Skip to main content

Posts

කැපවීම - උනන්දුව සහ කාලෙකට පස්සේ....

domain එකේ renewal mail එක ගුගල් එකෙන් ආවම තමයි බ්ලොග් එකක් කියල මෙව්වා එකක් තිබුන නේද කියල මතක් උනේ. ජොබ් එකයි, ඩිග්රි එකයි, ෆේස් බුකියෙයි වැඩ වලට වෙලාව ගියාම බ්ලොග් කෙරුවාව නතර වෙලාම ගියා. මුලින්ම ආගිය විස්තර ටිකක් කියල ඉමුකෝ.. (ඔව් ඔව් පම්පෝරියක් තමයි   ) ඉන්ස්ටියුට් එකෙන් එලියට පැනලා ජොබ් එකට ඇවිල්ලා දැන් අවුරුද්දයි මාස 3 ක් වෙනවා. ජොබ් එකට ආවේ බයේ ගැහි ගැහි internship/ trainee software developer කෙනෙක් විදියට උනත් මේ ටික කාලේ ඇතුලත, මේ වෙද්දී Head Of Development (HOD) එහෙමත් නැත්නම් Middle Level Management එකට පැන ගන්න පුළුවන් උනා. මොකද කින්ඩියට හිනා වෙන්නේ   ගොට්ට අල්ලලා නෙවෙයි බන්, කරවල කටු අමුවෙන් කාල තමයි මේ තරම්වත් දුර ආවේ. කොටින්ම කිව්වොත් එක දිගට පැය 24 ක් ඔෆිස් එකේ වැඩ කරපු උන් දැකල නැත්නම්, සප්ප්‍රයිස්   මෙන්න ඉන්නවා.. පළවෙනිම ජොබ් එක නිසාත්, වදයක් නැතුව බෝසාල සහ ස්ටාෆ් එකේ අනිත් උන් එක්ක ඉන්න පුළුවන් නිසාත් දුම්මල ගහල එලෙව්වේ නැත්නම් තව චිරාත් කාලයක් ඉන්න තමයි අදහස. බලමුකෝ... ලොකු කම් දොඩා අවසානයි. අමාරුවෙන් කියවූ සැමට ස්තුතියි !  හරි. අලුතෙන් ෆීල්ඩ් එකට බහින න

මටත් ඕනේ ලස්සනම ලස්සන කෙල්ලෙක් ...

හැම කොල්ලම හොයන්නේ මොන වගේ කෙල්ලක්ද ? හොඳ ගුණයහපත් කෙල්ලක්ද ? ඔව්, නමුත් ඒ උත්තරේ එන්නේ පෝලිමේ දෙවෙනියට නේද?  මුලින්ම හිතට ආපු උත්තරේ "එළකිරි කෑල්ලක් " හැමදාමත් කියනවා වගේ "පට්ට කෑල්ලකට" වඩා "එළකිරි කෑල්ල හොඳයි". ගොඩ කාලෙකට කලින් ලියපු පොස්ට් එකක ඔය දෙකේ වෙනස පැහැදිලි කරාද කොහෙද. හරි ඒක නෙවෙයිනේ අපි කතා කරේ. කොල්ලෙක්ට "උඹට හරියන කෙල්ලක්" කියපු ගමන්ම මුලින්ම හිතට එන්නේ මොකක්ද ? එතැනදී කොල්ලගේ භූමිකාව අදාළ වෙන්නේ නැහැ, ඌ අහිංසකයෙක්, මැරයෙක්, බේබද්දෙක්, කුඩු කාරයෙක්, එලොවටත් මෙලොවටත් දෙකටම නැති එකෙක් තියා මොකෙක් උනත් මුලින්ම හිතේ මැවෙන්නේ කෙල්ලෙක්ගෙ රූපයක් නේද ? අන්න ඒ මැවෙන රූපේ ගැනයි නිකමට අකුරු ටිකක් කොටලා යන්න හිතුනේ. මොකද මේ දවස්වල තියෙන යහපාලනයත් එක්ක අපේ ගෙදර අයත් මම මුලික කරගෙන ඔය මාතෘකාව ගැන උනන්දුයි වගේ පේනවා. හරි, "කෙල්ලෙක්" කියන වචනේ ඇහුන ගමන් කොල්ලෙක් ඉදිරියේ මැවෙන හොලෝග්‍රෑම් එක මොකක්ද. සමහරුන්ට ඉස්කෝලේ කාලේ මතකයක්,බස් එකේ හෝ අතරමග අහම්බෙන් කැප්චර් උන එකක්, එහෙමත් නැත්නම් සනී ලියොන් වගේ කෙනෙක් උනත් වෙන්න පු

මගේ මුල්ම ජොබ් එක...

