Skip to main content

අවිනිශ්චිත හෙට දිනක් වෙනුවෙන් සුභ පැතුම් !

කාලෙකට කලින් අඟුළු දාපු කවුළුව දිහා මං ඔහේ බලං හිටියා. මේක අපහු ඇරල බලන්න තදින්ම ඕන උනත් අතීතයේ උන දේවල් මතක නිසා ආපහු බය හිතුනා.
මං අපිළිවෙලට බඩු විසිරුණ කාමරේ දිහා ආපහු බැළුවා. හැම තැනම අපිලිවෙලයි.ගිය පාර මේ කවුළුවෙන් ඇතුලට ආපු දරුණු කුණාටුව මේ හැමදේම විනාස කරල අවුල් කරල මේ කවුළුවෙන්ම ආපහු ගියා. ඒ ගැන හිතද්දිත් ඇඟ කිලිපොලා යනවා.

ඕන දෙයක් උනාවෙ. මට බෑ තවත් කොටු වෙලා ඉන්න. මට බලන්න ඕන මේ කවුළුවෙන් එපිට ලෝකයේ ලස්සන. අඳුරට හුරු වෙච්ච මගේ ඇස් ආසයි එපිට ආලෝකය දැක ගන්න. ඔව් මං බලනවා..

මං හෙමින් කවුළුවේ අඟුල ඇරියා. කාලෙකින් පාවිච්චි නොවුණු නිසා මලාණික හඬකින් කවුළුව ඇරුණා.. අඳුරේ ඉඳපු මගේ ඇස් ඒ ආලෝකයට හුරු වෙන්න ටික වෙලාවක් ගත උනා..

එතකොටම බාගෙව විවෘත උන කවුළුවෙන් හීන් හුළං පොඳක් කාමරේ ඇතුලට ආවා. මං බය උනා. ආයෙමත් කුණාටුවක්ද ?

ඒත් එහෙම උනේ නෑ.. ඒ හීන් සුළං රැල්ල මං වටේ දැවටිලා කාමරේ වටේටම හැමුවා.. අපිලිවෙලට විසිරිලා තිබුණ හැම දේම ආපහු පිළිවෙලට හැදුණා. ඔව් ඒ සුළං රැල්ල ඒ හැමදේම පිළිවෙලකට හැදුවා. ඊට පස්සෙ මාව සීතලෙන් වෙලා ගත්තා..

මං කවුළුව වැහුවා. ඉස්සර වගේම.. ඒත් තවත් කුණාටුවකට බයේ නෙවෙයි. මේ සුළං රැල්ල පිටවෙයි කියන බයට.....





අවිනිශ්චිත හෙට දිනක් වෙනුවෙන් ඇඟිළි ගණින ඔබටත් මටත් ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටමත් මනුස්සකම රජයන, ආත්මාර්ථයෙන් තොර වූ බලාපොරොත්තු ඉටුවන සෞභාග්‍යමත් නව වසරක් වේවා!

Comments

  1. :-bd උබටත් සුබම සුබ නව වසරක් වේවා (රහසින්. අර ඩැඩේ ගොඩයන්න කියල ප්‍රාර්ථනා කරනව.. තව blog එක හොදට කරන්නත්..

    සුදේශ්..

    ReplyDelete
    Replies
    1. X( මං උඹට හෙට ආවම කියන්නම්කෝ

      Delete
  2. මල්ලිටත් වාසනාවන්ත නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කි! අක්කටත් එසේම වේවා!

      Delete
  3. Replies
    1. අක්කටත් එසේම වේවා ! :D

      Delete
  4. මල්ලිටත් සුභම සුභ නව වසරක් වේවා....!!

    ReplyDelete
    Replies
    1. සමනළීටත් එසේම වේවා! :)

      Delete
  5. අවිනිස්චිත හෙට දින නිස්චිතව සමදෙනාගේම සිතුම් පැතුම් ඉටුවෙන නව වසරක් වේවායි කියා සුභ පතනවා!
    නමුත් දෙවියන්ට කියා පාරේ නිදියැව්වාට හරියන්නේ නෑ. අපි උත්සාහ කරමු.

    ReplyDelete
  6. පෝස්ටුව අස්සෙන් සොඳුරු සිත්තමක සේයාවක් වගේ එකක් දැක්ක.. ;)
    සුබ නව වසරක් වේවා යසිත්..!!

