. ලිහිණි දන්නවද...මිනිස් ලෝකෙ විතරයි..ගැහැණු සතා ලස්සන...සත්වලෝකෙ පිරිමිසතා තමයි ලස්සන(වැරදි නම් නිවැරදි කරන්න.) ඒත් බලන්නකො කුරුල්ලො එහෙම (මොනරු වගේ) මොන තරම් අඟර ,දඟර දානවද කියල ගැහැණු සතා දපනෙ දාගන්න...ඉතින් මිනිස් ලෝකෙ ලස්සන කෙල්ලොන්ට ටිකක් ට්‍රයි කොලාම මොකද වෙන්නෙ..මාර ජොලිනෙ.

      Delete
    4. [hi="yellow"]ආයුබෝවන්! වීපොකුරෙ වීයා සාදරයෙන් පිළිගන්නවා :D [/hi]

      ළිහිණිට ඕව කියල වැඩක් නෑ. එයා රැඩිකල් කෙල්ලෙක් ^#(^

      Delete
  6. අය්යෝ අපිත් එක්ක හිටපු කෙල්ලෝ කීයක්නම් කොල්ලන්ට ට්‍රයි කරාද ?හික්... එහෙම එකක් නෑ යසිත් !
    :x

    ReplyDelete
    Replies
    1. මගෙත් මුල්ම ලව් එකේ මොණර පෙම කෙල්ල තමයි මුලින්ම ඇහුවෙ. ඒත් ඒක මහ බොරුවක් උනා =((

      Delete
  7. ඇත්ත... මේක හරිම අසාධාරණයි.. මුළු සමාජ ක්‍රමේම වෙනස් කරන්න ඕන..:)

    ReplyDelete
    Replies
    1. [ma]යේ.. අපි වෙනස් කරමූ :D[/ma]

      Delete
  8. හපොයි..මෙයාටත් තියෙන ප්‍රශ්න....හික්.... හැබැයි අද කාලේ නම් ඕක ඔහොමම වෙනවා අඩුයි. කෙල්ලොත් අහන වෙලාවල් තියනවානේ මයේ හිතේ..... ඔව් ඉතිං.... කා ගැන හරි ආදරයක් ඇති වුනාම ඒක කිව්වම මොකෝ වෙන්නේ නේ......ඕකට කොල්ලම වෙන්න ඕනෑයැ.....හික්..... හැබැයි ඉතිං ඕන් මං නම් කොල්ලන්ගෙන් අහලම නැත.... :)

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ.. සමනළී විතරයි ඇත්ත කිව්වෙ..
      ඒ කියන්නෙ සමනළී තාම කාටවත්ම ආදරේ කරල නෑ I-)

      Delete
    2. අපොයි.... නැ....අවුරුදු ගානක් ආදරේ කරලා (එකම එක් කෙනෙක්ට විතරයි හොදේ)..... එකේ විරහවත් හොදටම අත් විදලා තියෙන්නේ..... ඒත් ඒ ආදරේට මං තාමත් ආදරෙයි...... :)

      Delete
    3. අපි සැවොම එකම බෝට්ටුවේ වම්හ ;)

      Delete
  9. :D ...

    niyamai kollo...

    tnx...

    www.katumatige.blogspot.com

    ReplyDelete
    Replies
    1. :D ස්තූතියි මිතුර!

      Delete
  10. පොස්ටුව එල..
    ලව් කතාව ගැන නම් කියන්න තියන්නේ සමාජයේ මුල් බැස ගෙන තියන යම් යම් ආකල්ප හින්ද කෙල්ලෝ එහෙම අහන්නේ නෑ කියල. හැබැයි වචනයෙන් නොකියන එක විතරයි.. වෙනත් ක්‍රම වලට සන්නිවේදනය වෙනවා.

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට කෙල්ලො තේරුම් ගන්න බෑ අප්පා :((

      Delete
  11. Replies
    1. ස්තූතියි මිතුර! :))

      Delete
  12. හරි ගියේ නෑ මල්ලි...

    ReplyDelete
    Replies
    1. වෙන්ට බෑ :(( අර [hi="yellow"]IMAGE LINK HERE[/hi] කියන තැනට හරියටම පින්තූරෙ ලින්ක් එක දෙන්න. මේ වගේ
      [card="yellow"]http://www.intermedicavet.com/images/scroll-to-top.png[/card]