මාස 6 කින් විතර කිසිම අලුත් පොස්ට් එකක් ලියන්නවත්, යාළුවොන්ගේ බ්ලොග් කියවන්නවත් එන්න බැරි උනා. ඒ ජිවිතේ කාර්යබහුලම මාස 6 ඒ කාලය නිසා.. Higher Education Stages 2 ක් අවසන් කරලා Professional life එකේ මුල්ම අඩිතාලම විදියට Software & Web Developer කෙනෙක් වෙන්න මට අවස්තාව ලැබුනා. මේක මගේ මුල්ම රැකියාව. තාමත් ඉගෙන ගන්න අයටයි, මේ ෆීල්ඩ් එකට අලුතෙන් එන අයටයි වැදගත් වේවි කියල හිතෙන නිසා පහුගිය ගතවුණ මාස 6 ගැන විස්තර ටිකක් කියන්නම්.  NIBM Higher Diploma ඒක අවසන් වෙලා මාසයක් ඇතුලත හැම කෙනෙක්ම ට්‍රේනින් තැනක් සෙට් කරගන්න ඕන, නැත්නම් අවුරුද්දක් ෆේල් විදියටයි සැලකෙන්නේ. ඉතින් කවදා කාපු ටකරන්ද, දැන් හොයාපන්කෝ ජොබ්...  ගොඩක් අය ගොඩක් දේවල් කියනවා, මම මගේ පුද්ගලික අත්දැකීම කියන්නම්.. මුල්ම දේ උනේ හොඳ CV එකක් හදාගන්න ඒක. ඇත්තටම Standard CV එකක් හදනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. එකේදී අඩුපාඩු පෙන්නලා දීලා වැරදි හැදුවේ තෙපුල් සර් සහ ශාකුන්තල අයියා .. CV ගැන හොඳ ලිපියක් ශාකුන්තලගේ බ්ලොග් එකේ තියෙනවා..   http://blog.shaakunthala.com/2014/01/improving-your-cv.html වෙබ් එකේ තිබුන හැම ජොබ් සයිට්

මම නොවන මම........

අසීමාන්තික අවකාශයේ....... පියඹිය නොහැකිව..... සමාජ බැමින් කොටු වී........ නිදහසට ලොබ බැඳ .......... සුසුම් හෙලන.... මම නොවන මම........ යාන්ත්‍රික ‌‍‌‍‌දෛවයකට.... උරුමකම් පෑ පවකට.... අනිච්ඡානුග සොම්බියකු මෙන්... හඹා යමි  ජීවිතය පසුපස... අමාවක ගණඳුරු දිනෙක... හිස් අහසේ තරුකැට අතර... නොදුටු පුන්  සඳ සොයන... මම නොවන මම........

ගැහැණු ගැන, කොල්ලෝ අපි හිතන හැටි.....

ඉඳල හිටලවත් මොකක් හරි කුරුටු ගානවා කියල හිතුවට එකත් එහෙමම අමතක වෙනවනේ.. අද නම් කොහොම හරි විනාඩි 5ක් හොයා ගත්තා.. මේක මමයි යාළුවෙකුයි අතරේ උන කතාවක්. එකෙත් පොඩි මෙව්වා එකක් හිතන්න තියෙන නිසා දානවා. කම්මැලි කමට ගෙදරට වෙලා ඉන්න බැරි දවස්වලටත් අපි NIBM යනවා සෙට් වෙලා පාඩම් කරන්න කියල හිතාගෙන. එත් ගොඩක් දවස් වලට වෙන්නේ සෙට් වෙලා Game ගහන එක තමයි. එකත් එක්තරා විදියක ඉගෙනීමක් නිසා කමක් නෑ කියමුකෝ.. හරි පහුගිය දවසකත් ඔහොම ගියා කියමුකෝ. අපි අපේ පාඩුවේ මුල්ලකට වෙලා Despicable Me: Minion Rush පැන්චෝ Game එක ගහනවා. (පොඩි උනාට මරු. Microsoft App Store එකෙන් Download කරගෙන බලන්න) කොහොම හරි ඔන්න අපේ ජුන්නෝ බැජ් එකකටත් Tea-Break එක ලැබිල. එයාලත් කැෆේ එකේ පිරුණා. පැන්චෝ Game ගහන අතරේ පැන්චියෝ දිහා බලන එකත් සාමාන්‍ය ස්වාභාවික සංසිද්ධියක්නේ. කන විදිය, ඇවිදින විදිය, කතා කරන විදිය එකිනෙකාට සපුරාම වෙනස්. සමහර කෙල්ලෝ අනිත් අය බලන් ඉන්නව කියල හිතන් අමුතු posh ගතියක් ආරෝපණය කර ගන්නවනේ. උන් රෝල්ස් එකෙන් කන්නේ බාගයයි, බිම එකෙන් බාගයයි බොන්නේ, එකත් පැය බාගයක් විතර හූනෙක් වතුර බොනවා වගේ, එත් අපරාදේ කියන

කාලෙකට පස්සේ......

