<< අද්දර ජීවිත (#1)
-"අකමැති නම් කියන්න එපා"
එයාගෙ නිහඬ බව නිසාම මං ආපහු කිව්වා.
"නෑ මල්ලි.. සමහරු හිතන්නෙ මේව අපි බිස්නස් එකටම ගොතපු කතා කියල. ඒත් හැම කෙල්ලෙක්ම මේ වගේ ජරා රස්සාවක් කරන්නෙ තමන් ඒ තත්වෙට පත් කරපු නිසා. මේකට ආපු කෙනෙක්ට ලේසියෙන් ගැලවෙන්න බෑ."
-"ඉතිං අක්ක ඇයි මේකට ආවෙ ? සල්ලි නිසාද ? "
එයා කට කොනකින් යන්තමට හිනාවෙන ගමන් මං දි හා බැළුවා. ඒ හිනාවෙ තිබුනෙ සමච්චල් උපහාසයක්.
" අපේ පවුලෙ අම්මයි මමයි අයියයි විතරයි. අපේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු.. අයිය නම් කැම්පස් ගියා. මට යන්න බැරි උනා. අයියගෙ හොඳම යාළුව තමයි තරිඳු. එයා අපේ ගෙදර ආවම තමයි මාව දැකල මට කැමති උනේ. එයා මගෙන් අහන්නත් කලින් අපේ අයියගෙන් අහල. අපේ අයියම තමයි කපුකම කරේ"
එයා වැස්සෙ තෙමි තෙමි දුවන පොඩි එකෙක් දිහා බලං හිනා උනා. ඒ හිනා උනේ පොඩි එකාටද නැත්නම් පරණ මතකයන්ටද කියල මට තාමත් හිතා ගන්න බෑ.
-"අම්මලත් කැමති උනාද ? "
මං එයාගෙ කතාවට උනන්දුයි කියල පෙන්නන්න ඇහුවා.
" නැතුව. තරිඳු අයිය ගොඩක් හොඳ කෙනෙක්. අපේ ගෙදරම කෙනෙක්ට වගේ අම්මල එයාට සැළකුවේ.එයා මට පුදුම විදියට ආදරේ කරා. මමත් ඒ වගේම ඒ රත්තරං කොල්ලට ආදරේ කරා."
-"එතකොට කොහොමඳ එයාලව නැති උනේ ? "
මගේ ඉවසීමේ සීමාව පැනල ඉන්නම බැරි තැන මං ඇහුවා.
"මට විතරක් නෙවේ මල්ලි.මිනිස්සු ගොඩක් අනාථ කරපු දෙයක් ඒක. සුනාමියෙන්. අපි එදා පෝය දවසෙ තරිඳු අයියලගෙ වෑන් එකෙන් කතරගම යන ගමන් හිටියෙ. වෑන් එක ඩ්‍රයිව් කරෙත් තරිඳු අයියා"
එයා ලොකු හුස්මක් හෙලුව.. ඇස් දෙකට නොදැනිම ආපු ලිකු කඳුළු බිංදුවක් මූනෙ ගාල තිබුණ මේකප් එකත් සෝදගෙනම කම්මුල් දිගේ පහලට ගැළුව.
-"ඉතිං ඒ හැමෝම නැති උනාද ? "
"ඔව් හැමෝම.. හැමෝම.. මං විතරයි අවාසනාවට ඉතිරි උනේ. ඔව් මගේ කරුමෙට"
-"ඉතිං ඊට පස්සෙ මොකද උනේ? "
මට මේක දැන ගන්නකම් ඉවසිල්ලක් නෑ..
"ඊට පස්සෙ මට කාත් කවුරුත් නැති උනා. මං අනාථයෙක් උනා.. ඒපාර තමයි මං අපේ පුංචි අම්මලයි ගෙදර නතර කර ගත්තෙ. මුලින් ඒ අය මට හොඳට සැළකුවා.තමන්ගෙම දරුවෙක්ට වගේ"
-"පස්සෙ ඔයාගෙන් වැඩ ගත්තද ? "
"නෑ... මල්ලි.. එහෙනම් තව කමක් නෑ..ඒ බාප්ප මහ වල් තිරිසනෙක්.. අපේ අම්මලගෙ තුන් මාසෙ දානෙටත් කලින් මාව විනාස කරා..මගේ හැම දෙයක්ම උදුර ගත්තා... මාව නැත්තටම නැති කරා"
එයා ඒක කිව්වෙ තරහව ඉවස ගන්න බැරුව කියල මට තේරුණා. අත් දෙක මිට මොලවන් තරහෙන් වෙවුලුවා..
