Skip to main content

පිස්සා

පිස්සට ඇහැරුනේ මහා ගෝරනාඩුවක් එක්ක පිට හරහා වැදුනු පා පහරක් නිසා.. පිස්ස කබ කඩ කඩ ඇස් පිහිදලා බැලූව.

"නොදකින් කාලකන්නි මූසලයා... උදේ පාන්දරම මෙතන බුදිය ගත්තෙ මොන මූසලකමක්ද මංදා.. දැන් ඉතින් අද දවසෙම බිස්නස් ඉවරයි. තුක් විතරක් "

මුදලාලි ලුනු ඇඹුල් දාල පිස්සට බනිනව.. පිස්සට ඕව ගානක් නෑ.. පිස්ස මුදලාලිට විරිත්තල හිනා උනා.

"පල කාලකණ්නියා.. දුවපිය මෙතනින් මැරුම් නොකා"

මුදලාලි පිස්සගෙ ප්ලාස්ටික් කෑලි එකතුකරල තිබුන ෂොපින් බෑග් එකට පයින් ගැහුවා.. ඒකෙ තිබුන ලට්ට ලොට්ට පාර පුරා විසිරුණා.. පිස්ස මුකුත් නොකියා ආපහු මුදලාලි එක්ක හිනා උනා. ඊට පස්සෙ විසිරිල තිබුන පිස්සට වටින අනිත් අයට නොවටින දේවල් ටික එකතු කරල බෑග් එකට දා ගත්තා.

පිස්සගෙ අණ්ඩ දමාපු කොට කලිසම පිටිපස්සෙ ඉරිලා. මෙතනින් යන්න ආපු පංති යන කෙල්ලො ටිකක් මේක දැකල බක බක ගාල හිනා වෙවි ගියා.. ඒත් පිස්සට ලජ්ජ හිතුනෙ නෑ.. අනිත් අය හිනා වෙන කොට පිස්සත් හයියෙන් හිනා උනා..

තමන්ගෙ වටිනා වස්තුව තියෙන බෑග් එකත් අරං පිස්ස බස් හෝල්ට් එකට ආව.. ඒතන කපුටෙක් මැරිලා.. පළාතම ගදයි.. සාරි ඇඳපු නෝනල, ටයි දමාපු මහත්තුරු නහය වහගෙන අප්පිරියාවෙන් බස් එකක් එනකම් ඉන්නව.. පිස්සටත් ඉවසන්න බැරි ගඳක් ආව. පිස්ස දැක්ක මැස්සො වහ වහ තියෙන කපුටු මළකුණ.. පිස්ස එක අතකින් නහය වහගෙන කපුටගෙ තටුවකින් උස්සන් ගිහින් එතනම තිබුන ලොකු කුණු බැරල් එකට දාල වැහුවා.

"ඊයා.... අර බලන්නකෝ අර මිනිහ අර ජරාගොඩ ඇල්ලුවා... මට වමනෙ යන්න වගේ"

එතන හිටපු පොඩි කෙල්ලෙක් තමන්ගෙ කොන්ඩෙ පාට කරල එක කනක කරාබුවක් දාපු පෙම්වතාට කිව්වා.

පිස්සා ආපහු බස් හෝල්ට් එක යටට ආවා.. එතන හිටපු හැමෝම අප්පිරියාවෙන් පිස්ස දිහා බැළුවා..

"පලයං මෙතනින්... පලයං පලයං.."

කොන්ඩෙ පාට කරපු පෙම්වතා පිස්සව එලෙව්වා.. පිස්ස හිනාවෙලා ආපහු පාරට බැස්සා...

"-ඌ එලවපු එක හොඳයි. නැත්නම් අපිටත් ඕකගෙන් ලෙඩ බෝ වෙයි.. දැක්කනෙ කිසි කැතක් නැතුව අර ජරාව අල්ලපු හැටි"

හැමෝම කොන්ඩෙ පාට කරපු පෙම්වතාට ස්තූති කරා...

පිස්සා පාර දිගේ ආව.. අනේ... පුංචි පරවි පැටියෙක්... වාහනේකට අහුවෙලාද කොහෙද.. ඒත් තාම පණ අදිනවා... පිස්සා පාර මැද හිටපු පරවි පැටිය අතට ගත්තා......
'දඩාස් '
පිටිසස්සෙන් ආපු ලොකු ලොරියක් පරවියයි පිස්සයි දෙන්නම යටකරන් ගියා..

මිනිස්සු පිස්ස වටේට වට උනා..

"ඩ්‍රැයිවර් වැරදි නෑ... මූ තමයි පාර මැද්දට පැන්නෙ"

"අනික මූ පිස්සෙක්.. මල්ලිල බය වෙන්න එපා"

"බේර ගන්න බෑ වගේ.. හොස්පිටල් ගෙනියල වැඩක් නෑ"

පිස්ස අමාරුවෙන් ඇස් ඇරල වටේ ඉන්න මිනිස්සු දිහා බැලූවා.. හැමෝම තමන් දිහා බලං.. පිස්ස අමාරුවෙන් ඒ අයත් එක්ක හිනා උනා... ඒ හිනාව එහෙමම තියෙද්දි පිස්සගෙ ඇස් දෙක පියඋනා..



ප.ලි. -

පිස්සගෙ ෆැන්ටසි ලෝකෙ වෛරය , තරහව , ලැජ්ජාව කියන හැඟීම් තිබුනෙ නෑ.. සතුට විතරයි තිබුනෙ.. ඒ නිසා පිස්ස හැම තිස්සෙම හිටියෙ සතුටින්.. පිස්සගෙ අවසානයත් උනේ සතුටින්.. ඒ නිසයි අනිත් අය ඔහුට 'පිස්ස' කිව්වෙ...

