
බ්ලොග් ලියන්නේ ආසාවටය, විනෝදාංශයකටය, ඒකාකාරී බවින් මිදෙන්නටය, ස්වයං ආත්ම තෘප්තියක් ලබා ගන්නටය.. නමුත් කෙටි කළකින්ම බොහෝ දෙනෙකු ඊට ඇබ්බැහි වේ. ඒ එහි ඇති විවිධත්වයත්, රසයත් නිසාය..
කවුරුන් කෙසේ කීවත් බ්ලොගිය තුළින් පිළිබිඹු වන්නේ එහි රචකයාගේ චින්තයට අදාල කරුණු වේ.. නමුත් 100% ම එය එසේමැයි කිව නොහැක්කේය..නමුත් බොහෝ විට එමඟින් රචකයා පිළිබඳ දළ අදහසක් ලබා ගැනීම සිදු කල හැකිය.
ඇතැමුන් බ්ලොග් ලියන්නේ දැනුම බෙදා හරින්නටය, තවත් සමහරු කතිකාවත් ගොඩ නඟති, තවත් ඇතැමුන් තමන්ගේ දර්ශණයක් ව්‍යාප්ත කිරීමට මෙන්ම අන්‍යයන් හෙලා දැකීමට බ්ලොග් කරණය භාවිතා කරති. එය එසේ සිදුවිය යුතුය, වැළැක්වීමද කළ නොහැක්කේය, මන්ද යත් බ්ලොග් කරණය යනු සැබෑ රියැලටි සමාජයේ ජීවත්වන්නා වූ පුද්ගලයින්ම භාවිතා කරනා අතත්‍ය (Virtual) අවකාශයකි. එහෙයින් විවිධ වූ පුද්ගලයින්ගේ විවිධ වූ අදහස් එළිදැක්වීම වාරණය කළ නොහැක්කේය..
ඇතැමෙකුගේ නිර්වචනයට අනුව පෞද්ගලික බ්ලොග් මගින් සිදු කෙරෙන්නේ අදාල රචකයා පුම්බා දැමීමකි.. සොක්කෙක් ලොක්කෙක් කිරීමකි. හිපාටුවෙකු පොරක් කිරීමකි...
ලෝකයේ ජීවත්වෙන සෑම කෙලෙස් ප්‍රහීන නොකළ පුද්ගලයෙකුම කැපී පෙනීමට කැමතිය. සමාජයේ තැලී පොඩිවන හිඟන්නාද , කුඩුකාරයාද මොහොතකට හෝ රජෙකු යන හැඟීමට කැමතිය. එය ආත්ම තෘප්තිය හෝ ස්වයං මානසික වින්දයකි. මනසින් ලැබෙන්නා වූ එය සැබෑවටම ලබා ගැනීමටද ඔවුන් කැමතිය. එසේ නොවන්නෝ නොවෙති..
කොටින්ම සෑම වැඩ බැරි දාස කෙනෙකුම තමන් සුපර් මෑන් කෙනෙකු ලෙස හඳුන්වනවාට කැමතිය.. ඒ සඳහා හොඳම තැන රියැලටි ලෝකය නොව අතත්‍ය (Virtual) අවකාශයයි.. එයින්ද අතත්‍ය සමාජය වන social media network මඟින් එය පහසුවෙන් සිදු කරගත හැකිය.. යම් ආරූඬ නාමයකට මුවා වී "පොර ටෝක්" දීමෙන් ඉතා ඉක්මනින් ජනප්‍රියත්වයට පත්වීමටත්, තමන්ගේම virtual gang එකක් සාදා ගැනීමට හැකිය. එය එසේම විය යුතුය.. සැබෑ ලෝකයේ එළිපිට දැක්වීමට නොහැකි අදහස් අතත්‍ය (Virtual) අවකාශයේ නොබියව ප්‍රකාශ කිරීමට හැකිය.. වාරණ හෝ සීමා පැනවෙන්නේ තමන්ගේ අභිමතය පරිදිය.
2011 පෙබරවාරි මස වන විට ලෝකය පුරා බ්ලොග් අඩවි මිලියන 156 ඉක්මවා තිබිණ.. ඉන් වසර දෙකකට පසුව, මේ වනවිට එය මිලියන 200 ට ළඟා වනු නියතයි.. නමුත් මේ අතරින් සිංහල සම්මත අන්තර්ජාල සටහන් කේතන ක්‍රමය වන සිංහල යුනිකේත මගින් ලියැවුනු බ්ලොග් ප්‍රමාණය 5000 නොයික්මවනු ඇත. එයින්ද යාවත්කාලීන වන අඩවි ප්‍රමාණය 500කට අඩුය.
