
මුලින්ම ආගිය විස්තර ටිකක් කියල ඉමුකෝ.. (ඔව් ඔව් පම්පෝරියක් තමයි
පළවෙනිම ජොබ් එක නිසාත්, වදයක් නැතුව බෝසාල සහ ස්ටාෆ් එකේ අනිත් උන් එක්ක ඉන්න පුළුවන් නිසාත් දුම්මල ගහල එලෙව්වේ නැත්නම් තව චිරාත් කාලයක් ඉන්න තමයි අදහස. බලමුකෝ...
ලොකු කම් දොඩා අවසානයි. අමාරුවෙන් කියවූ සැමට ස්තුතියි !
හරි. අලුතෙන් ෆීල්ඩ් එකට බහින නංගිලා මල්ලිලා දුලා පුතාලට වැදගත් වෙන ටිකක් කියන්නම්.. මීට අවුරුද්දකට දෙකකට කලිනුයි දැන් මේ වෙද්දියි කැම්පස් වලින් "ට්‍රේනින් පල" කියල එලියට දාන සෙට් එකේ පැහැදිලි වෙනසක් තියෙනවා. Interview එන බහුතරයකට තියෙන්නේ තියරි දැනුම විතරයි. අඩුම ගානේ සාමාන්‍ය දැනීම ප්‍රශ්නෙකට වත් උත්තර දිගන්න බැහැ. තනිකර අමුම අමු ගිරව්.
ආතල්ම සිද්ධිය මෙයාල code පවා කට පාඩම් කරනවා . දන්නා දෙයක්ම පොඩ්ඩක් හරි වෙනස් කරලා ඇහුවොත් හුටා තමා..
රත්තරනේ, ලක්ෂ ගණන් දීලා තියරි ටිකක් ඉගෙන ගෙන ට්‍රේනින් ආවම ප්‍රැක්ටිකල් ටික කරවලා මාසේ අන්තිමට සැලරි එකකුත් ගෙවන්න ප්‍රයිවෙට් කම්පැනි වලට නිකන් කසනවා කසනවා වගේ නැහැ.
ඒ නිසා තනියම ඉගෙන ගන්න (self study) ඔයා කොහේ ගියත් මොන තැනක හිටියත් ඒකෙන් විතරමයි ගොඩ යන්න පුළුවන්. ඔයාගේ බැජ් එකේ 100 ක් ඉන්නවා නම් ඉතිරි 99 දෙනාට වඩා පොඩි එක දෙයක් හරි ඔයා තනියම ඉගෙන ගන්න. අනිත් හැමෝම දන්නා දේම ඔයත් දන්නවා නම් ඔයා යුනික් වෙන්නේ නැහැනේ. Interview එකකින් තෝරා ගන්නේ එන අයගෙන් විශේෂ කෙනෙක් මිසක් common interviewee කෙනෙක් නෙවෙයි.
අනික සැප බලාගෙන ට්‍රේනින් එන්න එපා. ට්‍රේනින් කියන්නේ අඩු පඩියට ගන්න පුළුවන් උපරිම වැඩ ගන්න එකට. නැත්නම් ඉතින් හැම කම්පැනි එකෙන්ම ෆුල් කොලිෆයිඩ් උන් විතරනේ ගන්නේ.
හරි ඇති කට්ටක් කාල ට්‍රේනින් එක ගොඩ දාගත්ත කියන්නේ එතන ඉඳන් ජිවිතේ මොන ජොබ් එක හම්බ උනත් ඒක කොච්චර අමාරු උනත්, නතින්..
20,000 ක පඩියක් ගන්න නම් ඔයා ආයතනයට 50,000 ක වත් වැඩ කරන්න ඕන. නැත්නම් ඉතින් 20,000 ට 10,000 ක වැඩ කරලා හරි, හරියටම තිතට 20,000 ක වැඩ කරොත් හරි කම්පැනි එකට ප්‍රොෆිට් එකක් නැත්නම් ඔයාව තියා ගන්නේ නැහැ.
Organization එකක් හැම තිස්සෙම අංක 1 ට බලන්නේ profit margin එක. ඒවයි founders, CEO, directors ල වෙස්සන්තරලා නෙවෙයිනේ employees ලට නිකන් පඩි ගෙවන්න
උද්ගෝෂණ, වැඩවර්ජන කරා කියලා පවතින ක්‍රමය වෙනස් කරන්න බැහැ. කරන්න ඕන පවතින ක්‍රමයට අනුව තමන් වෙනස් වෙන්න ඕන. තමන්ගේ වගකීම යුතුකම නියමිත විදියට කරනවා නම් ඉබේම තමන්ගේ අයිතිවාසිකම් ටිකත් ලැබේවි. අපේ අයියලා කරන්නේ එකේ අනිත් පැත්තනේ.
