පුංචි කාලෙ අම්ම බත් කවද්දි මට කිව්වෙ,
- "ඉක්මනටම ලොකු වෙන්න නම් ලොකු බත් කටවල් කන්න"
- "හොඳට අකුරු ලිව්වොත් ලොකු තෑග්ගක් දෙනව"
- "අකුරු ලොකු කරල ලිව්වෙ නැත්නම් ලොකු ගුටියක් දෙනව"
- "ශිෂ්යත්වෙ ලොකුවට පාස් වෙලා ලොකු ඉස්කෝලෙකට යන්න ඕන"
- "දැන් හැමෝම ලොකුවට හිනා වෙයි"
- "ලොකු පුතා දස්සය"
- "ලොකුවට කෑල්ලක් සෙට් කර ගන්න"
- "උඹේ හෙන ලොකු ලයින්"
- "ලොකුවට කැම්පස් යන්න"
- "ලොකුවට ගෙයක් හදන්න"
- "ලොකුවට කාර් එකක් ගන්න"
- "ලොකුවට ජොබ් එකක් කරන්න"
- "ලොකු මිනිහෙක් වගේ ජීවත් වෙන්න"
- "ලොකුවට ආපහු ක්ලාස් යන්න"

ලොකුවටම ඇඬෙනව නේ ?
ReplyDelete