ඇතැමුන් අන්තර්ජාලය තුල සිංහල භාවිතය ලැජ්ජාවක් සේ සළකති. සිංහල භාෂාව "පොෂ් භාෂාවක්" නොවේ යැයි ඔවුන් සළකනවා විය හැකිය.සිංහලෙන් බ්ලොග් ලියන්නේ තුන්වැනි පන්තියේ ඉංග්‍රීසි නොදත් ගොඩයන් යැයි ඔවුන් සිතනවා විය හැක. නමුත් මා හඳුනන ඇතැම් සිංහල බ්ලොග් කරුවන් සැබෑ ජීවිතයේදී දරන තනතුරු ගැන ඔවුන් දැන ගතහොත් ඔවුන්ගේ මානසික මට්ටම පිළිබඳ තමන්ටම නිගමනයකට එළඹිය හැකිය...
මේ ලිපිය ලියන්නට පාදක උනේ මා මිත්‍ර එක්තරා පුද්ගලයෙකු විසින් අද කරන ප්‍රකාශයකි..
"මට බ්ලොග් ලියන උන් පේන්න බෑ.. ඔයින් එකක් හදන්න ඕන බූරුවෙකුට පුළුවන්.. සයිට් එකේම ටෙම්ප්ලේට් එකක් තේරුවා ප්ලගින් දැම්මා.."
කතාව ඇත්තකි.. බ්ලොග් අඩවියක් ඇරඹීම ඔහු කියන පරිදි ඕනෑම 'බූරුවෙකුට' උනත් ඉතා පහසුවෙන් කළ හැක්කකි.. එසේ නොවිණි නම් බ්ලොග් කලාව මෙතරම් ජනප්‍රිය නොවනු ඇත.. Blogger, WordPress, Tumblr වැනි blogging services ඒවා හැසිරවීම හැකි තරම් සරල කර ඇත්තේ බ්ලොග් යනු සියල්ල දත් තාක්ෂණික පණ්ඩිතයන්ට පමණක් භාවිතා කිරීමෙන් වලක්වා, කලාකාමී සිතුවිලි රැගත් අතත්‍ය (Virtual) සමාජ අවකාශයක් ගොඩ නැගීමට විය යුතුය..

* * * * * * * * * *
ප.ලි.:ලංකාවේ වසරකට මෘදුකාංග ඉංජිනේරුවන් දහස් ගණනක් බිහි වෙනවා ඇති. නමුත් සිංහල භාෂාව, තම මව් භාෂාව වෙනුවෙන් සුළු කාලයක් හෝ වැය කරපු පුද්ගලයන් ඉතා කිහිප දෙනයි ඉන්නෙ.. ඔවුන් නිවැරදි වෙන්නත් පුළුවන්, මොකද කවදාවත් ක්ලයන්ට් කෙනෙක් සිංහල මෘදුකාංගයක් හෝ වෙබ් අඩවියක් මිලදී නොගන්නා නිසා.. තව ටික කාලෙකින්ම සිංහල භාෂාවත් අතුගෑවිලම යාවි.
ඒ නිසාමදෝ කොහෙද ලංකාවෙ සිංහල අපේ විකිපීඩියාව 2005 වසරේ සිට මේ වෙනකම්ම ලිපි 8,301 ක් තියාගෙන වේලෙන්නෙ...
ඇත්ත ලෝකෙ සැගවුනු බොහොමයක් වර්චුවල් ලෝකයේ වීරයෝ.. !
ReplyDeleteහොද ලිපියක්..
එහෙම හරි ඔවුන්ට හඬක් නඟන්න ලැබෙන එක කොයි තරම් හොඳයිද.. නැත්නම් හැමදාම සමාජයෙන් බැට කන්නයි වෙන්නෙ :-w
Deleteඅනේ බං අපේ උන් මේක තේරුම් ගන්නවනම් කොච්චර එකක්ද!
ReplyDeleteඅපි තේරුම් කරල දෙමු :)
Deleteඕන බූරුවෙක්ට බ්ලොග් එකක් හදන්න පුළුවන් ඇති. ඒත් ඕන බූරුවෙක්ට බ්ලොග් එකක් පවත්වාගෙන යන්න බෑ කියල අර උබේ යාළු මී හරකට කියල දීපන්. පුළුවන්නම් ඌට කරල පෙන්නන්න කියපන්.. උඹ මොකටද එහෙම කියද්දිත් කටවහන් හිටියෙ
ReplyDeleteblog කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති එකෙක් එක්ක මං මොනව කියන්නද බං.. අනික පොර all-rounder කෙනෙක්.. ඌට බැරි එකම දේ මේකද කොහෙද. ඒ නිසා ඒකට වෛර කරනව ඇති :))
Deleteසිරාවටම ඌ එහෙම කියන්න ඇත්තේ ඒක තමා ,
Deleteඑකෙක් අහනවා මගෙන් , මොකක්ද යකෝ ඕකේ උඹට ඇති පලේ සල්ලි හම්බෙනවද කියලා
මට නම් සල්ලි වලට ගන්න බැරි දෙයක් මේකෙන් ලැබෙනවා.. :)
Deleteසතුට :))
සිංහල විකිපීඩියාව ගැන මට නං එච්චර හොඳ හැඟීමක් නෙවෙයි තියෙන්නෙ.. අපේ අය මොන වැඩේ කළත් පංගු පේරුවටනෙ කරන්න හදන්නෙ...