Comments

Post a Comment

◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net

You May Like Also,

පන්සිය පණස් ජාතක පොත

මේක දෙන්නෙ හිටියෙ මීට ගොඩ දවසකට කලින් උනත් විවිධ හේතු නිසා අතපසු උනා.. අද පෝය දවසෙ කොහොම හරි දානව කියල හිතා ගත්තා... පන්සිය පණස් ජාතකය, ඔව් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම 550 ක , උන්වහන්සේ විසින් දේශණා කරපු ජාතක කතා මේකෙ ඇතුලත්.. අපි සාමාන්‍යයෙන් දන්න විදියට පන්සිය පණස් ජාතකය කිව්වට දැනට නිකුත් වී තියෙන ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නෙ ජාතක කථාංග 447 හෝ 446.. අනිත් 3 හෝ 4 ගැන සඳහනක් නෑ.. නමුත් මේ විද්‍යූත් ලේඛන පිටපතේ ජාතක කථාංග 550 ම ඇතුළත්.. අවසන් කථාංග 4 බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් කටවහරෙන් පැවතෙන ජාතක කථාංග ඇතුලත් කරල තියෙනවා.. මට මේක හම්බ උනේ වෙන වෙනම කොටස් විදියට. මං සියල්ල එකතු කරල තනි PDF file එකකට merge කරා... අවශ්‍ය තැන් bookmark කරන් කියවන්න පුළුවන්නෙ... 19.9 MB  ඔබගේ පරිගණකයේ මෙහෙයුම් මෘදුකාංගය Windows XP හෝ Windows 7 නම්, PDF file reader එකක් නැතිනම් මෙතනින් adobe reader එක අරගන්න..

බ්ලොග් එකේ Navigation Bar එක අයින් කරමුද ?

අපි බ්ලොගර් වලින් බ්ලොග් එකක් හැදුවම මෙන්න මෙහෙම බ්ලොග් එකට උඩින් Navigation Bar එකක් වැටෙනවනෙ. කැතයි වගේ නේද ? එහෙනම් ඉතින් අයින් කරමු. මේක අයින් කරාම බ්ලොග් එකේ SEO වඩා හොඳින් වෙනව කියල  digitalpoint forum එකේ තිබුන. නමුත් ඒ ගැන නම් මං හරියට කියන්න දන්නෑ. මෙන්න මෙහෙමයි වැඩේ , ඔයා පැරණි blogger interface එක නම් පාවිච්චි කරන්නෙ, Dashboard  >> Design >> Edit HTML වෙත යන්න. අළුත් blogger interface එකේ නම් කෙලින්ම Template කියල තියෙනව. දැන් මේක කරන්න කලින් full template එකම download කරන් ඉන්න. නැත්නම් වරද්දගෙන මට බනින්න එප. (වරදින්න දේකුත් නෑ හැබැයි ) දැන් අළුත් blogger interface එකේ අයත් තමන්ගෙ දැනට active template එකේ Edti HTML වෙත යන්න. දැන් මෙහෙම පණිවිඩයක් ආවනෙ. එතන Proceed ක්ලික් කරන්න.  දැන් ඔයාගෙ template එකේ HTML කෝඩ් තියෙනව පෙනෙයි. දැන් මේ පහත රූපෙ විදියට variable definitions කියන තැන හොයා ගන්න. අමාරු නම් Ctrl + F ගහල හොයා ගන්නකො.  දැන් ඔන්න ඔය කෝඩ් එකෙන් උඩට, ඒ කියන්නෙ *variable definitions තැනයි උඩ කඩ ඉරි පේලියයි අතරට මෙ...

පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?

හනී බනී වෙන් වෙලා දැන් මාස 8ක් විතර ඇති. ගොඩක් දෙනා අහන දෙයක් තමයි එච්චර  ආදරේ කරා නම් කොහොමද දැන් ගානක් නැතුව ඉන්නෙ කියන එක. ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගෙ මිත්‍රයෙක්ගෙ wife ළඟදි Cancer එකකින් නැති උනා. පෞද්ගලිකවම මං දන්න දෙයක් තමයි ඒ දෙන්න අතරෙ පුදුම ආදරයක් තිබුනෙ. එයාලගෙ විවාහ ජීවිතේට අවුරුදු 19කටත් වැඩියි. ඒත් මළ ගෙදරදි, ආදාහන කටයුතු කරද්දිවත් ඒ අංකල් පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ. කිසිම දුකක් පේන්න තිබුනෙත් නෑ. හිස් බැල්මෙන් බලාගෙන හිටිය විතරයි. කටයුතු ඉවර වෙලා අපි ආපහු යනකොට ඒ මනුස්සය කිව්ව හරි අපූරු කතාවක්, "නෝන නැති උනාට මට දුකක් නෑ.. ඒත් එයා නැති පාළුව මගේ ජීවිත කාලෙම තියේවි. පහුගිය අවුරුදු 19ටම එයා මටත්, මගෙන් එයාටත් වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරා. අපි දෙන්න දෙන්නටම ණය නෑ.." එච්චරයි.. මමත් කාටවත් ණය නෑ.. ඒත් අද (ඔක්තෝම්බර් 30) තමන්ගෙ 20 වෙනි උපන් දිනේ සමරන හනී බනීගෙ සියළු කටයුතු, අනාගතේ, බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම ඇයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි (සම්මතයට අනුව) යාළු වෙන්නෙ/ ආදරේ කරන්නෙ/සම්බන්ධයක් ඇති කර ගන්නෙ ?? කෙල්ලන්ගෙ පැත්ත...