Skip to main content

Blog එකට Scroll To Top Button එකක් දාමු

අපේ බ්ලොග් වලට කොමෙන් වැටුනමයි ඒ කොමෙන්ට් වලට රිප්ලයි කරාමයි Page එක මාර විදියට දිග වැඩි වෙනවනෙ. පහලටම හිගින් ආපහු උඩට එනකම් මවුස් එකේ රෝදෙ කරකවලම පණ යනව. මෙහෙම පොඩි button එකක් දැම්මම ඒ කරදරේ නෑ. අනික මේ button එක පේන්න ගන්නෙ පිටුව 1000px වලට වඩා දිග වැඩි නම් විතරයි.
උදාහරණයක් විදියට පෝස්ට් එකේ 1000px වලට වඩා පහලට යද්දි මගේ බ්ලොග් එකේ දකුණු පැත්තෙ යට කොනේම පේන්න පටන් ගන්න Scroll To Top Button එක දැක්කනෙ..

හරි ලේසියි. මෙහෙමයි දාන්නෙ.

  • බ්ලොග් එකේ dashboard එකට ගිහින් Layout එකට ගිහින් Add a Gadget ක්ලික් කරන්න.
  • දැන් HTML/JavaScript  Gadget එකක් ඇඩ් කර ගන්න.
  •  දැන් ඒකට මේ පහත කෝඩ් එක Copy - Paste කර ගන්න.



  • දැන් මේකෙ IMAGE LINK HERE කියන තැනට ඔයා කැමති Button එකක් ගූගල් එකෙන් හොයල ඒකෙ ලින්ක් එක දෙන්න..
  • වෙනසකටත් එක්ක ටිකක් අමුතු Scroll To Top Button එකක Link එක දාන්න.
  • දැන් Save කරල බ්ලොග් එකට ගිහින් බලන්න.



මේ ඒක නෙවෙයි කවුරු හරි දන්නවද ඇයි කෙල්ලෙක්ගෙ ආදරේ දිනා ගන්න කොල්ලෙක්ම කෙල්ලගෙ පස්සෙන් යන්න ඕන කියල.. කවද හරි කෙල්ලට කන්න බොන්න අඳින්න දෙන්නත් ඕන කොල්ල නම්, කෙල්ලව මලක් වගේ බලා ගන්නත් ඕන කොල්ල නම් කෙල්ලොනෙ අපේ පස්සෙන් එන්න ඕන...

අනික ආදරේ කියන්නෙ දෙන්නගෙම හිතේ ඇතිවෙන හැඟීමක් නම් මොකටද අපි ඉස්සෙල්ල පස්සෙන් ගිහින් ආදරේ ඉල්ලන්නෙ.. ප්‍රවීණයො උත්තර දෙන්නකො බලන්න..

Comments

  1. ඒකනෙ බං. අපිටයි වැරදුනේ :-/

    ReplyDelete
  2. Aniwa....owa gana katha karanawanam nikan ba bn,...

    ReplyDelete
  3. සෝයි
    :-bd

    දුක හිතෙන ප්‍රශ්න අහන්නෙපා බන් :(

    ReplyDelete
  4. පෝස්ට් එක කියවන් ආවම මේකා උත්තර නැති ප්‍රශ්ණම අහලනේ.. මේවට උත්තර දෙන්න බෑ බං.. :)

    ReplyDelete
    Replies
    1. :P කට වහං ඉන්න එක අයියගෙ නම් ඇඟට ගුණයි.. ලබන අවුරුද්දෙ මේකට උත්තර දෙන්නෙකො එහෙනම් :P

      Delete
  5. අන්තීම ප්‍රශ්ණය නම් හරිම විහිළුවක්..යසිත්ට එහෙම හිතුනා නම් ඒක හිතේ දුර්වලකමක්.

    මට නම් ඔය පස්සෙන් ඇවිත් ආදරය හිඟාකන එවුන් පේන්න බෑ.අනිත් කෙල්ලො කොහොමද මන්දා මම නම් එහෙම එකෙකුට මලාට ලව් කරන්නෙත් නෑ. එහෙම කලා නම් මගෙ ලව් ලිස්ට් එක මේ වෙද්දි බර ගාණක් වෙන්න ඕනෙ. විකාර. ආදර ඇතිවෙන්නෙ කොතනින්ද එතනින් පටන් ගන්න පුළුවන්. මට කා ගැන හරි ආදරයක් ඇති උනොත්...සම්ප්‍රදායික රාමු වල තෙපර බබා ඉන්නෙ නැතුම මගෙ ආදරය කියනවා. මොකද කොල්ලෙක් ඉස්සරවෙන්න් ඕනෙ කිය්ලා කවුරුම හරි හිතනවා නම්...ඒක මන්ද බුද්ධිකයෙක්...

