Skip to main content

නත්තල් සීයා

පොඩි එකා බෙල්ල උස්සල වටපිට බැළුවා.. වට පිට හරිම කලබලයි. වාහන වේගෙන් යනවා. ඊට වඩා වේගෙන් මිනිස්සු යනවා. ඊටත් වඩා වේගෙන් කාලය යනවා. පොඩි එකාට මේව වැදගත් නෑ. හරි බරි ගැහිල වාඩි වෙලා හිටපු තැනින් නැඟිටල වටේ පිටේ නත්තලට සරසපු සැරසිලි දිහා ඇස් දෙකත් ලොකු කරන් බැළුවා.. හැමෝම සතුටින්..

පොඩි එකා තමන්ගෙ කෙලින්ම තිබුණ රතුපාට ගාපු පාට පාට සැරසිලි දාපු මාළිගාව දිහා බැළුවා. හරිම ලස්සනයි.. තමන් වගේම පොඩි උන් තමන්ගෙ අම්මල තාත්තල එක්ක හිනා වෙවී ඒක ඇතුලට යනවා. එයාල ආපහු එන්නෙ තෑගි ගොඩාක් පිරුණු පාර්සල් අරං. හරිම ලස්සන පාට පාට ඇඳුම් ඇඳගෙන.. පොඩි එකා ඒ දිහා බලන් හිටියා. වීදුරුවට අව්ව වැටිල පරාවර්තනේ වෙලා පොඩි එකාගෙ ඇස් රිදෙනවා. ඒත් ඒ අතරින් පොඩි එකා තමන් බලපොරොත්තු උන ඒ කෙනාව දැක්කා..

නත්තල් සීයා.. ඔව් ඒ එයා තමයි. ලස්ස්න දිග රැවුලක්. රතුපාට කබාය. හිනාව පිරුණු මුහුණ. මාළිඟාව ඇතුලට යන පොඩි උන්ට තෑගි බෙදනවා. ටොපි, චොකලට්, පුංචි පුංචි සෙල්ලම් බඩු..

"නත්තල් සීයට ඕනම දෙයක් දෙන්න පුළුවන්ලු. හ්ම්ම්ම්ම්.. මං මොනවද ඉල්ලන්නේ.. බයිසිකලයක්.. නෑ නෑ ලස්සන කාර් එකක්...... හ්ම්ම්ම්ම්ම්.. එපා එපා.. මං මගේ නංඟි පැටියව ඉල්ලන්න ඕන. අම්ම කිව්වෙ එයා දැං දිවිය ලෝකෙ කියලනෙ. මං නත්තල් සීයට කියල එයාව ගෙන්න ගන්නවා. එතකොට මට ඕන තරම් සෙල්ලම් කරන්න පුළුවන්."

පොඩි එකා තනියම හිතුවා.. දුකින් වේදනාවෙන් පදම් උන පොඩි එකාගෙ මූණට කාලෙකට පස්සෙ ලස්සන හිනාවක් ආව. පොඩි එකා හිටගෙන තමන්ගෙ වැරහැලි උන එකම ජංගි කොටේ අත් දෙකින්ම උස්සගෙන නත්තල් සීයා ගාවට දිව්වා.. නත්තල් සීයා මාලිඟාව ඇතුලෙ ඉන්නෙ. පොඩි එකාට වැඩි දුරක් යන්න ලැබුනෙ නෑ. මාළිඟාවෙ නපුරු මුරකාරයා පොඩි එකාව අල්ල ගත්තා..

"කොහෙද තමුසෙ දුවන්නෙ.. පලයං පලයං එළියට.. දුවපං ගුටි නොකා" මුරකාරයා රකුසු කරගත් මුහුනෙන් කිව්වා.. පොඩි එකා හොඳටම බය උනා.. ඒත් ඒ අතරින් ආපහු නත්තල් සීයගෙ හිනාවෙන මුහුණ පෙනුනා.. පොඩි එකා මුරකාරයගෙ කකුල් දෙක අස්සෙන් වේගයෙන් බඩ ගාගෙන ඇතුලට දිව්වා. නත්තල් සීය දැං පොඩ් එකා ඉස්සරහ.. පොඩි එකා ආසාවෙන් බලං හිටියා.

