වෙනද ගෙදර යන පුරුද්දටමද කොහෙද බස් හෝල්ට් එකට ආව.ඒත් පන්ති ඉවර වෙලා මෙච්චර හවස් වෙලා ගෙදර යනවමයි. එතකොටම එතනට ලස්සන අපේ වයසෙම වගේ ගෑණු ලමයෙක් ආව. “ෂෝයි කෙලි පොඩ්ඩ..” මට එහෙම හිතුනට කිව්වෙ නෑ. එයත් මං දිහා බලල ලාවට හිනා උනා. ඒත් ඒ හිනාව ගොඩක් දුක් බරයි වගේ.
‘ටුට්ටා…. ටුටිටි ටුටි ටුටුටූ….’ අහල පුරුදු සද්දයක්.. ආ මේ අර ජනතා චැනල් එකේ නිවුස් යනවනේ. අෆ්ෆා.. ඒ කියන්නෙ 7 ත් වෙලා. මමත් ඕප දූප අහන්න ආසාවට පාරට පේන්න TV දමාපු කඩේ ගාවට කිට්ටු උනා. ඇඩ් 10ක් විතර දාල ප්රවෘත්ති පටන් ගත්ත. ෂෝයි කොන්ඩෙ තඹ කරපු ඇන්ටි කෙනෙක්,
“අද මාතර දුම්රිය මාර්ගයේදී පෙම්වතුන් යුවලක් දුම්රියට පැන දිවි නසාගෙන ඇත. මේ එහි රූප රාමුයි”
ඇයි යකෝ අපි මාතර ඉඳලත් දන්නෑනෙ. දන්න කියන එකෙක්ද බලන්න මමත් තව ටිකක් ලං උනා.
“ප්රවෘත්ති ක්ෂේත්රයේ ප්රමුඛයා වන අපි මෙම දර්ශන මුලින්ම ගෙන ආ බව සතුටින් දැනුම් දෙනව. මේ එය සිදු වූ ස්ථානයේ අපි ලබා ගත් 3G දර්ශන”
“දැන් මේ ඔබ දකින්නේ එම ස්ථානයේ දර්ශන ස්කයිප් තාක්ශනය ඔස්සේ”
“මේ එම ස්ථානයේ චන්ද්රිකා ඡායාරූප”
මේක මාර රෙද්දක්නෙ. මුන් මේ එක එක තාක්ෂණ කියල පෙන්නන්නෙ එකම තැන රූපනෙ. ඒ මදිවට කොටු දානව.. කඩේ අංකල්ටත් මල පැනලද කොහෙද චැනල් එක මාරු කරා. ආ ඒපාර නොම්මර එකේ පවුලේ නාලිකාව. ඒකෙත් වෙලාවට මේ නිවුස් එකම යනව.
“අද මාතර ප්රදේශයේ දුම්රිය අනතුරකින් පෙම්වතුන් යුවලක් මිය යයි. මෙම මරණයට අන්තරේ සම්බන්ධ බව ආදරය හා ලිංගික කටයුතු පිළිබද ඇමති මරිසිපාල මහතා පවසයි. රටට පිළිලයක් වූ මෙම අන්තරයේ තවත් එක් බිල්ලක් පමණක් බවත් මෙය වහා තහනම් කළ යුතු බවඳ එතුමා වැඩි දුරටත් පැවසීය.”
මට නිකන් කොයිල් වගේ නිසා එතනම බිමින් පොඩ්ඩක් වාඩි උනා. එතකොටයි දැක්කෙ අර ගෑණු ලමයත් තාම ඉන්නව. පවු.. එයාටත් ගෙදර යන්න පරක්කු වෙන්න ඇති…ගිහින් කතා කරනවද ? එයත් මං දිහා බලනව හිටපු ගමන්. ඒත් මටත් ලැජ්ජයි අෆ්ෆ. දන්නෙම නැතුව තවත් රෑ වෙලා. මමත් ඔහේ බලං හිටිය. මොකක් වෙලාද මංද මට. ගෙදර කොහොම හරි යනව කියල හිතා ගෙන නැගිටිනකොටම කවුද කෙල්ලෙක් කෑ ගහනව ඇහුනා ‘අටට කලිං’ කියල. ඈ…. හරි හරි මේ අර නිවුස් වලින් පුස් කියල අනුන්ගෙ ලෝගො එක කොපි කරන් ඉන්න චැනල් එකනෙ. ඕකෙ ඒවලුනෙ ලංකාවෙ ගොඩක් අය අහන්නෙ. මමත් යන ගමන පැත්තකට දාල ආපහු වාඩි උනා.
