"ඒයි මටත් වඩේ කෑල්ලක් දීපන්"
"-අපෝ මේ පෙරේතය නැති වෙලාවක් නෑ.කෑම සුවඳට කොහෙන් එනවද මංදා"
ගයාශා බර බරේ දදා මට වඩේ බාගයක් දික් කරා..හ්ම්ම්.. ඒකි තමයි මං දන්න කාලෙ ඉඳන්ම මගෙ බොක්ක..කොල්ලෙකුටත් වඩා මට ෆිට්. අපි සෙට් උනේ කොහොමද කියල හරියටම මතකයක් නැතත් කරපු පිස්සු නම් හොඳට මතකයි.ක්ලාස් නොයා වලක් ගහද්දි නෝට් ලියල දෙන්න, තඩි බත් එකක් මටත් එක්ක ගේන්න,වලි වැටුනම ශේප් කරන්න,හදිසියට ලෝන් එකක් ගහන්න,කපුකම් කතා කර ගන්න ඕන දේකට මම දුවන්නෙ මෙයා ගාවට.කෙල්ලත් එවරෙඩි වගේ ඕන දේකට..කොටින්ම එයා කෙල්ලෙක්,මම කොල්ලෙක් කියල වෙනසක් නෑ.බුදු පිට් දෙකක් වගේ අපි හිටියෙ..එයා වගේ යෙහෙලියක් ලබන්න මං පින් කරාට මං වගේ අපතසේන කෙනෙක් ලබන්න ඒකි ආනන්තරිය පාපකර්මයක් කරන්න ඇති.. කොහොම උනත් අපි දැහැමෙන් සෙමෙන් ජීවත් උනා.
මට හිත ගියපු කෙල්ලො දහයකට වඩා මම ගයාශා දම්මල කපුකම් කතාකරල ඇති. ඒත් ඒ එකක්වත් හරිගියේ නෑ.. ඔහොම ඉන්න අතරෙ තමයි මට ගයාශා ගැනත් අනං මනං හිතෙන්න ගත්තෙ. ඒකත් කොහොම කවද ඇති උනාද දන්නෑ. ඒත් අවුරුදු ගානක් එකට ඉඳලත් නොදැක්ක ලස්සනක් මම එයාගෙ දකින්න පටං ගත්ත. වෙනදා එයා එක්ක වාද කරපු මං එයා කියවද්දි අහං ඉන්න පුරුදු උනා..එයා හිනා වෙද්දි පුංචි වෙන ඇස් දිහා මම ඇස් ලොකු කරන් බලං හිටියා..අන්තිමට මං තීරණය කරා එයාට මේක කියල දාන්න.. අවුරුදු ගානක් තිබුන යාලුකම එක මොහොතෙන් නැති වෙයිද කියන බය තිබුනත් මේ හිතේ බර ඊට වඩා ලොකු නිසා මං එයාගෙන් ඇහුවා..
"ගයාශා..."
"-ම්ම්ම්.."
"මේ..මේ "
"-මොකද මේ ඇඹරෙන්නෙ ආ...මොකද ලෝන් එකක්ද ? රී ලෝඩ් එකක්ද ? "
අපෝ..වස කින්ඩිය.. අහන්නැතුව යන්නත් හිතෙනව.
"නෑ.. මේ....බඩ්ඩක් අහන්න"
"-මොකක්ද බං නැලවෙන්නෙ..මොකක්ද ඒ පාර"
මං හොඳ හුස්මක් ගත්ත.දැන් නම් ඕන කිකිළියෙක් කියල අහනව..
"මේකයි..ඔයා මගේ හැම දෙයක්ම දන්නවනෙ..හැම තක්කඩි වැඩක්ම , හැම ගල් වැඩක්ම.. කොටින්ම ඔයා දන්නවනෙ මට තියෙන ඩෙනිම් ගානත්.."
"-ඔව්.. ඔයාට එක ඩෙනිමනෙ තියෙන්නෙ"
මේකි පැනල කිව්ව.. ආපහු සැරයක් පජාත උනා..කමක් නෑ.. සැලෙන්න නරකයි.