එතකොටම එතනින් වයස අවුරුදු 50ක විතර අංකල් කාරයෙක් අපි දිහා බලල ඔරවන් ගියා. හරියට අපි මෙතන මොකක් හරි කරා වගේ අප්පිරියාවෙන් බලල. මං ආපහු අක්ක දිහා බැළුව.
-"අර මිනිහව දන්නවද? අපි දිහා බැළුවෙ වල් සත්තු දිහා බලනව වගේනෙ"
"ගණන් ගන්නෙපා මල්ලි.හුඟක් මිනිස්සු ඔහොම තමයි. අර මිනිහත් මගේ හොඳ කස්ටමර් කෙනෙක්. මං හිතන්නෙ මගේ වයසෙ දරුවොත් ඇති ඕකට.. හොඳ ජොබ් එකකුත් කරනව මං හිතන්නෙ... ඕකුන් ලෝකෙට එක මූණක් පෙන්නල ජීවත් වෙන ජාතියක්"
-"හරි.. ඔයාගෙ කතාව කියන්නකො..පුංචි මේව දැන ගත්තෙ නැද්ද? "
මම ආපහු ට්‍රැක් එකට ගත්තා..
" පාහරය මාව නැත්තටම නැති කරා.. අන්තිමට මට දරුවෙක් ලැබෙන්න ආව. ඒ පාර මං පුංචිට ඇත්ත කිව්වෙ.. ඒත් ඒ ගෑණි කරේ මාව ගෙදරින් එළියට ඇඳල දාපු එක..මං තවත් අසරණ උනා.. අන්තිමට මට උරුම උනේ අවජාතක දරුවෙකුයි මේ ජරා රස්සාවයි විතරයි"
-"දැන් එතකොට කෝ දරුව ? "
"අවාසනාවට මට ලැබුනෙ දුවෙක්. මට කාත් කවුරුත් නැති ලෝකෙ මං ඒ දරුව හදා ගන්නව. මොනව උනත් ඒ මගේ කුසින් උපන් දරුව............"
එයා ටිකක් වෙලා නිහඬව හිටියා. මටත් කියන්න දෙයක් හිතා ගන්න බැරි උනා.
"මං දන්නව මං ඒ දරුවට කන්න අඳින්න දෙන්නෙ මේ ජරා සල්ලි වලින්. ඒත් මං වෙන මොනව කරන්නද ? මටත් වඩා අසරණ උන කෙල්ලො තව ඕන තරම් ඉන්නව. මං කවදාවත් මට උන දේ මගේ දූට වෙන්න ඉඩ තියන්නෙ නෑ. එයා කවද හරි මේව දැන ගනිවී. එදාට එයා මාව පිළිකුල් කරාවි. ඒත් කමක් නෑ"
මට ඇත්තටම කියන්න දෙයක් හිතා ගන්න බැරි උනා. මං කවදාවත් මෙහෙම පැත්තක් ගැන හිතල තිබුනෙත් නෑ.. මෙයාගෙ හිත හැදෙන්න මොනව හරි කියන්න තිබ්බ නම් හොඳයි. ඒත් මොනවද කියන්නෙ... එතකොටම අක්කට කෝල් එකක් ආව....
"මල්ලි, බිස්නස් එකක්... මං යන්න ඕන.. ලෝකෙ අපි හිතන තරම් සුන්දර නෑ පැටියෝ..බුදුසරණයි! "
කම්මුල් දිගේ බේරුණ කඳුළු බිංදු ලේන්සුවෙන් පිහිදගෙන මවා ගත්ත හිනාවකින් හිනාවෙලා කියල ඇය යන්න ගියා.. මං එහෙමම බලං හිටියා.. ටිකකින් මං යන බස් එකත් ඇවිත් නැවැත්තුවා..
