මේක පුංචි ජොලි කතාවක්..
එක මොන්ටි සෝරි යන පොඩි එකෙක් හිටියලු..මේකා හැමදාම යන්නෙ එන්නෙ ත්රීවීල් එකකින්.. ඉතින් ත්රීවීල් එකට නැගපු වෙලාවෙ ඉඳන් මේකගෙ වැඩේ කියවනම එකලු.. ත්රීවීල් අංකල්ටත් කනක් ඇහෙන්න නැතිලු.ඒත් මොනව කරන්නද ජොබ් එකනෙ කියල ඉවසන් ඉන්නව..දවසක් මෙහෙම එනකොට කපුටො දෙන්නෙක් පාර අයිනෙ කුණු ගොඩක් අවුස්සනව, මේක දැකපු පොඩි එකා අංකල්ගෙන් අහනව,
"අංකල්... දැන් අපේ තාත්ති කපුටෙක් වෙලා අම්මි කපුටියෙක් උනා නම් මමත් කපුටු පැටියෙක් වෙනව නේද ? "
"- ඔව් පුතා"
තව ටික දුරක් යනකොට හරක් පට්ටියක් පාර මාරු වෙනව..
"අංකල්... අපේ තාත්ති හරකෙක් වෙලා,අම්ම හරකියෙක් උනා නම් මම වහු පැටියෙක් වෙනවද ? "
"- ඔව්.ඔව්, නැතුව හරක්ට බලු පැටවු හම්බ වෙන්නෙ නෑනෙ"
"එතකොට අංකල් අපේ තාත්ති බල්ලෙක් වෙලා,අම්ම බැල්ලියෙක් උනාම මං බලු කුක්කෙක් වෙනවද ? "
දැන් නම් අංකල් කාරයටත් මල පැන්න.පොඩි එකා උනත් මූට හොඳවයින් කියන්න හිතල මෙහෙම ඇහුව.
"-ඔව් පුතේ..දැන් මම ඔයාගෙනුත් ප්රෂ්ණයක් අහනව.හරියට උත්තර දුන්නොත් අයිස් ක්රීම් එකක් අරන් දෙනව මගේ ගානෙ.බැරි උනොත් ඔයා අපහු මේකෙ යනක මාත් එක්ක කතා නොකර ඉන්න ඕන ..ඔට්ටුද ?
"හරි හරි..මම කැමතියි.අහන්න අහන්න"
"-දැන් පුතාගෙ තාත්ති කුඩු කාරයෙක් වෙලා,අම්මි ගණිකාවක් උනා නම් පුතා කවුද වෙන්නෙ ? "
"ත්රීවීල් කාරයෙක්....ත්රීවීල් කාරයෙක් " පොඩි එකා පටස් ගාල උත්තර දුන්න..

anna podi un !
ReplyDeletePin karanna one yako me vage lamai hambavenna.....