සෑහෙන කාලෙකින් බ්ලොග් ජීවිතේට එන්න බැරි උනා... ඒ ඇත්ත ජිවිතේ එක්ක හිරවෙලා හිටපු නිසා.. ඔය දෙක අතර වැඩි වෙනසක් නැති උනත් ඇත්ත ජිවිතේ කවදාවත් Undo සහ Redo button දෙක නෑ.. තිබුන නම් මේ ලෝකේ මිට වඩා ගොඩක් වෙනස් වෙයි ... පහුගිය මාස 3 ට ගොඩක් ලොකු වෙනස්කම් නොවුනත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත.. සමාජයේ රඳා පවතින්න නම් වැල යන අතට මැස්ස ගැසීම , ඕනවට වඩා අවංක නොවීම, ඕනවට වඩා සාධාරණ නොවීම වගේ විකාර දේවල්.. කොටින්ම "ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත" කියන සංකල්පය. පුංචි වැඩ කිහිපයක් පටන් ගත්තා.. ජොබ් කරන්න තව කල් තිබුනත් (මම ජොබ් කරන්න කැමති නැතෝ) අර මොකක්ද එක ඊට වඩා ලොකු නිසා දැන් ඉදන්ම මොකක් හරි කරන්න ඕනෑකම තියෙනවා. එත් එදා මෙදා තුර කරපු දේවල් වලින් පාඩුවක් මිස ලාභයක් නම් උනේ නෑ.. බොරලුගොඩ, රජා, කළු සුදු ,දෙසකයා , සිතුවිලි සිතු කට්ටිය නම් හැමදාම වගේ මුණු පොතෙන් හම්බ වෙනවා.. කොහොම උනත් මේ පොස්ටුව ලිව්වේ මම තාම පන පිටින් ඉන්නවා කියල කියන්න විතරයි. පුළුවන් වෙලාවට බ්ලොග් කියවන්නත් එනවා කලාතුරකින් හරි මමත් මොනවා හරි කුරුටු ගාන්නම්. දැනට ගිහින් එන්නම් .. ප.ලි: කීප දෙනෙක් මඩක් ගහල තිබුන

පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?

හනී බනී වෙන් වෙලා දැන් මාස 8ක් විතර ඇති. ගොඩක් දෙනා අහන දෙයක් තමයි එච්චර  ආදරේ කරා නම් කොහොමද දැන් ගානක් නැතුව ඉන්නෙ කියන එක. ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගෙ මිත්‍රයෙක්ගෙ wife ළඟදි Cancer එකකින් නැති උනා. පෞද්ගලිකවම මං දන්න දෙයක් තමයි ඒ දෙන්න අතරෙ පුදුම ආදරයක් තිබුනෙ. එයාලගෙ විවාහ ජීවිතේට අවුරුදු 19කටත් වැඩියි. ඒත් මළ ගෙදරදි, ආදාහන කටයුතු කරද්දිවත් ඒ අංකල් පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ. කිසිම දුකක් පේන්න තිබුනෙත් නෑ. හිස් බැල්මෙන් බලාගෙන හිටිය විතරයි. කටයුතු ඉවර වෙලා අපි ආපහු යනකොට ඒ මනුස්සය කිව්ව හරි අපූරු කතාවක්, "නෝන නැති උනාට මට දුකක් නෑ.. ඒත් එයා නැති පාළුව මගේ ජීවිත කාලෙම තියේවි. පහුගිය අවුරුදු 19ටම එයා මටත්, මගෙන් එයාටත් වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරා. අපි දෙන්න දෙන්නටම ණය නෑ.." එච්චරයි.. මමත් කාටවත් ණය නෑ.. ඒත් අද (ඔක්තෝම්බර් 30) තමන්ගෙ 20 වෙනි උපන් දිනේ සමරන හනී බනීගෙ සියළු කටයුතු, අනාගතේ, බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම ඇයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි (සම්මතයට අනුව) යාළු වෙන්නෙ/ ආදරේ කරන්නෙ/සම්බන්ධයක් ඇති කර ගන්නෙ ?? කෙල්ලන්ගෙ පැත්ත