ReplyDeleteයසිත් අපේ තියෙන්නෙ සිංහල භාෂාවේ පාවිච්චියේ අඩුවක් නෙවෙයි... අපේ අයගේ අන්තර්ජාල භාවිතයේ අවුලක්... නෙට් තියෙන වැඩි ප්‍රතිශතයක් ඕකෙන් කරන්නෙ මේල් බලන එකයි, ෆේස්බුක් යන එකයි, වැල බලන-බාන එකයි, ඉස්සර නං සිංහලයා, අනංමනං වගේ සයිට් වල චැට් රෑම්ස් ජනප්‍රිය වෙලා තිබ්බා... දැන් ෆේස්බුක් නිසා ඒවත් අඩු වෙලා... මං කියන්න හැදුවේ මේකෙන් ගන්න පුලූවන් වැඩ වලින් කාලක්වත් අපේ රටේ අය ගන්නේ නෑ.. ඉංග්‍රීසියෙන්ද සිංහලෙන්ද කියලා නෑ... ප්‍රයෝජනවත් වැඩක් ගැනීම අඩුයි... මම උනත් ඒ ගොඩේ තමයි...
සිංහල විකිපීඩියාවෙ මොකුත් ගැටළුවක් තියෙනවද ? කවුරු හරි ඒක තමන්ගෙ බූදලයක් කරගෙනද ?
Deleteබුකියෙ මේකෙ ලින්ක් එකට "අරුණු ශපීරෝ මහත්මිය" දාපු කොමෙන්ට් එකෙන් මට එහෙම දෙයක් හැඟුණා :(
නෙට් එකේ කාලය ගත කරන ගොඩක් අය බ්ලොග් ගැන දන්නෙ නෑ. කියල දුන්නත් එහෙමත් කෙනෙක් තමයි ඒ ගැන උනන්දු වෙන්නෙ. ලියන්න පුළුවන් අය ඉන්නව. ඒත් නෙට් නම් ෆේස්බුක් කියන තැන තමයි ඉන්නෙ. සිංහලෙන් ලියන ක්‍රම ගැන අවබෝධයක් නැති එකත් සිංහල බ්ලොග් භාවිතය අඩු වෙන්න එක හේතුවක්.. ගොඩක් අට සර්ච් කරන්නෙත් සින්ග්ලිශ් වලින්.
ReplyDeleteමං 2008 ඉඳන් FB ඉන්නවා.. :D ඒත් මේ වෙනකම් එක ස්ටේටස් එකක්වත් දාල නෑ.. මං ඒකට යන්නෙ request තිබුනොත් accept කරන්නයි. Fanpage එක බලන්නයි විතරයි.. චැට් කරන්න සෙට් වෙන්නෙත් අඳුරන අයමයි. මගේ කරුමෙද මංදා මේ වෙනකම් ඒකෙන් අළුත් යාළුවො අඳුනගෙන නම් නෑ :((
Deleteබ්ලොග් එක ගැන කිව්වාම ඔය වගේ කමෙන්ට්ස් තමයි එන්නේ...ඕවට කතා කරන්න ගියාම නිකන් ලේ පිච්චෙනව විතරයි...
ReplyDeleteසහතික ඇත්ත අනේ.එක නෙමේ. මේ blog එකේ comment box එක ගන්න හරි අමාරු යි නේ. පොඩ්ඩක් බලන්න.
Deleteඒකද නදුනි අක්ක දැං ලියන්නෙ නැත්තෙ ? X(
Delete@දිලිනි
ඔව්, කලින් ටෙම්ප්ලේට් එකට මං වැඩි වැඩ දාන්න ගිහින් ක්‍රෝමි බ්‍රවුසරේට කොමෙන්ට් බොක්ස් එක අවුල් ගිහින්.. දැන් හරිනේ :D
අනේ මන්දා බොලං. මම නම් මුලින්ම කඩාපාත් වුනේ ඉංග්‍රීසි බ්ලොග් රචකයෙක් හැටියට. සිංහල බ්ලොග් දෙකත් සමාන්තරව පවත්වාගෙන යනවා. සමහර අදහස් ප්‍රකාශ කරන්න ඒ ඒ භාෂාව වඩාත් උචිත වෙනවා. නමුත් මමනම් සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන එක මදිකමක් කියලා හිතන එකෙක් නෙවෙයි, මොකද සිංහල බ්ලොග් සහෘදයෝ වැඩියෙන්ම හඳුනාගත්තේ සිංහලෙන් ලියපු නිසා.
