Skip to main content

ප්‍රේමය නම්....................................... ,


ආදරය නම් වූ උත්තරීතර නිරාමිස හැඟීමෙන් තේ හැන්දක ප්‍රමාණයක්ද , රාගය නම් වූ ස්වාභාවික හැඟීමෙන් බාල්දි තුන හතරක් එක්කොට,

මිනිසා විසින් තම පෞද්ගලික/ ආත්මාර්ථයන් උදෙසා, සමාජමය අවශ්‍යතාවය මත, මානසික අවශ්‍යතාවය මත හා කායික අවශ්‍යතාවය මත ක්‍රියාකාරීව පවත්වාගෙන යනු ලබන, ඇතැම් විට අන් සියළු චිත්ත සන්තානයන් පරයා යන, නමුත් සත්‍ය වශයෙන්ම නොසැළකිය හැකි තරම් වූ, අවසානය සෑම විටම දූක්ඛදායක වූද, සෑම විටම අන් අය සමඟ සාපේක්ෂව සසඳා බලන, අතිශය තාවකාලික, ඇතැම් විට අධිමානයක් ඇති කරන, තවත් විටෙක හීනමානයක් ඇති කරනා,

බදාම මිශ්‍රණයකට එක් කරන ලද මැලේ අච්චාරුවකි.......

** ** ** ** ** ** ** ** ** ** ** ** **
මේක තමයි මං ලියපු පුංචිම පෝස්ට් එක.. මේකෙ ඉතිරි ටික ඔයාල සම්පූර්ණ කරන්න තමන්ගෙ අදහස් එකතු කරලා..
අමතක කරන්නෙපා මං මේ කියන්නෙ විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙක් අතර ඇති වන සාමාන්‍ය ස්වාභාවික බැදීම මට හිතෙන හැටි.....

Comments

  1. මේකනං අච්චාරැම කතාවක් තමා.

    ReplyDelete
    Replies
    1. ප්‍රේමයත් අච්චාරුවක් තමයි :)

      Delete
  2. අනේ දන්නෑ බන් ඕවා...

    ReplyDelete
    Replies
    1. ඇයි ප්‍රේම කරල නැද්ද ? :D

      Delete
  3. මගෙ අම්මෝ. පොඩි වයසට හිතෙන දේවල්!
    ඇත්තටම මට දැනන හැටියට නම් ඔබ ප්‍රේමය හරියටම නිර්වචනය කරල තියෙනවා.


    "ආදරය නම් වූ උත්තරීතර නිරාමිස හැඟීමෙන් තේ හැන්දක ප්‍රමාණයක්ද , රාගය නම් වූ ස්වාභාවික හැඟීමෙන් බාල්දි තුන හතරක් එක්කොට" ,

    හරියටම හරි.

    ඔබ ලිව්ව පුංචිම පොස්ට් එක වුනත් මම නම් ඒ පොස්ට් එකට හරිම කැමතියි.

    ප්‍රෙමය ගැන කියද්දි මගෙ හැඟීම් වඩාත් තීව්‍ර කරන්නෙ නන්දා මාලිනී ගෙ "ප්‍රේමය නම් . රාගයෙන් තොර සඳ එලිය සේ අචින්තයි, පාරිශුද්ධයි, සුරම්යයි...." ගීය......

    ඔබේ පොස්ට් එක මගෙ ප්‍රථම ප්‍රේමය සිහිපත් කලා.......

    ReplyDelete
    Replies
    1. පොඩි නෑ දැං 21 ක් 7:P

      Delete
  4. // සෑම විටම අන් අය සමඟ සාපේක්ෂව සසඳා බලන,//මේක තමයි මට නං පෙන්න බැරිම වැඩේ ... නියම අර්ථකතය !