    ReplyDelete
    Replies
    1. අඩේ චන්දන අයියට මාර ඉවක්නේ තියෙන්නේ :D වෙන කාටවත් ඕක හිතුනෙ නෑ

      Delete
  7. යසිත් මලයටත් 2013 අවුරුද්ද වාසනාවන්ත,සුබම සුබ,කිරි ඉතිරෙන වසරක් වේවා!

    ReplyDelete
  8. සියලු පැතුමන් මේ නව වසරේ ඉටුවේවා....

    ReplyDelete
    Replies
    1. බැරි වෙයි අෆ්ෆා...
      1.හොඳ ජොබක් (මගේම පුංචි ආයතනයක්)
      2.පුංචි ගෙයක් සමඟ පවුලේ වාහනයක්
      3.වාහනේ ඉස්සරහින් තියන් යන්න ගෑල්ලමයෙක්
      =)) =)) =)) =)) =)) =)) =)) =)) =))

      Delete
    2. වාහනේ ඉස්සරහින් කියුවේ, බොනට් එකේ..!

      Delete
  9. සුබ නව වසරක් ඔබටත් :)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා !

      Delete
  10. සුභම සුභ නව වසරක් වේවා! :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මේ අවුරුද්දෙවත් ඔය කියාගන්න බෑ කියන දේ කියාගන්න ලැබේවා.. :P

      Delete
  11. මලයෝ ඔබට සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි :) සාදරයෙන් පිළි ගන්නවා!

      Delete
  12. මේ ලබපු නව වසරේ පවුල් පන්සල් වෙලා... වෑඩි වෑඩිවෙන් දරු මල්ලන් ලෑබේවා කියල ප්‍රාර්තනා කරනෝ.....

    ReplyDelete
    Replies
    1. හපොයි දෙයියනේ :( මේ හයක් හතරක් නොදන්න කිරි සප්පයට කියන දේවල්. :P

      Delete
  13. සුභ නව වසරක් මලේ!ඔයාගෙ ඔය හුලං රැල්ල කමරේම තියගන්න ඕනෙ හෙල්ප්1ක් මේ සුරංගනාවිගෙනුත් ලැබෙනව.කීප් ඉට් අප් කොලුවො

    ReplyDelete
  14. සුබ නව වසරක් වේවා ඔයාට. හප්පේ සද්දේ ඇහෙනකොට මං බය උනා ජනේලේ ඇරිලද කියලා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කි.. :D

      Delete
  15. හුලං රැල්ලට ඔයා එක්ක කාමරේ ඉන්න බැරිය කියලා හිතුනොත් හුටා තමයි! :-)

    අලුත් අවුරුද්ද බුද්ධිමත් අවුරුද්දක් වේවා! (මගේ බ්ලොත් එකේ අලුත් අවුරුදු පණිවිඩේ කියෙව්වොත් තේරෙයි මොකක්ද ඒ හරුපේ කියලා :-) )
    2013 අවුරුද්ද අද දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්න්ට උනා වගේ "එළකිරි" අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. :D මං ඒක බැළුවා.. පට්ටයි ඈ...

      Delete
  16. අලුත් අවුරුද්ද්දට සුබ පතන්න අමතක වෙලානේ සුබ අලුත් අවුරුද්ද්දක් ...

    ReplyDelete
  17. සුබ නව වසරක් වේවා යසිත්..!!

    :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කි :)

      Delete

Post a Comment

◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net

You May Like Also,

පන්සිය පණස් ජාතක පොත

මේක දෙන්නෙ හිටියෙ මීට ගොඩ දවසකට කලින් උනත් විවිධ හේතු නිසා අතපසු උනා.. අද පෝය දවසෙ කොහොම හරි දානව කියල හිතා ගත්තා... පන්සිය පණස් ජාතකය, ඔව් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම 550 ක , උන්වහන්සේ විසින් දේශණා කරපු ජාතක කතා මේකෙ ඇතුලත්.. අපි සාමාන්‍යයෙන් දන්න විදියට පන්සිය පණස් ජාතකය කිව්වට දැනට නිකුත් වී තියෙන ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නෙ ජාතක කථාංග 447 හෝ 446.. අනිත් 3 හෝ 4 ගැන සඳහනක් නෑ.. නමුත් මේ විද්‍යූත් ලේඛන පිටපතේ ජාතක කථාංග 550 ම ඇතුළත්.. අවසන් කථාංග 4 බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් කටවහරෙන් පැවතෙන ජාතක කථාංග ඇතුලත් කරල තියෙනවා.. මට මේක හම්බ උනේ වෙන වෙනම කොටස් විදියට. මං සියල්ල එකතු කරල තනි PDF file එකකට merge කරා... අවශ්‍ය තැන් bookmark කරන් කියවන්න පුළුවන්නෙ... 19.9 MB  ඔබගේ පරිගණකයේ මෙහෙයුම් මෘදුකාංගය Windows XP හෝ Windows 7 නම්, PDF file reader එකක් නැතිනම් මෙතනින් adobe reader එක අරගන්න..