    ReplyDelete
    Replies
    1. එතකොට කොහොමද ආදරයක් මුලින්ම ඇතිවෙන්නෙ.. ඔයා හිතන විදිය හොඳයි. ඒත් මතක තියාගන්න කෙල්ලෙක් සම්මත රාමුවෙන් එහාට ගියොත් ලොකු ප්‍රෂ්ණවලට මූණ දෙන්න වෙනවා.. ඒ මේ සමාජ ක්‍රමයේ හැටි @-)

      Delete
    2. කොහෙත්ම නෑ. තමගෙ ආදරය ප්‍රකාශ කලාම ප්‍රශ්ණ ඇති වෙන්නෙ කොහොමද ...ඇයි ඒ අනිත් කෙනාත් තමන්ට කැමැත්තක් තියෙනවා කියලා දැනගත්තට පස්සෙ මිසක්..ඉස්සරවෙලා නෙමේ...

      Delete
    3. ලිහිණි දන්නවද...මිනිස් ලෝකෙ විතරයි..ගැහැණු සතා ලස්සන...සත්වලෝකෙ පිරිමිසතා තමයි ලස්සන(වැරදි නම් නිවැරදි කරන්න.) ඒත් බලන්නකො කුරුල්ලො එහෙම (මොනරු වගේ) මොන තරම් අඟර ,දඟර දානවද කියල ගැහැණු සතා දපනෙ දාගන්න...ඉතින් මිනිස් ලෝකෙ ලස්සන කෙල්ලොන්ට ටිකක් ට්‍රයි කොලාම මොකද වෙන්නෙ..මාර ජොලිනෙ.

      Delete
    4. [hi="yellow"]ආයුබෝවන්! වීපොකුරෙ වීයා සාදරයෙන් පිළිගන්නවා :D [/hi]

      ළිහිණිට ඕව කියල වැඩක් නෑ. එයා රැඩිකල් කෙල්ලෙක් ^#(^

      Delete
  6. අය්යෝ අපිත් එක්ක හිටපු කෙල්ලෝ කීයක්නම් කොල්ලන්ට ට්‍රයි කරාද ?හික්... එහෙම එකක් නෑ යසිත් !
    :x

    ReplyDelete
    Replies
    1. මගෙත් මුල්ම ලව් එකේ මොණර පෙම කෙල්ල තමයි මුලින්ම ඇහුවෙ. ඒත් ඒක මහ බොරුවක් උනා =((

      Delete
  7. ඇත්ත... මේක හරිම අසාධාරණයි.. මුළු සමාජ ක්‍රමේම වෙනස් කරන්න ඕන..:)

    ReplyDelete
    Replies
    1. [ma]යේ.. අපි වෙනස් කරමූ :D[/ma]

      Delete
  8. හපොයි..මෙයාටත් තියෙන ප්‍රශ්න....හික්.... හැබැයි අද කාලේ නම් ඕක ඔහොමම වෙනවා අඩුයි. කෙල්ලොත් අහන වෙලාවල් තියනවානේ මයේ හිතේ..... ඔව් ඉතිං.... කා ගැන හරි ආදරයක් ඇති වුනාම ඒක කිව්වම මොකෝ වෙන්නේ නේ......ඕකට කොල්ලම වෙන්න ඕනෑයැ.....හික්..... හැබැයි ඉතිං ඕන් මං නම් කොල්ලන්ගෙන් අහලම නැත.... :)

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ.. සමනළී විතරයි ඇත්ත කිව්වෙ..
      ඒ කියන්නෙ සමනළී තාම කාටවත්ම ආදරේ කරල නෑ I-)

      Delete
    2. අපොයි.... නැ....අවුරුදු ගානක් ආදරේ කරලා (එකම එක් කෙනෙක්ට විතරයි හොදේ)..... එකේ විරහවත් හොදටම අත් විදලා තියෙන්නේ..... ඒත් ඒ ආදරේට මං තාමත් ආදරෙයි...... :)

      Delete
    3. අපි සැවොම එකම බෝට්ටුවේ වම්හ ;)

      Delete
  9. :D ...

    niyamai kollo...

    tnx...

    www.katumatige.blogspot.com

    ReplyDelete
    Replies
    1. :D ස්තූතියි මිතුර!

      Delete
  10. පොස්ටුව එල..
    ලව් කතාව ගැන නම් කියන්න තියන්නේ සමාජයේ මුල් බැස ගෙන තියන යම් යම් ආකල්ප හින්ද කෙල්ලෝ එහෙම අහන්නේ නෑ කියල. හැබැයි වචනයෙන් නොකියන එක විතරයි.. වෙනත් ක්‍රම වලට සන්නිවේදනය වෙනවා.

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට කෙල්ලො තේරුම් ගන්න බෑ අප්පා :((

      Delete
  11. Replies
    1. ස්තූතියි මිතුර! :))

      Delete
  12. හරි ගියේ නෑ මල්ලි...

    ReplyDelete
    Replies
    1. වෙන්ට බෑ :(( අර [hi="yellow"]IMAGE LINK HERE[/hi] කියන තැනට හරියටම පින්තූරෙ ලින්ක් එක දෙන්න. මේ වගේ
      [card="yellow"]http://www.intermedicavet.com/images/scroll-to-top.png[/card]

      Delete

Post a Comment

◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net