      Delete

Post a Comment

◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net

You May Like Also,

පන්සිය පණස් ජාතක පොත

මේක දෙන්නෙ හිටියෙ මීට ගොඩ දවසකට කලින් උනත් විවිධ හේතු නිසා අතපසු උනා.. අද පෝය දවසෙ කොහොම හරි දානව කියල හිතා ගත්තා... පන්සිය පණස් ජාතකය, ඔව් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම 550 ක , උන්වහන්සේ විසින් දේශණා කරපු ජාතක කතා මේකෙ ඇතුලත්.. අපි සාමාන්‍යයෙන් දන්න විදියට පන්සිය පණස් ජාතකය කිව්වට දැනට නිකුත් වී තියෙන ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නෙ ජාතක කථාංග 447 හෝ 446.. අනිත් 3 හෝ 4 ගැන සඳහනක් නෑ.. නමුත් මේ විද්‍යූත් ලේඛන පිටපතේ ජාතක කථාංග 550 ම ඇතුළත්.. අවසන් කථාංග 4 බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් කටවහරෙන් පැවතෙන ජාතක කථාංග ඇතුලත් කරල තියෙනවා.. මට මේක හම්බ උනේ වෙන වෙනම කොටස් විදියට. මං සියල්ල එකතු කරල තනි PDF file එකකට merge කරා... අවශ්‍ය තැන් bookmark කරන් කියවන්න පුළුවන්නෙ... 19.9 MB  ඔබගේ පරිගණකයේ මෙහෙයුම් මෘදුකාංගය Windows XP හෝ Windows 7 නම්, PDF file reader එකක් නැතිනම් මෙතනින් adobe reader එක අරගන්න..

බ්ලොග් එකේ Navigation Bar එක අයින් කරමුද ?

අපි බ්ලොගර් වලින් බ්ලොග් එකක් හැදුවම මෙන්න මෙහෙම බ්ලොග් එකට උඩින් Navigation Bar එකක් වැටෙනවනෙ. කැතයි වගේ නේද ? එහෙනම් ඉතින් අයින් කරමු. මේක අයින් කරාම බ්ලොග් එකේ SEO වඩා හොඳින් වෙනව කියල  digitalpoint forum එකේ තිබුන. නමුත් ඒ ගැන නම් මං හරියට කියන්න දන්නෑ. මෙන්න මෙහෙමයි වැඩේ , ඔයා පැරණි blogger interface එක නම් පාවිච්චි කරන්නෙ, Dashboard  >> Design >> Edit HTML වෙත යන්න. අළුත් blogger interface එකේ නම් කෙලින්ම Template කියල තියෙනව. දැන් මේක කරන්න කලින් full template එකම download කරන් ඉන්න. නැත්නම් වරද්දගෙන මට බනින්න එප. (වරදින්න දේකුත් නෑ හැබැයි ) දැන් අළුත් blogger interface එකේ අයත් තමන්ගෙ දැනට active template එකේ Edti HTML වෙත යන්න. දැන් මෙහෙම පණිවිඩයක් ආවනෙ. එතන Proceed ක්ලික් කරන්න.  දැන් ඔයාගෙ template එකේ HTML කෝඩ් තියෙනව පෙනෙයි. දැන් මේ පහත රූපෙ විදියට variable definitions කියන තැන හොයා ගන්න. අමාරු නම් Ctrl + F ගහල හොයා ගන්නකො.  දැන් ඔන්න ඔය කෝඩ් එකෙන් උඩට, ඒ කියන්නෙ *variable definitions තැනයි උඩ කඩ ඉරි පේලියයි අතරට මෙන්න මේ පුංචි කෝඩ් එ

පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?

හනී බනී වෙන් වෙලා දැන් මාස 8ක් විතර ඇති. ගොඩක් දෙනා අහන දෙයක් තමයි එච්චර  ආදරේ කරා නම් කොහොමද දැන් ගානක් නැතුව ඉන්නෙ කියන එක. ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගෙ මිත්‍රයෙක්ගෙ wife ළඟදි Cancer එකකින් නැති උනා. පෞද්ගලිකවම මං දන්න දෙයක් තමයි ඒ දෙන්න අතරෙ පුදුම ආදරයක් තිබුනෙ. එයාලගෙ විවාහ ජීවිතේට අවුරුදු 19කටත් වැඩියි. ඒත් මළ ගෙදරදි, ආදාහන කටයුතු කරද්දිවත් ඒ අංකල් පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ. කිසිම දුකක් පේන්න තිබුනෙත් නෑ. හිස් බැල්මෙන් බලාගෙන හිටිය විතරයි. කටයුතු ඉවර වෙලා අපි ආපහු යනකොට ඒ මනුස්සය කිව්ව හරි අපූරු කතාවක්, "නෝන නැති උනාට මට දුකක් නෑ.. ඒත් එයා නැති පාළුව මගේ ජීවිත කාලෙම තියේවි. පහුගිය අවුරුදු 19ටම එයා මටත්, මගෙන් එයාටත් වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරා. අපි දෙන්න දෙන්නටම ණය නෑ.." එච්චරයි.. මමත් කාටවත් ණය නෑ.. ඒත් අද (ඔක්තෝම්බර් 30) තමන්ගෙ 20 වෙනි උපන් දිනේ සමරන හනී බනීගෙ සියළු කටයුතු, අනාගතේ, බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම ඇයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි (සම්මතයට අනුව) යාළු වෙන්නෙ/ ආදරේ කරන්නෙ/සම්බන්ධයක් ඇති කර ගන්නෙ ?? කෙල්ලන්ගෙ පැත්ත