හැබැයි මැරීගෙන වැඩ කරලත් කිසිම ප්‍රතිලාභයක් නැත්නම් හරි ඇගයීමක් නැත්නම් හරි, එතන ඉඳලා තේරුමකුත් නැහැ. තමන්ට ගැලපෙන තැනක්, තමන්ට නිසි ඇගයීමක් ලැබෙන තැනක් ඉක්මනින් සොයා ගන්න.
හරි අන්තිමට කියන්න තියෙන්නේ ජොබ් එක කියන්නේ ජිවිතයම නෙවෙයි.. ජිවිතේ වැඩිම කාලයක් ගත වෙන්නේ මේ වෙනුවෙන්ම තමයි, නමුත් ජිවිතේ තව ගොඩක් දේවල් තියෙනවා විඳින්න.. ගත වෙන හැම තප්පරයක්ම ආපහු roll back කරන්න බැහැනේ. ඒ නිසා ඉන්න ටික කාලේ සේරම බැලන්ස් කරන ජොලියේ ඉමු.
(මාසෙට පාරක්වත් ලියන්න ඕන
අනේ බං මේ ටෙම්පලේට් එක හෙන ඔලුව කැක්කුංනේ
ReplyDeleteකමෙන්ට් එක පබිලිස් උනාද නැද්ද බං
Deleteපබ්ලිස් වෙලා තියෙන්නේ මේ :)
Deleteකොහොමත් ප්‍රයිවට් ආයතන වල සූරාකෑම තියෙනවා. ඒකට මුහුණ දීලා, නැගිටින එකාට, පාට් ටයිම් වගේ තනියම වැඩකරලා, තමන් කොලිෆයිඩ් වෙන්න කැපකරපු කාලයට සරිලන මුදලක් උපයගන්න පුළුවං... නේද?
ReplyDeleteතනියම වැඩ කරන එක හොඳයි, නමුත් ලොකු රිස්ක් එකක් තියෙනවා.
Deleteproject ලැබෙන්න පුළුවන් නොලැබෙන්න පුළුවන්. ලෙඩක් දුකක් උනොත් එදා වැඩ කරලා හමාරයි.
development, maintenance, support services, breakdowns මේ ඔක්කොම තනි පුද්ගලයෙක්ට handle කරගන්න බැහැ.
සුරාකැම ගැන නම් කියලා වැඩක් නැ, නමුත් බොහොම ඉවසීමෙන් තමන්ගෙ ප්‍රතිපත්ති ආයතන ප්‍රධානින්ට පැහැදිලව පේන්වන ගමන් productive , quality , accurate , විදිහට තමන්ගේ රාජකාරිය තිතට කරලා පෙන්නුවාම තමන්ට තැනක් හදාගන්න වැඩි කාලයක් ඕනේ වෙන්නේ නැ හැබැ දක්ෂයෙකුට....
Deleteඅද තමා මේ පොස්ටුව කියෙව්වෙ යසිත් අය්ය කලින් දාපු පොස්ටුවකුත් මට සම්මුඛ පරීක්ෂණ වලදී සරින් සැරේ මතක් උනා අර තමන්ගේම project දෙක තුනක් කරන්න කියල එහෙම ලියල තිබ්බ පෝස්ටුවක් තිබ්බෙ. :) මේ ලිපියත් වැදගත් තව අවුරුද්දකින් විතර මමත් මේ field එකටම එනවනෙ.මාසෙකට පාරක් වත් මෙහෙම පොස්ටුවක් දානවනම් අනේ ලොකු දෙයක්.
ReplyDeleteවැදගත්ම දේ practical knowledge තමයි, අද නැත්තෙත් ඕකමයි, ජීවිතේට ලෙක්චර්ස් ගියාට, තියරි පාඩම් කරාට ඕක ගන්න බැහැ.
Deleteඅනිත් එක මම දැකල තියෙනවා ඩිප්ලෝමා වගේ ඉවර වෙලා ගොඩක් අය ජොබ් එකකට නොයා ඩිග්රි එකත් ඉවර කරලම යනවා කියලා ඉන්නවා. මහම මහා හරක් වැඩක් ඒක නම්.
ඩිග්රි සහතිකේ අරන් ගියත් ඔයාව ගන්නේ එතකොට ට්‍රේනින් ලෙවල්. මුල ඉඳල හැම දෙයක්ම පටන් ගන්න ඕන.
