Skip to main content

මම නොවන මම........



අසීමාන්තික අවකාශයේ.......
පියඹිය නොහැකිව.....
සමාජ බැමින් කොටු වී........
නිදහසට ලොබ බැඳ ..........
සුසුම් හෙලන....
මම නොවන මම........

යාන්ත්‍රික ‌‍‌‍‌දෛවයකට....
උරුමකම් පෑ පවකට....
අනිච්ඡානුග සොම්බියකු මෙන්...
හඹා යමි  ජීවිතය පසුපස...

අමාවක ගණඳුරු දිනෙක...
හිස් අහසේ තරුකැට අතර...
නොදුටු පුන්  සඳ සොයන...
මම නොවන මම........

Comments

  1. ඔබ නොවන ඔබ??? :D

    ReplyDelete
    Replies
    1. අපි නොවන අපි හැමෝම :(

      Delete
  2. අපි නොවෙන අපි...

    අපි හැමෝම ඔහෙම තමයි එක විදිහකට බලනකොට...

    ReplyDelete
  3. අන්න ඩ්‍රැකීට තේරුනා :-c :-c

    ReplyDelete
  4. අපි අපි වගේ තමා ඉතින්..

    ReplyDelete
  5. 'මං අනුන්ගෙ' කියල කතාවට ත් කියන්නෙ.. :)

    ReplyDelete
    Replies
    1. මම නම් අපේ අම්මගේ :D

      Delete
  6. මට මගේ වෙන්න ඉඩක් දෙන්න...

    ReplyDelete
    Replies
    1. ඔයා ඉක්මනටම අනුන්ගේ වෙන්න :P

      Delete
  7. ඕක ඉන්ෂුවරන්ස් ගන්න ගියාම කේස් එකක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්නේ... අපේ ඊළඟ ආත්මෙට ප්‍රතිලාභ ලැබෙන්න හැදුව නම් හරි :)

      Delete
  8. හැමදාම අනුන්ට ඕන විදිහට ජීවත්වෙන: මම නොවන මම, ඔබ නොවන ඔබ, අපි නොවන අපි...

    ReplyDelete
    Replies
    1. හැමෝම අනුන්ට ඕන විදියට ජිවත් වෙනවා නම්, කවුද මේ "අනුන්" ??

      Delete
  9. සීමාන්තික ජීවිතයේ
    අසීමිත ආශාවන් මැද
    සිතින්...(
    සමාජ බැඳී බිම දමා ..
    නිදහස අසීමිත ..
    සොම්නසින් ..
    වෙන කෙනෙකු නොවන ..මම
    )

    ReplyDelete
    Replies
    1. අන්න හරි.. අන්න එහෙමයි ඉන්න ඕන :)

      Delete
  10. බ්ලොග් එක සුපිරි සහෝ...සුභ පතනවා

    එන්න එකතුවත් එක්ක එකතු වෙන්න http://ekathuwa.org/

    ReplyDelete
  11. ඔයා ජීවතුන් අතර ඉන්නවැයි යසිත් අය්යණ්ඩි..??

    ReplyDelete

Post a Comment

◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net