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්නෙත් ඉතිං කෙල්ලොම තමයි :P

      Delete
  5. දීර්ග පෝස්ට් අතරේ පුංචිම පුංචි පෝස්ට් එකක් තිබුණ නිසා කියවන්න පුළුවන් උනා. මොකද ටිකක් වෙන්න වැඩ වැඩියි මේ දිනවල. ප්‍රේමයයි රාගයයි ගැන තියෙන අදහස ලියන්න වෙලාව නම් මදි මලේ. කොහොම උනත් මුල මැද අග හොඳට ගලපලා ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මට ඒක ගලපගන්න බැරි උනා :((

      Delete
  6. ආකර්ෂණයෙන් ආරම්භවී පසුව, එකිනෙකා කෙරෙහි වන ආකල්ප, ගරුකිරීම මත පදනම්ව ගොඩනැගෙන ගොඩනැගිල්ලක් වැනිය. පාදමේ ශක්තිමත් බව පමණක් ප්‍රමාණවත් නොවේ. කවුරු කෙසේ කීවත් එය රාගයෙන් යම් තරමකට හෝ අලංකෘත වී ඇත. එකිනෙකා කෙරෙහි වන ගරුකිරීම තමයි ගොඩක් වැදගත් කියල මම හිතන්නේ

    ReplyDelete
    Replies
    1. මං ඔයාගෙ බ්ලොග් එකේ අන්තිමට දාපු පෝස්ට් එකත් කියවල ආවෙ .... හික්ස්.. ඔහොම හිතෙන එක හරි :x

      Delete
    2. ඕකනේ ඉතින්... අදහසක් කියපු ගමන් මෙයා පටන් ගන්නවනේ මගේ කිල්ලොටේ බලන්න... හිකිස්....

      Delete
  7. අපි දන්නේ නෑ අනේ ඕවා.....

    ReplyDelete
    Replies
    1. ඇයි ළඟදි සලමනයෙක් අල්ලගත්ත කියල ආරංචියක් ආවෙ :P

      Delete
    2. නෑ... නෑ... තාම අල්ල ගත්තේ නෑ.... අල්ල ගනිමින් යන්නේ.... ;)

      Delete
  8. ජිවිතය කොහොමත් ස්ථිර නැ.ඒක අවබෝධ කරගෙන ජිවතය හසුරුවා ගන්න පුළුවන් නම් මැනවි.

    ReplyDelete
    Replies
    1. එහෙමත් කාලයක් හිටියා.. එතකොට හැම එකාම ඔළුවට අත හෝදන්න එනවා :(

      Delete
  9. ආදරය සුන්දර වලඳකි...මෂන්

    ReplyDelete
    Replies
    1. මට ඕන කළ ගෙඩියක් වගේ එකක් බං.. කට පුංචි නිසා ආදරේ දෝරේ ගලා අපතේ යන්නෙ නෑ එතකොට :D

      Delete
  10. එක වෙලවකට "සැබෑ රාගය" හොඳයි කියලා හිතෙනවා "බොරු ආදරයට" වඩා...( ඒකෙන් කියවෙන්නේ නැහැ රාගය මත සියල්ල රඳා පවතිනවා කියලා හරිද )

    ReplyDelete
    Replies
    1. I Like රාගය :D

      මොකද මේ ස්පෑම් කාරයෙක් කියල බ්ලොගර් එකෙන් හංවඩු ගහල තියෙන්නේ ?

      Delete
  11. අනේ බෑ බං. උඹ ලියහන්.. මං කියවන්නම්. :)

    ReplyDelete
    Replies
    1. ලියන්න බෑ........... ඒක දැනෙන දෙයක් නිසා

      Delete
  12. මේක ආදරය ගැන ලියැවුනු තනි වාක්‍යයේ පෝස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. නෑ.. නෑ... ප්‍රේමය ගැන ලියවුනු :)

      Delete
  13. ප්‍රේමය නම්......හ්ම්.. ඇත්තම කිව්වොත් අයි හෑව් නෝ අයිඩියා වට්සෝ එවර් @-)

    ReplyDelete
    Replies
    1. ඩෝන්ට් යූ ෆීල් ඉට් යෙට් ? :D

      Delete
  14. රාගය නම් වූ ස්වාභාවික හැඟීමෙන් බාල්දි තුන හතරක්??? :-O

    එතකොට බං අර නන්දාමාලනිය ගයන්නෙ, ප්‍රේමය නම් රාගයෙන් තොරයි කියල.