ReplyDeleteසිංහලෙන් ලියද්දි සමහර හැඟීම් ඒකට කාවද්දන්න පුළුවන් වගේ I-) I-)
Deleteමාත් අහම්බෙන් තමා බ්ලොග් වලට ආවේ... මුලින්ම කියෙව්වා..පස්සේ ලියන්න හිතුනා.. ඒත් මූණු පොතේ එල්ලිලා ඉන්න ගොඩ දෙනෙක් බ්ලොග් කියල දෙයක් තියෙනවද කියලවත් දන්නේ නෑ
ReplyDeleteමමත් මුලින් බ්ලොග් කියෙව්වා.. ඒත් එයින් එකක් හදන්න ගොඩාක් සල්ලි යනවා, කෝඩ් දැන ගන්න ඕන කියලයි මුලින් හිතුවේ.. මං බ්ලොග් ගැන දැනගත්තෙ 2009 විතර :-B
Deleteසුද්ද ඉංගිරිසියෙන් ලියන්නේ , ඒ ඔහුගේ මව් බස නිසා , අපි සිංහලෙන් ලියන්නේ මේ අපේ මව් බස නිසා , “පොෂ් උගතුන්“ මොනවා කිව්වත් ,දෙවන බසක් ඉගෙන ගන්නත් මව් බස භාවිතය ගැන දැනගෙන ඉන්න ඕනයි කියල කිව්වෙත් ඉංගිරිසි අයමයි ... :)
ReplyDelete"reading in the first language can profoundly accelerate the development of reading ability in the second language."
Krashen, S. (2004) The Power of Reading: Insights from the Research. Heinemann. Portsmouth.
(මේ comment box එකට ක්‍රෝම් වලින් එත්දි පොඩි ප්‍රශ්නයක් තියෙනවා වගේ ..පොඩ්ඩක් බලන්න ...
ස්තුතියි , සුව සතුට පිරි දිනයක් ඔබට ..
අපේ සමහරුන්ගෙ මව් බස ඉංග්‍රීසිනෙ :D සිංහල ස්ටෑන්ඩර්ඩ් භාෂාවක් නෙවෙයි කියල හිතන්නෙ, වැඩිපුරම කාන්තාවන් :)]
Deleteසිංහල බස මොන තරම් කතාකළත් ලියන්න ගියාම තමයි එහි අරුමය දැනෙන්නේ. ලියන වැඩෙත් අපි හිතන තරම් ලේසි පහසු වැඩක් නෙවෙයි. මෙවනවා වුනත් සිංහල බස කතාකරන ලෝකය පුරා විසිරී සිටින මිතුරු පිරිසක් බ්ලොග් හරහා එකතුවිම වැඩදායක දෙයක්.
ReplyDeletetesting!!! :)
ReplyDeleteඇයි පොඩි කුමාරිහාමි බ්ලොග් ලියන්නෙ ටෙස්ට් කරන්නද :D
Deleteබ්ලොග් නෙමේ ටෙස්ට් කලේ . කමෙන්ට්ස්... :D
Deleteකවුරු කොහොම කිව්වත් මගේ ඉන්ටර්නෙට් බිල ගෙවන්නේ මමනේ. මගේ ත්‍රිල් එකට මම ලියනවා.. ඕනේ කෙනෙක් ඕනේ නම් ඇවිත් කියවයි..නැත්තම් නෑවිදින් ඉඳීවි...
ReplyDeleteඋපන් භාෂාව සිංහල උන එකට ඉතින් මං මක් කරන්නද..සුන්ද්දෙක් වෙලා ඉපදුනා නම් මම කඩ්ඩෙන් ලියයි. සුද්දට සිංහල බෑනේ. ඉතින් ඌ හිතයි උට සිංහල බෑනේ කියල. ඒත් ඌ කවදාවත් සිංහලෙන් ලියනවට හිනා වෙන්නේ නෑ. හිනා වුනොත් හිනා වෙන්නේ සිංහල මිනිහෙක්නේ. ඉතිං අපි ඌට හිනා වෙනවා ඇරෙන්න වෙන මක්ක කරන්නද.