එතකොටම තමන්ගෙ බෙල්ල අඬුවකට හිර උනා වගේ පොඩි එකාට දැනුනා. හුස්ම ගන්නත් අමාරුයි.. ඒ අර නපුරු මුරකාරයා.. එයා ආපහු ඇවිත් පොඩි එකාගෙ බෙල්ලෙන් ඇඳන් ගියා.. පොඩි එකා නිදහස් වෙලා ආපහු නත්තල් සීයා ගාවට දුවන්න හැදුවත් ඒක හිතන්නවත් බැරි උනා..
නපුරු මුරකාරයා පොඩි එකාව බෙල්ලෙන් ඇඳන් ගිහින් එළියට තල්ලු කරා. වාරු නැති උන පොඩි එකා එතන තිබුණ කූණු කාණුවට වැටුණා.. නත්තල් සීයගෙන් තෑගි ගනිපු අනිත් ළමයි හැමෝම එළියට ඇවිත් හිනා උනා. එයාලට ඒක හරිම විනෝදජනක දෙයක්..

පොඩි එකා අමාරුවෙන් කාණුවෙ බැම්ම උඩින් වාඩි උනා.. තාමත් නත්තල් සීයා Supermarket එක ඇතුලෙ ඉඳන් ඇතුලට එන පොඩි උන්ට තෑගි බෙදනවා.. පොඩි එකා හිස් බැල්මෙන් ඒ දිහා බලන් හිටියා..........

Comments

  1. හ්ම්... ඕව ඔහොම තමයි බං.. අපිට මේව වෙනස් කරන්න බෑ..
    බලබල දුක්වෙන එක ඇරෙන්න..
    (ඒක තමයි මං කියපු ලොකුම බොරුව)
    අපි කවුරුත් මේ ගැන දුක්වෙන්නෑ.. එහෙමයි කියල පෙන්නනවා..
    ඇත්තටම දුක්වෙනවනම් ලංකාවෙ යාචකයො නැතිවෙන්න එපැයි..

    ReplyDelete
    Replies
    1. // අපිට මේව වෙනස් කරන්න බෑ //

      එකඟ නොවෙමි :-w

      Delete
  2. දුක ගැන දන්නේ ඒ දුක විඳින අය. පිට ඉදන් ඒ දිහා බලන කාටවත් ඒක තේරෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒක ඇත්ත. අපි කොච්චර කිව්වත් ඒ අපිට ඒ දුක දැනෙන නිසා නෙවෙයි දකින නිසා :-/

      Delete
  3. මේ ලෝකේ ස්වභාවය මෙහෙම තමා මලයා. අපේ හිත්වල දුකක් ඇති වුණත් මේ ක්‍රමය වෙනස් කරන්න හැකිවෙයිද අපට.

    ReplyDelete
    Replies
    1. බෑ.. ලෝකෙ වෙනස් කරන්න බෑ :( ඒත් අපිට වෙනස් වෙන්න පුළුවන් :)

      Delete
  4. හරිම සංවේදී කතාවක්..

    ReplyDelete
  5. මම දන්නේ නෑ බං.. මම නම් සිරාවට දුක් වෙනවා..
    පුළුවන් හැටියට කරන්න පුළුවන් දෙයක් කරනවා.
    හැබැයි අපි හිතන දේට වඩා වෙනස් බං සමහර වෙලාවට..
    මම දැක්කා මේ ළඟදී බැංකු පොතේ ලක්ෂ 20ක් තියාගෙන හිඟා කාපු එකෙක් අහු වෙලා තිබ්බා...

    ReplyDelete
    Replies
    1. ඔව් අෆ්ෆා.. සමහර හිඟන්නොන්ගෙ වැඩ නිසා ඇත්තටම අහිංසක උන්ටත් දෙන්න හිතෙන්නෙ නෑ

      Delete
  6. Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්.... :(

      Delete
  7. ඒ කියන්නේ දෑන් නත්තල් සීයත් සල්ලි තියන මිනිසුන්ට විතරයි ....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්... නත්තල් සීයටත් පඩි ගෙවනවනේ :D

      Delete
  8. නත්තල් සීයා පවා වෙනස් වෙලා දැන්.

    ReplyDelete
    Replies
    1. නෑ... මිනිස්සු වෙනස් වෙලා :((

      Delete
  9. හැමදේම සල්ලි වලට යට වෙලා ඉවරයි....

    ReplyDelete
  10. ඔහොම දේවල් සැබෑවටම සිද්ධ වෙනවා ඕන තරම්. අසරණයින් පෙලීම ඉස්සරත් තිබුන. හෙටත් තියෙයි. අපිට සුළුවෙන් හෝ යමක් කරන්න පුළුවන් නම් ඒකයි වටින්නේ. ඒත් දැන් නම් සැබෑ අසරණයින් කවුද කියන එක හඳුනා ගන්න අමාරුයි.
    මේ කතාව යසිත් හොඳට ලියල තියනවා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. අපි හැමෝම කියනව විතරයි.. කවුරුවත්ම ක්‍රියාත්මක වෙන්නෙ නෑ..