    මම නම් හිතන්නෙ මොන මඟුල උනත් ඕක දළු ලා වැඩෙන එකක් නෙවි. එන්න එන්න ක්‍ෂය වෙන එකක් වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. නන්දා මාලනීගෙ කාලෙ එහෙම වෙන්න ඇති.. දැන් ආදරේ අප්ඩේට් වෙනවනෙ බං :P

      Delete
  15. මදැයි කාලෙකින් ඇවිත් පෝස්ට් එකක් බැලුවා. අමතක කරන්න හදනකොට එතනත් පෙම් කතාවක්!!!

    ප්‍රේමය කියන්නේ, අල්ලගත්තොත් අත ඇරගන්න බැරි, ජීවිතය හිමින් සැරේ අපි නොහිතන දිහාවකට ගෙනියන, ලොකු කැපකිරීමකින් කරන්න ඕනි දෙයක්. දුක, සතුට දෙන්නේ හරියටයට තරාදියක දාලා කිරන්නා වගේ. වෙලාවකට එක පැත්තක් උඩ. තව ටිකකින් අනෙක් පැත්ත උඩ. ඒත් කොයි වෙලාවකවත්, ඒත් අපිට ඕනි පැත්ත නෙමේ.

    ප්‍රේමය ගැන කොච්චර නිර්වචන දුන්නත්, පොත් ගනන් ලීවත් ඇතිවෙන්නේ නෑ. තේරුම් කරලා දෙන්නත් බෑ. විඳලම බලන්න ඕනි. :D

    ReplyDelete
    Replies
    1. ඇතුවත් බැරි, නැතුවත් බැරි මල ඉලව් ලව් =((

      Delete
  16. දවස් දෙකක් නිදිමරලා මදෑ බ්ලොග් එකක් කියවන්න ආව. හිසරදෙත් වැඩි උනා ~X(
    හි හි... I-)

    අයියගේ නිර්වචනේ බොහෝ දුරට හරි. :(
    "ආදරය නම් වූ උත්තරීතර නිරාමිස හැඟීමෙන් තේ හැන්දක ප්‍රමාණයක්ද , රාගය නම් වූ ස්වාභාවික හැඟීමෙන් බාල්දි තුන හතරක් එක්කොට" ,
    නමුත් හැම තැනම මෙහෙම නෑ =((

    එකට එකක් දැම්මනම් රහට තියෙයි :) හරියට අපි වගේ :x :x :x

    ReplyDelete
    Replies
    1. ඔන්න කෙල්ලනේ ඇහුනනේ... 1:1 අනුපාතෙන්ලු මෙයාගෙ වැඩ :D

      Delete
    2. ;) :D ;) :D බලන්න කෙනෙක් නැති හින්ද ම හොඳා B-) :-bd B-) :-bd

      Delete
  17. මට නම් මේ අදහස් වැඩිය අල්ලන්නෙ නෑ මලයා :-(

    ReplyDelete
    Replies
    1. ඒත් ඇත්ත ඒකම නේද ? :(

      Delete
  18. මට තේරැනේනැද්ද මන්ද.......
    දැන් කවුද බදාම එකට අච්චාරැ දැම්ම ගොනා????

    ReplyDelete
    Replies
    1. මේකට නම් මම ඇති වෙනකල් හිනා උනා.... හය්යු.... lolz lolz
      +++++++++++

      Delete
    2. අච්චාරුවක් කිව්වෙ ඔක්කොම නාගෙන අනාගෙන පජාත, කුජීත වෙන නිසා..
      බදාම කිව්වෙ සෙට් උනා වගේ නෙවෙයි අතෑරගන්න බෑ ලේසියෙන්.. දුකායි, චාටර් සමාජ පරිභවයන් නිසා..


      මේක තේරුම් ගන්න සමාජ විද්‍යාත්මක න්‍යායන් තුල ගැබ් උන භූ විෂමතා ලක්ෂණ පිළිබඳ මනා අවබෝධයක් තියෙන්න ඕන.. නැත්නම් පොඩි උන්ට මේ වගේ බරපතල නියමයන් අවබෝධ වෙන්නෙ නෑ :P

      Delete
  19. සංකිර්ණ අත්දැකිමක්... බලන් ගියාම ආදරෙත් එක විදියක අච්චාරුවක්.