මමත් ලියන්නෙ මගේ ආතල් එකට.. ඒක අනිත් අය කියව්ව කියල දැන ගත්තම මාර කික් එකක් එනව.. හැමෝටම එහෙමනෙ :D
Deleteඋඹේ මල ඉලවු කමෙන්ට් බොක්ස් එක.. එක පාරක් ඇවිල්ලා ඔට්ටු වෙලා වෙලා යන්න ගියා...
ReplyDeleteමමනම් බ්ලොග් ලියන්නෙ කහනවට.. වෙදමහත්තයෙක් කිව්වා බ්ලොග් එකක් ලිව්වනම් ඔය කැසිල්ල ගතිය නිට්ටාවට හොඳ වෙනවා කියලා.. :D
පොෂ් උන් මකබෑවෙද්දෙන්.. මටනම් සිංහලෙන් ලියන එක ආඩම්බරයක්..
මට නම් ලියන්න හිතුනෙ වෙන බ්ලොග් එකක තිබුන "බූට් කතාවක් දැකලා".. කිව්වත් වගේ හිතේ අමාරුවට නම් මේක මරු බෙහෙත :-bd
Deleteඅපේ මව් භාසාව සිංහල නිසා සිංහලෙන් ලිවීම ගැන ලැජ්ජා වෙන අය ලංකාවෙ ඉපදීම ගැනත් ලජ්ජා වෙන්න ඕන. නමුත් සිංහලවලට වඩා ඉංග්‍රිසියෙන් ලියන එක සමීප සමහරු ඉන්නව.මම මුලින් ඉංග්‍රීසි බ්ලොග් එකක් පටන් ගත්තෙ. එකක්, සිංහලෙන් බ්ලොග් තියෙනව කියල දැනන් හිටියෙ නෑ. තව එකක් තමා මගෙ රැකියාව අනුව මම ගොඩක් භාවිතා කරන්නෙ ඉංග්‍රීසි භාශාව. ඒ නිසා ඒක මට සමිපයි. සිංහලෙන් ටයිප් කරන්නත් මුලින් මම හරි වදයක් වින්ද ඩූඩ් සින්ග්‍රීසි සොෆ්ට්වෙයාර් එක හොයල දෙන කන්.
ReplyDeleteඅනිත් අයගෙ සිංහල බ්ලොග් කියවද්දි එයාල එක්ක ගොඩක් සමීප වෙන්න ඕන නිසා මටත් හිතුන සිංහල බ්ලොග් එකක් පටන් ගන්න. දැන් මගෙ ඉංග්‍රීසි බ්ලොග් එක වේලෙනවා. සිංහල එකට තමා මම ගොඩක් යොමු වෙන්නෙ.මොකද ඒකෙ කරන දේට මම ගොඩක් කැමතියි.
අනේ වාසනාවං
Deleteඒ කියන්නෙ එහෙනම් ඔබතුමී අනිවා ඉංග්‍රීසි ගුරුවරියක්...
Deleteවිද්‍යා ප්‍රබන්ධ පරිවර්තනේ කරල තියෙන හැටියට මට නිකමට හිතුනා :)
තව එකක් කියන්න ඕනා. සිංහලෙන් බ්ලොග් ලියන අපි දැන හෝ නොදැන අන්තර්ජාලය තුල සිංහල භාශාවට ලොකු සේවයක් කරනවා එහි ව්‍යාප්තියට. ඉස්සර සිංහලෙන් මොනවා හරි හෙව්වොත් සයිට් කීයද හම්බෙන්නෙ. දැන් එහෙමද ඕනෑම විශයක් ගැන බොහෝ විට සැළකිය යුතු තරම් සයිට් සංඛ්‍යාවක් සිංහලෙන් හොයා ගන්න පුළුවන්. එයින් වැඩි ප්‍රතිශතයක් බ්ලොග් අඩවි. පුළු පුළුවන් හැටියට දැනුමට යමක් බ්ලොග් අඩවි හරහා අන්තර්ජාලයට එකතු කිරීම අපේ වගකීමක්. ඒක හරියට වෙනවනම් විකිපීඩියාව වේලෙනවා කියන එක එච්චර වැදගත් සාධකයක් නෙමේ..
ReplyDeleteබුකියෙත් යුනිකෝඩ් ව්‍යාප්ත උනේ බ්ලොග් නිසා :-B නැත්නම් සිංග්‍රීසි වලින් කොට කොට තමයි කට්ටිය ඉන්නෙ.. අනික දැං ගූගල් එකෙත් හැම සේවාවම වගේ යුනිකෝඩ් ට්‍රාන්ස්ලේට් වර්ශන් වලින් තියෙනවා.. search වලටත් සිංගල suggest වෙනවා :)
Deleteබ්ලොග් අවකාශෙට ජය වේවා ! \m/
අර ධර්මපාලතුමා කිව්වා වගේ සිංහල ගොඩේ භාෂාවක් කියල හිතන කළු සුද්දෝ තමයි වැඩියෙන් ඉන්නේ. බලන්න FM නාලිකා හෙවත් නපුංසක චැනල් වල ඉන්න මොඩ රැළ. යසිත් කිව්ව වගේ කෙනෙකුගේ අදහස් විවෘතව කතා කරන්න හොඳ මාධයක් බ්ලොග් කරණය මේක online journal එකක් විදිහට සැලකේ. ඇත්තටම සිංහල බ්ලොග් රචකයන් වන අපට සිංහල භාෂාව විනාශ වෙන්නට නොදී රැකබලාගැනීමේ භාරධූර වගකීම පැවරී ඇතැයි සිතේ.