බ්ලොග් එකේ Navigation Bar එක අයින් කරමුද ?

අපි බ්ලොගර් වලින් බ්ලොග් එකක් හැදුවම මෙන්න මෙහෙම බ්ලොග් එකට උඩින් Navigation Bar එකක් වැටෙනවනෙ. කැතයි වගේ නේද ? එහෙනම් ඉතින් අයින් කරමු. මේක අයින් කරාම බ්ලොග් එකේ SEO වඩා හොඳින් වෙනව කියල  digitalpoint forum එකේ තිබුන. නමුත් ඒ ගැන නම් මං හරියට කියන්න දන්නෑ. මෙන්න මෙහෙමයි වැඩේ , ඔයා පැරණි blogger interface එක නම් පාවිච්චි කරන්නෙ, Dashboard  >> Design >> Edit HTML වෙත යන්න. අළුත් blogger interface එකේ නම් කෙලින්ම Template කියල තියෙනව. දැන් මේක කරන්න කලින් full template එකම download කරන් ඉන්න. නැත්නම් වරද්දගෙන මට බනින්න එප. (වරදින්න දේකුත් නෑ හැබැයි ) දැන් අළුත් blogger interface එකේ අයත් තමන්ගෙ දැනට active template එකේ Edti HTML වෙත යන්න. දැන් මෙහෙම පණිවිඩයක් ආවනෙ. එතන Proceed ක්ලික් කරන්න.  දැන් ඔයාගෙ template එකේ HTML කෝඩ් තියෙනව පෙනෙයි. දැන් මේ පහත රූපෙ විදියට variable definitions කියන තැන හොයා ගන්න. අමාරු නම් Ctrl + F ගහල හොයා ගන්නකො.  දැන් ඔන්න ඔය කෝඩ් එකෙන් උඩට, ඒ කියන්නෙ *variable definitions තැනයි උඩ කඩ ඉරි පේලියයි අතරට මෙන්න මේ පුංචි කෝඩ් එ

පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?

හනී බනී වෙන් වෙලා දැන් මාස 8ක් විතර ඇති. ගොඩක් දෙනා අහන දෙයක් තමයි එච්චර  ආදරේ කරා නම් කොහොමද දැන් ගානක් නැතුව ඉන්නෙ කියන එක. ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගෙ මිත්‍රයෙක්ගෙ wife ළඟදි Cancer එකකින් නැති උනා. පෞද්ගලිකවම මං දන්න දෙයක් තමයි ඒ දෙන්න අතරෙ පුදුම ආදරයක් තිබුනෙ. එයාලගෙ විවාහ ජීවිතේට අවුරුදු 19කටත් වැඩියි. ඒත් මළ ගෙදරදි, ආදාහන කටයුතු කරද්දිවත් ඒ අංකල් පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ. කිසිම දුකක් පේන්න තිබුනෙත් නෑ. හිස් බැල්මෙන් බලාගෙන හිටිය විතරයි. කටයුතු ඉවර වෙලා අපි ආපහු යනකොට ඒ මනුස්සය කිව්ව හරි අපූරු කතාවක්, "නෝන නැති උනාට මට දුකක් නෑ.. ඒත් එයා නැති පාළුව මගේ ජීවිත කාලෙම තියේවි. පහුගිය අවුරුදු 19ටම එයා මටත්, මගෙන් එයාටත් වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරා. අපි දෙන්න දෙන්නටම ණය නෑ.." එච්චරයි.. මමත් කාටවත් ණය නෑ.. ඒත් අද (ඔක්තෝම්බර් 30) තමන්ගෙ 20 වෙනි උපන් දිනේ සමරන හනී බනීගෙ සියළු කටයුතු, අනාගතේ, බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම ඇයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි (සම්මතයට අනුව) යාළු වෙන්නෙ/ ආදරේ කරන්නෙ/සම්බන්ධයක් ඇති කර ගන්නෙ ?? කෙල්ලන්ගෙ පැත්ත