"අයියෝ පුතා, ඔයා ගිහින් පෙට්ටියකුත් අරං එන්නකෝ.. මං කළු එකාව අරං තියන්නම්"
-"හරි ඇන්ටි... තැන්ක් යූ.. මං පට ගාල එන්නම්" මං ඉක්මනටම ආපහු යන්න හිතාගෙන ගෙදර ආව..
(මං දන්නෑ මං මේකෙන් කියන්න උත්සාහ කරපු දේ තේරුණාද කියල.. ඒත් මගේ හැම කතාවක්ම මෙහෙම තමයි.මතුපිටින් තියෙන දේ නෙවෙයි.මේක මගේ මේ බ්ලොග් එකටම ලියපු කතාවක්. ඉස්සෙල්ල කතා සන්හිඳ.කොම් එකෙන් උපුටා ගනිපුව කියල සමහරු චෝදනා කරා.ඒකෙත් යසිත් මංම තමයි.නොවැළැක්විය හැකි තාක්ෂණික ගැටළුවක් නිසා සන්හිඳ නවත්වන්න සිදුවෙලා තියෙනව.ඒක නිවැරදි කරන්න හැකි උනත් නැතත් මේ බ්ලොග් එක නම් දිගටම ලියනව.ඔයාලත් දිගටම මං එක්ක ඉඳිවි කියල විස්වාස කරනවා)

*************************************************
මං පත සිස්ටම් යුනිට් එකත් කරේ තියන් අපේ ගෙවල් පාරෙ යන්න ගත්ත. මේ පාරෙ කට්ටිය අඩු නිසා නෝන්ඩියක් නෑ. අනික අපේ ගම. උපාලි අංකල්ගෙ ගෙවල් ගාවින් යද්දි ඇන්ටිගෙ දෝස් මුරේ ඇහෙන්න ගත්ත. මොකද දන්නෑ, අංකල් සප්පායම් වෙලා ඇවිල්ලද කොහෙද.. මටත් ඉතිං ඕන නැති මඟුලක් නැති නිසා බාගෙට ඇරපු ගේට්ටුවෙන් ඔළුව දැම්ම..
එතකොටම නාටු බැල්ලියෙක් කකුල් තුනෙන් දුවගෙන ඇවිත් මගේ කකුල් දෙක යටින් එළියට පැන ගත්ත. උගේ පස්සෙන් පුංචි කුක්කො තුන් දෙනෙක් කෑස් කෑස් ගගා දුවනව..ඊට පස්සෙන් ඇන්ටි ගඩොල් බාගයක් අරන් පන්නනව.
-"මොකෝ ඇන්ටි සීන් එක ? "
"බලන්න පුතා මේ වල් බැල්ලි පැටව් ගහලනෙ. දැං ඉතිං ඉඳල ඉවරයි. ඒ මදීවට අපේ වත්ත පුරාම ජරා කරල..කාලකණ්නි සත්තු"
-"ඇයි ඇන්ටි, කෝ ෂීබා ? ඌව ලිහල දැම්ම නම් බලු බල්ලෙන් එන්නෙ නෑනෙ"
එතකොටම ෂීබ වසවර්තිය ගේට්ටුවෙන් ඔළුව දැම්ම. අම්මප මූ නම් මැරෙන්නෙ නෑ. මමත් කෝකටත් කියල පොඩ්ඩක් ඈතට උනා. මුගෙ සයිස් එක දැක්කත් ඇති දුවන්න.
මූව දැක්ක විතරයි අර බැල්ලි ආපහු නඟුට වන වන ආව.. මූ දෙපාරයි බිරුවෙ පැටව් ටිකත් දාල දිව්ව.. ඒක දැකල අපිට හිනා..
"පුතාට ඕන නම් ඔයින් එකෙක් ගෙනියන්න. ඔය කළු එකා බල්ලෙක්. අනිත් දෙන්න්නම බැල්ලි පැටවු.. බැල්ලියො නම් වැඩක් නෑ. කළු එකා හොඳයිනේ"
-"ඒත් මුං වල් බල්ලොනෙ ඇන්ටි.. මහ වදේ එහෙම උනාම"
"බැල්ලි නම් වල් බැල්ලියෙක් තමා. ඒත් අප්පොච්චි හොඳ කුලේ"
-"ඈ.... ඒ කොහොමද ඇන්ටි ? "
"මේ අපේ ෂීබගෙ නෝටි වැඩ තමයි ඉතිං"
ඇන්ටි හිනා වෙලා ෂීබගෙ ඔලුවට තට්ටුවක් දැම්ම.. ඌ හුරතලේට ඇන්ටිගෙ අත ලෙව කෑව..
