Skip to main content

Blogger Comment හැඩ කරමු

blogger වලට බැස්සට පස්සෙ තමයි මමත් මේකෙ වැඩ කෑලි ගැන හොයන්න පටන් ගත්තෙ. මේ කියන්න යන්නෙ අපේ බ්ලොගර් කමෙන්ට් හැඩ කරන විදියක් ගැන. මං සාමන්‍යයෙන් බ්ලොග් එකට external එකතු කරන widget , designs වලට කැමති නෑ. මං දැකපු දේ තමයි ගොඩක් ගෑණු ළමයි තමන්ගෙ බ්ලොග් එකේ බෝනික්කො, හාවෙ, වලස්සු, මාළු එල්ලන් ඉන්නව. හරියට ඉස්කෝලෙ කාලෙ පැන්සල් පෙට්ටිය වගේ. මට ඒකට මුකුත් කියන්න බෑ. එයාලගෙ බ්ලොග් එක, එයාලගෙ කැමැත්ත. ඒත් ඒවයින් සයිට් එකේ බර වැඩි වෙනව. ඒක කියවන්න එන අයට කරදරයක්..

මං ආවෙ ඒක ගැන කියන්න නෙවෙයි. බ්ලොග් එකේ කොමෙන්ට් CSS වලින් හැඩ කර ගන්න ක්‍රමයක් ගැන. මගේ බ්ලොග් එකෙ කොමෙන්ට් වෙනස් කරල තියෙන්නෙත් CSS වලින්. මේක ඊටත් වඩා ලස්සනයි.
මෙතනින් බලන්නකෝ කොමෙන්ට් ස්ටයිල් එක.

මේවයින් නම් බ්ලොග් එකේ ස්පීඩ් එකට කිසිම හානියක් වෙන්නෙ නෑ. එහෙම පාඩුවක් වෙන දෙයක් මං දාන්නෙත් නෑ. එහෙනම් කරල බලමුකෝ. හැමෝටම තේරෙන විදියට දාන්නම්.

  • මුලින්ම blogger Dashboard එකේ Template තෝරන්න.
  • ඊට පස්සෙ දැනට Live on blog කියල තියෙන ටෙම්ප්ලේට් එකේ customize තෝරන්න.
  • ඊට පස්සෙ Advanced තෝරන්න. ඒ යටතේ ආපු ඒවයින් අන්තිමට තියෙන Add CSS තෝරන්න.

  •  දැන් ලැබුණ සුදු පාට කොටුවේ මේ පහතින් දාල තියෙන CSS Code එක Copy-Paste කර ගන්න.(Ctrl+A ක්ලික් කරල සම්පූර්ණ කෝඩ් එක සිලෙක්ට් කරන්න)


  • දැං Apply ti Blog ක්ලික් කරන්න.

දැං ඉතිං බ්ලොග් එකට ගිහින් බලන්නකෝ ලස්සනයිද කියල. ඕක එපා නම් ආපහු ඔතෙන්ටම ඇවිත් ඔය කෝඩ් එක මකල Apply කරාම ආපහු ඉස්සර විදියටම ඒවි..

Comments

  1. මේක නම් නියමයි යසිත්. කොමෙන්ට් ෆොන්ට් සයිස් වෙනස් කරන්න බැරිද ?

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ කෝඩ් එක අතෙන්ටම දාල බලන්න. ඒත් පොඩි නම් 110% කියන එකට වැඩි අගයක් දෙන්න.
      ___________________________________________________________

      .blog-entry-comments-body {
      font-size: 110% !important;
      }

      ____________________________________________________________

      Delete
  2. ශා මරු නේ. කමෙන්ට් කිරිල්ලත් ලස්සන වෙලා එහෙනං !

    ReplyDelete
    Replies
    1. ලස්සනටත් වැඩිය මං කැමති පිළිවෙලට... එක ගොඩේ තිබුනම කැතයිනේ :D

      Delete
  3. නියමයි මලයා මාත් කළා ඒත් වැඩ නැ වගේ පොඩ්ඩක් බලන්න මගේ පැත්තට ඇවිත්.ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. :(( නෑනේ.. මොකක් හරි අවුලක් වගේ... සම්පූර්ණ කෝඩ් එකම කොපි උනාද ?