ReplyDeleteඅනිවා.. ඒත් අපේම උන් ටිකක් අනිත් පැත්තෙන් මේක වැරදියට යොදා ගන්න එකයි දුක :((
Deleteමගෙ සූටි බ්ලොග් එක.. මගෙ ආත්ම තෘප්තියට අනික් සහොදර බ්ලොග් කරුවන්ගේත් සහයොගය ඇතුව හීමීට කොරන් යමි :) එය මගේ නිදහසයි!!
ReplyDeleteමගේ සූටි බ්ලොග් එක නම් මට ලොකූවට වයිනවා.. මේක තමයි මාව සැහැල්ලුවෙන් තියන්නේ ;)
Deleteමට පහුගිය දවස් ටිකේම කොමෙන්ට් කොරන්ට බැරි වුණා.මේකෙ කොමෙන්ට් ගැජට් එකේ මොකක්ද අප්සැට් එකක් තිබ්බා.එව්වාටත් එක්කම කොමෙන්ට් කරන්න පස්සේ දවසක එන්නම්,මොකෝ මං දැක්කා ගෑල්ලමයින්ට බැනලා තියෙනවා!!!
ReplyDeleteComment අවුලක් තිබුන නම් මට කිව්වෙ නැත්තෙ මොකද ? ඔයා හිතුව නේද ඔයාගෙ මැශිමෙ අවුලක් නිසා ඒක පේන්නෙ නෑ කියල ලැජ්ජාවට ශේප් උනා :))
Deleteපේනවනෙ ඉතිං ගෑල්ලමයින්ගෙ මොලේ තරම :D
මේක හොඳ කතිකාවක්. සමහර සිංහලයො ඉන්නවනෙ දෙන්නෙක් හම්බුනහමත් ඉංග්‍රීසියෙන් ම කතා කරන. සමහරු ඉංග්‍රීසියෙන් කතාව පටං අරං, අනික හොදට කතා කරනවනං ෂේප් එකේ සිංහලට මාරු වෙනව.
ReplyDeleteගොඩක් වෙලාවට බ්ලොග් ලියන අය, තමන්ට පත්තරේකින් නොලැබෙන නිදහසක් භුක්ති විඳිනව.
පත්තරවල තමන්ගෙ අදහස් වලට ඉඩ ලැබෙන්නෙ නෑ බොහෝ වෙලාවට :( ඒත් බ්ලොග් එකකින් අන්වර්ථ නාමයක් යොදාගෙන හරි අසාධාරණය වෙනුවෙන් හඬක් නඟන්න පුළුවන් :)
Deleteඇති යන්තං කොමෙන්ට් බොක්ස් එක මතු වෙලා! මම දවස් දෙක තුනක් ම ඇවිත් ඒක හොයා ගන්න බැරුව හැරිලා ගියා. අන්තිමේ දී බැරි ම තැන තමයි තමුන්ට ඊයක් එව්වේ ~X(
ReplyDeleteමට නං ඇත්තට ම සිංහලෙන් බ්ලොග් එකක් ලියන එක ගැන ආඩම්බර යි. බ්ලොග් ලියන හුඟ දෙනෙක් වගේ මමත් ලියන්නේ මගේ හිතේ සතුට වෙනුවෙන්. ඒක හරිම ලස්සණ අත්දැකීමක්. බ්ලොග් එක නිසා ම සිංහල ගැන වැඩි දුර ඉගෙන ගන්නත් යොමු වුණා, අලුත්, ලස්සණ වචන එහෙම හොයන්න :) ඒ වගේ ම මේ බ්ලොග් ලිවිල්ලෙන් හුඟක් යාළුවෝ ඇති වුණානේ.
මට නං පේන්න බැරි දෙයක් තමයි ඔය "පොස් කට්ටිය" ඉංග්‍රීසි කතා කරන විදිය. බලාගෙන ගියා ම දන්න ඉංග්‍රීසියකුත් නැහැ සිංහලකුත් නැහැ. ඩ්‍රැකියා කියනවා වගේ කඩ්ඩ හොඳට දන්න එකෙක් එතනට ආවොත් අනිවා සිංහලට මාරු වෙනවා හෙමින් සැරේ. පව්, අෆ්ෆා, අහගෙන ඉන්න අයට ඉංග්‍රීසි බෑ කියලා හිතලා මෝඩ ආතල් එකක් ගන්නවා ඇති!