    ReplyDelete
    Replies
    1. අච්චාරු වටින්නෙ පරණ වෙන තරමට වගේ, ආදරෙත් වටින්නෙ කල් ගත වෙලා දෙන්නට දෙන්න අවබෝධ කරගන්න තරමට :)

      Delete
  20. අච්චාරු නම් පරණ වෙන්න වෙන්න රසයි..අපොයි..කොහෙද dot..ආදරේ එහෙම වුනේ..ඉතාම හදිස්සියෙන් විතරයි...
    ඔයාට dot කිව්වට කමක් නෑනේද..?..මලයෝ

    ReplyDelete
    Replies
    1. හෑ... ඔයා කොහොමද ඒ නම දන්නෙ ? :( ඒක රහසක්නෙ :'(

      Delete
  21. මට දැං හිතිලා තියෙන්නෙත් ඕක සහතික ඇත්ත නේද කියලා.. විවාහය කරා යන මඟ ඔස්සේ යන ආදරය හා ඊට පසු එහි පැවැත්ම රාගය හා තදින් මුසු වී තිබේ ලූ.. අහ් ඔයා අර කිවුව බාල්දි තේ හැදි අනුපාත වලින්..

    නමුත් රාගය 0ක්ම වුණ , ආදරය පවිත්‍රව පමණක්ම තිබුණ ආදරයක මතකයක් මා සතු නෑ නොවේ... මම තාමත් විශ්වාස කරනවා ඒ සෙනෙහසට පැවැත්මක් නොතිබුණු එක හොඳයි කියලා.. මොකද ඒ ආදරය දිහා රාගයේ නාමයෙන් ඇහැක් ඇරලා බලන්නවත් මට බෑ.. නමුත් රාගයෙන් තොර ප්‍රේමයට මල් ඵල හෝ පැවැත්මක් තොරයි..:(

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒත් ඒක පිළිගන්නෙත් නැත්තෙ ගෑල්ලමයිමයි නේද ;)

      Delete
  22. Premaya nam ...
    http://www.youtube.com/watch?v=zfK5xaeSzSU

    ReplyDelete
  23. විරුද්ධ ලිංගිකයන්ගේ ප්‍රේමය වෙනස් වෙන්නෙ අනෙක් ප්‍රේමයන්ට වඩා එහි රාගය මුසු වී තිබෙන නිසා තමා.. අපි තමා දැනගන්න ඕන කොච්චර බාල්දි ගානක් රාගයෙන් දානවද කියලා.අනේ මන්දා මේ පොඩි මටනම් ඕවා තේරෙන්නෙ නැහැ.

    ReplyDelete

Post a Comment

◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net

You May Like Also,

පන්සිය පණස් ජාතක පොත

මේක දෙන්නෙ හිටියෙ මීට ගොඩ දවසකට කලින් උනත් විවිධ හේතු නිසා අතපසු උනා.. අද පෝය දවසෙ කොහොම හරි දානව කියල හිතා ගත්තා... පන්සිය පණස් ජාතකය, ඔව් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම 550 ක , උන්වහන්සේ විසින් දේශණා කරපු ජාතක කතා මේකෙ ඇතුලත්.. අපි සාමාන්‍යයෙන් දන්න විදියට පන්සිය පණස් ජාතකය කිව්වට දැනට නිකුත් වී තියෙන ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නෙ ජාතක කථාංග 447 හෝ 446.. අනිත් 3 හෝ 4 ගැන සඳහනක් නෑ.. නමුත් මේ විද්‍යූත් ලේඛන පිටපතේ ජාතක කථාංග 550 ම ඇතුළත්.. අවසන් කථාංග 4 බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් කටවහරෙන් පැවතෙන ජාතක කථාංග ඇතුලත් කරල තියෙනවා.. මට මේක හම්බ උනේ වෙන වෙනම කොටස් විදියට. මං සියල්ල එකතු කරල තනි PDF file එකකට merge කරා... අවශ්‍ය තැන් bookmark කරන් කියවන්න පුළුවන්නෙ... 19.9 MB  ඔබගේ පරිගණකයේ මෙහෙයුම් මෘදුකාංගය Windows XP හෝ Windows 7 නම්, PDF file reader එකක් නැතිනම් මෙතනින් adobe reader එක අරගන්න..