      Delete
  4. මේක නම් හොඳයි මචං.. කමෙන්ට් අතර ඉඩ අඩු කරන්න ක්‍රමයක් මං හොයා හොයා හිටියේ. බලමු දාලා..

    ReplyDelete
  5. හ්ම්ම්ම් පංකාදු වැඩක් නිවාඩු පාඩුවේ ට්‍රයි එකක් දෙන්න ඕනේ බලන්න. ඔන්න මම බුක්මාර්ක් කරගත්තා වැඩේ.

    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. නිවාඩු පාඩු වෙලාවට ආයිමත් මේ පැත්තෙ ඇවිදන් යන්නකො එහෙනම් \m/

      Delete
  6. //ගොඩක් ගෑණු ළමයි තමන්ගෙ බ්ලොග් එකේ බෝනික්කො, හාවෙ, වලස්සු, මාළු එල්ලන් ඉන්නව. හරියට ඉස්කෝලෙ කාලෙ පැන්සල් පෙට්ටිය වගේ.// ලැජ්ජත් හිතෙනව මේව අහද්දි. ;) ;) ඒත් ඉතින් ඒවගේ එකකිනුත් බ්ලොග් එක ටිකක් ලස්සන කරගන්නනෙ හදන්නෙ. අනිත් අතට එක එක්කෙනාගෙ රුචි අරුචිකම් වෙනස් නේ :D
    කොහොම උනත් ඔයා කියල තියෙන මේ ක්‍රමයත් වැදගත්. කරල බලන්න ඕන. මේ දැනුම බෙදාගන්නවට ස්තූතියි මල්ලි... :)

    ReplyDelete
    Replies
    1. හී.. :D ඒක ඉතිං ගෑල්ලමයින්ගෙ හැටිනෙ අක්කි..

      Delete
  7. අහ්.... මේකත් හොදා තමා.... ස්තුතියි දැනුවත් කිරීමට යසිත්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සමනළී :-h

      Delete
  8. ප්‍රතිඵලයක් නෑනේ.... මොකක් ද අවුල

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මේක හැම ටෙම්ලේට් එකකටම ගැලපෙන්නේ නෑ වගේ....

      Delete
    2. මගේ demo එකට නම් වැඩ.. :( කෝඩ් එක හරියට save උනාද ?

      Delete

Post a Comment

◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net

You May Like Also,

පන්සිය පණස් ජාතක පොත

මේක දෙන්නෙ හිටියෙ මීට ගොඩ දවසකට කලින් උනත් විවිධ හේතු නිසා අතපසු උනා.. අද පෝය දවසෙ කොහොම හරි දානව කියල හිතා ගත්තා... පන්සිය පණස් ජාතකය, ඔව් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම 550 ක , උන්වහන්සේ විසින් දේශණා කරපු ජාතක කතා මේකෙ ඇතුලත්.. අපි සාමාන්‍යයෙන් දන්න විදියට පන්සිය පණස් ජාතකය කිව්වට දැනට නිකුත් වී තියෙන ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නෙ ජාතක කථාංග 447 හෝ 446.. අනිත් 3 හෝ 4 ගැන සඳහනක් නෑ.. නමුත් මේ විද්‍යූත් ලේඛන පිටපතේ ජාතක කථාංග 550 ම ඇතුළත්.. අවසන් කථාංග 4 බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් කටවහරෙන් පැවතෙන ජාතක කථාංග ඇතුලත් කරල තියෙනවා.. මට මේක හම්බ උනේ වෙන වෙනම කොටස් විදියට. මං සියල්ල එකතු කරල තනි PDF file එකකට merge කරා... අවශ්‍ය තැන් bookmark කරන් කියවන්න පුළුවන්නෙ... 19.9 MB  ඔබගේ පරිගණකයේ මෙහෙයුම් මෘදුකාංගය Windows XP හෝ Windows 7 නම්, PDF file reader එකක් නැතිනම් මෙතනින් adobe reader එක අරගන්න..

