Skip to main content

විවාහයට පෙර-නොමිලේ පොරොන්දම් බලමු

මේ දවස්වල මාර වැස්සක්නේ තියෙන්නෙ.උදේට නැගිටින එක තමයි එපාම කරපු වැඩේ Thinking  ඒ මදිවට මගේ දුප්පත් කොම්පීටරේටත් සීතල අල්ලද කොහෙද හිටපු ගමන් වෙවුලල වෙවුලල රී ස්ටාර්ට් වෙනව. Cry
හාඩ් එකේ කුණුගොඩ අවුස්සද්දි තමයි මේ සොෆ්ටෙයා කෑල්ල මට හම්බ උනේ.මේක මට හම්බ උනේ කොහොමද කියල නම් මතක නෑ. ඒත් මේකෙන් බලන පොරොන්දම් හරියටම හරි කියල අපේ ලොකු තාත්ත කිව්ව. එයාත් ගෙදරට වෙලා නිකන් ඉන්න බැරිකමට ඔයින් කෝස් එකක් කරල. තව බ්ලොග් අවකාශෙ මේ සබ්ජෙක්ට් එකට සම්බන්ධ කට්ටියත් කියන්නකෝ මේක හරිද වැරදිද කියල.
මේක ලංකාවෙ කෙනෙක් හදපු MS DOS ප්‍රෝග්‍රෑම් එකක්. එහෙනම් බලන විදියත් කියන්නම්කො.
මුලින්ම මෙතනින් සොෆ්ටෙයා කෑල්ල බාගන්න. දැන් Unzip කරන් Check Now බොත්තම ක්ලික් කරන්න.
දැන් මුලින්ම ගැහැණු ළමයගෙ තොරතුරු තමයි ඇතුලත් කරන්න ඕන.
  • මුලින්ම උපන් දිනය මේ විදියට ඇතුළත් කරන්න. (වසර<හිස්තැනක්>මාසය<හිස්තැනක්>දිනය)
  • දැන් Enter key එක ඔබන්න.

  • දැන් මෙතන ගැහැණු ළමය උපන් වේලාව සටහන් කරන්න. (වැදගත් සම්මත වේලාවෙන් ඇතුළත් කළ යුතුය)
උදා: සවස 5.30 යන්න 17<හිස්තැනක්>30 ලෙස ඇතුළත් කල යුතුය.
  • දැන් ආපහු Enter key එක ඔබන්න.

  • දැන් මෙතනට ගැහැණු ළමය ඉපදුනු ආසන්නතම නගරයට අදාල අංකය ඇතුළත් කරන්න ඕන. උදාහරණයක් විදියට මම ගාල්ල නගරයට අදාළ අංකය (2) ඇතුළත් කරා.
  • මෙතන එයා ඉපදුණු නගරය නැත්නම් අංක 15 ඇතුළත් කරල ඉදිරියට යන්න.
  • දැන් Enter key එක ඔබල ඉදිරියට යන්න.


  • දැන් මෙතන ඉඳන් විස්තර අහන්නෙ පිරිමි ළමය ගැන. ඉස්සෙල්ල වගේමයි මේකත් පුරවන්න තියෙන්නෙ.(උපන් වේලාව අනිව සම්මත වෙලාවෙන් දෙන්න ඕන හොදේ)
  • දැන් ඊළඟ පියවරේදි ඉස්සෙල්ල වගේම පිරිමි ළමය උපන් නගරයට අදාළ අංකය ඇතුළත් කරන්න.
  • දැන් Enter key එක එබුවම ඔයාල දෙන්නගෙ පොරොන්දම් 20න් කීයක් ගැළපෙනවද කියල බලා ගන්න පුළුවන්.

  • ඔය තියෙන්නෙ පොරොන්දම් 20 සුභ, අසුභ ප්‍රථීපල. ඔයාට මේක වැරදියි කියල හිතෙනව නම් ටක් ගාල අම්මගෙන් කේන්දරේ විස්තර ලියපු පොඩි පොතක් ඇතිනෙ, ඒක ඉල්ලන් තමන්ගෙ නැකත්, ග්‍රහ,ගණය,රාශිය වගේ පළවෙනි තීරුවෙ තියෙන විස්තර කෙලින් තමන්ගෙ ඊට අදාල විස්තරේට කේන්දරේ ගැලපෙනවද බලන්න. මගේනම් ගැළපුනා Grin  ඒත් ගලපන්න කෙනෙක් තාම හොයා ගන්න බැරි උනානෙ. Beauty
  • හරි, දැන් ආපහු Enter කරාම මේ තොරතුරු වල සාරාංශයක් ලැබෙනව.

  • මේ තරු ලකුණෙන් (*) තියෙන්නෙ ගැළපෙන්න ඕන වැදගත්ම පොරොන්දම්.
ඔන්න එහෙනම් දැන්ම බලා ගන්නකෝ. ඒක කෝකටත් හොඳයිනේ. අම්මල පස්සෙ කේස් දාන්න ඔය වගේ ඒවටනේ. සල්ලි වලට බලවන තැනක නම් මේකට රුපියල් 400ක් 500ක් ගන්නව. ඔන්න මං නිකන්ම දුන්න.සල්ලි එපෝ.. වෙලාව තිබුනොත් මොකද උනේ කියල ඔය පහල තියෙන සුදු කොටුවෙ දාල යන්නකෝ….


Comments

  1. බලමු බලමු... :D :X

    ReplyDelete
  2. සහෝ අකමැත්තක් නැත්නම් මේ emotions ටික බ්ලොග් එකට දාගන්න විදියක් කියල දෙනවද... :-/

    ReplyDelete
    Replies
    1. දාමුකෝ... මං පෝස්ට් එකක් දාන්නම් කරන හැටි :-bd

      Delete
  3. හුරේ... දැන් ගොඩේ ගොඩ. ඒත් මගෙ නම විතරයි ඇතුලත් කරන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. :D facebook එකේ හොඳ ගෑල්ලමයෙක්ගෙ උපන්දිනේ දාල බලන්න. හොඳට ගැලපුනොත් එයාට කියල වැඩේ ගොඩ දාමු :P

      Delete
    2. අපොයි පොදුවෙ හිතපුවහම නම් FB එකේ කෙල්ලො නම් ඕනෙම නෑ. අක්කල එහෙම මට අරහං. අපොයි මතක් වෙද්දිත් කෙල්ලො එපාආආආආආආආ

      Delete
  4. machn meke softwear eke error ekak enawane..?

    ReplyDelete
    Replies
    1. 64 bit නම් වැඩ නැතුව ඇති. 32 bit නම් වැඩ. error එක එන්නෙ මොකක් කියලද ?

      Delete
  5. meka unzip kalama error ekak enawa

    ReplyDelete
  6. Unzip වෙනවා ගැටළුවක් නැතුව .. එත් run වෙන්නේ 32bit PC වල විතරයි :(

    ReplyDelete
  7. ලින්ක් එක වැඩ නැතෝ්‍

    ReplyDelete

Post a Comment

◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net