බ්ලොග් එකේ Navigation Bar එක අයින් කරමුද ?

අපි බ්ලොගර් වලින් බ්ලොග් එකක් හැදුවම මෙන්න මෙහෙම බ්ලොග් එකට උඩින් Navigation Bar එකක් වැටෙනවනෙ. කැතයි වගේ නේද ? එහෙනම් ඉතින් අයින් කරමු. මේක අයින් කරාම බ්ලොග් එකේ SEO වඩා හොඳින් වෙනව කියල  digitalpoint forum එකේ තිබුන. නමුත් ඒ ගැන නම් මං හරියට කියන්න දන්නෑ. මෙන්න මෙහෙමයි වැඩේ , ඔයා පැරණි blogger interface එක නම් පාවිච්චි කරන්නෙ, Dashboard  >> Design >> Edit HTML වෙත යන්න. අළුත් blogger interface එකේ නම් කෙලින්ම Template කියල තියෙනව. දැන් මේක කරන්න කලින් full template එකම download කරන් ඉන්න. නැත්නම් වරද්දගෙන මට බනින්න එප. (වරදින්න දේකුත් නෑ හැබැයි ) දැන් අළුත් blogger interface එකේ අයත් තමන්ගෙ දැනට active template එකේ Edti HTML වෙත යන්න. දැන් මෙහෙම පණිවිඩයක් ආවනෙ. එතන Proceed ක්ලික් කරන්න.  දැන් ඔයාගෙ template එකේ HTML කෝඩ් තියෙනව පෙනෙයි. දැන් මේ පහත රූපෙ විදියට variable definitions කියන තැන හොයා ගන්න. අමාරු නම් Ctrl + F ගහල හොයා ගන්නකො.  දැන් ඔන්න ඔය කෝඩ් එකෙන් උඩට, ඒ කියන්නෙ *variable definitions තැනයි උඩ කඩ ඉරි පේලියයි අතරට මෙන්න මේ පුංචි කෝඩ් එ

පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?

හනී බනී වෙන් වෙලා දැන් මාස 8ක් විතර ඇති. ගොඩක් දෙනා අහන දෙයක් තමයි එච්චර  ආදරේ කරා නම් කොහොමද දැන් ගානක් නැතුව ඉන්නෙ කියන එක. ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගෙ මිත්‍රයෙක්ගෙ wife ළඟදි Cancer එකකින් නැති උනා. පෞද්ගලිකවම මං දන්න දෙයක් තමයි ඒ දෙන්න අතරෙ පුදුම ආදරයක් තිබුනෙ. එයාලගෙ විවාහ ජීවිතේට අවුරුදු 19කටත් වැඩියි. ඒත් මළ ගෙදරදි, ආදාහන කටයුතු කරද්දිවත් ඒ අංකල් පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ. කිසිම දුකක් පේන්න තිබුනෙත් නෑ. හිස් බැල්මෙන් බලාගෙන හිටිය විතරයි. කටයුතු ඉවර වෙලා අපි ආපහු යනකොට ඒ මනුස්සය කිව්ව හරි අපූරු කතාවක්, "නෝන නැති උනාට මට දුකක් නෑ.. ඒත් එයා නැති පාළුව මගේ ජීවිත කාලෙම තියේවි. පහුගිය අවුරුදු 19ටම එයා මටත්, මගෙන් එයාටත් වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරා. අපි දෙන්න දෙන්නටම ණය නෑ.." එච්චරයි.. මමත් කාටවත් ණය නෑ.. ඒත් අද (ඔක්තෝම්බර් 30) තමන්ගෙ 20 වෙනි උපන් දිනේ සමරන හනී බනීගෙ සියළු කටයුතු, අනාගතේ, බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම ඇයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි (සම්මතයට අනුව) යාළු වෙන්නෙ/ ආදරේ කරන්නෙ/සම්බන්ධයක් ඇති කර ගන්නෙ ?? කෙල්ලන්ගෙ පැත්ත