මේ දවස් ටිකට බ්ලොග් එකත් අලුත් කරලා තියෙන්නේ. ඒකත් ලස්සණ යි :x
ලංකාවෙ අපේ මව් භාෂාව සිංහල.. මං පුළුවන් හැම තැනම සිංහල වචනම පාවිච්චි කරන්නෙ. කොහොමත් මට හොඳටම කඩ්ඩ බෑ :D
Deleteමගේ අම්මයි , තාත්තයි දෙන්නම හොඳ පිරිසිදු සිංහල..
කොහොම උනත් ඉංග්‍රීසි අතාරින්න බෑ.. ඒක යොදා ගන්න ඕන අපේකම ලෝකෙට ගෙනියන්න මිසක්, උන්ගෙකම මෙහෙට ගේන්න නෙවෙයි :-w
මම බ්ලොග් ලියන්න ආපු කබ්බන්ගේත් කබ්බෙක්.ඇවිත් මාස හයක්වත් නෑ. බ්ලොග් ලියනවා කියන අත්දැකීමට මම ආසයි.මගේ ඩයරිය අම්මා ප්‍රසිද්දියේ සමච්චලයට ලක් කලාට පස්සේ (එයාට කවි සින්දු පේන්න බෑ :'( ) සටහනක් තිබ්බ නම් තිබ්බේ බ්ලොගේ තමයි.
ReplyDeleteසටහනක් තිබ්බාම දැනෙන සුවදායි හැඟීම අමාරුයි ටිකක් විස්තර කරන්න.. වැදගත් දේ තමයි,තමන් තමන්ම වෙලා සටහන් තබන එක,එහෙම නොකලොත් මම කිව්ව අර සුවය දැනෙන එකක් නෑ බාගදා.
ලේසියෙන් බ්ලොගේ අටෝගත්තට,ඊට පස්සේ ජාවාස්ක්‍රිප්ට් කොපි කර අවශ්‍ය පරිදි එඩිට් ගහන්න ඉගෙනගත්තා මේ විජට් දැමිල්ලට ගිහින්! ඒකත් පට්ට තමා.
ඒකනෙ කියන්නෙ. හැමෝම ඩයරි ලියන එක නවත්තල බ්ලොග් ලියන්න කියල නීතියක් සම්මත කරමු :D
Deleteඈ යසිත්, මේ බ්ලොග අලුත් වෙලාද? මට නිකන් හුරු නෑ හුරු නෑ වගේ. මේ පරණ යසිත්ම නේද?
ReplyDeleteඅයියෝ බ්ලොග් හදන්නනම් ඕන පොඩි එකෙක්ට පුළුවන් තමා. හැබැයි ඉතුරු ටික කරගන්නයි බැරි. මේ බ්ලොග් අවකාශේ එකම එක ලිපියක්වත් නොදාපු අපතේ ඇරපු බ්ලොග් ලිපින කොයි තරම් තියනවද?
අළුත් කරා :) ගූගල් ක්‍රෝම් එකේදි කලින් එකට කොමෙන්ට් දාන්න බෑ කියල කට්ටියක් මට විරුද්ධව දෝශාභියෝගයක් ගෙනාවනෙ :))
Deleteමම දන්නා විදියටනම් සිංහල බ්ලොග් ලියන හුගක් අය ලියන්නේ ස්වයං ආත්ම තෘප්තියක් ලබා ගන්නයි. මමත් මීට කලිනුත් සිංහල බ්ලොග් එකක් කරා. ඒ උනාට එක අතර මගදී නතර උනා. ඇත්තටම කව්රු මොනවා කිව්වත් බ්ලොග් ලියන්නන්ගේ සමාජයට ලොකු සේවයක් වෙනවා. සිංහල තාක්ෂණික බ්ලොග් අඩවි වලින් ලොකු දැනුමක් ගන්නවා වගේම අනිත් හුගක් බ්ලොග් වලින් ජිවිතයට ගන්න පුළුවන් පාඩම් ගොඩයි.
