හොරා අමාරුවෙන් ඔලුව උස්සල බැලුවා. තමන් වටේ වටවෙලා ඉන්න මිනිස්සු තාමත් බනිනව.. හිටගන්න හැදුවත් ගුටිකාපු පාරවල් වල සැරකමට ආපහු ඇදගෙන වැටුනා..එතකොටම පොලිසියෙන් ආව.
"කෝ මිනිහා ? " තරු ගහපු ලොකු මහත්තයෙක් ගැඹුරු විදියට ඇහුව.
"-මෙන්න සර්.. අපිත් පොඩ්ඩක් සැළකුව. මෙන්න මේ නෝනගෙ චේන් එක තමයි කැඩුවෙ."
කොන්ඩෙ වවල මැර පාටට හිටපු එකෙක් කිව්ව.
"කෝ මාලෙ තියෙනව නෙ ? "
"ඔව්.. මේ මල්ලිල තමයි මූට දෙකක් ඇනල අරං දුන්නෙ"
එතන හිටපු තොල් රතු කරපු, කොන්ඩෙ ස්ට්රේට් කරපු වයස හොයන්න බැරි නෝන කෙනෙක් පවුම් 5ක විතර මාලයක් පෙන්නුව."
"ආ... එහෙනම් හරිනේ.. අපි ඉතුරු ටික බලා ගන්නං. යමං බැල්ලිගෙ පුතා. උඹට අපි සළකන්නම්"
පොලිසියෙ දෙන්නෙක් හොරාව බෙල්ලෙන් ඇදන් ගිහින් ජීප් එකට දා ගත්තා.
"ඕකව හම ගහන්න ඕන"
"අවුරුදු 5ක් වත් ඇතුලට දාන්න ඕන"
"අනිත් අයගෙත් වැරදි. මොකට ඔච්චර වටින ඒව දානවද. හොරු හැමතැනම"
එතන හිටපු අය එක එක දේවල් කිව්ව.

***********************************************************************
හොරා අමාරුවෙන් බඩඩාගෙන ඇවිත් යකඩ කූරු අතරින් බැලුව. පොලිසියෙන් කකුල් දෙකටම ගහපු නිසා හිටගන්නත් බෑ..කොහොමත් මාසයක් විතර යනකම් ඇවිදිනව බොරු. හොරාගෙ ඇස් වලට කදුළු පිරුණ.. ඒ ගුටිකාපු වේදනාවට නෙවෙයි , තව මාසයක් ඇතුලත අනිවාර්යයෙන් කරන්න ඕන ලක්ෂ 60ක් වියදම් වෙන දරුවගෙ ඔපරේෂන් එක මතක් වෙලා.
අසරණකමට හොරකම සාධාරණීකරණය කරන්න පුළුවන් ද අයියේ ? වෙන පිහිටක් පතන්න තිබුන
ReplyDelete