      Delete
  11. ලෝකේ හැටි බං ලෝකේ හැටි...

    ReplyDelete
    Replies
    1. වෙනස් කරන්න බැරි වෙයිද ? :(

      Delete
  12. කතාව කියෙව්වම නීලා වික්‍රමසිංහ මහත්මියගෙ රෝද දෙකේ මාළිගාව පොළට ඇවිල්ලා කියන සිංදුවත් මතක් උනා. සතුට කියන දේ දුප්පත් පෝසත් හැමෝටම අයිති දෙයක්. ඒත් හැමදේම සල්ලි වලින් මනින සමාජයක සතුටත් ඒ මතම යැපෙන තත්වෙකට ඇවිත් :(

    ReplyDelete
    Replies
    1. ඒත් දුප්පත් මිනිස්සු ගාවත් සතුට තියෙනවා. ඒ මිනිස්සු දුක අතරින් සතුටු වෙන අවස්ථා තියෙනව ඕන තරම් :)

      Delete
  13. නත්තල් සීයත් වෙනස් වෙලා වගේ....
    යසිත් ඔයාගේ මේ සයිඩ් බාර් එකේ තියෙන multi tab widget එක නම් නියමයි...
    කොහෙන්ද දාගත්තේ..කරදරයක් නැත්නම් මට ලින්ක් එක දාන්න පුලුවන්ද? ...මමත් එකක් කලින් දාගෙන හිටිය ... නමුත් ඒක ලෙඩ දුන්නා ඒ නිසා ගලවල දැම්ම ..

    ReplyDelete
    Replies
    1. මේක නම් තීම් එකටමයි ආවෙ. පොඩි වෙනස්කම් ටිකක් කරා.. මං එකක් හොයල දාන්නම් යාලු :D

      Delete
  14. නත්තල් සීය ගාවට ගියත් පොඩි එකාට ඔච්චර තමයි ලැබෙන්නෙ.ලස්සන පොස්ට් එකක්.
    සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්න මං සුභපතල පෝස්ට් එකක් දානකම්. :D පොඩ්ඩිට හදිස්සියනේ

      Delete
    2. මං ඒකට කමෙන්ට් කරන්නෑ හලෝ.දැන් සුබපතල ඉවරයි..:D

      Delete
    3. X( පොඩ්ඩී X( X(

      Delete
    4. අර මොකෝ මට නෙවෙයිද පොඩ්ඩි කිව්වෙ ඈ...?

      Delete
    5. ඔයාට තමයි... බ්ලොග් ලියන මං අදූරන පොඩිම කෙනා ඔයා :P

      Delete
  15. කතාවනම් ඇත්ත. එත් අපිට ලංකාවේ යාචකයෝ නැති කරන්දනම් බැරිවෙයි. එකත් දැන් එක්තරා ව්‍යාපාරයක් වෙලයි තියෙන්නේ ලංකාවේ යාචකයෝ ගැන හොඳ ලිපියකුත් සති අන්ත පත්තරේක තිබ්බ මම දැක්ක..

    ReplyDelete
    Replies
    1. ඔව් අර ලක්ෂපති හිඟන්නා නේද ? :D ඒ උනාට පොර අසාධාරනෙන් නෙවෙයි එකතු කරල තියෙන්නේ. හිඟා කාපු හැම සතේම එකතු කරලා..

      Delete

Post a Comment

◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net

You May Like Also,

පන්සිය පණස් ජාතක පොත

මේක දෙන්නෙ හිටියෙ මීට ගොඩ දවසකට කලින් උනත් විවිධ හේතු නිසා අතපසු උනා.. අද පෝය දවසෙ කොහොම හරි දානව කියල හිතා ගත්තා... පන්සිය පණස් ජාතකය, ඔව් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම 550 ක , උන්වහන්සේ විසින් දේශණා කරපු ජාතක කතා මේකෙ ඇතුලත්.. අපි සාමාන්‍යයෙන් දන්න විදියට පන්සිය පණස් ජාතකය කිව්වට දැනට නිකුත් වී තියෙන ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නෙ ජාතක කථාංග 447 හෝ 446.. අනිත් 3 හෝ 4 ගැන සඳහනක් නෑ.. නමුත් මේ විද්‍යූත් ලේඛන පිටපතේ ජාතක කථාංග 550 ම ඇතුළත්.. අවසන් කථාංග 4 බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් කටවහරෙන් පැවතෙන ජාතක කථාංග ඇතුලත් කරල තියෙනවා.. මට මේක හම්බ උනේ වෙන වෙනම කොටස් විදියට. මං සියල්ල එකතු කරල තනි PDF file එකකට merge කරා... අවශ්‍ය තැන් bookmark කරන් කියවන්න පුළුවන්නෙ... 19.9 MB  ඔබගේ පරිගණකයේ මෙහෙයුම් මෘදුකාංගය Windows XP හෝ Windows 7 නම්, PDF file reader එකක් නැතිනම් මෙතනින් adobe reader එක අරගන්න..