බ්ලොග් එකේ Navigation Bar එක අයින් කරමුද ?

අපි බ්ලොගර් වලින් බ්ලොග් එකක් හැදුවම මෙන්න මෙහෙම බ්ලොග් එකට උඩින් Navigation Bar එකක් වැටෙනවනෙ. කැතයි වගේ නේද ? එහෙනම් ඉතින් අයින් කරමු. මේක අයින් කරාම බ්ලොග් එකේ SEO වඩා හොඳින් වෙනව කියල  digitalpoint forum එකේ තිබුන. නමුත් ඒ ගැන නම් මං හරියට කියන්න දන්නෑ. මෙන්න මෙහෙමයි වැඩේ , ඔයා පැරණි blogger interface එක නම් පාවිච්චි කරන්නෙ, Dashboard  >> Design >> Edit HTML වෙත යන්න. අළුත් blogger interface එකේ නම් කෙලින්ම Template කියල තියෙනව. දැන් මේක කරන්න කලින් full template එකම download කරන් ඉන්න. නැත්නම් වරද්දගෙන මට බනින්න එප. (වරදින්න දේකුත් නෑ හැබැයි ) දැන් අළුත් blogger interface එකේ අයත් තමන්ගෙ දැනට active template එකේ Edti HTML වෙත යන්න. දැන් මෙහෙම පණිවිඩයක් ආවනෙ. එතන Proceed ක්ලික් කරන්න.  දැන් ඔයාගෙ template එකේ HTML කෝඩ් තියෙනව පෙනෙයි. දැන් මේ පහත රූපෙ විදියට variable definitions කියන තැන හොයා ගන්න. අමාරු නම් Ctrl + F ගහල හොයා ගන්නකො.  දැන් ඔන්න ඔය කෝඩ් එකෙන් උඩට, ඒ කියන්නෙ *variable definitions තැනයි උඩ කඩ ඉරි පේලියයි අතරට මෙන්න මේ පුංචි කෝඩ් එ

පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?

හනී බනී වෙන් වෙලා දැන් මාස 8ක් විතර ඇති. ගොඩක් දෙනා අහන දෙයක් තමයි එච්චර  ආදරේ කරා නම් කොහොමද දැන් ගානක් නැතුව ඉන්නෙ කියන එක. ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගෙ මිත්‍රයෙක්ගෙ wife ළඟදි Cancer එකකින් නැති උනා. පෞද්ගලිකවම මං දන්න දෙයක් තමයි ඒ දෙන්න අතරෙ පුදුම ආදරයක් තිබුනෙ. එයාලගෙ විවාහ ජීවිතේට අවුරුදු 19කටත් වැඩියි. ඒත් මළ ගෙදරදි, ආදාහන කටයුතු කරද්දිවත් ඒ අංකල් පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ. කිසිම දුකක් පේන්න තිබුනෙත් නෑ. හිස් බැල්මෙන් බලාගෙන හිටිය විතරයි. කටයුතු ඉවර වෙලා අපි ආපහු යනකොට ඒ මනුස්සය කිව්ව හරි අපූරු කතාවක්, "නෝන නැති උනාට මට දුකක් නෑ.. ඒත් එයා නැති පාළුව මගේ ජීවිත කාලෙම තියේවි. පහුගිය අවුරුදු 19ටම එයා මටත්, මගෙන් එයාටත් වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරා. අපි දෙන්න දෙන්නටම ණය නෑ.." එච්චරයි.. මමත් කාටවත් ණය නෑ.. ඒත් අද (ඔක්තෝම්බර් 30) තමන්ගෙ 20 වෙනි උපන් දිනේ සමරන හනී බනීගෙ සියළු කටයුතු, අනාගතේ, බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම ඇයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි (සම්මතයට අනුව) යාළු වෙන්නෙ/ ආදරේ කරන්නෙ/සම්බන්ධයක් ඇති කර ගන්නෙ ?? කෙල්ලන්ගෙ පැත්ත