පොඩ්ඩක් ගොට්ට අල්ලපු කතා ටික ඉවර වෙලා මට ඕන නිවුස් එක ආව. ඇයි තාමත් දැන ගන්න බැරි උනානෙ මේ කපල් එක කවුද කියල.. නිවුස් කියන අක්ක අඩන්න වගේ මූණ හදා ගත්ත,
“අද මාතරට හරි අඳුරු දවසක්… වළාකුලු වලින් මුළු අහසම වැහිල. වෙනද තිබුන ලස්සන අද තිබුනෙ නෑ..”
මටත් ඇඬෙන්න වගේ….
“පුංචි මයුරි අද උදෙන්ම නැහිටල අම්ම දීපු තේකත් බීල වැසිකිලියට ගියා…”
මේ මොනවද යකෝ මේ කියන්නෙ ? නව කතාවක්ද, ආපහු මං ලාංඡනේ බැළුව. හරි හරි… ඒක තමයි.. අර අපි බස් ටිකට් එක නොගත්තම බැනල TV එකේ පෙන්නන්නෙ. ඇමතිල වගේ ලොකු උන්ගෙ වැරදී ඕකෙ කැමර වලට අහු නොවෙන්නෙ… අන්න ඒකම තමයි.. අක්ක තාමත් කතාව කියනව,
“.…. මයුරි හිතන්නෙ නැතුව ඇති එයා පණ වගේ ආදරේ කරපු එයාගෙ පෙම්වතා එයාට මෙහෙම කරයි කියල. එයා පංතියන්න එළියට එනකොටම එයාගෙ පෙම්වතාගෙන් කෝල් එකක් ආව.ඒ වෙනකොට මේ සම්බන්ධෙට ගෙදරින් අකමැති වෙලයි තිබුනෙ”
නිකන් ෆිල්ම් එකක් වගේ… නලු නිලියො දාල ඇක්ට් කරලත් පෙන්නනව.ඒ අතරෙ යට තීරුවෙ ලොකුවට
‘මහා වශී.. ඔබේ පෙම්වතිය ඔබට පිටුපෑවාද ? මව පියා අකමැතිද ? මෙන්න නිධානයකින් ගත් මහා වශී තෙල්.. අමතන්න රුවැන්වැල්ලේ සෝභිත’
. කඩේ උන්ටත් මට වගේ මල පැනපු නිසා අර කොම්බුව තියෙන චැනල් එක දැම්ම. ඒකෙත් ටිකක් ගිහින්,
“අපි මේ මරණයට හේතුව වෛද්යතුමාගෙන් විමසුව”
“- ඇත්තටම මෙහෙම වෙන්නෙ මේ වයසෙ ලමයින්ගෙ සිදුවන හෝමෝනමය සමායෝජන ක්රියාවලියෙ අතුරු සාධකයක් විදියට මෙහිදී පූර්ව පිටියුටරිය මගින්…….”
ආපහු නම් නිවුස් බලන්නෑ කිය හිතන් මං පාරට බැස්ස. අර ගෑණු ළමයත් දුවන් ඇවිත් මට කතා කරා,
“අනේ අයියෙ මට සමාවෙන්න” එයාගෙ ඇස්වල කඳුළු..
-”ඇයි නංගී මොකද උනේ ? ඇයි ඔයා සමාව ඉල්ලන්නෙ ? ඔයා කවුද ? ”
“ඇයි ඔයාට මතක නැද්ද ? මං කකුල ලිස්සල කෝච්චියෙන් වැටුන වෙලාවෙ ඔයා මාව බේර ගන්න පැන්නෙ.. අහක ඉඳල ඔයාගෙ ජීවිතෙත් නැති උනා. මම තමයි අර කියපු මයුරි.දැං මිනිස්සු හිතන්නෙ වෙන දෙයක්”
මොනවා….? එතකොට මං දැන් මැරිලා……………………

Comments
Post a Comment
◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net