-"එහෙනම් මං මේක තියල එන්නම්කො ඇන්ටි. පැටිය ගෙනියනකොට බැල්ලි කේස් දාවිද දන්නෙ නෑනේ."
"අයියෝ පුතා, ඔයා ගිහින් පෙට්ටියකුත් අරං එන්නකෝ.. මං කළු එකාව අරං තියන්නම්"
-"හරි ඇන්ටි... තැන්ක් යූ.. මං පට ගාල එන්නම්" මං ඉක්මනටම ආපහු යන්න හිතාගෙන ගෙදර ආව..
(මං දන්නෑ මං මේකෙන් කියන්න උත්සාහ කරපු දේ තේරුණාද කියල.. ඒත් මගේ හැම කතාවක්ම මෙහෙම තමයි.මතුපිටින් තියෙන දේ නෙවෙයි.මේක මගේ මේ බ්ලොග් එකටම ලියපු කතාවක්. ඉස්සෙල්ල කතා සන්හිඳ.කොම් එකෙන් උපුටා ගනිපුව කියල සමහරු චෝදනා කරා.ඒකෙත් යසිත් මංම තමයි.නොවැළැක්විය හැකි තාක්ෂණික ගැටළුවක් නිසා සන්හිඳ නවත්වන්න සිදුවෙලා තියෙනව.ඒක නිවැරදි කරන්න හැකි උනත් නැතත් මේ බ්ලොග් එක නම් දිගටම ලියනව.ඔයාලත් දිගටම මං එක්ක ඉඳිවි කියල විස්වාස කරනවා)
ඒ ඉතින් සමාජේ හැඩගැහිලා තියෙන හැටිනේ අර කියන්නේ පහත් තැනින්ලුනේ වතුර බහින්නේත් ඒ වගේ තමයි
ReplyDeleteඒත් මං නම් ඒකට පොඩ්ඩක් වත් කැමති නෑ X(
Deleteකව්රුත් කැමති නෑ තමයි :(
Deleteතරු ටිකෙන් යට කතාව වැදුණ.. මට ඒකයි උඩ කතාවයි අතර මොකක්දෝ හුට පටයක් පේනව වගේ දැනෙනවා..:)
ReplyDeleteතරු ටිකෙන් යට තමයි සම්පූර්ණ කතාව තියෙන්නෙ. ඒක තේරුණා නම් ලොකු දෙයක් සර්කිට් මොළයක් වෙලත් :))
Deleteසමහරුන්ගෙ ජීවිත ඇතුලෙ අපිට හිතාගන්නවත් බැරි විදිහෙ අතිශය දුක්බර කතා හැංගිල තියෙනව. ඒත් එයාල සමාජයේ ජීවත් වෙන ව්දිහට අපිට හිතෙන්නෙ එයාල බොහොම සැපෙන් සතුටින් ඉන්නව කියල.
ReplyDeleteඔයා දෙවෙනියට දාල තියෙන කොටසින් මුල් කතාව තවත් අර්ථ ගැන්වෙනව කියල හිතෙනව. පලවෙනි කොටසින් කියවුන දේවල් බොහොම සියුම් විදිහට ඔයා දෙවන කොටසෙදි ඉස්මතු කරල තියෙනව.
//පුතාට ඕන නම් ඔයින් එකෙක් ගෙනියන්න. ඔය කළු එකා බල්ලෙක්. අනිත් දෙන්න්නම බැල්ලි පැටවු.. බැල්ලියො නම් වැඩක් නෑ. කළු එකා හොඳයිනේ//
//ඒත් මුං වල් බල්ලොනෙ ඇන්ටි.. මහ වදේ එහෙම උනාම//
කතාවෙන් පොඩ්ඩක් ඈත්වෙලා එදිනෙදා ජීවිතයට මේ වාක්‍ය දෙක සම්බන්ද කරල හිතුවොත් ඇත්තටම ගොඩක් අය හිතන්නෙ ඔහොම තමයි. ඒත් එහෙම හිතන එක හරිම අසාධාරණයිනෙ. ගොඩක් අය පිරිමි සත්තු ගෙදර තියාගෙන ගෑණු සත්තු ටික පාර අයිනට හරි, පංසලකට හරි ගිහින් දානව. එතකොට උන් ජීවත් වෙන්න ඕන නැත්ද??කවුද උන් ගැන හොයන්නෙ බලන්නෙ? හැමෝම හොඳ කුලයක් තියෙන සත්තු විතරක් ඇති කළොත් අනිත් සත්තුන්ට මොකද වෙන්නෙ?