"හරි හරි..ඒක නෙවෙයි.. මට මේක කොහොම හිතුනද මංද.. අපි අපි ගැන හොඳට දන්නවනෙ. අපේ අදහස් සේරම..ඉතිං මේකයි..කොටින්ම මං උඹට ආදරෙයි බං"
ගයාශා කට ඇරන් බලං හිටියා.. ඊට පස්සෙ මහ හයියෙන් හිනා උනා.. එයා හිතන්න ඇති මං ජෝක් එකට කිව්ව කියල.මං එයාගෙ අතකින් අල්ල ගත්ත.ඒ පාර නම් එයාගෙ හිනාව නැවතුනා.
"මං ඇත්තටමයි කිව්වෙ.. ඔයා මොකද කියන්නෙ"
"-බලමු.."
එයා නැගිටල දිව්වා..හවස මං කාවයියත් එක්ක කොල්ලෙක්ගෙ ආච්චි කෙනෙක්ගෙ මල ගෙදරක නයිට් එකක් අදින්න ගියා..බස් එකේ ගිහින් ටික දුරක් පයින් යන්නත් ඕන.ඔය දුර යනකොට මට කෝල් එකක් ආව...නම දැක්කම මගේ කට කනට ගියා.
"හෙලෝ"
"-කොහෙද ඉන්නෙ ? "
"සුද්ද්ගෙ ආච්චිගෙ මල ගෙදර යනව බං"
"-ඉතිං"
"ඉතිං මොකද අරකට කියන්නෙ ? "
"-ඔයා මට ඇත්තටම ආදරේද ? "
"ඔව් බං.. ආදරේ නිසානෙ කිව්වෙ"
"-බං බං කියන්නෙපා"
"හරි බං"
"-ඔන්න ඉතිං ආපහු..දැන් ඉස්සර වගේ නෙවෙයිනෙ"
"ඒ කිව්වෙ"
"-මං කැමතියි"
එහෙම කියල ෆෝන් එක කට් කරා. කෙල්ලට ලැජ්ජ ඇති.අවුරුදු ගානක් මගේ බලු කතා අහං ඉදලවත් තිබ්බෙ නැති ලැජ්ජාවක් දැං කොයින්ද.මං ෆෝන් එකට විරිත්තල සාක්කුවට දාගත්ත..කාවයියා මං දිහා සතෙක් දැකල වගේ බලං ඉන්නව.
"මොකෝ හාල්පාරුවො ? "
"-කවුද දැං කතා කරේ ? "
"කෑල්ල"
ඒ පාර ඌට වමනෙ යන්න වගේ මං දිහා බැළුව.මගෙන් අඩි පහක් විතර ඈතට ගිහින්..
"මොකෝ යකෝ වෙලා තියෙන්නෙ.. උඹට පිස්සුඩ ? "
"-ඇත්ත කියපං. කවුද ඒ ? "
"කෑල්ල බං කෑල්ල"
"-එහෙනං බං බොලං කිව්වෙ ? "
"ඔය ගයාශා බං.. මම අද උදේ ඒකිගෙන් ඇහුවෙ.. දැන් තමයි රික්වෙස්ට් එක කන්ෆර්ම් කරේ.තොට මොකක් වෙලාද ? "
"-හම්මේ..ඇති යන්තම්.දැනුයි ඇඟට ලේ ඉනුවෙ.මම හිතුවෙ උඹ කොල්ලෙක්ට ලව් කරනව කියල.ෂුවර්නෙ..අම්මප කියපං"
"තෝ හිතුවද මං සමනළයෙක් කියල.ඉඳපිය තොට මං @#%#^#%#$#%$"
මං ලඟ තිබුන ගල් ගෙඩියක් උස්සන් කාවයිය පස්සෙ මලගෙදරටම පැන්නුව.. හැබැයි ඊට පස්සෙ නම් කවදාවත් මං ගයාශට උඹ.බං කිව්වෙ නෑ.

Comments
Post a Comment
◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net