ReplyDeleteඔව්, ඇත්ත.. සමහර සිදුවීම් රචකයාගේ පෞද්ගලික අත්දැකීම්. ඒව දැක්කම හිතෙනවා ලෝකෙ අපි නොදන්න කොච්චර දේවල් මිනිස්සුන්ට වෙනවද කියලා :(
Deleteඔව්. ඔහුන්ගෙන් සමාජයට වෙන්නේ ලොකු සේවයක්. ඒ වගේම ඒවා අපි කියවල තිබුනම අපි දන්නවා ප්‍රශ්න වෙන්නේ අපිට විතරක් නෙවේ කියලා. ඉතින් එතකොට ප්‍රශ්නයක් අවාම වැටෙන්නේ නැතිව ඉන්න ඒවා ඇත්තටම වැදගත්.
Deleteනිඅම පෝස්ට් එකක් නේ යසිත්..මන් දැනුයි මේක දැක්කේ.. මම නම් ඔහේ මොනවා මොනවා හරි ලියන් ඉන්න කෙනා.. ගොඩක් ලිව්වේ තාක්ෂණික පෝස්ට් සහ දේශපාලන පෝස්ට්.. මා ගැන නම් මම ලියලම නැති තරම්..
ReplyDeleteවටිනා පෝස්ට් එකක් යසිත්...
Facebook ඇබ්බැහියෙන් මිදෙන්න හොදම ක්‍රමේ තමා blog එකක් ලියන්න හා blog කියවන්න පුරුදු වෙන එක.විනෝදය වගේම දැනුමකුත් ලබා ගන්න පුළුවන්
ReplyDeleteමම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්
බ්ලොග් ආචාරධර්ම ගැනැ මේ ලිපියෙ තියෙනවා...http://cyberzonelanka.blogspot.com/2013/12/blog-post.html
ReplyDeleteමේක කොච්චර පරණ බ්ලොග් පොස්ට් එකක් වුණත්, මේ ලිපියට, ඒ වගේම කමෙන්ට් වලට බොහොමයක් එකඟයි. මම කවදා හරි මගේ වෙබ් සයිට් එකක් කරනවා කියන අරමුණකින් හිටියේ. ඒ මගේ අදහස් ලෝකෙට බෙදා දෙන්න. එක කාලෙකදී බ්ලොග් කියන වචනය මට අහන්න ලැබුණා. මම බ්ලොග් ගැන වැඩි උනන්දුවක් දැක්වුවේ නැත්තේ මේ වචනයට සමාන වචනයක් අපි වෙනත් දෙයක් හඳුන්වන්න භාවිතා කරන නිසා. අදත් තැනක බ්ලොග් එකක් කිව්වම වටපිට බලන පිරිසක් ඉන්නවා. කොහොම හරි මම ෆේස්බුක් නෝට්ස් වලින් සටහන් කිහිපයක් ලිව්වා. එතකොට මම ෆේස්බුක් ගෘප් කිහිපයක්ම හදලා තිබුණා. මගේ මිතුරන් කිව්වා මට ලස්සනට ලියන්න පුළුවන්. දිගටම ලියන්න කියලා. ඒ ලිව්වේ ඉංග්‍රීසියෙන්. 2011 දෙසැම්බර් මාසේ මම ඉංග්‍රීසි බ්ලොග් එකක් පටන් ගත්තා. පස්සේ මම ලියපු නෝට්ස් ඒකට එකතු කළා. ඉන් පස්සේ සිංහල බ්ලොග් තියෙනවා කියලා දැන ගත්තා අර වචන 100 බ්ලොග් එක නිසා. පස්සේ මටත් හිතුණා මේ වැඩේ කරන්න පුළුවන් කියලා. ඉතිං පටන් ගත්තා. ඒ එක්කම සිංහල බ්ලොග් කිහිපයක් කියවන්න ලැබුණා. හිස් අහස එයින් ප්‍රධානයි. පස්සේ එතතින් එහාට ගිහින් බොහෝ දෙනා හඳුනා ගත්තා. ඉන් පස්සේ වැඩේ නැගලම ගියා. නමුත් මට මේ බ්ලොග් එක අතඇරුණු එකක්. අද වෙන දෙයක් සර්ච් කරත්දී හමු වුණේ. මේකට කමෙන්ට් එකක් නොදාම බැරි වුණා. දැන් යසිත් ලියන්නේ නැද්ද ? ආහ් මට කියන්න බැරි වුණා. මට බයක් ඇති වුණා ඉංග්‍රීසියෙන් ලියන්න ගිහින් සිංහල බැරි වෙයිද කියලා. අන්න ඒක තමයි මම සිංහලෙන් ලියන්න හේතුව. මුලින් ලියද්දී ඒ තරම් ලස්සනට වචන ගලා ආවේ නැති වුණත්, පස්සේ ඒක පහසු වුණා.
ReplyDeleteඋඹලගේ කොමෙන්ට් දැකලා මටත් හිතුනා බ්ලොග් ලියන්න
ReplyDeleteහොඳ සටහනක්. කොහොම වුනත් අපිට අපේ වටිනවා.
ReplyDelete