(කතාවට ඍජුවම අදාළ නැති මාතෘකාවක් ගැන කතා කලාට සොරි හොඳෙ:) ඒත් මේ ටික නොකිය යන්න හිතුනෙ නෑ.)
ඉතාම සාර්ථක නිර්මාණයක් මල්ලියෝ...
ජය!
ස්තූතියි අක්කි! මට ඕන කියන්න ඕන උන දේ දැනිල තියෙනව එහෙනම්...
Deleteනියම කතාව බන්..අද ඔය ක්ශේස්ත්‍රයේ කියෙව්ව දෙවෙනි එක
ReplyDeleteදුකයි
අනිත් කතාවේ ලින්ක් එකත් දැම්මා නම් හොඳ නැද්ද ඉසුරු ?
Deleteදුකයි ඒ තත්වෙන් හිතුවොත්. ඒත් ඔහොම කෙනෙක් අපි පාරකදි දැක්කොත් හිතන්නෙ ඒ විදියට නෙවෙයි නේද ? :-q
Deleteගොඩක් වෙලාවට ඔහොම කෙනෙක් බිහි වෙන්නේ කාගේ නමුත් වැරැද්දකින්. එක්කෝ තමන් ආදරේ කරපු පිරිමියාගෙන් අනාථ වෙලා පස්සේ දෙතුන් දෙකෙන්ගේ ඒ ගෑල්ලමයා සල්ලං උනාට පස්සේ ඔහොම කෙනෙක් වෙනවා.
ReplyDeleteඑහෙමත් නැත්තං මේ කතාවේ වගේ නෑදෑ කෙනෙක්ගෙන් සල්ලං වෙලා මේ තත්වයට පත් වෙනවා.
දරුවෙක්ට තමන්ගේ දෙමව්පියන් තරම් ආදරෙන් රැකබලා ගන්න පුලුවන් වෙන කවුරුත් නෑ.
හිතට වදින්නම කතාව ලියලා.
ස්තූතියි යාළුවා!
Deleteපිරිමි උනත් කැමති නෑනේ තමන් අකමැති අප්‍රසන්න ගෑණියෙක් එක්ක නිදා ගන්න. ඒත් මේ වගේ අයට සිද්ධ වෙනව සල්ලි වෙනුවෙන් ඒ දේවල් කරන්න... මේත් මිනිස්සු. මේ අයටත් හීන තියෙනව ලස්සන ජීවිතේකට. ඒත් සමාජයෙ වරදින්මයි කෙල්ලෙක් මේ තත්වෙට පත් වෙන්නෙ. අන්තිමට සමාජය විසින්ම මේ අයව පිළිකුල් කරනව.
හ්ම්ම්.... පළවෙනි කොටස නම් කියෙව්වේ නැහැ.. හැබැයි මේ කතාව නම් ඇත්ත සිද්ධියක් වගේ මැවිලා ඇස් දෙකට කඳුළු ඉනුවා...
ReplyDeleteඅනිව.. කෙල්ලෙක් විදියට ඒක දැනෙන්නම ඕන. ඒත් සමහර ගෑණු අයමයි අනිත් ගෑණු අය විනාසෙට ඇදල දාන්නෙ..
Deleteස්තූතියි අනූ අක්කි ආවට!
Sartaka nirmanayak machan.loke api hitana taran sundara ne ..namin kawrut minissu tamai.et action eken....hm,mewa wenas karanna wennet apita tamai ban.
ReplyDeleteඅපි උත්සහ කරමු :/
Deleteයසිත් අයිය නියම වැඩක් ආ... දිගටම ලියන්න. ආයෙත් එනව..
ReplyDeleteස්තූතියි ආ... ! :)
Delete