බ්ලොග් එකේ Navigation Bar එක අයින් කරමුද ?

අපි බ්ලොගර් වලින් බ්ලොග් එකක් හැදුවම මෙන්න මෙහෙම බ්ලොග් එකට උඩින් Navigation Bar එකක් වැටෙනවනෙ. කැතයි වගේ නේද ? එහෙනම් ඉතින් අයින් කරමු. මේක අයින් කරාම බ්ලොග් එකේ SEO වඩා හොඳින් වෙනව කියල  digitalpoint forum එකේ තිබුන. නමුත් ඒ ගැන නම් මං හරියට කියන්න දන්නෑ. මෙන්න මෙහෙමයි වැඩේ , ඔයා පැරණි blogger interface එක නම් පාවිච්චි කරන්නෙ, Dashboard  >> Design >> Edit HTML වෙත යන්න. අළුත් blogger interface එකේ නම් කෙලින්ම Template කියල තියෙනව. දැන් මේක කරන්න කලින් full template එකම download කරන් ඉන්න. නැත්නම් වරද්දගෙන මට බනින්න එප. (වරදින්න දේකුත් නෑ හැබැයි ) දැන් අළුත් blogger interface එකේ අයත් තමන්ගෙ දැනට active template එකේ Edti HTML වෙත යන්න. දැන් මෙහෙම පණිවිඩයක් ආවනෙ. එතන Proceed ක්ලික් කරන්න.  දැන් ඔයාගෙ template එකේ HTML කෝඩ් තියෙනව පෙනෙයි. දැන් මේ පහත රූපෙ විදියට variable definitions කියන තැන හොයා ගන්න. අමාරු නම් Ctrl + F ගහල හොයා ගන්නකො.  දැන් ඔන්න ඔය කෝඩ් එකෙන් උඩට, ඒ කියන්නෙ *variable definitions තැනයි උඩ කඩ ඉරි පේලියයි අතරට මෙන්න මේ පුංචි කෝඩ් එ

පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?

හනී බනී වෙන් වෙලා දැන් මාස 8ක් විතර ඇති. ගොඩක් දෙනා අහන දෙයක් තමයි එච්චර  ආදරේ කරා නම් කොහොමද දැන් ගානක් නැතුව ඉන්නෙ කියන එක. ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගෙ මිත්‍රයෙක්ගෙ wife ළඟදි Cancer එකකින් නැති උනා. පෞද්ගලිකවම මං දන්න දෙයක් තමයි ඒ දෙන්න අතරෙ පුදුම ආදරයක් තිබුනෙ. එයාලගෙ විවාහ ජීවිතේට අවුරුදු 19කටත් වැඩියි. ඒත් මළ ගෙදරදි, ආදාහන කටයුතු කරද්දිවත් ඒ අංකල් පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ. කිසිම දුකක් පේන්න තිබුනෙත් නෑ. හිස් බැල්මෙන් බලාගෙන හිටිය විතරයි. කටයුතු ඉවර වෙලා අපි ආපහු යනකොට ඒ මනුස්සය කිව්ව හරි අපූරු කතාවක්, "නෝන නැති උනාට මට දුකක් නෑ.. ඒත් එයා නැති පාළුව මගේ ජීවිත කාලෙම තියේවි. පහුගිය අවුරුදු 19ටම එයා මටත්, මගෙන් එයාටත් වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරා. අපි දෙන්න දෙන්නටම ණය නෑ.." එච්චරයි.. මමත් කාටවත් ණය නෑ.. ඒත් අද (ඔක්තෝම්බර් 30) තමන්ගෙ 20 වෙනි උපන් දිනේ සමරන හනී බනීගෙ සියළු කටයුතු, අනාගතේ, බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම ඇයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි (සම්මතයට අනුව) යාළු වෙන්නෙ/ ආදරේ කරන්නෙ/සම්බන්ධයක් ඇති කර ගන්නෙ ?? කෙල්ලන්ගෙ පැත්ත