ලොකූ පඩියක් දෙයි කියල හිතුවට වැඩක් කරගන්න බැරිව ඩිග්රි කොලෙන් මෙලෝ වැඩක් නැහැ. එහෙම උනාම සති 2 න් එළියේ..
IT field එක තමයි කරන්න අමාරුම, ඒ වගේම පට්ටම විදියට හම්බ කරන්නත් පුළුවන් ෆීල්ඩ් එක. කම්පැනි එකේ නම ලොකු පමණින් පඩි වැඩි වෙන්නෙත් නැහැ. සමහර පොඩි කම්පැනි වල අර ලොකූ කියන ඒවා වගේ 10 ගුණයටත් වඩා ගෙවනවා.
හරියටම හරි යසිත්, මං IT ෆීල්ඩ් වැඩ කරන කාලෙත් අපි ගොඩක් දෙනෙක් මුහුණ දුන්න බරපතල දෙයක් තමයි තමන් ගොඩක් ඉහළින් පස්ස් වෙලා ආවත් තමන් තුල ප්‍රායෝගික දැනුම නැති බව පිලිඟන්න, ඉවසන්න අකමැති අයත් එක්ක වැඩ කරන එක, 100 % එකඟයි ඔයාගෙ මේ comment එකට.
Delete:)
Deleteපාටියක් දීපන්
ReplyDelete[im]http://gifdanceparty.giphy.com/dancers/chicken.gif[/im]
Deleteමාත් ආවා මේ පැත්තට කමෙන්ටුවක් දිගේ. සුභ පැතුම් !
ReplyDeleteස්තුතියි ! :D
Deleteඅමුතුම විදිහෙ බ්ලොග් එකක්.. මම මුලින්ම ආවෙ අද. හැබැයි ආයෙ හැමදවසකම එනවා. දිගටම ලියන්න.
ReplyDeleteහැම දවසකම ආවට කියවන්න අලුත් ලිපි තමයි නැත්තේ :(
Deleteඅදයි මේ පැත්තේ එන්න වෙලාවක් ලැබුනේ, යසිත් ඇත්තටම කට්ටක් කාල උඩට ඇවිත් තියෙන බව කාලෙකින් පොස්ට් එකක් ලියන්න තරන් හිතට දැනිමෙන්ම පැහදිලි, නැත්නම් කාට බොරු කලත් තමන්ගේ හිතට තමන්ව රවට්ටගෙන ජිවිතේ වෙනසක් උනා කියල ලියන්න හිතෙන්නෙත් නැහෙනෙ,එකත් කාලෙකින්.
ReplyDeleteතමන්ට නොසැලෙන අධිශ්ඨානයක්යි කැපවිමකුයි කාටවත් ඔලුව නමෙන්නේ නැතුව තනියම ඉහළට යන්න හිත ඇතුලෙන්ම ඕනකමකුයි තියන කෙනෙකුට පහු වෙලා හරි තමගේ කැපවිම් වල නියම ප්‍රතිඵල ලැබෙන බව මං දන්නේ අත්දැකීමෙන්, හැබැයි අනිත් අයගේ පහනෙන් එළිය බලලා ගිය අයටයි, ප්‍රායෝගික දැනුම තමන් ගාව නැතුව ගිය අයටයි ඉතින් අබ සරයි කියල තමා කියන්න වෙන්නෙ ජිවිතේ කවදා හරි.
මෙතනින් නොනැවති තවත් ඉහළ යන්න ලැබේවා කියලා පතමි..
බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට :D සහ පැතුමට :)
Deleteවටින කතාවක් යශ්. සහතික ඇත්ත. පොඩි හරි දෙයක් ගන්න අයට මේ ලිපිය වටිනවා. ජය.
ReplyDelete:-bd :-bd :-bd
Deleteලිපිය නියමයි යසිත. මාත් ඕං ට්‍රේනින් කියල කැම්පස් එකෙන් එලියට දාල තියෙන්නෙ. මටනං වැදගත් මේක. ඔන්න මං හොයාගෙන හොයාගෙන ආව. දැං ඉතින් දිගටම එනව.
ReplyDelete:-bd :-bd :-bd
Deleteඅඩේ. ආයෙ ලියන්න පටන් ගත්තද? මට මෙච්චර දවසක් රණ්ඩු වෙන්න බ්ලොගර් කෙනෙක් නැතුව අප්පා හිටියෙ!
ReplyDeleteවෙල්කම් බැක්! පම්පෝරි ටික ඕක්කොම කියෙව්වෙ නෑ! බට් ජය වේවා!
:D ඒ කොමෙන්ට් එක දැක්කෙත් අවුරුදු 4 කට පස්සේ
Delete